සිල්ලා හි ග්යොංමුන්
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2007 දෙසැම්බර්) |
සිල්ලා හි ග්යොංමුන් | |
හංගුල් | 경문왕 |
---|---|
හන්ජා | 景文王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeongmun wang |
මැකූන්–රයිෂවර් | Kyŏngmun wang |
උපන් නාමය | |
හංගුල් | 김응렴 |
හන්ජා | 金膺廉 or 金凝廉 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Eung-ryeom |
මැකූන්–රයිෂවර් | Kim Ŭng-ryŏm |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
|
සිල්ලා හි ග්යොංමුන් (841–875) (රාජ්‍ය. 861–875) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 48වන පාලකයායි.[1] ඔහු හුයිගං රජුගේ මුණුපුරා වූ අතර, කිම් ග්යේ-මියොං නම් ඉචන්වරයාගේ පුත්‍රයා ද වේ. ඔහුගේ මව සින්මු රජුගේ දියණිය වූ ග්වංහ්වා ආර්යාවයි. ග්යොංමුන් විවාහ වූයේ හෝනන් රජුගේ දියණිය වූ මුනුයි රැජින සමඟයි.
ග්‍යොංමුන් රාජ්‍ය සමයේ දී රාජ්‍යයේ අභ්‍යන්තර අසහනකාරීභාවය තීව්‍ර වූ අතර කැරැලි ද ගණනාවක් ඇති විය. ඔහු රාජ්‍යය ශක්තිමත් කිරීමට ප්‍රයත්න දැරූ නමුත් ඒවා අසාර්ථක විය. රාජ්‍යය පුරා දුර්භීක්ෂ ද ඇති විය. 869 දී, ඔහු සිය කිරුළ හිමි කුමරුන්ව (පසුකාලීනව හොන්ගං රජ වූ) තාං චීනය වෙත පිටත් කර හැරියේ කිම් යුන් සමඟ ය.
සම්ගුක් යුසා ග්‍රන්ථය තුළ සඳහන් වන්නේ ග්‍යොංමුන් අවුරුදු 18 දී හ්වාරංවරයකු වූ බවයි.[2]
මොහුගේ දියණිය වූ, ජින්සොං, පසුකාලීනව සිල්ලාවේ 51වන පාලකයා බවට පත්වූ අතර, 887 දී රාජ්‍යත්වයට පත් ඇය කොරියාවේ තෙවන මෙන්ම අවසන් රාජ්‍ය පාලනය කළ රැජිනිය ලෙස සැලකේ.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 104. Silk Pagoda (2006). ISBN 1-59654-348-5
- ^ Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 104. Silk Pagoda (2006). ISBN 1-59654-348-5
සිල්ලා හි ග්යොංමුන් උපත: 841 මරණය: 875
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හෝනන් |
සිල්ලාවේ රජ සිල්ලා 861–875 |
අනුප්‍රාප්තික හොන්ගං |