මල්හාරි (ගීතය)

විකිපීඩියා වෙතින්
"මල්හාරි"
රන්වීර් සිං නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක්
ගීතය ගයන්නේ විශාල් දඩ්ලානි
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ29 නොවැම්බර් 2015 (2015-11-29)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයෆිල්මි
දිග4:05
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)ප්‍රශාන්ත් ඉන්ගෝලේ
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"මල්හාරි" යූ ටියුබ් වෙත

"මල්හාරි" (හින්දි: मल्हारी) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ විශාල් දඩ්ලානි විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ ප්‍රශාන්ත් ඉන්ගෝලේ විසිනි.[3] ගීතයේ වීඩියෝවෙහි ‍රන්වීර් සිං රංගනයේ යෙදෙයි. මෙහි නර්තන රචනය සිදුකරන ලද්දේ ගනේෂ් ආචාර්ය විසිනි.[4] මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "තඩක්කු තඩක්කු" යනුවෙන් ද,[5] තෙලිඟු බසින් "මහාලිංගා" ලෙස ද[6] මුදාහැරිණි. මෙහි හින්දි ප්‍රභේදය 2015 නොවැම්බර් 29 දින නිකුත් කෙරිණි. දෙමළ සහ තෙලිඟු ප්‍රභේද සඳහා දිව්‍යා කුමාර්, අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර් සහ මණි අයියර් ගායනයෙන් දායක වූහ.

මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය මදන් කාර්කි විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය රාමජෝගයියා සාස්ත්‍රි විසින් ද සිදුකරන ලදී.

ඇගයුම්[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 සී සිනෙ සම්මාන ගනේෂ් ආචාර්ය හොඳම නර්තන රචනය දිනාගති[7]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. "Bajirao Mastani (Original Motion Picture Soundtrack) - Sanjay Leela Bhansali". iTunes Store. 24 November 2015. සම්ප්‍රවේශය 13 October 2017.
  3. "Malhari Lyricist". Eros International. සම්ප්‍රවේශය 13 October 2017.
  4. "Bajirao Mastani's victory anthem 'Malhari' will leave you spellbound!". Daily News and Analysis. සම්ප්‍රවේශය 13 October 2017.
  5. "Malhari: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
  6. "Malhari: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 11 October 2017.
  7. "Zee Cine Awards 2016: Shreya Ghoshal and Remo D'Souza bag nominations for "Deewani Mastani"". Daily News and Analysis. 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2017. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මල්හාරි_(ගීතය)&oldid=408613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි