සනත් නිශාන්ත
සනත් නිශාන්ත | |
---|---|
Sanath Nishantha | |
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය[a] | |
In office 8 සැප්තැම්බර් 2022 – 25 ජනවාරි 2024 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
විෂයභාර අමාත්‍ය | කෙහෙළිය රඹුක්වැල්ල ජීවන් තොණ්ඩමන් |
පූර්වප්‍රාප්තිකයා | ඔහුම |
අනුප්‍රාප්තිකයා | ශෂීන්ද්‍ර රාජපක්ෂ[b] |
In office 12 අගෝස්තු 2020 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
විෂයභාර අමාත්‍ය | වාසුදේව නානායක්කාර මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා |
පූර්වප්‍රාප්තිකයා | වාසුදේව නානායක්කාර[c] |
අනුප්‍රාප්තිකයා | ඔහුම |
ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය | |
In office 27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
විෂයභාර අමාත්‍ය | ඩග්ලස් දේවානන්දා |
පූර්වප්‍රාප්තිකයා | දිලිප් වෙදආරච්චි[d] |
අනුප්‍රාප්තිකයා | කංචන විජේසේකර[e] |
වයඹ පළාත් ධීවර, මහාමාර්ග හා විදුලිබල අමාත්‍ය | |
In office 31 මැයි 2010 – 1 සැප්තැම්බර් 2015 | |
ආණ්ඩුකාරවරයා | තිස්ස රෙජිනල්ඩ් බළල්ල අමරා පියසීලි රත්නායක |
ප්‍රධාන අමාත්‍ය | අතුල විජේසිංහ දයාසිරි ජයසේකර |
පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 1 සැප්තැම්බර් 2015 – 25 ජනවාරි 2024 | |
අනුප්‍රාප්තිකයා | ජගත් ප්‍රියංකර |
වයඹ පළාත් සභා මන්ත්‍රී | |
In office 25 අප්‍රේල් 2004 – 1 සැප්තැම්බර් 2015 | |
ආණ්ඩුකාරවරයා | ධර්මදාස වන්නිආරච්චි තිස්ස රෙජිනල්ඩ් බළල්ල අමරා පියසීලි රත්නායක |
ප්‍රධාන අමාත්‍ය | අතුල විජේසිංහ දයාසිරි ජයසේකර |
ඡන්ද කොට්ඨාසය | පුත්තලම දිස්ත්‍රික්කය |
Personal details | |
උපත | කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා 3 මැයි 1975 ආරච්චිකට්ටුව, ශ්‍රී ලංකාව |
විපත | 25 ජනවාරි 2024 (වයස 48) රාගම, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–2024) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004–2019) පොදු ජන එක්සත් පෙරමුණ (1994–2004) |
කලත්‍රයා | චමරි පෙරේරා |
ළමයි | 4 |
Alma mater | ශාන්ත මරියා පිරිමි විද්‍යාලය, හලාවත |
රැකියාව | දේශපාලකයා |
| |
කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා[1] (Sanath Nishantha, 3 මැයි 1975 – 25 ජනවාරි 2024), හෙවත් සනත් නිශාන්ත, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු මිය යන විට පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර එවකට සිටි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ඇත.[2] ඔහු මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2015 වසරේදී. ඔහු නැවතත් 2020 වසරේදී තේරී පත් විය.[3] ඔහු ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.[2][4]
මුල් දිවිය සහ අධ්‍යාපනය
[සංස්කරණය]සනත් නිශාන්ත 1975 මැයි 3 වන දින වයඹ පළාතේ හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී උපත ලැබීය.[5] ඔහුට වැඩිමහලු සහෝදරියක් සහ සහෝදරයන් තිදෙනෙකු සිටින ඇත.[6] ඔහු ආරච්චිකට්ටුව රජයේ විද්‍යාලයේ, රජකදළුව රෝමානු කතෝලික විද්‍යාලයේ සහ හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසුවෙක්.[6]
දේශපාලන දිවිය
[සංස්කරණය]සනත් නිශාන්ත මහතා මුලින්ම දේශපාලනයට පිවිසියේ 1997 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලාංඡනයෙන් තරග කර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වීමයි, එහිදී ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි වුණි.[6] කෙසේ වෙතත්, ආරච්චිකට්ටුවේ තේරී පත් වූ සභාපති සමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්ත මහතා එම සභාවට එක්වීමට අවස්ථාවක් හිමි වුණි.[6]
2004 වසරේදී පැවති පළාත් සභා මැතිවරණය සනත් නිශාන්ත වයඹ පළාත් සභාවට ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට සමත් විය. 2009 සහ 2013 වසරවල වයඹ පළාතේ පැවැති පළාත් සභා මැතිවරණයට නැවත ඉදිරිපත් වී ජයග්‍රහණය කර 2013 වසරේ මනාප ඡන්ද 62,996ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය බවට පත් වීමට ඒ මහතා සමත් විය.[7] සනත් නිශාන්ත මහතා පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව ධීවර, මහාමාර්ග හා විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීම සහ වයඹ පළාතේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වැදගත් තනතුරු දැරීමට හැකි විය.[6]
සනත් නිශාන්ත මහතා මනාප ඡන්ද 80,082කින් තේරී පත්වෙමින් 2015 ප්‍රථම වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.[6] ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සනත් නිශාන්ත මහතා ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.[4] 2022 වසරේ අරගල සමය හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය සමූහ වශයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, සනත් නිශාන්ත මහතා ඔහුගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබුණි.[8] කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසු, ඔහු නැවත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලැබූ අතර, 2022 සැප්තැම්බර් 8 සිට මිය යන තෙක්ම කටයුතු කළේය.[2].
මතභේදයට ලක්වීම් සහ නීතිමය ගැටළු
[සංස්කරණය]පහරදීමකට අත්අඩංගුවට ගැනීම්
[සංස්කරණය]පහරදීම් සිද්ධීන් සම්බන්ධයෙන් සනත් නිශාන්ත කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇත. 2008 වසරේදී ඔහු සහ ඔහුගේ සොහොයුරා වන ජගත් සමන්ත එක්ව එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කර පහරදීමට උත්සාහ කර තිබුණි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයකට පහර දී ඔහුගේ ආධාරකරුවන්ට පහර දුනේන්ය.[9][10]
නීතිවිරෝධී පරිසර විනාශය
[සංස්කරණය]2020 වසරේදී, වොලිබෝල් පිටියක් ඉදිකිරීම සඳහා මීගමුවේ කඩොලාන විනාශ කිරීමට ඉඩ දෙන ලෙස වන සංරක්ෂණ නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට බල කිරීමට නිශාන්ත උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය විය.මේ විනාශයෙන් වටිනා වෙරළාසන්න කඩොලාන පරිසර පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව රාජ්‍ය නිලධාරියෙකු ප්‍රශ්න කළ අතර රට පුරා සිදුවන මෙවැනි වනාන්තර විනාශය අනාගත පරපුරට හුස්ම ගැනීමට ඔක්සිජන් නොමැතිකමට හේතු වන්නේ කෙසේදැයි පෙන්වා දුන් විට නිශාන්තගේ ආධාරකරුවෙකු පැවසුවේ ප්‍රදේශයේ දරුවන්ට " ඔක්සිජන් ඕන නෑ".[9]
2020 වසරේ අගෝස්තු මාසයේදී පුත්තලම, ආනවිලුන්දාව ප්‍රදේශයේ රැම්සා තෙත් බිමේ අවම වශයෙන් හෙක්ටයාර් 0.40ක් (අක්කර 1ක්) ඉස්සන් වගාව සඳහා නීති විරෝධී ලෙස එළිපෙහෙළි කළ තිබුණි. මෙය මහත් කෝපයක් ඇති කළ අතර විනාශය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කර තිබුණි. සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත විසින් මෙම විනාශය මෙහෙයවා සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.[9]
අරගල සමයේ භූමිකාව
[සංස්කරණය]2022 මුල් භාගයේදී, උද්ධමනය, නිරන්තර විදුලිය ඇනහිටීම් සහ ඉන්ධන, ගෘහස්ථ ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය මගින් සලකුණු කරන ලද දැඩි ආර්ථික අර්බුදයකට ප්‍රතිචාර වශයෙන්, නිශාන්ත නියෝජනය කළ රජයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විරෝධතා ඇති වුණි.[11] ශ්‍රී ලංකාව සහ මෙරට පුරවැසියන් අත්විඳින ආර්ථික අභියෝග හෑල්ලුවට ලක් කරමින් සනත් නිශාන්ත මහතා විරෝධතා සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් අනුගමනය කළේය.[12] මෙය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දුන් 1971 සහ 1987-1989 කැරලි වලදී දුටු ආණ්ඩු විරෝධී මර්දන උපක්‍රමවලට ඔවුන් මුහුණ දීමට සුදුසු බව යෝජනා කරමින් විරෝධතාකරුවන් 'මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්' බව ඔහු පැවසීය.[12] මැයි මස 9 වැනි දින ගාලුමුවදොර පිටියේ 'ගෝඨාගෝගම' සහ 'මයිනාගෝගම' අරගල භූමියේ සාමකාමී රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධ සිදුවීම්වලට ඔහු සම්බන්ධ වූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු විය.[9] අගෝස්තු මස 23 වැනිදා සනත් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. එම මාධ්‍ය හමුවේදී ඔහු චෝදනා කළේ විරෝධතාවලට සහභාගී වූ අරගලකරුවන්ට ඇප ලබාදීම ඇතුළුව ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙකු මනාප ලබා දෙන බවයි.[13] ඉන් අනතුරුව සනත් නිශාන්ත මහතාට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් විසින් අධිකරණයට අපහාස කිරීම පෙත්සම් තුනක් ගොනු කර තිබුණි. මාධ්‍ය හමුව අතරතුර ඔහු කළ ප්‍රකාශ සහ විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරයන් "අධිකරණයේ ගෞරවයට සහ ප්‍රතිරූපයට" අහිතකර ලෙස බලපෑ බව මෙම සංවිධාන පෙන්වා දුන්නේය.[13] සැප්තැම්බර් මස 29 සහ ඔක්තෝම්බර් මස 5 යන දිනවල අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණය ඔක්තෝබර් මස 22 වැනිදා වරෙන්තු නිකුත් කර තිබුණි.[13]
පෞද්ගලික දිවිය
[සංස්කරණය]සනත් නිශාන්ත මහතා නීතීඥ චාමරි පෙරේරා සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් හතර දෙනෙකු දියණියන් තිදෙනෙකු සහ එක් පුතෙකු විය.[6] සනත් නිශාන්ත මහතා රෝමානු කතෝලිකයෙකු විය.[14]
මරණය
[සංස්කරණය]2024 ජනවාරි 25 දින අලුයම 2.00 ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේදී ඔහු ගමන් ගත ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සහ ආරක්‍ෂිත වැටේහි ද ගැටී අනතුරට ලක් වුණි. ඒ හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත කොළඹ බලා එමින් සිටියදී.[15] සිද්ධිය වන අවස්ථාවේ නිදා සිටි සනත් නිශාන්ත මහතාගේ හිසට සහ දකුණු පාදයට මාරාන්තික තුවාල සිදුවී ඇති අතර, පසුව ඔහු රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.[16][17] සිද්ධියෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු ද මිය ගිය අතර ඔහුගේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැයට කිලෝමීටර් 160කට ආසන්න වේගයකින් ධාවනය වූ බවත්, ඒ හේතුවෙන් තමන්ට වාහනය පාලනය කරගත නොහැකි වූ බවත් රියදුරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියට පාපොච්චාරණය කර තිබේ. [17]
සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු 2024 ජනවාරි 28 වැනි දින පුත්තලම, ආරච්චිකට්ටුව රජකදළුව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.[18]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ප‍්‍රනාන්දු, ඔගස්ටින් (28 මැයි 2018). "සනත් නිශාන්තට ඇප". ලංකාදීප පුවත්පත. 28 මාර්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 මාර්තු 2024.
- ^ a b c "නව රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි". සිළුමිණ. 8 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2022.
- ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ^ a b "කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධූර ලැබූ නවකයෝ". අද දෙරණ. කොළඹ, ශ්‍රී ලංකාව. 12 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 25 ජනවාරි 2024.
- ^ ""මම වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැහැ කියලා ජෝතිෂවේදියෝ දෙන්නෙක්ම කියලා තියෙනවා..." - සනත් නිශාන්තට 2024 දී එන මාරකය ගැන මාදම්පේ ජ්‍යෝතිෂවේදියා කියූ අනාවැකිය..." හිරු ප්‍රවෘත්ති සේවය. 27 ජනවාරි 2024. 29 ජනවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 මාර්තු 2024.
- ^ a b c d e f g "සනත් නිශාන්තගෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය ගැන දැනුම්දීමක්". අද දෙරණ. 25 ජනවාරි 2024. 29 මාර්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 ජනවාරි 2024.
- ^ "පුත්තලමේ මනාප සටනේ පළමු තැන සනත් නිශාන්තට". අද දෙරණ. 27 ජනවාරි 2015. සම්ප්‍රවේශය 24 ජනවාරි 2024.
- ^ "අගමැති රනිල් මුදල් අමාත්‍ය ධුරය භාර ගනී". බී.බී.සී. සිංහල සේවය. 20 මැයි 2022. සම්ප්‍රවේශය 29 ජනවාරි 2024.
- ^ a b c d "රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියන්නේ කවුද ?". බී.බී.සී. සිංහල සේවය. 25 ජනවාරි 2015. සම්ප්‍රවේශය 28 ජනවාරි 2024.
- ^ "වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත අත්අඩංගුවේ". අද දෙරණ. 27 ජනවාරි 2015. සම්ප්‍රවේශය 25 ජනවාරි 2024.
- ^ "මැයි 9 ප්‍රහාරයට වසරයි". බී.බී.සී. සිංහල සේවය. 9 මැයි 2023. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2024.
- ^ a b "මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නේ නෑ, ලකන්න ඕනේ විදිහක් තියෙනවා - සනත් නිශාන්ත". නිව්ස්ෆර්ස්ට් (සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය). 26 ජූලි 2022. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2024.
- ^ a b c "අධිකරණයට අපහස කිරීමේ චෝදනාව: සනත් නිශාන්තට වැඩ වරදී ද?". බී.බී.සී. සිංහල සේවය. 26 අගෝස්තු 2022. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2024.
- ^ "ගරු සනත් නිශාන්ත මහතා, පා.ම." හිටපු මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 28 ජනවාරි 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 ජනවාරි 2024.
- ^ "රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට". අද.එල්කේ. 25 ජනවාරි 2024. සම්ප්‍රවේශය 25 ජනවාරි 2024.
- ^ "රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට". බී.බී.සී. සිංහල සේවය. 25 ජනවාරි 2015. සම්ප්‍රවේශය 29 ජනවාරි 2024.
- ^ a b "සනත් නිශාන්ත සිටි රථය ධාවනය වූ වේගය ගැන හෙළිවෙයි". අද දෙරණ. 26 ජනවාරි 2015. සම්ප්‍රවේශය 29 ජනවාරි 2024.
- ^ "මහ සෙනඟක් මැදින් සනත් නිශාන්ත අවසන් ගමන් යයි". අද දෙරණ. 28 ජනවාරි 2024. සම්ප්‍රවේශය 29 ජනවාරි 2024.