විකිපීඩියා:මුල් පිටුව විකල්පය (PDA අනුවාදය)
විකිපීඩියා වෙත පිළිගනිමු, ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂය.
තෝරාගත් ලිපිය
[සංස්කරණය]ලුම්බිනි යනු බෞද්ධ පූජනීය ස්ථානයකි. පිහිටා ඇත්තේ ඉන්දියානු දේශසීමාව අසල නේපාලයේ, ලුම්බිනි ප්‍රදේශයේ “රුපන්දෙහි” දිස්ත්‍රික්කයෙහිය. මෙම ස්ථානය මහාමායා දේවිය සිද්ධාර්ථ ගෞතමයන්ට උප්පතිය ලබා දුන් ස්ථානයයි. සිද්ධාර්ථ ගෞතමයන් පසුව බුද්ධත්වයට පත් වී බුද්ධාගම ලොවට දයාද කළේය. ගෞතම බුදුරජාණන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිහය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව බුද්ධගයාව සහ සරානාත් වේ.
හිමාලය කඳු වැටිය පාමුල ලුම්බිණිය පිහිටා ඇත්තේය. බුදුන් වහන්සේ කුඩා කල සිට අවුරුදු 29 දක්වා කාලයක් හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ. බෞද්ධ පුරාවෘතයන්ට අනුව මේ අසල වෙනත් බුදුවරු ඉපදුනු, බුදුවුනු හා පිරිනිවුනු ස්ථානද තිබේ. (තව දුරටත්...)
තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය
පුවත් සැකෙවින්
[සංස්කරණය]- රුමේනියාව සහ බල්ගේරියාව ෂෙන්ගන් කලාපයේ (සේයාරුව) පූර්ණ සාමාජිකයන් බවට පත් විය.
- හිටපු එක්සත් ජනපදයේ ජනාධිපති සහ නොබෙල් සාම ත්‍යාගලාභී ජීමී කාටර් 100 වියෙහි දී මිය යයි.
- දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමකදී ජෙජු එයාර් 2216 පියාසැරිය අනතුරට ලක් වෙයි. එහිදී පුද්ගලයින් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 2 දෙදෙනකු තුවාල ලැබෙයි.
- හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං 92 වියෙහි දී මිය යයි.
- අසර්බයිජාන් එයාර්ලයින්ස් 8243 පියාසැරිය කසකස්තානයේ අක්තාවු ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල දී කඩා වැටී 38 දෙනෙකු මිය ගියේ ය.
තෝරාගත් සංවත්සර
[සංස්කරණය]- 1866 - කොළඹ නගර සභාව සඳහා ඡන්දයෙන් තේරී පත් වු මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩුකාරවරයා විසින් ප්‍රථම වරට නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පත් කරනු ලැබීම.
- 1892 - පළමු සාර්ථක ඌෂාලෝක ජායාරූපය ජර්මන් භෞතික විද්‍යාඥ මාර්ටින් බ්රෙන්දල් විසින් සාදන ලදී.
- 1896 - එක්ස් කිරණ පිළිබඳ ගවේෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පුවත්පතක් මගින් වාර්තා කිරීම. (මෙය ඒ පිළිබඳ පළමු ප්රකාශනයයි.)
- 1925 - මහව සිට කැකිරාව දක්වා නව දුම්රිය මාර්ගය විවෘත කිරීම.
- 1933 - ගෝල්ඩන් බ්රිමජ් පාලමේ වැඩ කටයුතු ඇරඹීම.
- 1933 එරිස් නමැති කුරු ග්‍රහලෝකය සොයා ගැනීම. මේ සඳහා මයික් බ්‍රවුන්, චැඩ් ට්රැජිලෝ සහ ඩේවිඩ් රබිනවිට්ස් හවුල් විය.
- 1948 - වෝනර් බ්‍රදර්ස් විසින් පළමු වර්ණ පුවත් වැඩසටහන ඉදිරිපත් කිරීම.
- 1962 - පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම.
- 1962 - අන්තර්ජාතික මුදල් අරමුදලේ ණය දීමේ හැකියාව වැඩි කිරීමට ණය ගැනීමේ පොදු සම්මුතිය අනුමත කරන ලදී.
- 1967 - "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව" නමින් ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත් කිරීම.
- 1971 - රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පිහිටුවීම.
- 1971 - ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වුණි.
- 1981 - සේවක භාරකාර අරමුදල පිහිටුවන ලදී.
- 2000 - ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෝලියෝ මුලිනුපුටා දැමිය යුතු බව නිවේදනය කරන ලදී.
- 2000 - කුමාර් පොන්නම්බලම් මහතාගේ අභාවය.
- 2002 - එක්සත් ජාතික පක්ෂයේ උපනායක ගාමිණි අතුකෝරාල මහතාගේ අභාවය.
- 2002 - එකොළොස් වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීම.
තවත් සිදුවීම්: ජනවාරි 4 – ජනවාරි 5 – ජනවාරි 6
ඔබ දැන සිටියාද...
[සංස්කරණය]විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන
[සංස්කරණය]- ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
- උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
- ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
- නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
- අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
- කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.