ජගද්ධාත්‍රි

විකිපීඩියා වෙතින්
ජගද්ධාත්‍රි
විශ්වය සහ භූමියට අධිපති දෙවඟන
සම්පූර්ණ විශ්වය දරා සිටින දේවිය
දේවනාගරීजगद्धात्री
සංස්කෘත පරිවර්තනයJagadhātri
අනුබැඳියදේවී, මහාවිද්‍යා, දුර්ගා හෝ පාර්වතීගේ අවතාරයකි
වාසභවනයමණිද්වීපය
වල්ලභයාශිව

ජගද්ධාත්‍රී හෝ ජගත්ධාත්‍රී යනු බටහිර බෙංගාලය සහ ඔඩිශා ප්‍රදේශය තුළ විශේෂයෙන්ම වන්දනාවට පාත්‍ර වන දුර්ගා දේවියගේ ස්වරූපයකි. ඇයගේ වන්දනාව තන්ත්‍ර විද්‍යාව හා සම්බන්ධ වන අතර බාහිර ස්වරූපය දුර්ගා දේවිය හා සමාන කමක් දක්වයි.[1]

ජනප්‍රවාදය[සංස්කරණය]

කරින්ද්‍රාසුර යනු හස්ථියෙකුගේ ස්වරූපයක් සහිත ඉතාමත් ශක්තිමත් අසුරයකි. ඔහුට බ්‍රහ්ම දෙවිඳුන්ගේ විජයග්‍රහණයේ වරයක් ලැබ තිබූ හෙයින් ඔහු තමාගේම ශක්තිය කෙරෙහි ඉතා මාන්නයකින් යුක්ත විය. ඔහුට අවැසි වූයේ තුන් ලෝකය පාළනය කිරීමටයි. සමස්ථ දේව ගණයා ස්වර්ග ලෝකයෙන් පන්නා දැමූ කරින්ද්‍රාසුර ඉන්ද්‍රාසනය අත්පත් කරගත්තේය. කරින්ද්‍රාසුරයන්ට පරාජය පත් වූ දේව ගණයා තමාගේ පියා වන බ්‍රහ්ම දෙවිඳුන් වෙත උපකාර පතා ගියද, කරින්ද්‍රාසුර තමාගේ බැතිමතෙක් වූ හෙයින් නාරායන දෙවිඳුගේද සහය සහිතව මහා ශිව දෙවිඳුන් බැහැ දැකිමට කෛලාශය වෙත පිටත් විය. මන්ද යත් ශිව දෙවිඳුන් පෙර ගජාසුර නම් එවැනිම හස්ථි ස්වරූපයක් සහිත අසුරයෙකු මර්ධනය කර ඇති හෙයිනි. දේව ගණයාගේ කන්නලව් කෙරෙහි ප්‍රසන්න වූ ශිව දෙවිඳුන් කරින්දාසුර ගේ මානය සිඳීමට උපායක් ලබා දෙන්නේය. එනම් පෙර මහිශාසුර, ශුම්භ නිෂුම්භ යනාදි අසුරයන් සංහාරය කෙරූ දුර්ගා දේවිය උදෙසා ආරධනා කිරිමයි. මන්ද යත් එතුමිය සියලු අසුරයන් සංහාරය කරන්නිය බැවිනි. ඒ අනුව සමස්ථ දේව ගණයා දුර්ගා අවාහනය කරන්නට විය. ශිව දෙවිඳුන් ආනන්ද තාන්ඩවත් දේව ගණයා සාධනා තුළින්ද විශ්ණු දෙවිඳුන් යෝග නිදාවටත් සම වැදි මහමායාව ආවාහනය කරයි. දේව ගණයා මෙම කන්නලව් කෙරෙහි ප්‍රසන්න වූ දුර්ගා දේවිය ඉතා විශේෂ ස්වරූපයකින් ප්‍රකට වූවාය. ඇය සිංහාරූඩව සිටි අතර නළලෙහි ලලාඨාක්ශයක් විය. ඇයගේ අත් සතරෙහි ශංඛයක්, චක්‍රයක්, දුන්නහක් සහ හීයක් විය. ඇය ලෝකයෙහි ආරක්ශිකාව වන ජගධාත්‍රි දේවියයි. ජගත් යනු ලෝකයයි ධාත්‍රි යනු ධාරණය කර ගැනිමයි. ඉන්පසු ඇය ස්වර්ග ලෝකය වෙත කරින්ද්‍රාසුරයන්ට සංග්‍රාමය එන ලෙස අභියෝග කරයි. ඉතා දීර්ඝ කාලයක් කරින්ද්‍රාසුරයන් වෙහෙස වන තුරුම ඔහු හා යුධ වැදුනු ඇය. අවසානයේ ඇය කරින්ද්‍රාසුර විනාශ කරන්නේය. ශිව දෙවිඳුන් දේව ගණයා හට කරින්ද්‍රාසුර විනාශ වූ සුභ පණිවිඩය ලබා දුන් පසු ඉන්ද්‍ර ඇතුලු දේව ගණයා එතුමියට ස්තුති කරමින් ස්තෝත්‍ර ගායනා කළහ. ඇය ජගදාත්‍රි දුර්ගා දේවිය කරින්ද්‍රාසුර සංහාරය කර බැවින් එතුමිය කරින්ද්‍රාසුරනිසුදිණි නමින් හැඳින්වේ.

ප්‍රතිමාශිල්පය[සංස්කරණය]

සිංහාසනාරූඩව සිටි. ඇයගේ අත් සතරෙහි ශංඛයක්, චක්‍රයක්, දුන්නක් සහ හීයක් දරා සිටි. පහළින් කරින්ද්‍රාසුර පාගාගෙන සිටි.

ජගද්ධාත්‍රී පූජාව[සංස්කරණය]

thumb ජගද්ධාත්‍රී පූජාව පළමුව ආරම්භ කරන ලද්දේ ක්‍රිශ්ණචන්ද්‍ර නම් බෙංගාල රජු විසිනි. ඉන්දියාවේ ක්‍රිශ්ණනගර්, තෙහත්ත, රිශ්‍රා, චන්දනගර්, බද්‍රේශ්වර් හූග්ලි, බොයින්චි ආදි ප්‍රදේශ වල මෙම පූජාව ඉතාමත් ප්‍රචලිතයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජගද්ධාත්‍රි&oldid=457400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි