මූඝල්-ඉ-අසාම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මූඝල්-ඉ-අසාම්
Mughal-e-Azam.jpg
සිනමාහල් පෝස්ටරයක්
හින්දිमुग़ले आज़म
අධ්‍යක්ෂණයකේ. අසී‍ෆ්
නිෂ්පාදනයෂාපූර්ජි පල්ලෝන්ජි
රචනයඅමන්
කමල් අම්රෝහි
කේ. අසී‍ෆ්
වජාහත් මීර්සා
ඒහ්සන් රිස්වි
රංගන ශිල්පීන්ප්‍රිත්විරාජ් කපූර්
දිලීප් කුමාර්
මධුබාලා
දුර්ගා ඛෝටේ
සංගීතයනෞෂාද්
සිනෙමාරූපණයආර්. ඩී. මාථූර්
සංස්කරණයධරම්වීර්
චිත්‍රාගාරයස්ටර්ලිං ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන්
නිකුත්වූ දිනය(න්)1960 අගෝස්තු 5
දිවෙන කාලයමිනිත්තු 197
රටඉන්දියාව
භාෂාව
පිරිවැයINR මිලියන 10.5–15
ආදායමINR මිලියන 55

මූඝල්-ඉ-අසාම් (සිංහල: මූඝල්වරුන්ගේ අධිරජ) යනු කේ. අසීෆ් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1960 ඉන්දියානු වීරකථා ඓතිහාසික නාට්‍ය චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ෂාපූර්ජි පල්ලෝන්ජි විසිනි. ප්‍රිත්විරාජ් කපූර්, දිලීප් කුමාර්, මධුබාලා, සහ දුර්ගා ඛෝටේ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙමගින් නිරූපණය වන්නේ, මූඝල් කුමරකු වූ සලීම් (අනාගත ජහාන්ගීර් අධිරාජයා) සහ මාලිග නළඟනක වූ අනාර්කලී අතර ඇතිවන පෙම් සබඳතාවයයි. සලීම්ගේ පියා වන අක්බර් මෙම සබඳතාව අනුමත නොකරන අතර, ඒ නිසා පිය පුතු දෙපළ අතර යුද්ධය්ක ඇතිවේ.

මූඝල්-ඉ-අසාම් ගොඩනැගීමේ කටයුතු 1944දී ආරම්භ වූයේ අසීෆ් අක්බර් අධිරාජයාගේ රාජ්‍ය සමය (1556–1605) පිළිබඳ ගෙතුණු නාට්‍යයක් කියවන අතරතුර ය. එහි නිෂ්පාදනය මූල්‍ය අවිනිශ්චිතතා නිසා ප්‍රමාද කෙරිණි. 1950 දශකයේ මෙහි ප්‍රධාන ඡායාරූපකරණය ඇරඹීමට පෙර, මෙම ව්‍යාපෘතියට අනුග්‍රාහකයකු නොවූ අතර, නළු කැළ සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදු විය. පෙර කිසිදු ඉන්දියානු චිත්‍රපටයකට වඩා මූඝල්-ඉ-අසාම් චිත්‍රපටයට අධික මුදලක් වැය විය. මෙහි එක් ගීත ජවනිකාවක් සඳහා වූ පිරිවැය එකල සම්පූර්ණ චිත්‍රපටයක්ම සඳහා වූ පිරිවැය ඉක්මවා ගියේ ය. සම්භාව්‍ය සහ ජන සංගීතයේ ආභාසය ලද මෙහි ධ්වනිපථය ගීත 12කින් සමන්විත අතර, ලතා මංගේෂ්කාර් සහ සම්භාව්‍ය ගායක බා‍ඩේ ඝුලාම් අලි ඛාන් වැනි පිළිවැයුම් ගායන ශිල්පීහු එය හඬ මුසුකළහ. මෙය බොලිවුඩ් සිනමා ඉතිහාසයේ අනර්ඝතම නිර්මාණයක් ලෙස සැලකේ.

මූඝල්-ඉ-අසාම් එකල පැවති සෑම ඉන්දියානු චිත්‍රපටයකටම වඩා පුළුල් මුදාහැරීමක් සතු විය. නරඹන්නන්ට ප්‍රවේශපත් ලබාගැනීමට දවස පුරාම පෝළිමේ සිටින්නට සිදු විය. 1960 අගෝස්තු 5 දින මුදාහළ මෙම චිත්‍රපටය ඉන්දියාවේ සියලු බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳ හෙළමින් සර්වකාලීන ඉළම ආදායම් ලද බොලිවුඩ් චිත්‍රපටය බවට පත් විය. එම වාර්තාව වර්ෂ 15ක් මෙම චිත්‍රපටය සතුව පැවතීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය ලද සම්මාන අතර ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක් වේ. ඩිජිටල් වර්ණගැන්වූ ප්‍රථම කළු-සුදු හින්දි චිත්‍රපටය වන්නේ ද මූඝල්-ඉ-අසාම් ය. එසේම එය එසේ නැවත-ප්‍රදර්ශනය ඇරඹූ ලොව ප්‍රථම චිත්‍රපටය ද වේ. 2004 නොවැම්බර් මස මුදාහරින ලද මෙහි වර්ණගැන්වූ ප්‍රභේදය ද ආර්ථික අතින් සාර්ථක විය.

ඉන්දීය සිනමාවේ මුවිශේෂී මංසලකුණක් ලෙස සැලකෙන මෙම චිත්‍රපටය එහිවූ ශ්‍රීවිභූතිය සහ සවිස්තරාත්මකභාවය නිසා ප්‍රශංසාවට පත් විය. චිත්‍රපට විද්වතුන් පවා මෙහි තේමා අගය කළ ද, එහි ඓතිහාසික නිවරද්‍යාතාව ගටැලුවක්ව පවතියි.

කථාපුවත[සංස්කරණය]

බාහිර පින්තූර
මූඝල්-ඉ-අසාම් සහ එහි කථා විස්තරවල පින්තූර

අක්බර් (ප්‍රිත්විරාජ් කපූර්) අධිරාජයාට උරුමකරුවකු නොවන හෙයින් ඔහු ආශ්‍රමයක් වෙත ගොස් යාඥා කරන්නේ සිය බිසව වන ජෝධාබායි (දුර්ගා ඛෝටේ) හට පුතකු ලැබේවායි යන ප්‍රාර්ථනයත් සමගයි. පසුව, අධිරාජයාගේ පුත්‍රයාගේ උපත පිළිබඳ සේවිකාවක රජුට සැලකරයි. සිය යාඥාව සඵල වීම පිළිබඳ සතුටට පත්වන අක්බර් සේවිකාවට සිය මුදුව ලබාදී ඇයට ඇය ඉල්ලන ඕනෑම දෙයක් ලබාදෙන්නට එකඟ වෙයි.

අධිරාජයාගේ පුත්‍රයා වන සලීම් කුමරු වැඩී හිතුවක්කාර, දොඩමළු සහ ආත්මාර්ථකාමී පුද්ගලයකු බවට පත්ව සිටියි. ඔහුගේ පියා ඔහුව යුද්ධයට යවන්නේ ධෛර්යය සහ විනය ඔහුට වටහා දීම සඳහායි. වසර දාහතරකට පසු, සලීම් විශේෂ සොල්දාදුවකු (දිලීප් කුමාර්) බවට පත්වී ඇති අතර, ඔහු මාලිග නළඟනක වන නදීරාට පෙම්කරයි. අධිරාජයා විසින් ඇයව දෙළුම් කැකුළ යන අරුතැති අනාර්කලී (මධුබාලා) ලෙස නම්කරයි. මෙම සම්බන්ධතාව ඊර්ෂ්‍යාකාර ඉහළ පෙළේ නළඟනක වන බහාර් (නිගාර් සුල්තානා) හට දැනගන්නට ලැබෙයි. බහාර්ට අවශ්‍ය වන්නේ කුමරුන් තමන්ට පෙම් කරනු දැකීමටයි. එවිට ඇයට යම්දිනෙක රැජිනක වනු හැකිවේ. නමුත් සලීම්ගේ ප්‍රේමය හිමි කරගැනීමට අපොහොසත් වන ඇය අනාර්කලී සහ ඔහු අතර ඇති අනියම් සම්බන්ධතාව හෙලි කරයි. සලීම් ඇයව විවාහ කරදෙන මෙන් සිය පියාගෙන් ඉල්ලා සිටිය ද, අක්බර් අධිරාජයා එය ප්‍රතික්ෂේප කොට ඇයව සිරගත කරයි. ඒ අනුව අක්බර්ගේ නියෝගය පරිදි අනාර්කලී ද සලීම්ව ප්‍රතික්ෂේප කරයි.

කැරලි ගසන සලීම් හුමදාවක් රැස් කරන්නේ අක්බර් සමග සටන්කොට අනාර්කලීව මුදවා ගැනීමටයි. සටනින් පරාජය වන සලීම්ට මරණ දඬවුම නියම කෙරේ. නමුත් කොන්දේසියක් ඉදිරිපත් වන්නේ දැනට පලාගොස් සැඟවී සිටින අනාර්කලී ඔහු වෙනුවට මරණ දඬුවම භාරගන්නේ නම් සලීම්ව මුදවාලන බවයි. කුමරුගේ දිවි රැක ගැනීමට අනාර්කලී අධිරාජයාට භාර වෙයි. ඇයට මරණ දඬුවම ලෙස නියම වන්නේ පණපිටින් සොහොනෙහි සරකරන ලෙසයි. නමුත් සිය දඬුවම ක්‍රියාත්මක වීමට පෙර, ඇය සලීම් සමග පැය කිහිපයක් ගත කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියි. එම ඉල්ලීමට අවසර ලැබෙන අතර, ඇය සලීම්ට නිද්‍රාකාරක ඖෂධයක් ලබාදෙන්නේ ඇගේ දඬුවමට මැදිහත් නොවීම සඳහායි. අනාර්කලී වටා බිත්තියක් බඳිමින් ඇති අතර, අනාර්කලීගේ මව අක්බර් වෙත පැමිණ ඔහුගේ ප්‍රතිඥාව සිහි ගන්වයි. අනාර්කලීගේ මව අක්බර්ට සලීම්ගේ උපත සැලකළ සේවිකාවයි. අනාර්කලීගේ මව සිය දියණියගේ දිවිය බේරා දෙන මෙන් ඉල්ලා සිටියි. අධිරාජයාට ඇයව නිදහස් කිරීමට අවශ්‍ය වුවත්, එය කළ නොහැකි වන්නේ එය රට වෙනුවෙන් සිය යුතුකමක් වන නිසායි. එම නිසා ඔහු ඇයව ඇගේ මව සමගින් රහසේම පිටුවහල් කරයි. නමුත් ඔවුන් දෙදෙනාට අප්‍රකට දිවි ගෙවන ලෙසට නියෝග කරයි. අනාර්කලී තවමත් ජීවත්ව සිටින බව සලීම් කිසිදින දැනගත්තේ නැත.

චරිත නිරූපණය[සංස්කරණය]

සංගීතය[සංස්කරණය]

මූඝල්-ඉ-අසාම්
ධ්වනිපථය නෞෂාද් විසිනි
නිකුත් වූයේ1960
ගණයචිත්‍රපට ධ්වනිපථය
කාලය49:02
ලේබලයඊඑම්අයි රෙකෝඩ්ස්
නිෂ්පාදකනෞෂාද්
නෞෂාද් කාලානුක්‍රමය
කොහිනූර්
(1960)
මූඝල්-ඉ-අසාම්
(1960)
ගංගා ජමුනා
(1961)

මෙහි ධ්වනිපථය නිමවන ලද්දේ සංගීත අධ්‍යක්ෂක නෞෂාද් විසින් වන අතර, පද රචනය සිදුකරන ලද්දේ ශකීල් බදායුනි විසිනි. චිත්‍රපටය පිළිබඳ අදහස පහළ වීමෙන් පසු, අසීෆ් නෞෂාද් හමුවීමට ගොස් මුදල් පිරි බ්‍රීෆ්කේසයක් දී පැවසූයේ මූඝල්-ඉ-අසාම් සඳහා "අනුස්මරණීය සංගීතයක්" ගොඩනගන ලෙසයි. මෙලෙස මුදල් ලබාදීම නිසා කෝපයට පත් නෞෂාද් මුදල් නෝට්ටු ජනේලයෙන් ඉවතට විසි කළේ ය. මෙය ඔුහගේ බිරියගේ විස්මයට හේතු විය. අනතුරුව ඇය මේ දෙදෙනා නැවත සමාදාන කරවූවා ය. අසීෆ් සමාව ඉල්ලා සිටි අතර, නෞෂාද් මෙම චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කිරීම භාරගත්තේ ය.[1]

නෞෂාද්ගේ බොහෝ ධ්වනිපථ සේම මූඝල්-ඉ-අසාම් ගීත ද ප්‍රධාන වශයෙන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය සහ ජන සංගීතයේ ආභාසය ලද ඒවා විය. විශේෂයෙන්ම දර්බාරි, දුර්ගා වැනි රාග "ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා" ගීතය සඳහා භාවිතා වී ඇත.[2] කේදාර් රාගය "බෙකාස් පේ කරම් කීජෙයේ" ගීතය තුළ භාවිතා වී ඇත.[3] සිය සංගීතයට විභූතියක් ගෙනදීම සඳහා ඔහු අතිශයින්ම සංධ්වනික වාද්‍ය වෘන්දයක් භාවිතයට ගෙන ඇත.[4] සම්පූර්ණ ගීත 12කින් සමන්විත ධ්වනිපථය පිළිවැයුම් ගායකයින් සහ සම්භාව්‍ය සංගීත කලාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණය විය. ආසන්න වශනේ මෙම ගීත චිත්‍රපටයේ ධාවන කාලයෙන් තුනෙන් එකක් පමණ වේ.[5]

පථ ලැයිස්තුකරණය[සංස්කරණය]

සියලු පද රචනා සිදුකරන ලද්දේ ශකීල් බදායුනි, සියලු සංගීත නිර්මාණ සිදුකරන ලද්දේ නෞෂාද්.

අංකය. ගීතයගායක(යින්) කාලය
1. "මෝහේ පන්ඝත් පේ"  ලතා මංගේෂ්කාර් සහ ගායන වෘන්දය 4:02
2. "ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා"  ලතා මංගේෂ්කාර් සහ ගායන වෘන්දය 6:21
3. "මොහබ්බත් කි ජූටි"  ලතා මංගේෂ්කාර් 2:40
4. "හමේන් කාෂ් තුම්සේ මොහබ්බත්"  ලතා මංගේෂ්කාර් 3:08
5. "බෙකාස් බේ කරම් කීජෙයේ"  ලතා මංගේෂ්කාර් 3:52
6. "තේරි මෙහ්ෆිල් මේන්"  ලතා මංගේෂ්කාර්, ෂම්ෂාද් බෙගම් සහ ගායන වෘන්දය 5:05
7. "යේ දිල් කි ලගි"  ලතා මංගේෂ්කාර් 3:50
8. "ඒ ඉෂ්ක් යේ සබ් දුනියාවාලේ"  ලතා මංගේෂ්කාර් 4:17
9. "ඛුදා නිගේබාන්"  ලතා මංගේෂ්කාර් 2:52
10. "ඒ මොහබ්බත් සින්දාබාද්"  මොහම්මද් රාෆි සහ ගායන වෘන්දය 5:03
11. "ප්‍රේම් ජෝගන් බාන් කේ"  බාඩේ ඝුලාම් අලි ඛාන් 5:03
12. "ශුභ් දින් ආයෝ රාජ් දුලාරා"  බාඩේ ඝුලාම් අලි ඛාන් 2:49
සම්පූර්ණ දිග:
49:02

පිළිගැනීම[සංස්කරණය]

සම්මාන[සංස්කරණය]

1961 ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී මූඝල්-ඉ-අසාම් හොඳම හින්දි වෘත්තාන්ත චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි කරගත්තේ ය.[6] 1961 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී මූඝල්-ඉ-අසාම් පහත ප්‍රවර්ග හත යටතේ නිර්දේශ හිමි කරගත්තේ ය: හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක (අසීෆ්), හොඳම නිළිය (මධුබාලා),[7] හොඳම පිළිවැයුම් ගායිකාව (මංගේෂ්කාර්), හොඳම සංගීතය (නෞෂාද්),[8] හොඳම සිනෙමාරූපණය (මාථූර්), සහ හොඳම දෙබස් (අමන්, වජාහත් මීර්සා, කමාල් අම්රෝහි සහ එෂාන් රිස්වි). එහි දී හොදම චිත්‍රපටය, හොඳම සිනෙමාරූපණය සහ හොඳම දෙබස් සඳහා වූ සම්මාන මෙම චිත්‍රපටයට හිමි විය.[9][10]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Music mogul". Hindustan Times. 2 June 2007. සම්ප්‍රවේශය 12 June 2012. 
  2. "The last Mughal of film music". Hindustan Times. 6 May 2006. සම්ප්‍රවේශය 25 April 2013. At the time of premiere of the coloured version of Mughal-e-Azam, he had stated that today's generation should be acquainted with the classical Indian music. In that epic film, he had used Raga Darbari and Raag Durga to compose various songs like the immortal Pyar Kiya To Darna Kya සැකිල්ල:Subscription required
  3. "The breath of God blows through music". Hindustan Times. 30 March 2007. සම්ප්‍රවේශය 25 April 2013. I managed a song in my beloved Raag Kedar, which is Hamir Kalyani in Carnatic music. It was Bekas pe karam kijiye, Sarkar-e-Madina from Mughal-e-Azam. සැකිල්ල:Subscription required
  4. Morcom 2007, p. 144.
  5. Gokulsing & Dissanayake 2013, p. 273.
  6. "8th National Film Awards" (PDF). International Film Festival of India. සම්ප්‍රවේශය 28 August 2011. 
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; let නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. "Naushad: Composer of the century". Rediff. 8 May 2006. සම්ප්‍රවේශය 30 July 2012. 
  9. "Filmfare Award Winners 1961 – 8th (Eighth) Filmfare Popular Awards". Awardsandshows.com. සම්ප්‍රවේශය 30 July 2012. 
  10. "Filmfare Best Cinematography Award — Filmfare Award Winners For Best Cinematography". Awardsandshows.com. සම්ප්‍රවේශය 30 July 2012. 

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:National Film Award Best Feature Film Hindi සැකිල්ල:FilmfareAwardBestFilm 1961–1980

"https://si.wikipedia.org/w/index.php?title=මූඝල්-ඉ-අසාම්&oldid=409903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි