නීති මෝහන්
Appearance
නීති මෝහන් | |
---|---|
උපත | 18 නොවැම්බර් 1979[1][2] දිල්ලි, ඉන්දියාව |
රැකියාව |
|
සක්‍රීය වසර | 1980–වර්තමානය |
කලත්‍රයා(යන්) | නිහාර් පාණ්ඩ්‍යා (වි. 2019) |
ඥාතීන් | ශක්ති මෝහන් (සහෝදරිය) කෘති මෝහන් (සහෝදරිය) මුක්ති මෝහන් (සහෝදරිය) |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
වාද්‍ය භාණ්ඩ | හඬ |
නීති මෝහන් (උපත 1979 නොවැම්බර් 18) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායිකාවකි. ඇය ප්‍රධාන වශයෙන්ම හින්දි චිත්‍රපට සඳහා ගායනයෙන් දායක වුවත්, මරාඨි, දෙමළ, තෙලිඟු, කන්නඩ, බෙංගාලි, පන්ජාබි, සහ ඉංග්‍රීසි භාෂාවලින් ද ගායනයෙන් දායක වී ඇත. දිල්ලියෙහි උපන් ඇය, චැනල් වී නාලිකාවේ පොප්ස්ටාර්ස් රියලිටි වැඩසටහනේ ජයග්‍රාහිකාවකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ "ඉෂ්ක් වාලා ලව්" නැමැති ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් (2012) චිත්‍රපටයේ ගීතය නිසායි. ඒ උදෙසා ඇයට නව සංගීත කුසලතාව සඳහා ෆිල්ම්ෆෙයාර් ආර්ඩී බර්මන් සම්මානය හිමි වූ අතර, ජබ් තක් හේ ජාන් (2012) චිත්‍රපටයේ "ජියා රේ" ගීතය වෙනුවෙන් ඇය හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය උදෙසා නිර්දේශ විය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Tuli, Aanchal (1 April 2017). "Our house was like a girls' boarding school, says singer Neeti Mohan". Hindustan Times. සම්ප්‍රවේශය 27 November 2017.
- ^ Singh, Anjuri Nayar (13 July 2017). "Neeti Mohan on getting negative comments on her songs: Not here to please everyone". Hindustan Times. සම්ප්‍රවේශය 27 November 2017.
බාහිර සබැඳි
[සංස්කරණය]Neeti Mohan හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- නීති මෝහන් සඳහා IMDb හි ඇති තොරතුරු