Jump to content

ලංකේශ්වරි දේවිය

විකිපීඩියා වෙතින්

ලංකේශ්වරී/නිකුම්භිලා යනු (IAST : Lankēśvarī; සංස්කෘත දී : लंकेश्वरी/निकुम्भिला) යනු ලංකාවට ඊශ්වරිය යන්නයි. රාමායණයට අනුව ඇය පුරාණ ලංකාව තුළ වන්දනාවට පාත්‍ර වූ කුළ දෙවඟනයි. ඇය විශ්වයේ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්තියේ ස්වරූපයක් ලෙස සැළකේ

ලංකේශ්වරී/නිකුම්භිලා
විජයග්‍රහණයට අධිපති දෙවඟන
thumb|මධ්‍යය|සිද්ධාන්ත් තපන් විසින් සිතුවම් කරන ලද ලංකේශ්වරි/ප්‍රත්‍යන්ගිරා දේවියගේ සිතුවමක්
ලංකාපුරයේ කුළ දෙවඟන
දේවනාගරීलंकेश्वरी/निकुम्भिला
සංස්කෘත පරිවර්තනයLankēśvarī/Nikumbhilā
අනුබැඳියදේවී, මහාවිද්‍යා, දුර්ගා හෝ පාර්වතීගේ අවතාරයකි
වාසභවනයලංකාපුර
වල්ලභයාශිව

නිරුක්තිය

[සංස්කරණය]

thumb|වම|රාම කුමරු සහ රාවණ රජු දුර්ගා දේවියට නමස්කාර කිරීම ශක්‍ත රාමායණය අනුව රාවණ රජු තම සියලු ශක්තින් ලබා ගනු ලැබුවේ ශක්ති දෙවඟනගේ ලංකේශ්වරි ස්වරූපයට සාධනා කිරිමෙනි.[1] වාල්මිකි රාමායණයට අනුව ඇය උග්‍ර ස්වරූපයක් වන නිකුම්භිලා/ප්‍රත්‍යන්ගිරා දේවිය ලෙසින්ද හඳුන්වනු ලබයි. එමඟින් ඔහුට අසීමිත ශක්තියක් ලැබුණු අතර එය බ්‍රහ්ම විෂ්ණු ශිව ආදි ත්‍රීමුර්තියටද වැලැක්විය නොහැකි විය. රාවණ ගේ පීඩා ඉවසීමට නොහැකි වූ විට සමස්ථ දේව ගණයා දුර්ගා මෑණියන්ට කන්නලව් කිරිමෙන් පසුව ඇයගේ අණ පරිදි විෂ්ණු දෙවිඳුන් රාම අවතාරය ගනිමින් රාවණ සංහාරයට කිරිමට මනු ලොව ජන්මය ලැබුවේය. හනුමාන් ලංකාපුරයට පැමිණිමෙන් අනතුරුව ලංකේශ්වරි දේවිය ලංකා රාජධානියෙන් පිටවන්නිය. එතැන් පටන් රාවණ අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වේ.

ප්‍රකට වීම

[සංස්කරණය]

එක් කාලයක රාවණ රජු ශිව දෙවිඳුන්ගේ රුද්‍ර ස්වරූපය උදේසා දීර්ඝ තපසක් ආරම්භ කළ අතර තපස අවසානයේ ශිව දෙවිඳුන් පාර්වති මෑණියන් සමඟින් රාවණ ඉදිරියේ ප්‍රකට විය. එනමුදු පාර්වති මෑණියන් දුටු රාවණ රජු මාතෘ ප්‍රේමයෙන් නොව කාම තෘෂ්ණාවෙන් යුතුව ඇය දෙස බලා තම වරය ලෙසට පාර්වති මෑණියන්ව විමසුවේය. ශිව දෙවියන් තම බැතිමතා වෙනුවෙන් එම වරය ලබා දුන්නත් පාර්වති මෑණියන් එයට එතරම් රුචි නොවුවාය. නමුත් ශිව දෙවිදුන්ගේ ලිලාවන් පිළිබඳව දන්නා මෑණියන් පාගමනින්ම රාවණ සමඟ ලංකාපුරයට පිටත් උනු අතර ශිව දෙවිඳුන් සමාධියට කාවැදුනහ.

රාවණ රජු මෑණියන් සමඟ පාගමනින්ම ලංකා පුරයට පැමිණ කුම්බලා ග්‍රාමය පසු කරන විට ඔහුගේ පිටු පසින් විශාල රස්නයක් දැනෙන්නට පටන් ගැනුණි. ඔහු පසුපස හැරි බලන විට දුටුවේ මෑණියන් අථර්වන බද්‍රකාලි (ප්‍රත්‍යන්ගිරා) ස්වරූපයෙන් සිටින ආකාරයයි. ඇයගේ ප්‍රචණ්ඩ ස්වරූපය දැක බියෙන් තැති ගත් රාවණ දෙවඟනට නැවතත් ශිව ලෝකය වෙත යන ලෙස ආයාචනා කරේය. නමුත් මෑණියන් බිහිසුනු ලෙස සිනා සී රාවණට පිළිතුරු දුන්නාය.

“මා කෙසේද මාගේ ස්වාමියාගේ අණට පිටු පාන්නේ? ඔබමයි පැවසුවේ ඔබට මා අවශ්‍ය බව.”

බියෙන් වෙව්ලුන රාවණ රජු රුද්‍ර දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත් පසු එතුමා ප්‍රකට වීය. රාවණයන් මෑණියන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැලීම පිළිබඳව සමාව යැදු අතර ශිව දෙවිඳුන් ඔහුට සමාව ලබා දී කාමයේ ආදීනව පිළිබඳව පැවසූහ. ඉන්පසු රාවණ රජු ප්‍රථ්‍යන්ගිරා දේවිය වෙත හැරි නිල්-කුම්භ-ඉලා (නිල්-ස්ථිර, කුම්භ-ස්ථාපනය, ඉලා-රැඳෙන්න) ලෙස පැවසු අවස්ථාවේ පටන් මෑණියන්ට නිල්කුම්භඉලා යනුවෙන් නාමයක් ලැබන අතර පසුව එතුමියව නිකුම්භිලා ලෙසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්හ. එතැන් පටන් රාවණ රජු සෑම මසකම අමාවක දින සහ අව තුදුස්වක(අමාවකට පෙර) දින නිකුම්භිලා දේවියට පුද පුජා පැවැත්වීම ආරම්භ කරනු ලැබුවේය.

නිකුම්භිලා යාගය

[සංස්කරණය]

වාල්මිකි රාමායණයට අනුව ඉන්ද්‍රජිත් විසින් නොපෙනි යාමේ ශක්තිය ලබා ගැනීමට නිකුම්බිලා යාගය සිදු කරන නමුත් ලක්ශමණ සහ හනුමාන් විසින් එය විනාශ කර දමයි.

රාම කුමරුන්ගේ පද්ම පූජාව

[සංස්කරණය]

thumb|දකුණ|රාම කුමරුන්ගේ සහස්‍ර පද්ම පූජාව අත්භුත රාමායණය, ශක්ත රාමායණය - දේවී මහාභාගවත පුරාණය සහ කෘත්තිවාස රාමායණයට අනුව රාම කුමරුන් ලංකාවට යාත්‍රා කිරිමට අරඹන දිනයේ සිටම දුර්ගා මාතාවට පුජා පැවැත්වීම ආරම්භ කරයි. එතුමා ලංකාපුරයට පැමිණි පසු අවසන් සටනට පෙර දුර්ගා මෑණියන් ප්‍රසන්න කිරීමට පද්ම පූජාව සිදු කරත්, දෙවඟන තම බැතිමතා පරික්ශා කිරිමට අවසාන පුෂ්පය අතුරුදහන් කරයි. තම පුජාව අසම්පූර්ණ වීම වැළක්වීමට රාම කුමරු තම නේත්‍රා පූජා කිරීමට සැරසෙයි. එයින් සතුටට පත් දුර්ගා දේවිය විජයග්‍රහණය ලැබීමට රාම කුමරුන්ට ආශිර්වාද කරයි[2]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ලංකේශ්වරි_දේවිය&oldid=593195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි