ගන්ධේශ්වරී

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ගන්ධේශ්වරි
වෙළඳාමට අධිපති දෙවඟන
වෙළඳාමට අධිපති දෙවඟන
කුළුබඩු සහ සුවඳ විලවුන් වෙළෙන්දන්ගේ කුළ දෙවඟන
දේවනගරිगान्देश्वरी
සංස්කෘත පරිවර්තනයGandēśvarī
අනුබැඳියදේවී,දුර්ගා දේවියගේ අවතාරයකි
වල්ලභයාශිව

ගන්ධේශ්වරි (IAST : Gandēśvarī; සංස්කෘත දී : गान्देश्वरी) බටහිර බෙංගාලය තුළ වන්දනාවට පාත්‍ර වන වෙළඳාමට අධිපති දුර්ගා මෑණියන්ගේ අවතාරයකි. ඇය ගන්ධභානික් නැමති වෙළඳ ප්‍රජාවගේ කුළ දෙවඟනයි. එතුමියගේ පුජාවන් විශේෂයෙන්ම පවත්වන්නේ වෛසාක (අප්‍රේල්- මැයි අතර/ වසන්ත ඍතුවේදි)[1] මාසයේදීය.

ජනප්‍රවාද[සංස්කරණය]

දිනක් සප්ත සෘෂි වරුන්ගෙන් එක් සෘෂි වරයෙකු වන කශ්‍යප සෘෂිවරයා ධ්‍යාන යෝගීව සිටින විට ඔහුට කුඩා දරුවෙකුගේ හඬක් වනයෙන් ඇසිණි. එතුමාගේ ධ්‍යානයට බාධා වූ නිසා එම ශබ්ධය විපරම් කිරීමේදි වනයෙන් කුඩා දැරිවියක් මුණ ගැසිණි. ඇයගේ මව පියාද සොයා ගත නොහැකි වූ නිසා ඇයව හදාගත් මුණිවරයා ඇයට ගන්ධවතී නමින් ආමන්ත්‍රණය කළේය.

ගන්ධවති කශ්‍යප සෘෂිවරයාට ඇප උපස්ථාන කරමින් ආශ්‍රමයේ උස් මහත් වූ අතර ඒ අවස්ථාවේදි මනුශ්‍ය ලෝකය ගන්ධාසුර නම් අසුරයෙකුගේ පිඩාවට ලක් වෙමින් පැවතිණි. ගන්ධාසුර බොහෝ සෙයින් දුක් පීඩා සිදු කරේ වෙළඳ ජනතාවටයි. තරුණ වියට එළඹුණු ගන්ධවතී මෙම අසුරයා විනාශ කිරිමට තපසක නිරත වූ ගන්ධාසුර පැමිණ ඇය තපස් රකින විටම ඇයගේ සිරුරට ගිණි තිබ්බේය. නමුතේ අග්නියන් ප්‍රකට වූයේ ගන්ධේශ්වරී ස්වරූපයයි. ඇය ගන්ධාසුර සමඟ යුධ වැද ගන්ධාසුර සංහාරයට කොට ඔහුගේ සිරුර සාගරයට මුදා හැරියාය. එයින් ගන්ධද්වීප නම් දිවයිනක් නිර්මාණය විය. එතැන් පටන් ගන්ධේශ්වරි දේවිය ගන්ධභානික් වෙළඳ ප්‍රජාවගේ කුළ දෙවඟන බවට පත් විය.

ප්‍රතිමාශිල්පය[සංස්කරණය]

බෙංගාලයේ පැවති ගන්ධේශ්වරි පූජාවක්

ගන්ධේශ්වරි දෙවඟන දුර්ගා දේවිය මෙන් සිංහාසනාරූඩව සිතුවම් කරයි. ඇයට අත් සතරකි, එයින් ශංඛයක්, පද්මයක්, අභය සහ වරද මුද්‍රා පිළිබිඹු කරයි. ශංඛයෙන් සතුටත්, පද්මයෙන් මධ්‍යස්ත බවත්, අභය සහ වරද මුද්‍රාවන්ගෙන් ආශිර්වාදය සහ ආරක්ෂාව සංකේතවත් වේ. ඇතැම් ප්‍රතිමා වල ඇය තරාදියක්ද අත දරා සිටි.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගන්ධේශ්වරී&oldid=450605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි