කනගාවා එපිට මහා රළ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කනගාවා එපිට මහා රළ
Tsunami by hokusai 19th century.jpg
ශිල්පියා කට්සුෂිකා හොකුසායි
වර්ෂය ca. 1829–1833
වර්ගය වර්ණා දැව අච්චු
මාන 25.7 cm × 37.8 cm (10.1 in × 14.9 in)

කනගාවා එපිට මහා රළ (神奈川 Kanagawa-oki nami ura?, "කනගාවා එපිට රළක් යට") හෙවත් මහා රළ හෝ සරලව රළ යුනවෙන් හැඳින්වෙන්නේ ජපන් උකියෝ-ඉ සිත්තරකු වන හොකුසායි විසින් නිර්මාණය කරන ලද දැවඅච්චු මුද්‍රණයකි. මෙය 1829 සහ 1833 අතර කාලයේ ප්‍රකාශයට පත් කොට ඇත.[1] පසුකාලීන එඩෝ යුගයට අයත් මෙය හොකුසායිගේ ෆූජි කන්දේ දර්ශන තිස් හය සිතුවම් මාලාවේ පළමු සිතුවම ද වේ. හොකුසායිගේ වඩාත්ම ප්‍රකට කෘතිය වන මෙය, ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත් ජපන් කලා නිර්මාණයක් ලෙස ද සැලකේ.

මෙමගින් නිරූපණය වන්නේ කනගාවා ප්‍රාන්තයේ මුහුදේ ඇති බෝට්ටු දැවැන්ත රළක බලපෑමට ලක්වන ආකාරයයි. ඇතැම් අවස්ථාවන්හි දී සුනාමියක් යැයි ද අනුමාන කෙරෙන මෙය බොහෝවිට විශාල රළ පහරක් ලෙස සැලකේ.[2] සිතුවම් මාලාවේ සෑම සිතුවමකම පාහේ දක්නට ලැබෙන ෆූජි කන්ද මෙහි ද නිරූපිත ය. එය පසුබිමින් දිස්වේ.

මෙම මුද්‍රණයේ උපස්ථිතීන් මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, චිකාගෝ කලායතනය, ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරය සහ මෙල්බර්න්හි වික්ටෝරියා ජාතික කලාගාරය[3] මෙන්ම ප්‍රංශයේ ජිවර්නිහි ක්ලෝඩ් මොනේගේ නිවස ඇතුළු බටහිර එකතූන් ගණනාවකම දැකගත හැක.

සටහන්[සංස්කරණය]

  1. "Kanagawa-oki nami-ura 神奈川沖浪裏 (Under the Wave off Kanagawa)". British Museum. සම්ප්‍රවේශය 2010-07-19. 
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; royal නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. http://www.ngv.vic.gov.au/learn/schools-resources/asian-art2

බාහිර සබැඳි[සංස්කරණය]

මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වස්තුවක් පිළිබඳ වේ. වස්තුවේ යොමු අංකය 3097579.

සැකිල්ල:Hokusai

"https://si.wikipedia.org/w/index.php?title=කනගාවා_එපිට_මහා_රළ&oldid=408953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි