මේක්මේක් (වාමන ග්‍රහලෝකය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මේක්මේක්
Makemake hubble.png
මේක්මේක් හබල් දුරේක්ෂයෙන් දුටු අයුරු
සොයාගැනීම
‍සොයාගත් තැනැත්තා
සොයාගත් දිනය මාර්තු 31, 2005
නාමකරණය
MPC designation (136,472) Makemake
Named after Makemake
වෙනත් නම් 2005 FY9
Minor planet
category
Dwarf planet, TNO (cubewano)
නාම විශේෂණය Makemakean
Epoch January 28, 1955 (JD 2 435 135.5)
Aphelion 53.074 AU
7.939 Tm
Perihelion 38.509 AU
5.760 Tm
උප ප්‍රධාන අක්ෂය 45.791 AU
6.850 Tm
විකේන්ද්‍රිකතාවය 0.159
පරිභ්‍රමණ කාලය 309.88 yr (113,183 d)
පරිභ්‍රමණ වේගය 4.419 km/s
Mean anomaly 85.13°
ආනතිය 28.96°
Longitude of ascending node 79.382°
Argument of perihelion 298.41°
භෞතික ලක්ෂණ
මාන
  • (1434 × 1422) ± 14
  • (1,502±45) × (1,430±9) km
මාධ්‍ය අරය
  • 715±7 කි.මි.
  • 739±17 කි.මි.
  • 710±30 කි.මි.
Flattening 0.05
පෘෂ්ඨික වර්ගපලය ≈ 6,900,000 km2
පරිමාව ≈ 1.7×109 km3
ස්කන්ධය unknown
මාධ්‍ය ඝනත්වය 1.4–3.2 g/cm3
Sidereal rotation
period
7.771±0.003 hours
අක්ෂිය ඇලය unknown
ඇල්බිඩෝ අගය 0.81+0.01−0.02
උෂ්ණත්වය 32–36 K (single-terrain model)
40–44 K (two-terrain model)
Spectral type B-V=0.83, V-R=0.5
Apparent magnitude 16.7 (opposition)
Absolute magnitude (H) −0.44±0.42


මේක්මේක් වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්‍රහවස්තූන්ගෙන් එකකි.මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්‍රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්‍රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්‍රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි.

පලමුව 2005 FY9 ලෙසත් ඉන් පසුව සුඵ`ග්‍රහයෙකු (136472) ලෙසත් නම් කරන ලදි. එය සොයා ගන්නා ලද්දේ 2005 මාර්තු මස 31 වන දින Michael Brown ඇතුලු කණ්ඩායම විසිනි. නමුත් එය ප්‍රකාෂයට පත්කරනු ලද්දේ 2005 ජුලි මස 29 වන දිනය. 2008 ජුලි මස මෙය වාමන ග්‍රහලොවක් ලෙස International Astronomical Union (IAU) මගින් තහවුරු කරන ලදි. නැගෙනහිර දූපත් වල වාසය කරන Rapanui ජනයාගේ පුරාවෘත ආශ්‍රයෙන් මෙම වාමන ග්‍රහලෝ්කයේ නම සැදි ඇත.

අනාවරණය[සංස්කරණය]

මේක්මේක් වාමන ග්‍රහලොව සොයාගනු ලද්දේ 2005 මාර්තු මස 31 වන දින Palomar Observatory නම් කණ්ඩායම විසිනි. එහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූයේ Michael Brown විසිනි. නමුත් එය සොයාගත් බව ප්‍රකාෂයට පත් කරනු ලැබුවේ 2005 ජුලි මස 29 වන දිනය. දීප්තිමත් වස්තූන් වන මේක්මේක් සහ ඊරිස් පිලිබඳ සොයාගැනිම් සහ ගනණය කිරීම් අවසාන වනතුරු මොවුන්ගේ සොයාගැනීම් පිලිබද අණාවරනය කිරීම ප්‍රමාද කලේය. නමුත් මේ අතරතුර තවත් විශාල වස්තුවක් වන Haumea වාමන ග්‍රහලොව සොයාගන්නා ලදී. මෙම සොයාගැනීම් දෙකම ජූලි මස 29 වන දින දැනුම් දෙන ලදී. මෙය මතභේදාත්මක දැනුම්දීමක් ලෙස වෙනත් ස්පාඟ්ඟ කණ්ඩායමක් විසින් ප්‍රකාශ කලේය.

කුයිපර් වළල්ලේ ඇති ඉතා දුර්වල ග්‍රහයන් සොයාගෙන තිබුනත් ඒ වනතුරුත් මේක්මේක් සොයාගෙන නොතිබුනි. එය මෙහි සාපේක්ෂ දීප්තිය නොසලකා හැරීමකි. මේක්මේක් වාමන ග්‍රහයා ප්ලූටෝ මෙන් පස් ගුණයක දීප්තියකින් යුක්තය. සුළු ග්‍රහයන් බොහොමයකගේ සොයාගැනීම් පදනම් වී ඇත්තේ සූර්යාගේ ගමන් මාර්ගයට සාපේක්ෂවය. එමගින් නව සොයාගැනීම් වලට පහසුවක් වි ඇත. මෙයින් පෙනෙන ලෙස සාපේක්ෂව විශාල කක්ෂීය ආනතියක් ඇති නිසා පෙර සොයාගැනීම් මගහැර තිබේ. මෙය සොයාගත් කාලවකවානුව තුලදි එය සූර්යයාගේ ගමන් මාර්ගයට ඉතා දුරින් වූ Coma Berenices යන උතුරු තාරකා රාශිය තුල පිහිටා ඇත.

Clyde Tombaugh හට 1930 පමණ කාල වකවානුව තුලදී නෙප්චූන් හි වෙනත් ග්‍රහයන් පිළිබද සෙවීමේදී, ප්ලූටෝ ට අමතරව වෙනත් එකම වාමන ග්‍රහලොව වන මේක්මේක් ගේ දීප්තිය ප්‍රමාණවත් විය. Tombaugh ගේ සොයාගැනීම් කාලයේදී, මේක්මේක් යන වාමන ග්‍රහයා කක්ෂීය තලයට ඉතා සුළු ආනතියකින් යුක්තව Taurus සහ Auriga ග්‍රහයන් අතර සීමාවේ පිහිටා ඇත. එහි පෙනෙන විශාලත්වය 16 කි. මෙම පිහිටීම කෙසේවෙතත් ක්ෂීරපථයට ඉතා ආසන්නය. තරුවල වටපිටාවේ ඝණත්වය සමග මේක්මේක්හි එය සිදුවිය නොහැක්කකි. ප්ලූටෝගේ සොයාගැනීමෙන් වසර ගණනාවකට පසුවත් Tombaugh ගේ සොයාගැනීම් නොනවත්වා කෙරුනද, මේක්මේක් හෝ වෙනස් නෙප්චූන්හි ග්‍රහයන් සොයාගැනීමට ඔහු අසමත් විය.

නම[සංස්කරණය]

2005FY9 යන තාවකාලික නාමයෙන් මේක්මේක් වාමන ග්‍රහයා ප්‍රසිද්ධ කරන ලදී. එලෙස නම් කීරීමට පෙර, සොයාගන්නා ලද කණ්ඩායම විසින් මෙම ග්‍රහයා “Esterbunny” ලෙස නම් කරන ලදී. මක්නිසාද යත් Ester නම් ග්‍රහයා මීට ටික කලකට පෙර සොයාගත් බැවිනි.

2008 ජූලි මසදී සාම්ප්‍රදායික ක්යිපර් වළල්ලේ ඇති වස්තූන් සදහා වන IAU රීති වලට අනුකූලව, 2005FY9 හට creator deity යන නම දෙන ලදී. නැගෙනහිර දූපත් වල ස්වදේශික ජනකොටස වන Rapanui ජනයා, මෙම ග්‍රහයාගෙත් Ester ග්‍රහයාගෙත් සම්බන්ධය සුරැකීමට, මානුෂත්වයේ නිමැවුම්කරු හා සශ්රීකත්වයේ දෙවියන් පිළිබද ලියැවුනු ජනකථා මගින් මෙම ග්‍රහයා මේක්මේක් ලෙස නම් කලහ.

කක්ෂය සහ වර්ගීකරණය[සංස්කරණය]

මේක්මේක්හි කක්ෂ (නිල්), සැකිල්ල:Dp (කොළ), Pluto (රතු)ගේ සහ කක්ෂතලය (අළු)සමග අසමානතා දක්වයි. මෙහි perihelia (q)[1] සහ aphelia (Q) දින වලින් ලකුණු කර ඇත. රවුම් වලින් අදහස් වන්නේ, 2006 අප්‍රේල් මස පිහිටීම, සාපේක්ෂ විශාලත්වය, ඇල්බිඩෝ albedoවල වෙනස සහ වර්ණයයි.

මේක්මේක් වාමන ග්‍රහයා හිරුගේ සිට පොදුවේ 52.3AU(7.82*109km) දුරින් පිහිටා ඇත. එය එහි කක්ෂය කරා ලගා වන විට, සම්පූර්නයෙන්ම වාගේ එය හිරුට දුරින් පිහිටයි. මේක්මේක් ග්‍රහයා Haumea ග්‍රහයාගේ කක්ෂයට ඉතාමත් සමාන ලෙස ගමන් කරයි. උපරිමය 29° ආනතියකින් සහ 0.16 ක පමන මධ්‍යහ්න විකේන්ද්රිකතාවයකින් යුක්තවේ. තවද, අඩ මහා අක්ෂය සහ අපහේලිකය මගින් ඇතිකරන කොන්දේසි මත මේක්මේක්හි කක්ෂය, හිරුගේ සිට ඉතා සුළු දුරකින් පිහිටයි. එහි කක්ෂීය කාලය ආසන්න වශයෙන් අවුරුදු 310 කි. ඊට අමතරව ප්ලූටෝගේ අවුරුදු 248ක් ද, Haumea ගේ අවුරුදු 283ක් ද වේ. මේක්මේක් සහ Haumea යන ග්‍රහයන් දෙදෙනාම පොදුවේ කක්ෂීය තලයට දුරින් පිහිටා ඇති අතර එහි කෝණික දුර 290 ට ආසන්න අගයක් වේ. Haumea එහි අපහේලිකය 1992 දී පසුකරන අතරතුර මේක්මේක් 2033දී අපහේලිකය කරා ලගා වෙමින් පවතී.

මේක්මේක් යනු කුයිපර් වළල්ලෙහි ඇති පැරණි වස්තුවකි. එයින් අදහස් කරනුයේ සෞරග්රහ මණ්ඩලයේ ස්ථාවරව පවත්වාගැනීමට මෙහි කක්ෂය නෙප්චූන් සිට සෑහෙන දුරකින් පිහිටා ඇති බවයි. Plutinos ට අමතරව 2:3 සම්ප්රයුක්තතාවයකින් නෙප්චූන්හි කක්ෂය හරහා යාහැක. තවද සාම්ප්රදායික වස්තූන් හට හිරුගේ සිට උපහේලිකයක් ඇති අතර එය නෙප්චූන්හි කැළඹීම් වලින් නිදහස්ය. මෙවැනි වස්තූන්හට සාපේක්ෂව අඩු විකේන්ද්රිකතාවක් ඇති අතර (0.2 ට අඩු) ග්රහයන්ගේ ගමන් මාර්ගය බොහෝ විට හිරුගේ කක්ෂයට සමාන වේ. කෙසේවෙතත් සාම්ප්රදායික කුයිපර් වළල්ලෙහි වස්තූන් අතර මේක්මේක් යනු ගතික උෂ්ණත්වයකින් යුත් පන්තියක සාමාජිකයෙකි. එයට හේතු වී ඇත්තේ අනෙකුත් ග්රහයන් හා සලකා බලන වීට එයට විශාල ආනතියක් හිමිවීමයි. සමපාතිකව පෙනෙන ලෙස මේක්මේක්, නෙප්චූන් සමග ආසන්න ලෙස 11:6 සම්ප්රයුක්තතාවයක් ඇති කරයි.

භෞතික ලක්ෂණ[සංස්කරණය]

දීප්තිය, ප්‍රමාණය සහ භ්‍රමණය[සංස්කරණය]

මේක්මේක් (apmag 16.9)

මේක්මේක් යනු කුයිපර් වළල්ලෙහි ඇති දැනට පෙනෙන්නට තිබෙන ප්ලූටෝට පසු දීප්තියෙන් දෙවෙනියට විශාල ග්‍රහ වස්තුව වන අතර, Coma Berenices තාරකා රාශිය ආසන්නයේ විරුද්ධව පිහිටා ඇති, දක්නට හැකි විශාලත්වය 16.7 ක් වන ග්‍රහ වස්තුවකි. දිගු අන්ත ආධුනික දුරේක්ෂයක් මගින් මෙහි දීප්තිය දැක ගත හැකිය. අධෝරක්ත කිරණ අනාවරණයෙන් Spitzer Space දුරේක්ෂය සහ Herschel Space දුරේක්ෂය මගින් ප්ලූටෝ සමග ඇති සමානතා හදුනාගත හැකිය. මෙහි නිමානිත විෂ්කම්භය 1360 සිට 1480km දක්වා වේ. 2011 සිට මේක්මේක් තම තාරකා අන්තර්ධානය ඇරඹීය. මිනුම් වලට අනුව එහි විෂ්කම්භය (1502±45)×(1430±9)km වේ. මෙය Haumea ට වඩා තරමක විශාලත්වයකින් යුක්ත වනුයේ, මෙය ඊරිස් සහ ප්ලූටෝ ට පසුව හදුනාගත් තුන්වෙනියට විශාලම වෙනස් නෙප්චූන්හි ග්‍රහ වස්තුව බවට පත්කරමිනි. පිළිගත් හතර වන වාමන ග්‍රහයා මේක්මේක් වන අතර එය V ශේණියේ -0.44ක තියුණු විශාල දීප්තියකින් යුක්තය. මේක්මේක් ද්‍රවස්ථිතික සමතුලිතතාවය කරා ලගා වීමට තරම් විශාලත්වයකින් යුක්ත බව මෙයින් ප්‍රායෝගිකව තහවුරු කර ඇත.

සැකිල්ල:TNO imagemap

මේක්මේක්හි විශාල ජ්යාමිතීය ඇල්බිඩෝවෙහි මධ්‍යහ්න පෘෂ්ඨීය උෂ්ණත්වය 32-36K පමන අගයක් බව, 77% ක මතය විය. [2][3]

වර්ණාවලිය සහ පෘෂ්ඨය[සංස්කරණය]

මේක්මේක්හි පෙනෙන සහ ළගම අධෝරක්ත වර්ණාවලියෙහි මිනුම් Licandro “et al.” විසින් 2006 දී “Astronomy and Astrophysics” සගරාවට ලියන ලදී. ඔවුන් William Herschel දුරේක්ෂය සහ Telescopio Nazionale Galileo මගින් මෙහි පෘෂ්ඨය සහ ප්ලූටෝගේ පෘෂ්ඨ සමාන බව සොයාගෙන ඇත. [4] ප්ලූටෝ මෙන්ම මේක්මේක්, දෘශ්ය වර්ණාවලියේ රතු පාටින් දිස් වන අතර ඊරිස්ට වඩා මෙහි මතුපිට සුවිශේෂ රතු වර්ණයකින් යුක්තය (TNO ගේ වර්ණ සන්සන්දනය බලන්න.) [4] මෙතේන්(CH4) හි ඇති පුළුල් අවශෝෂණ කලාපය මගින් ලගම අධෝරක්ත වර්ණාවලිය සලකුනු වී ඇත. ප්ලූටෝ සහ ඊරිස් වලද මෙතේන් සොයාගෙන ඇත. නමුත් ඒවායේ වර්ණාවලි සලකුන බොහෝ දුර්වලය. [4]

මේක්මේක් හි මතුපිට මෙතේන් පවතින්නේ සෙන්ටිමීටරයක තරම් වන විශාල බීජ ඇටයක ප්රමාණයට බව වර්ණාවලි අනාවරණය මගින් සොයාගෙන ඇත. [5] ඊට අමතරව, [[[එතේන්|ethane]] සහ tholins ද විශාල ප්රමාණයක් දැක ගත හැක. ඒවා වැඩි වශයෙන් සෑදී ඇත්තේ සූර්ය කිරණ මගින් මෙතේන් ප්රකාශ විඡ්ඡේදනය වීමෙනි. [5] දෘශ්ය වර්ණාවලියේ තෝලින් දැක ගත හැකිවන්නේ රතු වර්ණයෙනි. එලෙසම මෙහි මතුපිට නයිට්රජන් අයිස් ඇති බවට සාක්ෂි පෙනෙන්නට ඇත. අඩුමලෙස මෙහි නයිට්රජන් අයිස් හා මිශ්රව හෝ පවති. දැනට මෙහි ප්ලූටෝ සහ triton ට සමාන මට්ටමේ නයිට්රජන් පවතින අතර එය 98% ක කබොල්ලක් සාදයි. සෞරග්රහ මණ්ඩලයේ වයසත් සමග මෙහි නයිට්රජන් සපයන ප්රමානය අඩු බවක් දිස් වීම මගින් සාපේක්ෂ නයිට්රජන් අයිස් විෂමතාවය තීරනය කර ඇත. [5][6][7]

අමතර කරුණු[සංස්කරණය]

සැකිල්ල:Wikipedia books

සටහන්[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; jpldata නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Ortiz2012 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. J. Stansberry; W. Grundy; M. Brown; Cruikshank, D.; Spencer, J.; Trilling, D.; Margot, J.-L. (2008). "Physical Properties of Kuiper Belt and Centaur Objects: Constraints from Spitzer Space Telescope". The Solar System beyond Neptune (University of Arizona Press): 161. Bibcode2008ssbn.book..161S. 
  4. 4.0 4.1 4.2 J. Licandro, N. Pinilla-Alonso, M. Pedani, E. Oliva, G. P. Tozzi, W. M. Grundy (2006). "The methane ice rich surface of large TNO 2005 FY9: a Pluto-twin in the trans-neptunian belt?". Astronomy and Astrophysics 445 (3): L35–L38. doi:10.1051/0004-6361:200500219. Bibcode2006A&A...445L..35L. 
  5. 5.0 5.1 5.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; brown නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. S.C. Tegler, W.M. Grundy, F. Vilas, W. Romanishin, D.M. Cornelison and G.J. Consolmagno (June 2008). "Evidence of N2-ice on the surface of the icy dwarf Planet 136472 (2005 FY9)". Icarus 195 (2): 844–850. doi:10.1016/j.icarus.2007.12.015. Bibcode2008Icar..195..844T. 
  7. Tobias C. Owen, Ted L. Roush et al. (1993-08-06). "Surface Ices and the Atmospheric Composition of Pluto". Science 261 (5122): 745–748. doi:10.1126/science.261.5122.745. PMID 17757212. Bibcode1993Sci...261..745O. 

වෙනත් පිටු[සංස්කරණය]