ආයත් (ගීතය)

විකිපීඩියා වෙතින්
"ආයත්"
දීපිකා පඩුකෝන් සහ රන්වීර් සිං නිරූපිත ගීතයේ පෝස්ටරයක්
ගීතය ගයන්නේ
  • අරිජිත් සිං
  • මුජ්තාබා අසීස් නාසා
  • ෂදාබ් ෆරීදි
  • අල්තමාෂ් ෆරීදි
  • ෆර්හාන් සබ්‍රි
බාජිරාඕ මස්තානි ඇල්බමයෙනි
භාෂාව
මුදාහැරුණේදෙසැම්බර් 16, 2015 (2015-12-16)
ආකෘතිය
ගණය
දිග4:22
ලේබලයඊරෝස් නව්
සංගීත අධ්‍යක්ෂ(යන්)සංජේ ලීලා භන්සාලි
පද රචක(යන්)
බාජිරාඕ මස්තානි track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"ආයත්" යූ ටියුබ් වෙත

"ආයත්" (සිංහල: "කුරාණයේ ගීතිකා") යනු බාජිරාඕ මස්තානි සංගීත ඇල්බමයේ ධ්වනිපථයේ ඇතුළත් ඉන්දියානු චිත්‍රපට ගීතයකි. "ආයත්" ‍යන වදන මෙම ගීතය තුළ භාවිතා කොට ඇත්තේ බාජිරාඕ තුළ මස්තානි කෙරෙහි වූ ආදරය "ආයත්" මෙන් මතක බව සඳහන් කරමිනි. මෙම ගීතය ගයනු ලබන්නේ අරිජිත් සිං විසින් වන අතර මෙහි කව්වාලි ස්වර කොටස් මුජ්තාබා අසීස් නාසා, ෂදාබ් ෆරීදි, අල්තමාෂ් ෆරීදි සහ ෆර්හාන් සබ්‍රි විසින් ගයනු ලබයි.[1] මෙය නිර්මාණය කරන ලද්දේ චිත්‍රපට නිර්මාණකරුවකු සහ සංගීත නිමැවුම්කරුවකු වන සංජේ ලීලා භන්සාලි විසිනි. මෙහි පද රචනය ඒ. එම්. ටුරාස් විසින් ද, කව්වාලි පද නිමැවුම නසීර් ෆරාස් විසින් ද සිදුකරන ලදී. ගීතයේ සංගීත වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් (මස්තානි) සහ නළු රන්වීර් සිං (බාජිරාඕ) රංගනයේ යෙදෙති.[2]

විචාරක පිළිගැනීම[සංස්කරණය]

ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්හි සුවාංශු ඛුරානා ලියා ඇත්තේ "අරිජිත් සිංගේ "ආයත් ප්‍රබල ඝසල් සහ අවම වෘන්දීයමය ගුණවලින් යුත් බවත්, එය සිංගේ හඬට දිස්නයක් ගෙනෙන බවත් ය. කව්වාලියෙහි අතුරු නිර්මාණයක් වන මෙය උචිත බවත් ය".[3]

Aayat Music From Bajirao Mastani සංරක්ෂණය කළ පිටපත 2022-10-27 at the Wayback Machine My lyrics for free ‍ ආශ්රේයයන්[සංස්කරණය]

  1. "Aayat from Bajirao Mastani: Did the song just reveal the climax?". Daily News and Analysis. සම්ප්‍රවේශය 17 April 2017.
  2. "Aayat-Bajirao Mastani Song". LyricsMint. සම්ප්‍රවේශය 16 April 2017.
  3. Suanshu Khurana (28 November 2015). "Bajirao Mastani Music Review". Indian Express. සම්ප්‍රවේශය 16 April 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ආයත්_(ගීතය)&oldid=591361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි