ගජානනා

විකිපීඩියා වෙතින්
"ගජානනා"
රන්වීර් සිං නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක්
ගීතය ගයන්නේ සුඛ්වින්දර් සිං
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ15 සැප්තැම්බර් 2015 (2015-09-15)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයෆිල්මි
දිග3:34
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)ප්‍රශාන්ත් ඉන්ගෝලේ
Producer(s)
  • ශ්‍රේයාස් පුරාණික්
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"ගජානනා" යූ ටියුබ් වෙත

"ගජානනා" (හින්දි: गजानना) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ ශ්‍රේයාස් පුරාණික් විසිනි. එය ගායනා කරන්නේ සුඛ්වින්දර් සිං විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ ප්‍රශාන්ත් ඉන්ගෝලේ විසිනි.[3] මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "විනායකා" යනුවෙන් ද,[4] තෙලිඟු බසින් "ගජානනා" ලෙස ද[5] මුදාහැරිණි. දෙමළ සහ තෙලිඟු ප්‍රභේද සඳහා දිව්‍යා කුමාර්, අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර්, මණි අයියර්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි ගායනයෙන් දායක වූහ.

මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය මදන් කාර්කි විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය රාමජෝගයියා සාස්ත්‍රි[5] විසින් ද සිදුකරන ලදී.

ධ්වනිපථ ඇල්බමයේ පළමු ගීතය ලෙස මෙම "ගජානනා" ගීතය පූනේහි බාලේවාදි ක්‍රීඩාංගනයේ ශ්‍රී ශිව් ඡත්‍රපති ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් හි දී මුදාහැරුණේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජේ ලීලා භන්සාලි, රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන්ගේ සහභාගිත්වයෙනි.[6]

ඇගයුම්[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 මිර්චි සංගීත සම්මාන ශ්‍රේයාස් පුරාණික් වසරේ නැගී එන සංගීත නිර්මාපක නිර්දේශිත[7]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. "Bajirao Mastani (Original Motion Picture Soundtrack) - Sanjay Leela Bhansali". iTunes Store. 24 November 2015. සම්ප්‍රවේශය 13 October 2017.
  3. "Gajanana Lyricist". Eros International. සම්ප්‍රවේශය 13 October 2017.
  4. "Gajanana: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
  5. 5.0 5.1 "Gajanana: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
  6. ""Bajirao Mastani": Guinness world record for "Gajanana" track!". Zee News. 19 September 2015. සම්ප්‍රවේශය 19 September 2015.
  7. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගජානනා&oldid=408605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි