තාරා දේවි පිළිමය

විකිපීඩියා වෙතින්
(තාරා දෙවඟනගේ ප්‍රතිමාව වෙතින් යළි-යොමු කරන ලදි)
තාරා දේවි පිළිමය
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කාමර අංක 33 තුල තාරා පිළිමය ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.
ද්‍රව්‍යයරන්-ආලේපිත ලෝකඩ
Size143 සෙමී උස
Createdක්‍රිව 8වන සියවස
වර්තමාන පිහිටුමබ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩනය
Identification1830,0612.4

තාරා දේවි පිළිමය යනු, ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සහ ක්‍රිව 8 වන සියවසට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්වවරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි. දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත භාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාරවර, ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි. [1]

පසුබිම[සංස්කරණය]

ක්‍රිපූ තුන්වන සියවසෙහි සිට ශ්‍රී ලංකා ද්වීපය තුල අවිච්ඡින්න ඉතිහාසයකට බුද්ධාගම උරුමකම් කියයි. මෙම කාල සීමාව, පණ්ඩුකාභය රජ විසින් ක්‍රිපූ 377දී පිහිටුවුනු ශ්‍රී ලාංකික අනුරාධපුර රාජධානිය දක්වා දිවෙයි. අනුරාධපුර යුගයෙහිදී, සංස්කෘතිය, නීති රීති සහ, පාලන ක්‍රම වලට බලපෑම් ඇති කරමින් ප්‍රබල භූමිකාවක් දැරීමට බුද්ධාගම සමත්වී ඇත. තාරා දේවි පිළිමය දක්වන්නේ, බුද්ධාගම සහ හින්දු ආගම අතර සංස්කෘතික අන්තර්ක්‍රියාවයි. පෙරදී හින්දු මාතෘ දෙවඟනක්ව සිට ඇති තාරා දේවි, පසුව බුද්ධාගම තුල නව භූමිකාවක් සඳහා ප්‍රතිනිර්මාණය කර ඇත. [2] අග්නිදිග ආසියාවේ වෙනත් බොහෝ රටවල් මෙන්ම, ශ්‍රී ලංකාවද වර්තමානයේ ථේරවාද බෞද්ධ රටක් වෙයි .[3]

වරෙක මෙම ප්‍රතිමාව, මුර දේවතාවි පත්තිනි දේවියගේ මූර්තියක් ලෙසින් සැලකුණු නමුදු, දැන් එකඟතාවයකට එලඹ ඇත්තේ ප්‍රතිමාව තාරා දේවියගේ බවයි.[4] මෙම හඳුනාගැනුම නිසා පැහැදිලි සාක්ෂ්‍ය සපයන්නේ මධ්‍යතන යුගයෙහිදී ථේරවාදි ඇදහිලි ක්‍රමය මෙන්ම මහායාන බුද්ධාගමද ලංකාවේ පැවතීම නිසා බුදුන්වහන්සේට පරිබාහිර දෙයටද වන්දනා කිරීමට බෞද්ධයන්ට අවකාශ තිබුණු බවයි. ප්‍රතිමාව විසින් යෝජනා කර සිටිනුයේ තාරා දේවිය දෙවඟනක් ලෙස වන්දනා ලැබූ බවත් හා පුරුෂ දේවියෙකුගේ බිසවක් මෙන් පමණක් නොසැලකුණු බවත්ය.[5]

විස්තරය[සංස්කරණය]

මූර්තියෙන් පිළිඹිබු කෙරෙනුයේ, ඉටි මැකුම් ක්‍රමය භාවිතයෙන් ඝන ලෝකඩයෙන් වාත්තු කරන ලද දෙවඟනකගේ හිටි පිළිමයකි. තථ්‍ය දේහ ප්‍රමාණයෙන් සතරෙන් තුන් පංගුවක් පමණ වන ප්‍රතිමාව, සුඛෝපභෝගී රන්වන් පෙනුමක් ලබාදෙනු වස්, රන් ආලේපිත කොට ඇත. දෙවඟනගේ පෑතැටි මෝස්තරයෙහි සිහිනිඟ හා පුළුලුකුලැති දේහයෙහි ඉහළ කොටස නග්න වන අතර පහළ කොටසෙහි උකුළ පෙදෙසට ගැට ගසන ලද වස්ත්‍රයක පහළ වාටිය වළලුකර දක්වා තරම් විහිදෙයි. තාරා දේවියගේ දකුණත, දානමය මුද්‍රාවක් දක්වන අතර, ඇයගේ වමතෙහි නෙළුම් මලක් දරා සිටි බවට විශ්වාසයක් පවතින මුත්, එය නැතිවී ගොස් ඇත.


ආශ්‍රිත[සංස්කරණය]

  1. රූපය, කලෙක්ෂන් ඔන්ලයින්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2013
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bbc නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. බුඩිසම් ඉන් ශ්‍රී ලංකා, buddhanet.net, සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2013
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; high නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cult නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=තාරා_දේවි_පිළිමය&oldid=444286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි