සිල්ලාහි මුයොල්
සිල්ලාහි මුයොල් | |
හංගුල් | 태종 무열왕 |
---|---|
හන්ජා | 太宗 武烈王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Taejong Muyeol |
මැකූන්–රයිෂවර් | T'aejong Muyǒl |
උපන් නාමය | |
හංගුල් | 김춘추 |
හන්ජා | 金春秋 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Chun-chu |
මැකූන්–රයිෂවර් | Kim Ch'unch'u |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමට පෙර) |
|
තේජොං මුයොල් රජු (604[1] – 661 ජූනි) හෙවත් කිම් චුන්චු යන උපන් නාමයෙන් හැඳින්වෙන්නේ දකුණුදිග කොරියානු රාජධානියක් වූ සිල්ලාවේ (සින්රා) 29වන රජු ය. ඔහු විසින් ක්‍රි.ව. 654 සිට 661 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී.[2] කොරියාවේ තුන් රාජධානි එක්සත් කිරීමට මූලික වීම හේතුවෙන් ඔහු ගෞරවාදරයට පාත්‍ර විය. ඔහු සුප්‍රකට හමුදා සෙන්පතියකු වූ කිම් යුසින්ගේ මිතුරකු සහ ප්‍රධානියා ද විය. පසුව කිම් යුසින් තේජොංගේ සොයුරිය හා විවාහ වී ඔහුගේ මස්සිනා බවට පත් විය.
පසුබිම
[සංස්කරණය]තේජොං මුයොල් රජු උපත ලැබූයේ "පූජනීය අස්ථියේ" සොංගොල් ශ්‍රේණියෙහි ය. ඔහුගේ පියා වූ කිම් යොංසු (金龍樹) සිල්ලාවේ 25වන රජු වූ ජින්ජි රජුගේ පුත්‍රයකු විය. ජින්ජි රජු සිහසුනෙන් නෙරපනූ ලැබූ විට ඔහුගේ සිට කිම් යොංසු ඇතුළු ඉදිරි පරම්පරාව රාජධානියේ පාලනයට නුසුදුසු යැයි සැලකිණි. කෙසේනමුත්, යොංසු ශේෂව සිටි සොංගොල්වරුන් අතලොස්ස අතුරින් අයකු විය. ඔහු සොංගොල් කුමරියක (ජින්ප්යොං රජුගේ දියණිය වූ චොන්මියොං කුමරිය) සමග විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා වූ කිම් චුන්චු ද සොංගොල් රුධිරය ඇත්තකු බැවින් සිහසුනට අයිතියක් පැවතිණි. කිම් යොංසු රාජ්‍ය පාලනය තුළ බලවත් චරිතවක් විය. කෙසේනමුත්, ඔහු සතුවූ සියලු බලය රජුගේ සොයුරා වූ කිම් බෙක්බන්හට හිමි විය. නමුත් පැවැත්ම උදෙසා ඔහු හට සොංගොල් ශ්‍රේණියට පහළින් වූ ජිංගොල් ශ්‍රේණියට ඇතුළත් වීමට ඔහුට සිදු විය. එමනිසා, ඔහුට රජු බවට පත්වීමේ අවස්ථාව අහිමි වූ අතර, ඔහුගේ පුත්‍රයා වූ කිම් චුන්චු හට ද එසේ සිදු විය. සිය නැන්දණිය වූ සොන්දොක් රැජිනගේ මරණින් පසු, [3] චුන්චු අවසන් නිසැක සොංගොල්වරයා වූ ජින්දොක් රැජිනට සිහසුන පැවරීමට තීරණය කළේ ය. ජින්දොක් රැජිනගේ මරණයත් සමග, සියලු සොංගොල්වරුන් මියගොස් තිබූ අතර රාජකීය රුධිරය සහිත ජිංගොල්tවරයකුට සිහසුනට පත්වීමට නියමව තිබිණි. එකල සිල්ලාවේ සංදේද්‍යුංවරයා (රජයේ ඉහළම පදවිය) වූ කිම් අල්චොන් (හෙවත් සෝ අල්චොන්) හට මුලින් සිහසුනට පත්වීමට කැමැත්තක් විය. ඔහුගේ පියා සොංගොල්වරයකු වූ අතර, මව ජිංගොල්වරියක විය. මේ නිසා අල්චොන් සොංගොල්වරයකු නොවූ අතර, සිහසුනට තරග වැදීමට සිදු විය. කෙසේනමුත්, කිම් යුෂින් විසින් කිම් චුන්චුහට උපකාර කරන ලදී. අල්චොන් ද ක්‍රමයෙන් සිහසුනට වූ අපේක්ෂාව අත්හැර චුන්චුහට සහාය දැක්වී ය. එහි ප්‍රතිඵලය ලෙස මුයොල් රජු යන නාමයෙන් කිම් චුන්චු සිහසුනට පත් විය.
රාජ්‍ය සමය
[සංස්කරණය]ඔහුව ටෑං රාජවංශයේ ගඔෂොං අධිරාජයා විසින් හොඳින් පිළිගන්නා ලද්දේ, ගඔෂොං අධිරජු වීමටත් පෙර කාලයේ සිටම ඔවුන් දෙදෙනා මිතුරන් වූ බැවිනි. මුයොල් රජු අධිරාජයාට විශාල සහායක් දැක්වී ය. එසේම අධිරාජයා ද මුයොල්ට සහාය දැක්වී ය. ඔහු නිරතරුවම බෙක්ජේ රාජ්‍යය විනාශ කිරීමට ටෑං සහාය ඉල්ලා සිටියේ ය. අනතුරුව ටෑං රාජ්‍යය විසින් ක්‍රි.ව. 660දී සු ඩිංෆැං සේනපති යටතේ 130,000ක හමුදාවක් එවන ලදී. මේ අතර සෙබලුන් 50,000ක් සමග කිම් යුසින් සිල්ලාවෙන් පිටත්වී රුදුරු හ්වංසන්බොල් සටනේ දී බෙක්ජේ රාජ්‍යය අනාරක්ෂිත තත්ත්වයට පත්කළේ ය. අවාසනයේ බෙක්ජේහි උයිජා රජු යටත් විය. මෙලෙසින් කොරියානු අර්ධද්වීපයේ සිල්ලාවේ බලයට අභියෝගයක් වීමට ඉතිරි වූයේ ගොගුර්යෝව පමණි.
එම වර්ෂයට පසු වර්ෂයේ ජූනි මස මුයොල් රජු මියගියේ ය. ඔහුගේ පුත්‍රයා වූ කිම් බොප්මින් මුන්මු රජු ලෙස සිහසුනට පත් විය.
පවුල
[සංස්කරණය]- පියා: කිම් යොංසු (金龍樹); සිල්ලාවේ 25වන පාලක ජින්ජි රජුගේත් පාක් වංශයේ ජිදෝ ආර්යාවගේත් පුත්‍රයායි.
- මව: චොන්මියොං කුමරිය (හංගුල්: 천명공주, හන්ජා: 天明公主); සිල්ලාහි ජින්ප්යොං රජුගේත් මායා රැජිනගේත් දියණියයි.
- මාමා: කිම් යොංචුන් (හංගුල්: 김용춘, හන්ජා: 金龍春); කිම් යොංසුගේ සොහොයුරායි. සිල්ලාවේ 13වන පුංවොල්ජුවරයායි.
- නැන්දණිය: සිල්ලාහි සොන්දොක් රැජින; සිල්ලාවේ 27වන රාජ්‍ය පාලකයායි. චොන්මියොං කුමරියගේ සොයුරියයි.
- භාර්යාව:
- මුන්මියොං රැජින (හංගුල්: 문명왕후, හන්ජා: 文明王后); උපන් නාමය "කිම් මුන්හුයි" (හංගුල්: 김문희, හන්ජා: 金文姬) වේ. කිම් යුෂින් සෙන්පතිගේ බාලම නැගණියයි. සෙන්පති කිම් සෝහ්‍යුන් සහ මන්මියොං ආර්යාවගේ බාලම දියණියයි.
- දරුවන්:[4][5]
- සිල්ලාහි මුන්මු රජු (626 - 681)
- කිම් ඉන්මුන් (හංගුල්: 김인문, හන්ජා: 金仁問) (629 - 694)
- කිම් මුන්වං (හංගුල්: 김문왕, හන්ජා: 金文王) (629 - 665)
- කිම් නෝචා (හංගුල්: 김노차, හන්ජා: 金老且)
- කිම් ජිග්යොං (හංගුල්: 김지경, හන්ජා: 金智鏡)
- කිම් ගේවොන් (හංගුල්: 김개원, හන්ජා: 金愷元)
- කිම් ඉන්තේ (හංගුල්: 김인태, හන්ජා: 金仁泰)
- කිම් ගේජිමුන් (හංගුල්: 김개지문, හන්ජා: 金皆知文)
- කිම් චාද්‍යුක් (හංගුල්: 김차득, හන්ජා: 金車得)
- කිම් මාද්‍යුක් (හංගුල්: 김마득, හන්ජා: 金馬得)
පෙළපත
[සංස්කරණය]සිල්ලාහි මුයොල්හි පවුල | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
මේවාත් බලන්න
[සංස්කරණය]- කොරියාව හා සම්බන්ධ මාතෘකා ලැයිස්තුව
- කොරියාවේ ඉතිහාසය
- කොරියාවේ පාලකයින්
- අස්ථි ශ්‍රේණි පද්ධතිය
- ද කිං’ස් ඩ්‍රීම් (රූපවාහිනී කතාමාලාව)
- ක්වීන් සොන්දොක් (රූපවාහිනී කතාමාලාව)
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ ඔහුගේ රාජකීය සොහොන් ශිලාවේ වාර්තාව අනුව ඔහුගේ උපන් වර්ෂය 604 වේ.
- ^ Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book One, page 64. Silk Pagoda (2006). ISBN 1-59654-348-5
- ^ Wollock, Jennifer G. (2011). Rethinking Chivalry and Courtly Love. Praeger. p. 254
- ^ මුන්මු රජු සහ කිම් ඉන්මුන් නිශ්චිතවම මුන්මියොං රැජිනගේ පුත්‍රයින් යැයි හඳුනාගෙන ඇත. එසේම කිම් ඉන්තේ, කිම් ගේජිමුන්, කිම් ගෝදොක් සහ කිම් මාදොක් යනු උපබිසොවරුන්ගේ දරුවන් බව ද නිශ්චිත ය.
- ^ කිම් මුන්වං, කිම් නෝචා, කිම් ජිග්යොං සහ කිම් ගේවොන්ගේ මෑණිවරුන් අවිනිශ්චිත ය. සම්ගුක් යුසා තුළ ඔවුන් මුන්මියොං රැජිනගේ දරුවන් ලෙස දක්වා ඇතත්, සම්ගුක් සගිහි දැක්වෙන්නේ ඔවුන් උබිසෝවරුන්ගේ දරුවන් බවයි.
බාහිර සබැඳි
[සංස්කරණය]- කිම් චුන්චු (කොරියානු බසින්)
සිල්ලාහි මුයොල් උපත: 604 මරණය: 661
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජින්දොක් |
සිල්ලාවේ රජ 654–661 |
අනුප්‍රාප්තික මුන්මු |