මථුරා සිංහ කුළුණු ශීර්ෂය

විකිපීඩියා වෙතින්
මථුරා සිංහ කුළුණු ශීර්ෂය
මථුරා සිංහ කුළුණු ශීර්ෂය (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය)
මාධ්‍යයරතු වැලිගල්
ප්‍රමාණයඅඟල් 16.75 (කෙළවරක සිට අනෙක් කෙළවරට)
නිර්මාණය වූයේක්‍රි.ව. 1-10
සොයාගනු ලැබූයේමධ්‍ය ඉන්දියාවේ මථුරා
වර්තමාන පිහිටුමබ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන්

මථුරා සිංහ කුළුණු ශීර්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ඉන්දියාවේ මථුරාවලින් හමුවූ ඉන්දු-සිතියානු වැලිගල් කුළුණු ශීර්ෂයකි. මෙය ක්‍රි.ව. 1වන සියවසේ පළමු දශකය (ක්‍රි.ව. 1-10) අයත් යැයි කාලනිර්ණය කොට ඇත.[1] මෙය පූජා කොට ඇත්තේ මථුරා ප්‍රදේශයේ උතුරු ක්ෂත්‍රප පාලකයකු වූ රජුවුලගේ රාජ්‍ය සමයේ ය.

මෙම කුළුණු ශීර්ෂය කැනීම් කොට සොයාගන්නා ලද්දේ 1869දී භග්වාන් ලාල් ඉන්ද්‍රජි විසිනි.[2] මෙය වයඹදිග ඉන්දියාවේ ඛරෝෂ්ඨි අක්ෂරවලින් ලියන ලද ප්‍රාකෘත අභිලේඛනයකින් සමන්විත විය.[3] මෙම කුළුණු ශීර්ෂය නිර්මාණය කොට තිබෙන්නේ "කීර්තිමත් රජ මුකි සහ ඔහුගේ අශ්වයාගේ" (මුකි යනු මෝවෙස් යැයි අනුමාන කෙරේ) අවමංගල උත්සවය පැවති අවස්ථාවේ ය.

මෙම කුළුණු ශීර්ෂයෙහි විස්තර වන ආකාරයට අනෙකුත් ප්‍රදානයන් අතර අයාසියා රැජින විසින් ලබා දුන් බුදුන් වහන්සේගේ ධාතුවක් සහිත ස්තූපයක් ද විය. අයාසියා රැජින යනු "මථුරාවේ ඉන්දු-සිතියානු පාලක ෂත්‍ර රජුවුලගේ අගබිසවයි". ඇයව විස්තර කොට ඇත්තේ "ඛරාහොස්තෙස්ගේ දියණිය" ලෙසයි. (බලන්න: පහළ දැක්වෙන මථුරා සිංහ කුළුණු ශීර්ෂයේ අභිලේඛනය) මෙම සිංහ කුළුණු ශීර්ෂය මගින් මථුරාවේ ඉන්දු-සිතියානු ක්ෂත්‍රපයින් කිහිප දෙනකුගේ පෙළපත පිළිබඳ සඳහන් කරයි. එහි දැක්වෙන්නේ රජුවුලගේ පුත් සෝදස ඔහුගෙන් පසු සිහසුනට පත්වූ බවත්, මථුරාව සිය අගනුවර කොටගත් බවත් ය.

මෙම කුළුණු ශීර්ෂයෙහි මධ්‍යයේ බෞද්ධ ත්‍රිරත්න සංකේතයක් වේ. මෙමගින් ඉන්දු-සිතියානුවන් බුදු දහමේ ප්‍රගමනයට දායක වූ බව තවදුරටත් සනාථ කරයි.

මෙහි අභිලේඛනය මගින් මහාසාංඝිකවරුනට එරෙහිව සර්වස්තිවාදීන්ට සහාය දක්වමින් රචනා කොට ඇති බව පෙනෙන්නට තිබේ.[4]

වර්තමානයේ මෙම කුළුණු ශීර්ෂය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ජෝසෆ් ඊ. හෝටන්ග් ගැලරියෙහි ප්‍රදර්ශනයට තබා ඇත.

අභිලේඛන ලැයිස්තුව[සංස්කරණය]

කුළුණු ශීර්ෂයෙහි මධ්‍යයේ දක්නට ඇති ත්‍රිරත්න බෞද්ධ සංකේතය; සංකේතය වටා සංවලිත වෘක්ෂයක මෝස්තරයක් ද වේ. මෙය ලියවැල් ‍මෝස්තරයක ප්‍රභේදයක් විය හැක.
මථුරා කුළුණු ශීර්ෂයේ පාදමේ ඇති ඛරෝෂ්ඨි ශිලා ලේඛනය

පහත දැක්වෙන්නේ සරල ගන්ධාරි අක්ෂරවලින් යුතු අභිලේඛන ලැයිස්තුව සහ එහි පරිවර්තනයයි:[5]

  • A1 මහාක්ෂ[ත්‍ර]වාස රජුලස
"මහා ක්ෂත්‍රප රජුවුල වෙනුවෙන්"
  • A2 අග්‍ර-මහේෂි අයාසියා
"අයාසියා අගබිසව,"
  • A3 කාමුයියා ධිදා
"කාමුයියා දියණිය වන"
  • A4 ඛරාඔස්තාසා යුවරාණා
"යුව රජ ඛාරාහොස්තෙස්ගේ"
  • A5 මද නද-දියාකස [තායේ]
  • A6 සධා මාත්‍ර අබුහොල[ඉ]
  • A7 පිත්‍රමාහි පිෂ්පාසියා භ්‍රා
  • A8 ත්‍ර හායුවරානා සධා හන ධි[ත්‍රා]
  • A9 අ[තේ]යුරේනා හොරකා-පා
  • A10 රිවරේනා ඉෂා ප්‍රධ්‍රාවි-ප්‍රදේ
  • A11 ෂේ නිසිමේ ශරීර ප්‍රදිථවිදෝ
"විසින් පූජා කොට ඇත ධාතූන්"
  • A12 භඛවදෝ ශාකමුණිස බුධාස
"භගවත් ශාක්‍යමුණි බුදුන්ගේ"
  • A13 මුකි-[ෂිරි]-රාය සාෂ්ප [අ]භුසවි[ත]
  • A14 තුවා චා සංඝාරාම චා චාදු
  • A15 දිශාසා සඝසා සර්ව
  • A16 ස්තිවාදන පරිග්‍රහේ


මථුරා සිහ කුළුණු ශීර්ෂයේ සිංහ රුවේ සමීප දසුනක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.
  • E1 ඛාරාඔස්තෝ යුවරාය
"යුව රාජ ඛාරාහොස්තෙස්,"
  • ඉ’ කාමුයියෝ
"කාමුයිය"
  • E2 ඛාලමාස කුමාර
  • E3 මාජ කනිථ
  • E4 සමාන්[උ] මෝද
  • E’’ ඛා කරිත
  • B1/B2 මහාක්ෂත්‍රපවාස වා[රා]ජුලාස පුත්‍ර
"මහා ක්ෂත්‍රප රාජුවුලගේ පුත්‍ර:"
  • C1 කලුයි ආ
  • C2 වරාජෝ
  • C3 සුදසේ ක්ෂත්‍රවේ
"ක්ෂත්‍රප සෝදස"
  • D1 නෞලුදෝ


  • M1 ක්ෂත්‍රවේ සුදිසේ
  • M2 ඉමෝ පාධ්‍රාවි
  • M3 ප්‍රදේශෝ
  • I1 වේයෞදිර්න කාධවරෝ බුසාප
  • I2 රෝ කාධ
  • I3 වරෝ
  • I4 වි යා උ
  • J1 ර්වාරපරේන පලිචින
  • J2 නිසිමෝ කරිත නියාදිදෝ
  • H 'ධාමදාන
  • H ගුහවිහාරේ
  • KL1 අයාරියාස
  • KL2 බුධදේවස
"දිව්‍යමය බුදුන්"
  • KL3 උදේන අයිමි[ත]
  • F1 බුධිලාස නඛහරාස
  • F2 භිඛුස සර්වාස්තිවාදස
"සර්වාස්තිවාදී භික්ෂුව"
  • G1/G2 මහාක්ෂත්[ර්]අවාස කුසුල්[උ]අස පාටිකාස මේවාකි[ස] මියිකාස ක්ෂත්[ර්]අවාස පූයේ
"ක්ෂත්‍රප මියින මහා ක්ෂත්‍රල කුසුලක පාටිකහට ගෞරව දක්වයි"
  • J3 සර්වාස්තිවාදන පරිග්‍රහේ


  • N1 අයාරියස බුධලස නඛරඛාස භිඛු
  • N2 සා සර්වාස්තිනාද පග්‍රා
  • N3 නා මහාසාඝියාන ප්‍රා
  • N4 මා නවිදාවේ ඛාලුලස
  • O1/O2 සර්වබුෂව පූයා ධමස පූයා සඝස පූයා
"සියලු බුදුන්ට ගරු කරන්න, ධර්මයට ගරු කරන්න, සංඝයාට ගරු කරන්න"
  • P1/P2 සර්වාස සඛස්ත නාස පුයේ
"සියලු මියගිය සකවරුනට නමස්කාර කරමින්"
  • Q1 ඛර්දාස
"ඛාර්දා"
  • Q2 ක්ෂත්‍රවාස
"ක්ෂත්‍රප"
  • R1 තක්ෂිලාස
"තක්ෂිලා"
  • R2 ක්‍රෝනිනාස
  • J'1 ඛාලසාමු
  • J'2 සෝ

අර්ථ නිරූපණය[සංස්කරණය]

මෙම කාන්තාවගේ ප්‍රතිමාව ද සොයාගැනුණේ මථුරා සිංහ කුළුණු ශීර්ෂය සොයාගැනුණු පස් ගොඩැල්ලෙනි. මෙය ක්‍රි.ව. 2වන සියවසට පමණ කාලනිර්ණය කොට ඇත.

ඉන්දියානු බෞද්ධ අභිලේඛන පිළිබඳ ස්ථිර ලැයිස්තුගත කිරීමක් සම්පාදනය කළ ස්ටෙන් කොනොව් පවසා ඇත්තේ මෙසේ ය: "අප ඛරෝෂ්ඨි උපභාෂාවෙහි ඹ් යන්න ධම්මපදයෙහි දැක්වෙන ම් යන්න යැයි සිතුවහොත්, සිංහ කුළුණු ශීර්ෂ ශිලා ලිපියෙහි දැක්වෙන කාමුයියා යන්න සංස්කෘත කාම්බෝජිකා යන්න ලෙස ලැබේ... මම වැඩිදුරටත් පවසන්නේ ඛාරෝෂ්ඨ සහ ඔහුගේ පියා වන ආර්ත කාම්බෝජවරුන් වූයේ නම් එය මෝග යන්න සමග ද අදාළ කරගත හැක. එවිට අපට කාම්බෝජවරුන් සකවරුන් සහ යවනයින් සමග සඳහන් කොට තිබෙන්නේ මන්ද යන්න වටහාගත හැක".[6] කොනොව්ගේ කියවීම් බොහෝමයක්, ඔහුගේ වාක්‍ය අනුපිළිවෙල සහ ඇතැම් අර්ථ නිරූපණ, විශේෂයෙන්ම මෝවෙස් රජු සමග සම්බන්ධතාව වෙනස් විය යුතු බව එච්. ෆෝක්ගේ නව අර්ථ දැක්වීම් අනුව පෙනී යයි.[7]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. An Inscribed Silver Buddhist Reliquary of the Time of King Kharaosta and Prince Indravarman, Richard Salomon, Journal of the American Oriental Society, Vol. 116, No. 3 (Jul. - Sep., 1996), pp. 442 [1]
  2. Jason Neelis (19 November 2010). Early Buddhist Transmission and Trade Networks: Mobility and Exchange Within and Beyond the Northwestern Borderlands of South Asia. BRILL. p. 122. ISBN 90-04-18159-8.
  3. Red Sandstone Pillar Capital, British Museum, accessed August 2010
  4. Rosenfield, "The dynastic art of the Kushans", p.134
  5. List of the inscriptions on the Mathura lion capital, http://gandhari.org/a_inscription.php?catid=CKI0048, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  6. Sten Konow, Corpus Inscriptionum Indicarum, Vol II, Part I, p xxxvi,p 36
  7. Harry Falk, "Ten thoughts on the Mathura Lion capital reliquary". Bhandare, Shailendra & Sanjay Garg (eds.), "Felicitas - Essays in Numismatics, Epigraphy and History in Honour of Joe Cribb". Mumbai, pp. 121-141