කණිෂ්ක කරඬුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ක්‍රි.ව. 127ට දින නිර්ණිත "කණිෂ්ක කරඬුව"; මෙහි බ්‍රහ්ම සහ ඉන්ද්‍ර පිරිවරාගත් බුදුන් වහන්සේගේ රුව ඉහළ දැකගත හැක. පහළ කොටසේ මධ්‍යයේ සිටගත් කණිෂ්කගේ රුව දක්නට ලැ‍‍බේ; බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.
බැතිමතකු හෝ බෝධිසත්ත්වයකු සමග දේවතා රූ පිරිවරා සිටින බුදුන් වහන්සේගේ රුවේ සමීප දසුනක්

කණිෂ්ක කරඬුව හෙවත් කණිෂ්ක ධාතු කරඬුව යනුවෙන් හැඳින්වෙන්නේ රන් ආලේපිත තඹවලින් නිර්මාණය කරන ලද බෞද්ධ ධාතු කරඬුවකි. මෙය ක්‍රි.ව. 127ට එනම්, කුෂාණ අධිරාජ කණිෂ්කගේ පළමු රාජ්‍ය වර්ෂයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. වර්තමානයේ මෙය පාකිස්ථානයේ පෙෂාවර් ඓතිහාසික නගරයේ පෙෂාවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ඉතිහාසය සහ විස්තරය[සංස්කරණය]

මෙය අනාවරණය කරගැනුණේ 1908-1909 අතර කාලයේ අනුස්මරණීය කණිෂ්ක ස්තූපයේ (7වන සියවසේ චීන බැතිමතුන්ට අනුව මෙය ඉන්දියාවේ පැවති උසින් වැඩිම ස්තූපය විය) ධාතු ගර්භයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් කටයුතු වලිනි. මෙම ස්තූපය පෙෂාවර් අසල ෂා-ජි-ධේරී නම් ප්‍රදේශයේ පිහිටා තිබිණි. මෙහි තිබී බුදුන් වහන්සේගේ ධාතූන් කොටස් තුනක් හමු විය.[1] මෙම කැනීම්වලින් පසුව බ්‍රිතාන්‍ය රජය විසින් එම ධාතූන් බුරුමය වෙත ප්‍රදානය කරන ලදී.[2] එම ධාතූන් තවමත් බුරුමයේ දැකගත හැක.

වර්තමානයේ මෙම කරඬුව පෙෂාවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එහි අනුරුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ද තබා ඇත. මෙම කරඬුව කැපකොට ඇත්තේ ඛරෝෂ්ඨි බසිනි. එහි ඇති අභිලේඛනය පහත පරිදි වේ:

"(*මහාරා)ජස කණිෂ්කස කණිෂ්ක-පුරේ නගරේ ආය ගාධ-කරේ දේය-ධර්මේ සර්ව-සාත්වන හිත-සුහර්ථ භවතු මහාසේනස සඝරාකි දස අගිසල නව-කර්මි ආන*කණිෂ්කස විහාරේ මහාසේනස සංඝාරාමේ"
"සර්වාස්තිවාදින් ගුරුවරුන්ගේ පිළිගැනීම උදෙසා පිදෙන මෙම සුගන්ධ මංජුසාව කණිෂ්කපුර නගරයේ [කණිෂ්කපුරේ නගරේ] මහාරාජ කණිෂ්ක [ . . . ජස කණි] විසින් ලබාදෙන ධාර්මික ත්‍යාගයයි. (එය) සියලු සත්ත්වයින්ගේ හිත සුව පිණිසම වේවා! . . . . , මහාසේනගේ සංඝාරාමයේ [මහාසේනස සංඝාරාමේ] කණිෂ්කගේ විහාරයේ [ණෂ්කස විහාරේ] දානශාලාවේ ඉදිකිරීම් අධ්‍යක්ෂකවරයායි" [3]

මුලින් විශ්වාස කෙරුණේ මෙහි පාඨය එය නිර්මාණය කළ තැනැත්තා විසින් සටහන් කරන්නට ඇති බවයි. එම තැනැත්තා ඒජිසිලස් නම් ග්‍රීක කලාකරුවකු බවත් ඔහු විසින් කණිෂ්කගේ ස්තූප නිර්මාණය අධීක්ෂණය කළ බවත්, එමගින් බෞද්ධ උපලබ්ධියක් සහිත ග්‍රීකයන් පසුකාලීන විසූ බවටත් ඍජු සාධක ලබාදෙතැයි පැවසිණි: "කණිෂ්කගේ මහාසේනා ආරාමයේ විහාර ඉදිකිරීම් අධ්‍යක්ෂක සේවක (දාස) ඒජිසලාඕස්" ("දාස අගිසල නව-කර්මි අන*කණිස්කස විහාර මහාසේනාස සංඝාරාමේ") ලෙස එය පැහැදිළි කෙරිණි. කෙසේනමුත් මෑතකාලීනව කරඬුවේ සිදුකළ පිරිසිදු කිරීම්වල දී පෙනීගොස් ඇත්තේ එම කියැවීම් නිරවද්‍ය නොවන බවයි. ඒ වෙනුවට එම නාම අග්නිසාලා ලෙස කියැවිය යුතු බව සනාථ විය. එහි අර්ථය විහාරයේ දානශාලාව යන්නයි.[4]

කරඬුවේ පියනෙහි පද්මාසනයක් මත වැඩ හිඳින බුදුන්ට බ්‍රහ්ම සහ ඉන්ද්‍ර දෙවිවරුන් වන්දනාමාන කරන අයුරු නිරූපිත ය.

පියනේ දාරය පියාඹන පාත්තයින් හෝ හංස රූ වලින් විසිතුරු කොට ඇත. එමගින් ආත්මය හැර දැමීම සහ සංසාරයෙන් මිදීම සංකේතවත් කෙරේ. ඇතැම් හංසයින්ගේ හොටවල්වල විජයග්‍රහණය සංකේතව්ත කෙරෙන මල් දම් කැටයම් කොට ඇත.

කරඬුවේ බ‍ඳෙහි කණිෂ්ක යැයි සිතිය හැකි කුෂාණ රජකුගේ රුවක් සහ ඔහුට දෙපසින් ඉරානියානු හිරු දෙවියන් සහ සඳ දෙවියන්ගේ රූ දැකගත හැක. පැතිවල හිඳගත් බුද්ධ රූප දෙකක් සහ ඒවාට වන්දනාමාන කරන රාජකීය රූ දැකගත හැක. මෙම රාජකීය රූ බොහෝවිට බෝධිසත්ත්ව රූ විය හැක.

මෙම දර්ශනය වටා දර්ශීය හෙලනිස්තික ශෛලියෙන් යුත් දේවතා රූ ආධාර කරගත් මාලා දාමයක් දැකගත හැක.

බ්‍රිතාන්‍ය රජය විසින් කරඬුව තුළ වූ ධාතූන් ඒවායේ ආරක්ෂාව පිණිස බුරුමය වෙත ප්‍රදානය කරන ලදී. වර්තමානයේ මෙම ධාතූන් වහ්නසේලා මණ්ඩලේ නුවර තැන්පත් කොට ඇත. මෙම අස්ථි කොටස් ත්‍රිත්වය ගෞතම බුදුන් වහන්සේගේ සැබෑ ධාතූන් යැයි විශ්වාස කෙරේ.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Spooner, D. B. (1908-9): "Excavations at Shāh-ji-Dherī." Archaeological Survey of India, p. 49.
  2. Marshall, John H. (1909): "Archaeological Exploration in India, 1908-9." (Section on: "The stūpa of Kanishka and relics of the Buddha"). Journal of the Royal Asiatic Society, 1909, pp. 1056-1061.
  3. Translated by B. N. Mukherjee. BMQ, Vol. XXVIII, pp. 41-43. Quoted in: Dobbins, K. Walton. (1971): The Stūpa and Vihāra of Kanishka I. The Asiatic Society of Bengal Monograph Series, Vol. XVIII. Calcutta.
  4. Prudence R. Myer: Again the Kanishka Casket, In: The Art Bulletin, Vol. 48, No. 3/4 (Sep.–Dec., 1966), pp. 396–403 [1]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කණිෂ්ක_කරඬුව&oldid=411490" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි