මහා රාජකීය බිරිඳ
| ||||
මහා රාජකීය බිරිඳ රූපාක්ෂර වලින් |
---|
මහා රාජකීය බිරිඳ නැතහොත් රජුගේ ප්‍රධාන භාර්යාව (පුරාතන ඊජිප්තු: ḥmt nswt wrt) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝවරයාගේ ප්‍රධාන භාර්යාව හැඳින්වීමට භාවිතා වූ යෙදුමයි. ඉහත යෙදුමම, සරල කොට මහා බිරිඳ යන ස්වරූපයෙන් අප්‍රිකාවේ නූතන රාජ්‍යවල රාජකීය බිසෝවරුන් හැඳින්වීමට ද යොදාගත හැක. (උදා: ස්වාසිලන්තයේ මැන්ට්ෆොම්බි ඩ්ලාමිනි, සූලු රජුගේ ප්‍රධාන බිසව).
හැඳින්වීම
[සංස්කරණය]පුරාතන ඊජිප්තුවරුන් බහුතරයක්ම පාහේ ඒක විවාහ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, පාරාවෝවරයාට මහා රාජකීය බිරිඳට අමතරව සුළු භාර්යාවන් සහ උප භාර්යාවන් පත් කරගැනීමට හැකියාව තිබිණි. මෙම සම්ප්‍රදාය අනුව, පාරාවෝවරයාට පුරාතන රජවරුන්ගේ පිළිවෙත අනුගමනය කරමින් හිතවතුන්ගේ දියණියන් සමග උපාය මාර්ගික විවාහයන් සිදුකරගැනීමට හැකි විය.[1]
අතීතයේ පුරාතන ඊජිප්තුවේ අනුප්‍රාප්ති අනුපිළිවෙල රාජකීය කාන්තාවන් මගින් ඉදිරියට ගෙනගියේ යැයි විශ්වාස කෙරිණි. උරුමකාරිය පිළිබඳ මතය යනුවේන හැඳන්වුණු මෙම තර්කය 1980 දශකයේ සිට ප්‍රතික්ෂේප වූ අතර, එය වර්තමාන ඊජිප්තුවේදීන් විසින් පිළිගනු නොලැබේ.[2][3] එකල සිහසුන බොහෝවිට පාරාවෝවරයාගේ වැඩිමහල්ම ජීවත් වන පුත්‍රයාට හිමි වූ බව පෙනේ. මෙම උරුමකරුගේ මව සෑමවිටම මහා රාජකීය භාර්යාවක නොවිණි. නමුත් පුත්‍ර පාරාවෝවරයා සිංහාසනාරූඪ වූ පසු, රජුගේ මෑණියන්ට සෙසු පදවි නාමයන් සමග මහා රාජකීය භාර්යා නාමය පිරිනැමිය හැකි විය. මෙයට උදාහරණ ලෙස IIIවන තුත්මෝස්ගේ මව වූ ඉසෙට්,[4] IVවන තුත්මෝස්ගේ මව වූ ටියා[2] සහ IIIවන අමෙන්හොටෙප්ගේ මව වූ මුටෙම්වියා[5] වැන්නියන් දැක්විය හැක.
IIIවන සෙනුස්රෙට්ගේ ප්‍රධාන භාර්යාව වූ මෙරෙට්සෙගර් රැජින මෙම පදවි නාමය සහිතව හමුවන පළමු රැජිනිය වේ. එසේම සිය නාමය කාර්ටුෂයක සටහන් පළමු බිසව ද ඇය වේ.[6] කෙසේනමුත්, ඇය පිළිබඳ සඳහන් වන්නේ නව රාජධානි සමයේ ය.[7] එම නිසා මෙම පදවිය කාලව්‍යතික්‍රමයක් විය හැක. ඇතැම්විට මෙම පදවි නාමය ඉසිලූ පළමු තැනැත්තිය දෙවන අන්තර්මධ්‍ය යුගයේ නුබ්ඛාඑස් විය හැක.
මහා රාජකීය භාර්යාවන්ට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරදුන් යුගයක් ලෙස හට්ෂෙප්සුට් රැජිනගේ යුගය හැඳින්විය හැක. ඇය ඇගේ අර්ධ-සොයුරා වූ IIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. මේ කාලයේම හට්ෂෙප්සුට් අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ (කාර්නැක්හි අමුන් දෙවොලේ ඉහළම ධුරය ඉසිලූ පූජකවරිය) යන පදවිය ද උසුලා ඇත. සිය සැමියාගේ මරණින් පසු, ඇය සිය සුළුපුත්‍රයාගේ කුඩා කාලයේ අනුරාජයා ලෙස කටයුතු කළා ය. මෙම සුළුපුත්‍රයා එකම පිරිමි උරුමකරු (ඉසෙට් හට උපන්) වූ අතර, පසුකලෙක IIIවන තුත්මෝස් ලෙස සිහසුනට පත් විය. ඔහු ඒ වන විට ඉතා ලාබාල වූ හෙයිව් හට්ෂෙප්සුට් පාරාවෝ ලෙස අභිෂේකවූවා ය. ඇය සාර්ථකව වසර ගණනාවක් පුරා පාලනය මෙහෙයවූවා ය. ඇයට පෙර තවත් කාන්තාවන් ඊජිප්තුව පාලනය කොට තිබුණ ද, පාරාවෝ යන නාමය ආරූඪ කරගත්පළමු කාන්තාව ඇයයි. එයට හේතුව පාලකයා සඳහා යෙදුණු මෙම නව වදන දහඅටවන රාජවංශයට පෙර භාවිත වී නොතිබීමයි. පාරාවෝ බවට පත්වූ පසු, ඇය සිය දියණිය වූ නෙෆරුරේ, අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ ලෙස පත්කොට පූජකවරිය ධුරයෙහි කටයුතු ඇයට භාරකළා ය. ඇගේ දියණිය ඇතැම්විට IIIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව වන්නට ඇත. නමුත් මෙම විවාහය සනාථ කෙරෙන පැහැදිළි සාධක හමු නොවේ.[8]
කුෂ් සහ පුරාතන අප්‍රිකාවේ ප්‍රධාන රාජ්‍යවල පාලකයින් බොහෝවිට සිය භාර්යාවන් ද ඉහත ක්‍රමයට සමාන ක්‍රමයකින් හැඩගස්වාගෙන තිබේ.
වර්තමාන මහා භාර්යාවන්
[සංස්කරණය]මහා භාර්යාවන් පත් කරගැනීමේ ක්‍රමය වර්තමානයෙහි ද දක්නට ලැබේ. වර්තමාන අප්‍රිකානු රාජකීයයන් සිය වඩාත් ජ්‍යෙෂ්ඨ බහු විවාහික භාර්යාවන් මහා භාර්යාව යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබයි. සුලුවරුන්ගේ රැජිනට අමතරව, යොරුබාලන්තයේ වාර්ගික නායක ඉයාෆින් සහ ස්වාසිලන්තයේ අනාගත න්ඩ්ලොවුකාටි විසින් ද මෙම ධුරයන් භාවිත කරන බව පැවසේ.
උදාහරණ
[සංස්කරණය]මධ්‍ය රාජධානිය
[සංස්කරණය]රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
12වන රාජවංශය | මෙරෙට්සෙගර් | සෙනුස්රෙට් III | මෙම පදවි නාමය දක්නට ලැබෙන පළමු තැනැත්තියයි. නමුත් එය ඇගේ සමකාලීන මූලාශ්‍රවල නිශ්චිතව සඳහන් නොවේ. |
දෙවන අන්තර්මධ්‍ය යුගය
[සංස්කරණය]රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
13වන රාජවංශය | නුබ්හොටෙප්ටි | හොර් | |
13වන රාජවංශය | නුබ්ඛාඑස් | සොබෙක්හොටෙප් V, සොබෙක්හොටෙප් VI හෝ වහිබ්‍රේ ඉබියාවු | |
13වන රාජවංශය | ඉනෙනි | මෙර්නෙෆෙරේ අයි | |
13වන රාජවංශය | නෙහිට් | ? | ස්කැරබ් මුද්‍රා දෙකකින් පමණක් හමුවේ. |
13වන රාජවංශය | සට්සොබෙක් | ? | තනි ස්කැරබ් මුද්‍රාවකින් පමණක් හමුවේ. |
13වන රාජවංශය | සතතොර් | ? | තනි ස්කැරබ් මුද්‍රාවකින් පමණක් හමුවේ. නාමයේ කියැවීම සම්පූර්ණයෙන් නිශ්චිත නැත. |
16වන රාජවංශය | මෙන්ටුහොටෙප් | ඩ්ජෙහුටි | |
16වන රාජවංශය | සිට්මුට් | මෙන්ටුහොටෙප් VI (?) | |
17වන රාජවංශය | නුබෙම්හට් | සොබෙකෙම්සෆ් I | |
17වන රාජවංශය | සොබෙකෙම්සෆ් | නුබ්ඛෙපෙරේ ඉන්ටෙෆ් | නොහඳුනන රජකුගේ සොයුරියකි. එඩ්ෆුහි භුමදානය කර තිබේ. |
17වන රාජවංශය | නුබ්ඛාඑස් | සොබෙකෙම්සෆ් II | |
17වන රාජවංශය | ටෙටිෂෙරි | වැඩිමහල් Iවන ටාඕ | අභීත IIවන ටාඕගේ මෑණියන් ය. |
17වන රාජවංශය | ආහොටෙප් I | අභීත IIවන ටාඕ | Iවන අහ්මෝස් සහ අහ්මෝස්-නෙෆටාරිගේ මෑණියන් ය. |
නව රාජධානිය
[සංස්කරණය]තෙවන අන්තර්මධ්‍ය යුගය
[සංස්කරණය]රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
21වන රාජවංශය | නොඩ්ජ්මෙට් | හෙරිහොර් | Iවන පිනෙඩ්ජෙම්ගේ මෑණියන් විය හැක. |
21වන රාජවංශය | මුට්නෙඩ්ජ්මෙට් | ප්සුසෙන්නස් I | |
23වන රාජවංශය | කරෝමමා | ටැකෙලොට් II | IIIවන ඔසොර්කොන්ගේ මෑණියන් ය. |
25වන රාජවංශය | ඛෙන්සා | පියේ | |
25වන රාජවංශය | පෙක්සාටර් | පියේ | |
25වන රාජවංශය | ටකහටෙනමුන් | ටහර්කා | |
25වන රාජවංශය | ඉසෙටෙම්ඛෙබ් | ටනුටාමොන් |
පසුකාලීන යුගය
[සංස්කරණය]රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
26වන රාජවංශය | මෙහිටන්වෙස්ඛෙට් | ප්සාම්ටික් I | IIවන නෙචෝගේ මෑණියන් ය. |
26වන රාජවංශය | ටක්හුයිට් | ප්සාම්ටික් II | වහිබ්‍රේගේ මෑණියන් ය. |
මේවාත් බලන්න
[සංස්කරණය]- මුහම්මද් අලි රාජවංශයේ බිසෝවරුන් ලැයිස්තුව, ඊජිප්තුවේ නූතන රැජිනියන් සහ සුල්තානාවරියන් සඳහා
- අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ
- අරාජික රැජින
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ෂෝව්, ගැරී ජේ.; ද ෆේරෝ, ලයිෆ් ඇට් කෝට් ඇන්ඩ් ඔන් කැම්පේන්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012, පි. 48, 91-94.
- ^ a b ඕ'කොනර් සහ ක්ලයින් (සංස්කාරකවරුන්); අමෙන්හොටෙප් III: පර්ස්පෙක්ටිව්ස් ඔන් හිස් රීන්, පිටු 6
- ^ ජී. රොබින්ස්; අ ක්‍රිටිකල් එක්සැමිනේෂන් ඔෆ් ද තියරි දැට් රයිට් ටු ද ත්‍රෝන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට් පාස්ඩ් තෲ ද ෆීමේල් ලයින් ඉන් ද එයිටීන්ත් ඩයිනාස්ටි. GM 62: පිටු 67-77
- ^ ඕ'කොනර් සහ ක්ලයින්; තුත්මෝස් III: අ නිව් බයෝග්‍රැෆි,2006
- ^ ජොඈන් ෆ්ලෙචර්: ඊජිප්ට්'ස් සන් කිං – අමෙන්හොටෙප් III (ඩන්කන් බෙයාර්ඩ් ප්‍රකාශකයෝ, ලන්ඩන්, 2000) ISBN 1-900131-09-9, පි. 167
- ^ ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004, ISBN 0-500-05128-3, පිටු. 25-26
- ^ එල්. හෝල්ඩ්න්; තුළ: ඊජිප්ට්'ස් ගෝල්ඩන් ඒජ්: ද ආට් ඔෆ් ලිවිං ඉන් ද නිව් කිංඩම්; 1558-1085 B.C., බොස්ටන් 1982, S. 302f.
- ^ ටිල්ඩෙස්ලි; ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; පිටු. 110