රයින්ඩ් ගණිතමය පැපිරසය

විකිපීඩියා වෙතින්
රයින්ඩ් ගණිතමය පැපිරසය
බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩනය
රයින්ඩ් පැපිරසයෙන් කොටසක්

රයින්ඩ් ගණිතමය පැපිරසය (RMP; පැපිරසය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය 10057, සහ pBM 10058 ලෙසද දැක්වෙන), ඊජිප්තියානු ගණිතය පිළිබඳ හොඳම නිදසුන දක්වයි. 1858 වසරෙහිදී ඊජිප්තුවෙහි ලුක්සෝර්හිදී පැපිරසය මිලදී ගත් ස්කොට් ජාතික පුරාතත්ත්වවේදියෙක් වූ ඇලෙක්සැන්ඩර් හෙන්රි රයින්ඩ් අනුව යමින් එය නම් කර ඇත; රැම්සීසියම් තුල හෝ එය අසබඩ හෝ නීතිවිරෝධී ලෙසින් සිදු කල කැණීම් වලදී එය හමු වී ඇති බවට අනුමාන කෙරෙයි. ක්‍රිපූ 1650 පමණ කාලයකට එය අයත් බව නිර්ණය කර ඇත. පැපිරස් අතුරින් බොහෝමයක් දැනට තැන්පත් කර ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් 1865 වසරෙහිදී එය අත්පත් කර ගන්නා ලද්දේ හෙන්රි රයින්ඩ් වෙත අයත්ව තිබූ ඊජිප්තියානු ගණිතමය හම් පොතනුවද හා සමගය;[1] නිව්යෝර්ක්හී බෲක්ලන්ඩ් කෞතුකාගාරය තුල කුඩා කැබලි කිහිපයක් තැන්පත් කර ඇති අතර [2][3] 18 සෙමී දිගැති මධ්‍ය කොටසක් දක්නට නොමැත. මොස්කව් ගණිතමය පැපිරසය හා සමගින් සැලකූ විට, ප්‍රචලිත ගණිතමය පැපිරස් දෙක අතුරින් එය එකක් ලෙසින් දැක්විය හැකිය. මොස්කව් ගණිතමය පැපිරසයට වඩා රයින්ඩ් පැපිරසය විශාල වන අතර, මොස්කව් පැපිරසය වඩාත් පැරණිය. [2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්ලැගෙට්, මාර්ෂල් ඒන්ෂන්ට් ඉජිප්ෂන් සයන්ස්, අ සෝර්ස් බුක්. තුන්වන වෙළුම: ඒන්ෂන්ට් ඉජිප්ෂන් මැතමැටික්ස් (ඇමරිකානු දර්ශනවේදී සමාජයෙහි නිබන්ධන) ඇමරිකානු දර්ශනවේදී සමාජය. 1999 ISBN 978-0-87169-232-0
  2. 2.0 2.1 ඇන්තනී ස්පාලින්ගර්, ද රයින්ඩ් මැතමැටිකල් පැපිරස් ඈස් අ හිස්ටොරිකල් ඩොකියුමන්ට්, ස්ටූඩියන් සුවා අල්ටගිප්ටිෂකුන් කුල්ටුවා, වෙළුම. 17 (1990), පිටු. 295-337, හෙල්මුට් බුස්කේ වලාග් ජීඑම්බීඑච්
  3. "කලෙක්ෂන්ස්: ඉජිප්ෂන්, ක්ලැසිකල්, ඒන්ෂන්ට් නියර් ඊස්ටර්න් ආට්: ෆ්‍රැග්මන්ට්ස් ඔෆ් රයින්ඩ් මැතමැටිකල් පැපිරස්". බෲක්ලන්ඩ් කෞතුකාගාරය. සම්ප්‍රවේශය නොවැම්බර් 1, 2012.