Jump to content

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
(වන්නි දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
වන්නි
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත උතුරු
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
මන්නාරම
මුලතිව්
වවුනියාව
මැතිවරණ
කොට්ඨාශ
3
ඡන්දදායකයන් 236,449[1] (2010)
ජනගහනය 426,000[2] (2009)
වර්ග ප්‍රමාණය 6,580 km2[3]
මන්ත්‍රීවරුන් ගණන 6
මන්ත්‍රීවරුන් සෙල්වම් අඩෙයිකලනාදන්, දෙජාසං
ශිවශක්ති ආනන්දන්, දෙජාසං
රිසාඩ් බදියුදීන්, එජනිස
හුනයිස් ෆරුක්, එජනිස
මුතාලි බාවා ෆරුක්, එජනිස
විනෝ නොහරතලිංගම්, දෙජාසං

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: வன்னி தேர்தல் மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් වෙතින් මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමන්විත වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 6 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2012 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 219,196 සිටියහ. [1]

මැතිවරණ ප්‍රතිඵල

[සංස්කරණය]

1982 ජනාධිපතිවරණය

[සංස්කරණය]

1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැති 1වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[4]

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
මන්නාරම මුලතිව් වවුනියාව
  ජේ. ආර්. ජයවර්ධන එජාප 17,008 3,678 11,720 428 32,834 46.42%
  හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප 8,039 5,471 9,385 326 23,221 32.83%
  කුමාර් පොන්නම්බලම් සලදෙකො 1,891 6,654 2,689 287 11,521 16.29%
  රෝහණ විජේවීර ජවිපෙ 279 204 1,764 39 2,286 3.23%
  කොල්වින් ආර්. ද සිල්වා ලසසප 174 150 252 8 584 0.83%
  වාසුදේව නානායක්කාර නසසප 111 84 87 11 293 0.41%
වලංගු ඡන්ද 27,502 16,241 25,897 1,099 70,739 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 486 971 947 43 2,447
මුළු ඡන්ද 27,988 17,212 26,844 1,142 73,186
ලියාපදිංචි ඡන්දදායකයෝ 40,965 34,472 43,656 119,093
ඡන්දය දීම (%) 68.32% 49.93% 61.49% 61.45%

1988 පළාත් සභා මැතිවරණය

[සංස්කරණය]

1988 නොවැම්බර් 19 දිනදී පැවැත්වුනු 1වන උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය :

මන්නාරම දිස්ත්‍රික්කය - ඊළාම් ජනතා විප්ලවකාරි විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]

මුලතිව් දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]

වවුනියා දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 4 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]

1988 ජනාධිපතිවරණය

[සංස්කරණය]

1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුනු 2වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[6]

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද මුළු ඡන්ද %
මන්නාරම මුලතිවු වවුනියාව
  රණසිංහ ප්‍රේමදාස එජාප 4,500 3,098 2,982 10,580 55.78%
  සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රිලනිප 1,431 1,639 1,819 4,889 25.77%
ඔස්වින් අබේගුණසේකර ශ්‍රීලමප 1,035 1,119 1,346 3,500 18.45%
’‘‘වලංගු ඡන්ද’’’ 6,966 5,856 6,147 18,969 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 149 329 230 708
මුළු ඡන්ද 7,115 6,185 6,377 19,677
ලියාපදිංචි ඡන්දදායකයෝ 47,060 41,624 54,039 142,723
ඡන්දය දීම (%) 15.12% 14.86% 11.80% 13.79%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "මෙම්බර් කැල්කියුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ a b c "ඉලෙක්ෂන් රිසල්ට්ස්" (PDF). ටැමිල් ටයිම්ස්. VIII (1): 4. 1988. ISSN 0266-4488. {{cite journal}}: Unknown parameter |month= ignored (help)
  6. ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.