දීවානි මස්තානි

විකිපීඩියා වෙතින්
"දීවානි මස්තානි"
දීපිකා පඩුකෝන් නිරූපිත ගීතයේ කවරය
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල්
(පසුබිම් හඬ ගනේෂ් චන්දන්ශිවේ, මුජ්තාබා අසීස් නාසා, අල්තමාෂ් ෆරීදි, ෆර්හාන් සබ්‍රි)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ17 ඔක්තෝබර් 2015 (2015-10-17)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයෆිල්මි, මහාරාෂ්ට්‍ර ජන, කව්වාලි
දිග5:40
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)සිද්ධාර්ත්-ගරීමා
(මරාඨි පද ගනේෂ් චන්දන්ශිවේ විසිනි)
(කව්වාලි පද නසීර් ෆරාස් විසිනි)
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"දීවානි මස්තානි" යූ ටියුබ් වෙත


"දීවානි මස්තානි" (හින්දි: दीवानीमस्तानी) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපට‍යක් වන බාජිරාඕ මස්තානි හි ඇතුළත් වන ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසින් වන අතර, ගායනා කරනු ලබන්නේ ශ්‍රේයා ඝෝෂාල් විසිනි. එසේම ගනේෂ් චන්දන්ශිවේ, මුජ්තාබා අසීස් නාසා, අල්තමාෂ් ෆරීදි, ෆර්හාන් සබ්‍රි යන අය පසුබිම් ගායනයෙන් සහාය වූහ.[2] මෙහි පදවලින් වැඩි ප්‍රමාණයක් රචනා කරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා යුවළ විසිනි. ගනේෂ් චන්දන්ශිවේ විසින් මෙහි මරාඨි පද රචනය සිදුකළ අතර, කව්වාලි පද රචනය නසීර් ෆරාස් විසින් සිදුකරන ලදී.[3] මෙම ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන්, රන්වීර් සිං සහ ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වේ.[4] මෙහි චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලට හඬකැවුණු බැවින් ගීතය ද දෙමළ බසින් "තිණ්ඩාඩි පෝගිරේන්" ලෙසත්,[5] තෙලිඟු බසින් "මස්තානි" ලෙසත්[6] මුදාහැරුණේ 2015 දෙසැම්බර් 15 දින ය. මෙම ගීතයේ ප්‍රභේද තුනටම ශ්‍රේයා ඝෝෂාල් සිය හඬ මුසුකළා ය. මෙම ගීතය MTV අන්ප්ලග්ඩ් වාරය 6 දී ඝෝෂාල් විසින් නැවත ගායනා කරන ලදී.

සංවර්ධනය[සංස්කරණය]

දීවානි මස්තානි පටිගත කිරීම, මිශ්‍ර කිරීම සහ ‍මෙහෙයවීම සිදුකරන ලද්දේ තානේ ගජ්ජර් විසින් මුම්බායේ වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝහි දී ය.[7] මෙම ගීතය සැකසීම සහ වැඩසටහන්කරණය සිදුකළේ ශෛල්-ප්‍රිතේශ් විසිනි.[8] ගීතයේ නර්තන රචනය සිදුකළ රෙමෝ ඩි’සූසා විසින් මෙම ගීතය මනස්කාන්ත අයුරින් නිර්මාණය කළේ සම්භාව්‍ය සහ අද්‍යතන ශෛලීන් සම්මිශ්‍රණයෙනි.[9] රෙමෝ විසින් දීපිකා පඩුකෝන්ගේ රංගන හැකියාව අගය කරමින් පැවසූයේ ඇගේ චලන සහ හැඟීම් ප්‍රකාශනය පරිපූර්ණ බවයි.[10] ගීතයේ රූගත කිරීම් දින දහයක් පුරා මුම්බායි චිත්‍රපට නගරයේ දැවැන්ත වියදමක් දරා ඉදිකළ පසුතලයේ පැවැත්විණි. මේ සඳහා අතිශයින් විසිතුරු කැඩපත් 20,000කට අධික සංඛ්‍යාවක් භාවිතා විය.[11] අයිනා මහාල් නිර්මාණයේ දී සංජේ ලීලා භන්සාලි විසින් මෙම ගීතය සඳහා කේ. අසී‍ෆ්ගේ මූඝල්-ඉ-අසාම් චිත්‍රපටයේ ආභාසය ලබාගන්නා ලදී. මෙය සම්භාව්‍ය "ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා" ගීතයේ ඔහුගේ සමකාලීන ප්‍රභේදයයි. මෙම ගීත අතර සාධ්‍යයන් ද සමාන ය. නමුත් "ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා" ගීතයේ අනාර්කලී අබිසරුලිය සලීම් කුමරුන් වෙනුවෙන් නර්තනයේ යෙදෙන අතර, මෙම ගීතයේ මස්තානි කුමරිය නර්තනයේ යෙදෙන්නේ බාජිරාඕ කෙරෙහි ඇගේ ප්‍රේමය ප්‍රකාශ කරමිනි.[12] ගීතය මුදාහැරීමෙන් පසුව, ගීතයේ පසුතලය කෞතුකාගාරයක් ලෙස භාවිතා විය.[13]

මුදාහැරීම[සංස්කරණය]

2015 ඔක්තෝබර් 17 දින දිල්‍ලියේ උත්කර්ෂවත් ලෙසින් මෙම ගීතය මුදාහැරිණි. මෙම මුදාහැරීමට පසුදින පැවති බ්ලෙන්ඩර්ස් ප්‍රයිඩ් මෝස්තර සතියේ පළමු දිනයේ දී, දීපිකා පඩුකෝන් මෝස්තර නිර්මාණ ශිල්පිනී අංජු මෝදි වෙනුවෙන් නිරූපිකාවක ලෙස පෙනීසිටියා ය. අංජු මෝදි සංජේ ලීලා භන්සාලිගේ චිත්‍රපටයේ වස්ත්‍ර නිර්මාණයට ද දායක වූ තැනැත්තියකි.[14] 2015 ඔක්තෝබර් 18 දින මෙම ගීතය ඊරෝස් නව් යූටියුබ් පිටුවට උඩුගත කෙරිණි. සම්පූර්ණ ශ්‍රව්‍ය ඇල්බමය 2015 නොවැම්බර් 24 දින මුදාහැරිණි.[15] මුදාහැරුණු දිනයේම මෙම ගීතය අයිටියුන්ස්[16] වෙත සහ 2015 සැප්තැම්බර් 16 දින සාව්න් වෙත මාර්ගස්ථ ප්‍රවේශනය ලබාදෙන ලදී.[17] 2015 නොවැම්බර් 25 දින එය ගානා[18] වෙත ද නිදහස් කෙරිණි.

වීඩියෝව[සංස්කරණය]

ගීතයේ වීඩියෝව තුළ කැඩපත් 20,000කට අධික සංඛ්‍යාවකින් යුත් මහා ශාලාවේ අනාර්කලී මෙන් අලංකාර ස්තරමය රන්වන් ලෙහෙන්ගාවකින් සැරසුණු දීලිකා පඩුකෝන් රංගනයේ යෙදෙයි. දීපිකා පිවිසෙන්නේ විශාල තිරරෙදි ඉහළින් සවිකරන ලද විශාල ද්වාරයක් ඔස්සේ ය. දීපිකාගේ පැමිණීමෙන් පසුව, දීපිකා (මස්තානි) ඍජුවම රන්වීර් සිං (බාජිරාඕ) වෙත ගයන්නේ බාජිරාඕ කෙරෙහි සිය ප්‍රේමය ප්‍රකාශ කරමිනි. මෙම ගීතයේ සුෆි-භූමිකා මහාරාෂ්ට්‍ර ජන හඬ කොටසක් ද ඇතුළත් ය. එහි දී පඩුකෝන් තනිවම නර්තනයේ යෙදෙන අතර, රජකුගේ ලීලාවෙන් යුත් සිං ඇය දෙස සතුටින් බලාසිටියි. මෙම දර්ශනයට ඉහළින් පේසාවක් වැනි අවකාශයක බාජිරාඕගේ ප්‍රථම බිරිඳ වන කාෂිබායි ලෙස සැරසුණු ප්‍රියංකා චොප්රා පහළ සිදුවන දර්ශනය දෙස (හුදෙක් රූපකාත්මකව) බලා සිටින්නී ය.[19]

මෙහි ටීසර වීඩියෝව 2015 ඔක්තෝබර් 18 දින මුදාහැරුණු අතර, සම්පූර්ණ වීඩියෝව 2016 මැයි 3 දින මුදාහැරිණි. මෙම සංගීත වීඩියෝව අතිශයින් ප්‍රශංසාවට ලක්වූයේ පඩුකෝන්ගේ රංගනය[20] සහ ශ්‍රේයා ඝෝෂාල්ගේ මියුරු හඬ හේතුවෙනි.[21] රෙමෝ ඩි’සූසා හොඳම නර්තන රචනය සඳහා ජාතික චිත්‍රපට සම්මානය ද හිමි කරගත්තේ ය. වීඩියෝවේ ප්‍රභේද දෙකම යූටියුබ් තුළ නැරඹුම් මිලියන 50+ හිමි කරගත් අතර, සමස්ත නැරඹුම් සංඛ්‍යාව මිලියන 100ට අධික විය.

පිළිගැනීම[සංස්කරණය]

මෙම ගීතය මූඝල්-ඉ-අසාම් චිත්‍රපටයේ "ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා" ගීතයෙන් ආභාසය ලද අතර, එහි නූතන ප්‍රභේදයකට සමාන යැයි සිතිය හැක. එවිට දීපිකාව මධුබාලා සමග සසඳනු ලැබිණි.[22] අතිශයින් ජනප්‍රිය වූ මෙම ගීතය සංගීත දර්ශක ගණනාවක පළමු ස්ථානයේ පසු විය. 2016 ඔක්තෝබර් වන විට, මෙහි නිල සංගීත වීඩියෝව යූටියුබ් ඔස්සේ නැරඹුම් මිලියන 46කට අධික සංඛ්‍යාවක් වාර්තා කොට තිබූ අතර, නිල චිත්‍රපට ප්‍රභේදය මිලියන 15කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබා තිබිණි.[23] ජනප්‍රියතාව සහ අධික ඉල්ලුම හේතුවෙන්, ගීතයේ ගායිකා ශ්‍රේයා ඝෝෂාල් මෙම ගීතය ඉන්දියාව තුළ සහ පිටත ඇගේ ප්‍රසංග ගණනාවක දී ගායනා කොට ඇත.[24] සංජේ ලීලා භන්සාලිගේ සංගීත නිමැවුම අතිශයින් ප්‍රශංසාවට ලක් විය. අමිතාබ් බච්චන් භන්සාලිව අගය කරමින් සිය බ්ලොගයේ ලියා ඇත්තේ, "'බාජිරාඕ මස්තානි'හි සංගීත පථ... නියම දෙයකි... සංගීතයේ පාරිශුද්ධභාවය සහ එහි ශාඛාවන් නැවත පුනර්ජීවනය ල‍බන බැව් පෙනේ.".[25] ෆස්ට්පෝස්ට් වෙනුවෙන් විචාරක සුභාෂ් කේ. ජා ඝෝෂාල්ගේ ගායනය අගය කරමින් සඳහන් කළේ, "බාජිරාඕ මස්තානිහි ධව්නිපථයේ ලතා මංගේෂ්කාර් නැත. නමුත් එය ලතා ජීගේ සුමධුර අනුගාමිකාවක වන ශ්‍රේයාගේ ඝෝෂාල්ගේ හඬින් පිරිපුන් ය. මෙම තරුණියට මතකය උපදවන පද මාලා වසඟ කරවන හැඩයන්ට නැවිය හැකි අතර වදන්වලට ඔබ්බෙන් යම් දෙයක් ඇති බව ඇය හඟවන්නේ දැයි සිතේ".[26] ඉන්ඩියා-වෙස්ට් වෙනුවෙන් විචාරක ආර්. එම්. විජයිකාර් මෙහි සංරචනය සහ ඝෝෂාල්ගේ "විද්‍යුතනය කරවන්නා බඳු" ස්වරය අගය කරමින් පැවසූයේ, "ස්වරමාලාවේ වීරවරිය වන ශ්‍රේයා ඝෝෂාල් භන්සාලිගේම අපූරු මායා සොයාගැනීමකි." ඔහු භන්සාලිගේ කෘතිය ප්‍රශංසනීය බැව් පැවසී ය.[27] කොයිමොයි වෙනුවෙන් විචාරක සුරාභි රෙඩ්කාර් මහාරාෂ්ට්‍රානු සහ කව්වාලි පද මාලා සම්මිශ්‍රණය සම්බන්ධයෙන් ප්‍රශංසාව පල කළේ ය. ඔහු පැවසූයේ, "මෙම ගීතය නෙතට රසඳනක් පමණක් නොව, කනට ද මියුරු බවයි!".[28]

දර්ශක නිරූපණ[සංස්කරණය]

මෙම ගීතය මුදාහැරීමෙන් පසු 2015 නොවැම්බර් 7 දින මිර්චි මියුසික් ටොප් 20 අවරෝහණ ගීත දර්ශකයේනා 6වන ස්ථානයට මෙම ගීතය පැමිණියේ ය. ඉදිරි සති කිහිපය තුළ එය පළමු ස්ථානයට පැමිණීමට සමත් විය. මෙම ගීතය ගීත දර්ශකයේ සති 21ක් රැඳී සිටි අතර, අනුයාත සති 12කටත් වඩා අධික කාලයක් එය ඉහළම ගීත 5 අතර රැඳී සිටියේ ය. මේ නිසා මෙම ගීතය ප්ලැටිනම් සංවත්සර ගීතයක් ලෙස සලකුණු වූ අතර, 2016 අප්‍රේල් 1 තෙක්ම එය මුල් ගීත 20 අතර රැඳී සිටියේ ය.

වර්ෂය දර්ශකය උච්ච පිහිටුම දර්ශකයේ පැවති කාල පරාසය ආශ්‍රේ.
2015-2016 අයිටියුන්ස් කවුන්ට්ඩවුන් චාට් 1 අදාළ නොවේ
2015-2016 මිර්චි මියුසික් ටොප් 20 කවුන්ට්ඩවුන් 1 සති 21 [29]

ඇගයුම්[සංස්කරණය]

වර්ෂය සම්මානය නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 ෆිල්ම්ෆෙයාර් සම්මාන ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව දිනාගති[30]
2016 GiMA සම්මානය හොඳම පිළිවැයුම් ගායිකාව දිනාගති[31]
ශෛල්–ප්‍රිතේශ් හොඳම සංගීත සැකසුම්කරු සහ වැඩසටහන්කරු
2016 අයිෆා සම්මාන ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව නිර්දේශිත[32]
තානේ ගජ්ජර් හොඳම ශබ්ද පටිගතකරණය දිනාගති[33]
2016 මිර්චි සංගීත සම්මාන සංජේ ලීලා භන්සාලි, සිද්ධාර්ත්–ගරීමා වසරේ හොඳම ගීතය නිර්දේශිත[34]
ශ්‍රේයා ඝෝෂාල් වසරේ ගායිකාව
සංජේ ලීලා භන්සාලි වසරේ සංගීත නිර්මාණකරු
සිද්ධාර්ත්–ගරීමා, නෂීර් ෆරාස්, ගනේෂ් චන්දන්ශිවේ වසරේ පද රචක
ශෛල්–ප්‍රිතේෂ් හොඳම සංගීත නිෂ්පාදක: වැඩසටහන්කරණය සහ සැකසීම දිනාගති[35]
තානේ ගජ්ජර් හොඳම සංගීත ඉංජිනේරු: පටිගතකරණය සහ මිශ්‍රකරණය
2016 ජාතික චිත්‍රපට සම්මාන රෙමෝ ඩි’සූසා හොඳම නර්තන රචනය දිනාගති[36]
2016 ටයිම්ස් ඔෆ් ඉන්ඩියා චිත්‍රපට සම්මාන සංජේ ලීලා භන්සාලි හොඳම සංගීත නිර්මාපක දිනාගති[37]
ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව නිර්දේශිත[38]
සංජේ ලීලා භන්සාලි, සිද්ධාර්ත්–ගරීමා වසරේ ගීතය
2016 සී සිනෙ සම්මාන ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව නිර්දේශිත[39]
රෙමෝ ඩි’සූසා හොඳම නර්තන රචනය

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. ""Deewani Mastani" song details". iTunes. සම්ප්‍රවේශය 17 October 2015.
  3. "Deewani Mastani Lyricist". Eros International. සම්ප්‍රවේශය 17 October 2015.
  4. "Bajirao Mastani: Deepika Padukone's dance in 'Deewani Mastani' will have a devastingly beautiful effect on you". Bollywood Life. සම්ප්‍රවේශය 18 October 2015.
  5. "Deewani Mastani: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 15 December 2015.
  6. "Deewani Mastani: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 15 December 2015.
  7. "Deewani Mastani music arrangement". MySwar. සම්ප්‍රවේශය 1 July 2016.
  8. "Deewani Mastani music arrangement". MySwar. සම්ප්‍රවේශය 1 July 2016.
  9. "Remo D'Souza ensured that "Deewani Mastani" was a mixture of Classical and Contemporary". IndiaWest.com. සම්ප්‍රවේශය 1 July 2016.
  10. "Remo D'Souza praises Deepika for her perfection in Dance". සම්ප්‍රවේශය 18 June 2016.
  11. "It took ten days to shoot the song in the beautiful 'Aina Mahal' set created at the Film City, Mumbai". IndiaWest.com. සම්ප්‍රවේශය 1 July 2016.
  12. "Bajirao Mastani: Deepika Padukone reveals how Mughal-e-Azam was responsible for Deewani Mastani". IndiaToday.in. 18 October 2015. සම්ප්‍රවේශය 1 July 2016.
  13. "Sets of 'Deewani Mastani' being turned into a museum". The Times of India. සම්ප්‍රවේශය 3 November 2015.
  14. "Deewani Mastani launched in a grand event in Delhi, followed by a fashion show where Deepika Padukone turned show stopper for Anju Modi". The Indian Express. සම්ප්‍රවේශය 18 October 2015.
  15. "Bajirao Mastani Music Review". The Times Of India. සම්ප්‍රවේශය 11 December 2015.
  16. "Deewani Mastani on iTunes". iTunes. සම්ප්‍රවේශය 16 September 2015.
  17. "Deewani Mastani at Saavn". Saavn. සම්ප්‍රවේශය 16 September 2015.
  18. "Gaana Online Straming: Deewani Mastani". Gaana. සම්ප්‍රවේශය 25 November 2015.
  19. "Bajirao Mastani: Deepika Padukone's Anarkali avatar in 'Deewani Mastani' is gorgeous". FirstPost.com. සම්ප්‍රවේශය 20 October 2015.
  20. "Bajirao Mastani: I couldn't take my eyes off Deepika in Deewani Mastani, says Ranveer Singh". IndiaToday.in. සම්ප්‍රවේශය 24 October 2015.
  21. "Shreya Ghoshal can never go wrong when it comes to singing a tune beautifully, and so when she croons "Deewani Mastani"". BollywoodLife.com. සම්ප්‍රවේශය 25 November 2015.
  22. "Deepika Padukone, modern-day Madhubala?". Rediff.com. සම්ප්‍රවේශය 1 October 2015.
  23. ""Deewani Mastani" crosses 44 Million views". YouTube. සම්ප්‍රවේශය 18 October 2015.
  24. "BizAsia 2016 Concert Review: Shreya Ghoshal at London". Media247. සම්ප්‍රවේශය 8 May 2016.
  25. "Amitabh Bachchan praises Sanjay Leela Bhansali's 'Bajirao Mastani' music". The Indian Express. සම්ප්‍රවේශය 17 December 2015.
  26. "Music Review: Bajirao Mastani: Firstpost". Firstpost. සම්ප්‍රවේශය 27 November 2015.
  27. "Music Review: Bajirao Mastani: India-West". India-West. සම්ප්‍රවේශය 27 November 2015.
  28. "Music Review: Bajirao Mastani: Koimoi". Koimoi. සම්ප්‍රවේශය 7 December 2015.
  29. ""Deewani Mastani marked as Platinum Jubilee Song by the Mirchi Music Top 20 countdown"".
  30. "Shreya bags her 6th Filmfare Award for her mesmerising "Deewani Mastani" song". India.com. India.com. 15 January 2016. සම්ප්‍රවේශය 15 January 2016.
  31. "GIMA: Film Music Winners 2016". Global Indian Music Academy Awards. 12 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 April 2016.
  32. "Nominations 2016 - IIFA". International Indian Film Academy Awards. 27 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 May 2016.
  33. "IIFA 2016: Winners List". International Indian Film Academy Awards. සම්ප්‍රවේශය 25 June 2016.
  34. "Mirchi Music Awards 2015 Nominations". Mirchi Music Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  35. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 මාර්තු 2016. 19 අප්‍රේල් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 මැයි 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  36. "Winners of 63rd National Film Awards 2015" (PDF). Directorate of Film Festivals. සම්ප්‍රවේශය 28 March 2016.
  37. "TOIFA 2016: 'Bajirao Mastani' Bags 6 Awards, Celebs Have a Rocking Night". India-West. 21 March 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2016.
  38. Mehta, Ankita (10 March 2016). "TOIFA Awards 2016: Parineeti Chopra-Riteish Deshmukh to host event, SRK, Varun Dhawan to perform; list of nominees". International Business Time. 11 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2016.
  39. "Zee Cine Awards 2016: Shreya Ghoshal and Remo D'Souza bag nominations for "Deewani Mastani"". Daily News and Analysis. 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දීවානි_මස්තානි&oldid=485132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි