අල්බේලා සජන් ආයෝ රේ

විකිපීඩියා වෙතින්

අල්බේලා සජන් ආයෝ රේ යනු 1970 දශකයේ මුල් කාලයේ ඉන්දෝර් ඝරානාහි උස්තාද් සුල්තාන් ඛාන් විසින් ජනප්‍රිය කළ ගීතයකි.[1] උස්තාද් සුල්තාන් ඛාන් මෙය හම් දිල් දේ චුකේ සනම් බොලිවුඩ් චිත්‍රපටයේ ගායනා කළේ ශංකර් මහාදේවන් සහ කවිතා ක්‍රිෂ්ණමූර්ති සමගිනි.[2] මේකාල් හසන් සංගීත කණ්ඩායම විසින් ද මෙය ගායනා කළ අතර එය ඔවුන්ගේ 2009 ඇල්බමයක් වූ සප්තක් තුළ ඇතුළත් විය. සංජේ ලීලා භන්සාලිගේ බාජිරාඕ මස්තානි චිත්‍රපටය සඳහා ද ප්‍රතිනිර්මාණය වූ මෙය විවිධ ශිල්පීන් විසින් ගායනා කරන ලදී.[3] මෙම ගීතය අහිත් භෛරව් රාගය පාදක කොට ගෙන ඇත.

බාජිරාඕ මස්තානි චිත්‍රපට ප්‍රභේදය[සංස්කරණය]

"අල්බේලා සජන්"
ප්‍රියංකා චොප්රා නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක්
ගීතය ගයන්නේ ශෂී සුමන්, කුණාල් පණ්ඩිත්, පෘථිවි ගාන්ධර්ව්, කණිකා ජෝෂි, රාශි රාග්ගා සහ ගීතිකා මන්ජ්‍රේකාර්
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ16 දෙසැම්බර් 2015 (2015-12-16)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයහින්දුස්තානි සම්භාව්‍ය, ෆිල්මි
දිග3:29
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)සිද්ධාර්ත්-ගරීමා
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"අල්බේලා සජන්" යූ ටියුබ් වෙත

මෙම ප්‍රභේදයේ පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි. ශෂී සුමන්, කුණාල් පණ්ඩිත්, පෘථිවි ගාන්ධර්ව්, කණිකා ජෝෂි, රාශි රාග්ගා සහ ගීතිකා මන්ජ්‍රේකාර් යන ගායක ගායිකාවෝ මෙය ගායනා කළහ. බාජිරාඕ මස්තානි චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු බැවින් ගීත ද එම භාෂාවලින් ගැයිණි.

දෙමළෙන් "මන්නන් තිරුම්බුම් නාලඩ්"[4] නම් වූ මෙම ගීතයේ දෙමළ පද රචනය මදන් කාර්කි විසින් සිදුකරන ලදී. පායල් දේව්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි, අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර් සහ මණි අයියර් යන අය එය ගායනා කළහ. රාමජෝගයියා සාස්ත්‍රිගේ පද රචනයක් වන මෙහි තෙලිඟු ප්‍රභේදය "ජයේභේරි" නම් විය.[5] පායල් දේව්, ශෂී සුමන්, කුණාල් පණ්ඩිත්, පෘථිවි ගාන්ද්ගර්ව්, රාශි රාග්ගා, ගීතිකා මන්ජ්‍රේකාර් සහ කණිකා ජෝෂි එය ගායනා කළහ.

ඇගයුම්[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 මිර්චි සංගීත සම්මාන සංජේ ලීලා භන්සාලි වසරේ හොඳම රාග ආභාසය ලද ගීතය දිනාගති[6]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Sultan Khan, Indian Classical Musician, Dies at 71". The New York Times. 6 December 2011. සම්ප්‍රවේශය 22 February 2017.
  2. "NDTVMovies.com : Bollywood News, Reviews, Celebrity News, Hollywood news, Entertainment News, Videos & Photos". සම්ප්‍රවේශය 22 February 2017.
  3. https://itunes.apple.com/us/album/bajirao-mastani-original-motion/id1061063488?ign-mpt=uo%3D8
  4. "MANNAN THIRUMBUM NAALADI". සම්ප්‍රවේශය 13 October 2017.
  5. "Jayabheri - Sanjay Leela Bhansali". සම්ප්‍රවේශය 13 October 2017.
  6. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
"https://si.wikipedia.org/w/index.php?title=අල්බේලා_සජන්_ආයෝ_රේ&oldid=408615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි