බාජිරාඕ මස්තානි (ධ්වනිපථය)

විකිපීඩියා වෙතින්
බාජිරාඕ මස්තානි
ධ්වනිපථ ඇල්බමය , විසිනි
මුදාහැරුණේ24 නොවැම්බර් 2015 (2015-11-24)
පටිගත කෙරුණේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයෆිල්මි
දිග41:53
භාෂාවහින්දි
ලේබලයඊරෝස් මියුසික්
බාජිරාඕ මස්තානිහි කේවලයන්
  1. "ගජානනා[1]"
    මුදාහළේ: 2015 සැප්තැම්බර් 16
  2. "දීවානි මස්තානි[2]"
    මුදාහළේ: 2015 ඔක්තෝබර් 19
  3. "පිංගා[3]"
    මුදාහළේ: 2015 නොවැම්බර් 16
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
    මුදාහළේ: 2015 නොවැම්බර් 24

බාජිරාඕ මස්තානි යනු ශ්‍රේයාස් පුරාණික් සහ දේව්රත්ගේ සහාය ඇතිව සංජේ ලීලා භන්සාලි විසින් එම නමම ඇති 2015 හින්දි චිත්‍රපටය සඳහා නිමවන ලද ධ්වනිපථ ඇල්බමයයි. මෙහි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සිං, දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා විසිනි. මුලින් හින්දි බසින් පටිගත කෙරුණු මෙහි ඇල්බමය ගීත නවයකින් මනව්විත අතර, එයි ‍2015 නොවැම්බර් 24 දින ඊ‍රෝස් මියුසික් වෙතින් මුදාහරින ලදී. චිත්‍රපටයේ මුල් ස්කෝරය රචනා කරන ලද්දේ සංචිත් බල්හාරා විසිනි.[4]

චිත්‍රපටයේ සංගීථය අවස්ථානුගත අතර ආඛ්‍යාන විලාසයෙන් යුතු ය. මෙම ගීත වසර දොළහක් පුරා චිත්‍රපට තිර පිටපත ගොඩනගන අතරතුර, ගීත පිළිබඳ අදහස් ද ගොඩනැගී ඇත. සිය චිත්‍රපට ධ්වනිපථය නිමැවීම සඳහා භන්සාලි පෙළඹුණේ මූඝල්-ඉ-අසාම් චිතප්‍රටයේ සංගීතයෙනි. මෙහි ගීත මගින් මරාඨි ජන, සුෆි, ලාවණි, කව්වාලි සහ වෙනස් රාග සම්මිශ්‍රිත ඉන්දියානු සම්භාව්‍ය ශෛලීන්ගේ ලක්ෂණ පෙන්නුම් කරයි.

මුදාහැරීමෙන් පසුව, සංගීත විචාරකයන් බලාපොරොත්තු තබා සිටියේ මෙහි ස්වරයන් එහි දෘශ්‍ය අංග සමග ගැළපෙනු ඇති බවයි. විචාරකන් සඳහන් කළේ ඇල්බමය අර්ධ-සම්භාව්‍ය බවත්, සංගතය, තනු සහ රිද්මය හුවා දැක්වෙන බව ය. පසුබිම් ස්කෝරය ඝෝෂාකාරී සහ විසිතුරු වුවත්, එහි අධිභාවිතය සහ ප්‍රබල බව විවේචනයට ලක් විය.

සිය සංගීත අධ්‍යක්ෂණය සඳහා සංජේ ලීලා භන්සාලි හොඳම සංගීත අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය වෙනුවෙන් නිර්දේශ විය. කෙසේනමුත්, "දීවානි මස්තානි" ගීතය වෙනුවෙන් ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගන්නට සමත් වූවා ය. ජස්ටින් ජෝසේ සහ බිස්වදීප් චැටර්ජී යන ශිල්පීන් දෙදෙන හොඳම ශ්‍රව්‍යරේඛනය සඳහා ජාතික චිත්‍රපට සම්මාන හිමි කරගත්හ. එහි දී පළමුව සඳහන් ශිල්පියා විසින් අවසන් ප්‍රති-පටිගතකරණය සඳහාත්, දෙවනුව සඳහන් ශිල්පියා ශබ්ද සැලසුම සඳහාත් සම්මාන ලදහ. 2016 ආසියානු චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම මුල් සංගීතය ප්‍රවර්ගයෙන් චිත්‍රපට ස්කෝරය නිර්දේශ විය.[5]

සංවර්ධනය[සංස්කරණය]

ගීත සංජේ ලීලා භන්සාලි සඳහා පෙළඹවීමක් ලදුවේ මූඝල්-ඉ-අසාම් (1960) චිත්‍රපටයෙනි. "අල්බේලා සජන්" පථය සඳහා භන්සාලි මෙහි මුල් ගීතය භූපාලි රාගයෙන් ගැයූ කිෂෝරි අමොන්කාර් සුසර කොට ඇත. මෙහි නව සංයෝජනය නිමැවුණේ අහිර් භෛරව් නම් වෙනත් රාගයක් සමග මුසු කිරීමෙනි. භන්සාලි සඳහන් කළේ මරාඨි ජන සහ සම්භාව්‍ය සංගීතය හැරුණු විට බාජිරාඕ මස්තානි ධ්වනිපථය සඳහා තමන් ආභාසය ලැබූවේ හෘදයිනාත් මංගේෂ්කාර්ගේ මරාඨි ඇල්බමයක් වූ ශිව් කල්‍යාණ් රාජා තුළින් බවයි. "මෝහේ රන්ග් දෝ ලාල්" පථය නිමවන ලද්දේ සිය ගුවන් ගමන අවලංගු වීමෙන් පසු භන්සාලි ගුවන් තොටුපළේ නැවතී සිටින අතරතුර ය. "දීවානි මස්තානි"හි ආරම්භක සංයෝජනය වසර දොළහක් පමණ අතීතයට දිවෙන අතර, එහි සංකල්පය පහළ වූයේ භන්සාලි ස්නානය කරමින් සිටින අතරතුර ය. ඔහු මෙසේ පැවසී ය: "මට බාජිරාඕ මස්තානි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට සිතුණු ප්‍රථම අවස්ථාව එයයි."[6] එම ගීතය ආරම්භ වන්නේ "නභතූන් ආලි අප්සරා, අෂි සුන්දරා, සාස් සාස්වුනා" නම් මරාඨි පද සමගයි. එහි අර්ථය "සුරඟනක් අහසින් බැස්සා ය, ඉතා සුන්දර සහ අලංකාර වස්ත්‍රයෙන් සැරසී" යන්නයි.[7] පද රචක ප්‍රශාන්ත් ඉන්ගෝලේ "ගජානනා" ගීතය රචනා කිරීම පිළිබඳ මෙසේ සඳහන් කළේ ය: "ගණපතිඳුන් වෙනුවෙන් ආර්තියක් රචනා කිරීමට මට භාර වූවා. මට අවශ්‍ය වූයේ මින් පෙර සිදුනොකළ දෙයක් සිදු කිරීමටයි. ඒ නිසා ආපසු ගෙදර ගිය මා මගේ මවගෙන් ගනේෂ්ජී සඳහා කියන විවිධාකාර නම් අසා සටහන් කරගත්තා."[8]

ජස්ටින් ජෝසේ කේ. ධ්වනිපථයේ සහ මුල් ස්වරමාලාවේ ශ්‍රව්‍ය මිශ්‍රකරණයට ප්‍රධාන වශයෙන්ම දායක විය.[9] ඔහුට අනුව, මෙහි ඇතැම් දර්ශන සඳහා චරිත සහ හැඟීම් පිළිබඳ බෙහෙවින් සොයාබැලීමට සිදුව ඇත.[9] ඔහුගේ කණ්ඩායම මාස එකහමාරක් මුළු‍ල්ලේ පැය 600ක පමණ කාලයක් ශ්‍රව්‍ය මිශ්‍රකරණයේ නියැළී ඇත.[9] ඔවුනට චිත්‍රපටයේ චරිත සහ යුගය පිළිබඳ අධ්‍යයනය කිරීමට සිදුවිය.[9]

විචාරක ප්‍රතිචාරය[සංස්කරණය]

ගීත[සංස්කරණය]

බොලිවුඩ් හංගමාහි සංගීත විචාරක ජෝගින්දර් තුතේජා මෙම ඇල්බමයට තරු 3.5ක් (5න්) ලබා දෙමින් මෙසේ පැවසී ය: "බාජිරාඕ මස්තානි අපේක්ෂිත සීමාවේ ඇත. පථ 10ක් තරම් විශාල සංඛ්‍යාවක් සහිත බරැති ඇල්බමයක් වන මෙය ඉහළ සම්භාව්‍ය පදනමකින් යුතු අතර, ජනප්‍රිය වීමේ විභවයක් ඇති ගීත කිහිපයක් ද වේ. අවම වශයෙන් ගීතවලින් අර්ධයක් අවස්ථානුකූල වුව ද, සංජේ ලීලා භන්සාලිගේ විශේෂඥතාවත් සමගින් විස්මිත දෘශ්‍යයන් සමග ගෙතී ඇත. එය තිරයෙහි හොඳ පරිකල්පනයක් මවනු ඇතැයි සිතිය හැක."[10] ඉන්ඩියා‍-වෙස්ට් වෙනුවෙන් විචාරක ආර්. එම්. විජයකාර් සිය විචාරයෙහි මෙම ධ්වනිපථයට ලකුණු 5න් 4.5ක් ලබාදෙමින් විස්තර කොට ඇත්තේ ඇල්බමය "සුවඳ රෝස කුසුමක්" බවයි. ඔහු මෙසේ සඳහන් කළේ ය: "මහාරාෂ්ට්‍රීය පසුබිම, ස්වරමාලා හා සම්ප්‍රදායික මරාඨි පද්‍යයන් සහ උද්ධෘත "බාජිරාඕ මස්තානි"හි රසවත් ස්වරමාලාවේ ප්‍රමුඛ ය. "හම් දිල් දේ චුකේ සනම් (1999) චිත්‍රපටයෙන් පසු සංජේ ලීලා භන්සාලිගේ හොඳම ස්වරමාලාවකි."[11] Rediff.com හි එලීනා කපූර් ඇල්බමයට ලකුණු 5න් 3ක් ලබාදෙමින් හැඳින්වූයේ එය "රෝලර් කෝස්ටර් සවාරියක්" බවයි. ඇය සඳහන් කළේ "බාජිරාඕ මස්තානිහි සංගීතය රෝලර් කෝස්ටර් සවාරියක් වැනි ය. මෙහි භන්සාලිගේ තනුවල කිසිදු දොසක් දක්නට නොලැබුණ ද, ධ්වනිපථයේ ගීත 10 තුළ ඉහළ පහළ යාම් කිහිපයක් දැකගත හැකි බවයි. බාජිරාඕ මස්තානිහි ධ්වනිපථයේ කව්වාලි සහ ප්‍රේමය බහුලව දක්නට ලැබේ."[12]

ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ සුවාංශු ඛුරානා ඇල්බමයට 5න් 3.5ක් ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ, "බොහෝ කොටස්වල බාජිරාඕ මස්තානි නැවුම් බවින් යුක්ත ය. එය බාජිරාඕගේ යුගයේ පරෙස්සමින් ප්‍රතිෂ්ඨාපිත සංගීතයක් වැනි ය. ඇතැම් පථ අනෙක්වා පරයා යයි. භන්සාලිගේ වෙනස් හඬ සහ අවහිරය සහ විපුලත්නය අතර සමබරතාවින් යුතු මෙය මිලදී ගන්න."[13] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියාහි කස්මින් ෆර්නැන්ඩස් ඇල්බමයට තරු 5න් 3.5ක් ලබාදෙමින් සිද්ධාර්ත්-ගරීමාගේ පද රචනය, අරිජිත් සිං, විශාල් දඩ්ලානි සහ ශ්‍රේයා ඝෝෂාල්ගේ ගායනය අගය කොට ඇත.[14] දේවේශ් ෂර්මා ෆිල්ම්ෆෙයාර් සඳහා වූ සිය විචාරයෙහි මෙම ඇල්බමයට තරු 5න් 3ක් ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ, "බාජිරාඕ මස්තානිහි ධ්වනිපථය කොකු-පිරවූ මසාලා ගීතවලට පුරුදු වූ සාමාන්‍ය ශ්‍රාවකයා සඳහා නොවේ. නතු කරගත් රසින් යුත් එය ඔබ ඔබේ අවරෝධනයන් පහත ලන්නේ නම් එහි විශිෂ්ටතාව පෙන්වනු ඇත. පිරිසිදු ස්වර සුසංයෝගය මාධූර්යය සහ රිද්මය අතර දෝලනය වේ."[15] කොයිමොයිහි සූරාභි රෙඩ්කාර් ඇල්බමයට ලකුණු 5න් 3ක් ලබාදුන්නේ ය. ඔහු සාරාංශ කර දැක්වූයේ, "බාජිරාඕ මස්තානි ධ්වනිපථය මිශ්‍රිත බෑගයකි. සම්භාව්‍ය ගී අනෙක්වා පරයා බබළයි. මෙම ඇල්බමය දෘශ්‍යමය සත්කාරයක් ද වනු ඇතැයි අපේක්ෂිත ය."[16]

මුල් ස්කෝරය[සංස්කරණය]

බොලිවුඩ් හංගමා සඳහා සිය විචාරයෙහි, තරන් ආදර්ශ් මෙසේ රචනා කළේ ය: "භන්සාලි ‍මෙම ඓතිහාසික නිර්මාණය තුළ සංගීතය වියන්නේ වාටිමූට්ටු රහිතව ය. සැලකිල්ලෙන් රූගත කළ ගීත (භන්සාලි විසින් නිමැවූ) මෝහනීය අතර, යතාතථ්‍ය අයුරින් නර්තන රචනය ද සිදුකොට ඇත. කැපීපෙනෙන ගීත නම් ''දීවානි මස්තානි'', ''අල්බේලා සජන්'' සහ ''පිංගා'' ය. සංචිත් බල්හාරාගේ පසුබිම් ස්කෝරය විස්මිත ය."[17] සුභාෂ් කේ. ජා සඳහන් කොට ඇත්තේ, "භන්සාලි විසින් නිමැවූ ගීත ඉතා ඉක්මණින් එහෙත් ප්‍රේමය සහ යුද්ධය යන තේමාවන්ට බලෙන් ඇතුළු නොවෙමින් පැමිණෙයි. එය අනර්ඝ ඌනපූර්ණයකින් සමන්විත ය."[18] ශ්‍රීජනා මිත්‍රා දාස් ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙනුවෙන් කළ ඇගේ විචාරයෙහි මෙහි සංගීතයට 5න් 3.5ක් ලබා දී ඇත.[19] සී නිව්ස්හි ධ්‍රිති ෂර්මා මෙසේ සඳහන් කළා ය: "සංගීතය නැවුම් හුස්මක් වැනි අතර, ගීත හොඳින් රූගත කොට ඇත. මේඝ ඝර්ජනාවන් වැනි පසුබිම් ස්වරමාලාවන්ට වාසිදායක අයුරින් යුත් මෙය සෑම ජවනිකාවක්ම තීව්‍ර කරයි."[20] රෙඩිෆ්හි විචාරක රාජා සේන් ද මෙහි ස්කෝරය මේඝ ඝර්ජනාවක් බඳු යැයි කියයි.[21] ද හින්දු පුවත්පතේ නම්රාතා ජෝෂි මෙසේ සඳහන් කළා ය: "නිහඬ මොහොතක් හෝ මෙහි නැත. එවැන්නක් හමුවුව ද, එය පසුබිම් ස්කෝරයෙන් පුරවා ඇත."[22] ඉන්ඩියා ටුඩේහි අනන්‍යා භටාචාර්ය මෙසේ සඳහන් කොට ඇත: "චිත්‍රපටයේ සංගීතය ආවේශවනසුලු ය. පසුබිම් ස්වරමාලාව, "දීවානි මස්තානි" සහ "ආයත්" වැනි චිත්‍රපටය අවසන් වන තෙක් රැඳී පවතින ගීතවලින් සමන්විත ය."[23]

අලෙවිකරණය[සංස්කරණය]

ධ්වනිපථ ඇල්බමයේ පළමු කේවලය වූ "ගජානනා" ගීතය මුදාහැරුණේ පූනේහි බාලේවාදි ක්‍රීඩාංගණයේ ශ්‍රී ශිව් ඡත්‍රපති ක්‍රීඩා සංකීර්ණයේ දී ය. එයට චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා භන්සාලි, රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන් සම්බන්ධ විය.[24] චිත්‍රපටයේ දෙවන කේවල ගීතය වූ "දීවානි මස්තානි" මුදාහැරුණේ දිල්ලියේ උත්සවයක දී ය.[25] තෙවන තනි ගීතය වූ "පිංගා" 2015 නොවැම්බර් 14 දින නිකුත් කිරීමට නියමිතව තිබුණ ද, එය අවලංගු කෙරුණේ 2015 නොවැම්බර් පැරිස් ප්‍රහාර හේතුවෙනි.[26] එය නිල වශයෙන් නිකුත් කෙරුණේ 2015 නොවැම්බර් 15 දින ය.[27]

"මල්හාරි" නම් ගීථය 2015 නොවැම්බර් 29 දින භෝපාල්හි උත්සවයක දී දියත් කෙරිණි.[28] "අල්බේලා සජන්"[29] සහ "ආයත්" [30] යන ගීත ද "මල්හාරි" සමග එම අවස්ථාවේ මුදාහැරිණේ ධ්වනිපථය මුදාහැරීමෙන් පසුව ය.[31]

පථ ලැයිස්තුකරණය[සංස්කරණය]

හින්දි[සංස්කරණය]

බාජිරාඕ මස්තානි (හින්දි) [සැබෑ සල රූ ධ්වනිපථය]
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "දීවානි මස්තානි"  ශ්‍රේයා ඝෝෂාල් 05:40
2. "ආයත්"  අරිජිත් සිං 04:22
3. "මල්හාරි"  විශාල් දඩ්ලානි 04:05
4. "මෝහේ රන්ග් දෝ ලාල්"  පණ්ඩිත් බිර්ජු මහාරාජ්, ශ්‍රේයා ඝෝෂාල් 03:52
5. "අල්බේලා සජන්"  ශෂී සුමන්, කුණාල් පණ්ඩිත්, පෘථිවි ගාන්ධර්ව, කණිකා ජෝෂි, රාශි රාග්ගා සහ ගීතිකා මංජ්‍රේකාර් 03:29
6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"  පායල් දේව්, ශ්‍රේයාස් පුරාණික් 03:54
7. "පිංගා"  ශ්‍රේයා ඝෝෂාල්, වෛශාලි මාදේ 04:16
8. "ආජ් ඉබාදත්"  ජාවෙඩ් බෂීර් 04:45
9. "ෆිටූරි"  වෛශාලි මාදේ, ගනේෂ් චන්දන්ශිවේ 03:56
10. "ගජානනා"  සුඛ්වින්දර් සිං 03:34
සම්පූර්ණ දිග:
41:53

දෙමළ[සංස්කරණය]

සියලු පද රචනා සිදුකරන ලද්දේ මදන් කාර්කි

බාජිරාඕ මස්තානි (දෙමළ) [සැබෑ සල රූ ධ්වනිපථය] [32]
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "තිණ්ඩාඩි පෝගිරේන්"  ශ්‍රේයා ඝෝෂාල්
දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගතිජෝෂි, අරුන් ඉන්ග්‍ලේ, කෞස්තුභ් දාතර්, මණි අයියර්, ශෂී සුමන්, ශ්‍රේයාස් පුරාණික්
05:40
2. "ඉදයම් ඔප්පික්කුම්"  විජයි ප්‍රකාශ්
අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්, මණි අයියර්, ශෂී සුමන්
04:22
3. "තඩක්කු තඩක්කු"  දිව්‍ය කුමාර්
අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්, මණි අයියර්
04:05
4. "පෝදෛ නිරතෛ තා"  පණ්ඩිත් බිර්ජු මහාරාජ්, ශ්‍රේයා ඝෝෂාල් 03:52
5. "මන්නන් තිරුම්බුම් නාලඩි"  පායල් දේව්
දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි, අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්, මනි අයියර්
03:29
6. "මිනාදි මින්නල්"  ශ්‍රේයා ඝෝෂාල්, නීති මෝහන්
දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි
04:15
7. "ප්‍රාර්ථනෛ"  ජාවෙඩ් අලි
මනි අයියර්, අරුන් ඉන්ග්ලේ, ශ්‍රේයාස් පුරාණික්, ‍ශෂී සුමන්
04:44
8. "විනායකා"  දිව්‍ය කුමාර්
අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්, මනි අයියර්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි
03:37

තෙලිඟු[සංස්කරණය]

සියලු පද රචනා සිදුකරන ලද්දේ රාමජෝගයියා සාස්ත්‍රි

බාජිරාඕ මස්තානි (තෙලිඟු) [සැබෑ සල රූ ධ්වනිපථය] [33]
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "මස්තානි"  ශ්‍රේයා ඝෝෂාල්
දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි, මුජ්තාබා අසීස් නාසා, ෆර්හාන් සබ්‍රි, අල්තමාෂ් ෆාරිදි, ශෂී සුමන්, ශ්‍රේයාස් පුරාණික්
05:40
2. "ඒදලෝ නින්නේ"  විජයි ප්‍රකාශ්
අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්, මණි අයියර්, ශෂී සුමන්
04:22
3. "මහාලිංගා"  දිව්‍ය කුමාර්
මණි අයියර්, අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්
04:05
4. "මීරා චිට‍චෝරා"  පණ්ඩිත් බිර්ජු මාහාරාජ්, ශ්‍රේයා ඝෝෂාල් 03:52
5. "ජයේභේරි"  පායල් දේව්
ශෂී සුමන්, කුණාල් පණ්ඩිත්, පෘථිවි ගාන්ධර්ව්, රාශි රාග්ගා, ගීතිකා මංජ්‍රේකාර්, කණිකා ජෝෂි
03:29
6. "බංගාරි පෝරි"  ශ්‍රේයා ඝෝෂාල්, නීති කුමාර්
මයුරි පත්වර්ධන්, අර්චනා ගෝරේථ ප්‍රගති ජෝෂි
04:15
7. "නාටෝ මුඛා මුඛී"  ජාවෙඩ් අලි, මණි අයියර්, අරුන් ඉන්ග්ලේ, ශ්‍රේයාස් පුරාණික්, ශෂී සුමන් 04:44
8. "ගජානනා"  දිව්‍ය කුමාර්
අරුන් ඉන්ග්ලේ, කෞස්තුඵ් දාතර්, මණි අයියර්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි
03:37

සංගීත සටහන්[සංස්කරණය]

2015 අවසානයේ දී, ධ්වනිපථයේ සංගීථය විචාරකයන්ගේ විචාරයන්ට තේමාවී තිබිණි. ද හින්දුපුවත්පතේ සංඛයාන් ඝෝෂ් රචනා කොට ඇත්තේ: "සංජේ ලීලා භන්සාලි වැනි සංගීතමය චිත්‍රපට නිර්මාණකරුවන් ඇත්තේ අතලොස්සකි. ඔහු පියවරක් ඉදිරියෙන් සිටිමින් බාජිරාඕ මස්තානිහි ශ්‍රව්‍යදෘශ්‍යමය කැන්වසය සියතට ගෙන ඇත. බලවත් ‘ගජානනා’ ගීතය තීරණාත්මක ජවනිකාවක් ඉමහත් දුරට තීව්‍රකර දක්වන නමුත්, ඇල්බමයේ බාජිරාඕ තේමාවෙන් මිදී ඇත. රණ ඝෝෂාවක් වැනි ‘ජි ජි රේ බාජි ජි ජි’ යන මැතිරිල්ල චිත්‍රපටයට විද්‍යුතනයක් බඳු ශක්තියක් ලබා දේ. ඇල්බම ප්‍රියතම ගීත අතරට ‘දීවානි මස්තානි’, ‘අබ් තෝහේ ජානේ නා දූන්ගි’, ‘මෝහේ රන්ග් දෝ ලාල්’ සහ ‘ආජ් ඉබාදත්’ අයත් වේ.[34] එම පුවත්පතේම කාර්තික් ශ්‍රීනිවාසන් සිතන්නේ, "අවසානයේ සං‍ජේ ලීලා භන්සාලි බාජිරාඕ මස්තානි තුළ සිය සංගීතමය සුසරකරණය නිවැරදිව කොට ඇත" යනුවෙනි.[35] ස්ක්‍රොල් පුවත් තුළ, ධ්වනිපථ ඇල්බමය ඉහළින්ම තබන (තමාෂාහි ධ්වනිපථය සමග) මනීෂ් ගෙක්වාද් සඳහන් කොට ඇත්තේ මෙසේ ය: "වසරේ ඉහළම ස්වරමාලා පහ අතුරින් එකකි, බාජිරාඕ මස්තානි. සංගීතය, රචකයාගෙන් සහ අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි අනන්‍ය වූ අයුරින් ධ්වනිය මිශ්‍රණය කොට ඇත. මරාඨි ජන සංගීතය සහ සූෆි හා කොට ඇති "දීවානි මස්තානි" මෙම ආකාර දෙකෙහිම ගුණාංග දක්වයි. රණඝෝෂාවක් වන "මල්හාරි" සහ සැදැහැමත් "ගජානනා" ගීත බාජිරාඕගේ සන්හායේ ආයුධ වැනි ය. ඇල්බමය තුළ "ආයත්" ගීථයේ අර්ධ-සම්භාව්‍ය සහ කව්වාලි එකට මුසු කරන විට, "මෝහේ රන්ග් දෝ ලාල්" තුළ පණ්ඩිත් බිර්ජු මහාරාජ් විසින් ශ්‍රේයා ඝෝෂාල්ගේ හඬ කථක් බොල් (ස්මෘති මාත්‍රා) සමග ගලපා ඇත. හම් දිල් දේ චුකේ සනම් (1999) චිත්‍රපටයේ එන "අල්බේලා සජන්" ගීතය සිතාර් සහ ධ්‍රැවක අන්තර්ස්ථයක් සමගින් නිමවී ඇත. "පිංගා" සහ "ෆිටූරි" තුළ ලාවණි ලය සමග බොලිවුඩ් සැරසුමක් මගින් අලංකාර නිමැවුමක් බිහිකොට ඇත."[36] ජූහි චක්‍රබෝර්ති හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ඇගේ සම්පාදනය තුළ මෙසේ සඳහන් කොට ඇත: "සම්භාව්‍ය අයිතමයක් වන "අල්බේලා සජන්" වසර ගණනාවක් පුරා ප්‍රතිශෝධනයට ලක්ව ඇති අතර, සිය සුපිරි ජනමෝදක චිත්‍රපටයක් වූ හම් දිල් දේ චුකේ සනම් තුළ මෙම පථය භාවිතා කළ භන්සාලි මෙම ගීතයේ තවත් ප්‍රභේදයක් සිය කාලාන්තර ප්‍රේම වෘත්තාන්තය වන බාජිරාඕ මස්තානි සඳහා ද යොදාගෙන ඇත. හම් දිල් දේ චුකේ සනම්හි පථය වඩා මෘදු වුවත්, මෙහි පථය නම් වඩාත් උද්‍යෝගිමත් අතර, ගායන ශිල්පීන් රැසක් දායක වී ඇත."[37]

ඇල්බම ප්‍රශංසාව[සංස්කරණය]

මෙහි ප්‍රශංසනයන් උපුටාගන්නා ලද්දේ ධ්වනිපථ ඇල්බමයේ CD ඇතිරි සටහන්වලිනි.[38][39]

"ගජානනා" පථය හැර මුළු ධ්වනිපථ ඇල්බම සංගීතය නිමවන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. "ගජානනා" පථයේ සංගීත නිමැවුම ශ්‍රේයාස් පුරාණික් විසින් සිදුකරන ලදී.

පටිගතකරණය, මිශ්‍රකරණය සහ මෙහෙයවීම – තානේ ගජ්ජර්

පසුබිම් ගායනය[සංස්කරණය]

පසුබිම් ගායනය සඳහා ආශ්‍රේය ලෙස භාවිතාකොට ඇත්තේ අයිටියුන්ස්හි ඇල්බමයේ මෙටාදත්තයන් ය.[40]

  • ෂදාබ් ෆාරිදි, අල්තමාෂ් ෆාරිදි, ෆර්හාන් සබ්‍රි ("දීවානි මස්තානි" පථය සඳහා)
  • මුජ්තාබා අසීස් නාසා, ෂදාබ් ෆාරිදි, අල්තමාෂ් ෆාරිදි, ෆර්හාන් සබ්‍රි ("ආයත්" පථය සඳහා)
  • ෂදාබ් ෆාරිදි, අල්තමාෂ් ෆාරිදි, ශෂී සුමන්, ශ්‍රේයාස් පුරාණික් ("ආජ් ඉබාදත්" පථය සඳහා)
  • ‍ඓශ්වර්යා භාණ්ඩාරි, ගීතිකා මංජ්‍රේකාර්, කණිකා ජෝෂි, මයුර් සඛාරේ, ශ්‍රේයාස් පුරාණික්, මනීෂ් සිං, විවේක් නායික්, දේව්න්ද්‍ර චිට්නිස් ("ෆිටූරි" පථය සඳහා)

පද[සංස්කරණය]

සංගීත සැලසුම සහ වැඩසටහන්කරණය[සංස්කරණය]

රිද්ම[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Gajanana (From "Bajirao Mastani") - Single by Sukhwinder Singh & Shreyas Puranik on iTunes". iTunes Store. 16 September 2015. සම්ප්‍රවේශය 28 December 2015.[permanent dead link]
  2. "Deewani Mastani (From "Bajirao Mastani") - Single by Sanjay Leela Bhansali on MP3Cold". mp3cold. 19 October 2015. සම්ප්‍රවේශය 28 December 2015. {{cite web}}: External link in |work= (help)
  3. "Pinga (From "Bajirao Mastani") - Single by Sanjay Leela Bhansali, Shreya Ghoshal & Vaishali Made on iTunes". iTunes Store. 16 November 2015. සම්ප්‍රවේශය 28 December 2015.[permanent dead link]
  4. "Sanjay Leela Bhansali to compose music for Deepika Padukone and Ranveer Singh's Bajirao Mastani". Bollywood Life. 5 August 2014. සම්ප්‍රවේශය 5 August 2014.
  5. "Asian Film Awards 2016: 'Bajirao Mastani' beats 'Baahubali' to win award; check complete winners' list". International Business Times, India Edition (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-05-18.
  6. "'If you take away music from me, I'll die'". The Hindu (Indian English බසින්). 2016-02-06. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2016-05-18.
  7. Staff, Suparna Thombare, India West. "10 Interesting Facts You Must Know about 'Bajirao Mastani' Song 'Deewani Mastani'". India West. සම්ප්‍රවේශය 2016-05-18.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  8. "Prashant Ingole: Sanjay Leela Bhansali is truly a Bajirao of Indian cinema". www.radioandmusic.com. සම්ප්‍රවේශය 2016-05-18.
  9. 9.0 9.1 9.2 9.3 "A resounding success". The Hindu (Indian English බසින්). 2016-03-29. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2016-05-18.
  10. Hungama, Bollywood. "Bajirao Mastani (2015) | Critic Review By Joginder Tuteja - Bollywood Hungama". www.bollywoodhungama.com. සම්ප්‍රවේශය 2016-05-18.
  11. India-West, R. M. VIJAYAKAR. "'Bajirao Mastani' Music Review: An Unforgettable Stunner of a Score". India West. සම්ප්‍රවේශය 2016-05-18.
  12. "Review: Bajirao Mastani's music is a roller coaster ride". Rediff. සම්ප්‍රවේශය 2016-05-18.
  13. "'Bajirao Mastani' music review: swings between sombre, earthy, poignant, soulful and brash". The Indian Express. 2015-11-28. සම්ප්‍රවේශය 2016-05-18.
  14. "Music Review: Bajirao Mastani - Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-05-18.
  15. "Music Review: Bajirao Mastani". filmfare.com. සම්ප්‍රවේශය 2016-05-18.
  16. Redkar, Surabhi. "Bajirao Mastani Music Review". www.koimoi.com. සම්ප්‍රවේශය 2016-05-18.
  17. Hungama, Bollywood. "Bajirao Mastani Review - Bollywood Hungama". www.bollywoodhungama.com. සම්ප්‍රවේශය 2016-05-18.
  18. "Bajirao Mastani review: This gloriously epic Priyanka, Deepika and Ranveer-starrer is the best film of 2015 - Firstpost". Firstpost (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2015-12-19. සම්ප්‍රවේශය 2016-05-18.
  19. "Bajirao Mastani Movie Review, Trailer, & Show timings at Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-05-18.
  20. "'Bajirao Mastani' movie review: Avant-garde folklore, gleaming through Ranveer's eyes and Deepika's sweat!". Zee News. 2015-12-18. සම්ප්‍රවේශය 2016-05-18.
  21. "Review: Priyanka, Ranveer are terrific in Bajirao Mastani". Rediff. සම්ප්‍රවේශය 2016-05-18.
  22. "Bajirao Mastani: A historical leap". The Hindu (Indian English බසින්). 2015-12-18. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2016-05-18.
  23. "Bajirao Mastani review: Ranveer, Deepika, Priyanka shine in this epic love story". indiatoday.intoday.in. සම්ප්‍රවේශය 2016-05-18.
  24. ""Bajirao Mastani": Guinness world record for "Gajanana" track!". Zee News. 19 September 2015. සම්ප්‍රවේශය 19 September 2015.
  25. "Deepika Padukone launches 'Deewani Mastani' in a grand event in Delhi".
  26. "Launch of Most awaited song "Pinga" cancelled in wake of Paris attacks". The Times of India. 14 November 2015. සම්ප්‍රවේශය 14 November 2015.
  27. "Priyanka Chopra, Deepika Padukone's dance off in 'Pinga' song from 'Bajirao Mastani', watch". The Indian Express. 16 November 2015. සම්ප්‍රවේශය 29 November 2015.
  28. "Bajirao Mastani: Watch Ranveer Singh in this victory anthem Malhari". India Today. 29 November 2015. සම්ප්‍රවේශය 29 November 2015.
  29. "Bajirao mastani Mp3 Download - Mp3Cold".
  30. Kaushal, Ruchi. "Watch: Ranveer-Deepika romance each other in 'Aayat' from 'Bajirao Mastani'". The Times of India. සම්ප්‍රවේශය 16 December 2015.
  31. "Bajirao Mastani (Original Motion Picture Soundtrack) by Sanjay Leela Bhansali and Shreyas Puranik on iTunes". iTunes Store. සම්ප්‍රවේශය 5 December 2015.
  32. "Sanjay Leela Bhansali - Bajirao Mastani (Tamil) [Original Motion Picture Soundtrack]". iTunes. සම්ප්‍රවේශය 18 May 2016.
  33. "Sanjay Leela Bhansali - Bajirao Mastani (Telugu) [Original Motion Picture Soundtrack]". iTunes. සම්ප්‍රවේශය 18 May 2016.
  34. "2015, the year of indie invasion". The Hindu (Indian English බසින්). 2015-12-26. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2016-05-18.
  35. "Tunes that clicked". The Hindu (Indian English බසින්). 2015-12-26. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2016-05-18.
  36. Gaekwad, Manish. "And the top Hindi film soundtrack of the year is…". Scroll.in (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-05-18.
  37. "Old wine in new bottle: Bollywood music in 2015". 2015-12-26. සම්ප්‍රවේශය 2016-05-18.
  38. (in Hindi) Bajirao Mastani - The Love Story of a Warrior, Eros, 2015-12-14, http://www.amazon.in/Bajirao-Mastani-Love-Story-Warrior/dp/B018QU6E6E/, ප්‍රතිෂ්ඨාපනය 2016-05-18 
  39. BAJIRAO MASTANI, Eros Music, https://www.amazon.co.uk/BAJIRAO-MASTANI-ORIGINAL-BOLLYWOOD-SOUNDTRACK/dp/B01920ZMW4/, ප්‍රතිෂ්ඨාපනය 2016-05-18 
  40. "Bajirao Mastani (Original Motion Picture Soundtrack) by Sanjay Leela Bhansali on iTunes". iTunes. සම්ප්‍රවේශය 2016-05-18.

බාහිර සබැඳි[සංස්කරණය]