දොං යී (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
(දොං යි (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
දොං යි
දොං යි ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේJewel in the Crown (කිරුළෙහි මාණික්‍යය)
ප්‍රභේදයප්‍රේම වෘත්තාන්ත
නාට්‍ය
ඓතිහාසික
රචනය කලේකිම් යි-යොං
අධ්‍යක්ෂණය කලේලී බ්යුං-හූන්
කිම් සං-හ්යුබ්
රඟපෑමහන් හ්‍යෝ-ජූ
ජී ජින්-හී
ලී සො-යොන්
බේ සූ-බින්
ඇරඹුම් තේමාවසිහින මාවතක ඇවිදීම, ජං නා-රා විසින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන60
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)කිම් හෝ-යොං
ආන් සියුං-ගක්
නිෂ්පාදක(යෝ)ලී සේ-ජූං
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයසදුදා සහ අගහරුවාදා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව (MBC)
මුල් ධාවනය22 මාර්තු 2010 (2010-03-22) – 12 ඔක්තෝබර් 2010 (2010-10-12)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේPasta
අනුගමනය වනුයේQueen of Reversals
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්동이
හන්ජා同伊
ප්‍රතිශෝධිත රෝමානුකරණයDong-i (දොං-ඊ)
මැකූන්–‍රයිෂවර්Tong-i (තොං-ඊ)

දොං යි (කොරියානු동이; හන්ජා同伊) යනු 2010 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ‍ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.. එහි ප්‍රධාන චරිත නිරූපණය හන් හ්‍යෝ-ජූ, ජි ජින්-හී, ලී සො-යොන් සහ බේ සු-බින් විසින් සිදුකරන ලදී.[1] ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජු සහ චෝයි සුක්-බින් හෙවත් හෙවත් දොංයී බිසවගේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වූ මෙය MBC ආයතනය විසින් 2010 වර්ෂයේ මාර්තු 22 දින සිට ඔක්තෝබර් 12වන දින දක්වා විකාශය කරන ලදී. එහිදී එය කථාංග 60ක් පුරාවට සදුදා සහ අගහරුවාදා දිනවල 21:55ට විකාශය විය.[2][3]

එරට- 20% සිට 30% අතර ප්‍රමාණයෙන් ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් 'තේ ය.[4] මෙහිදී සිය රංගන දක්ෂතාවය උදෙසා හන් සම්මාන දිනා ගත්තා ය.. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිංහලෙන් හඩකවා “අභීත දියණිය” යන නාමය යටතේ 2013 පෙබරවාරි 12වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම නාට්‍යය විකාශය කරන ලදී.

කථා සාරාංශය[සංස්කරණය]

මෙම කථාව ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජ කාලයට අයත් එකකි. මෙයට පාදක වී ඇත්තේ චෝයි සුක්-බින් උපබිසව නම් ඓතිහාසික චරිතයයි. කථාවේ ප්‍රධාන චරිතය දොං යි නම් වාද්‍ය අංශයේ සේවය කළ වහල් සේවිකාවයි. ඇයගේ උදාර පෞරුෂයත්, අවංකත්වයත්, දක්ෂතාවයත් නිසා ඇය හට මාලිගයේ නොයෙකුත් දුෂ්කර ගැටලු විසඳීමට හැකි වේ. මෙමඟින් ඇයට, පහත් කුලයක ඉපිද රජ බිසවක් බවට පත් වූ මාලිගයේ ප්‍රථම කාන්තාව බවට පත්වීමේ භාග්‍යය හිමි වේ.

දුෂ්කර ගැටලුවක් විසඳන විට ඇයට මාලිගයේ විනිසුරුවරයකු ලෙස වෙස් වලාගෙන සිටි රජතුමාව හමු වේ. රජු විනිසුරුවරයෙකැයි සිතා සිටි ඇයගේ සැලකීම නිසා රජු ඇය සමග ප්‍රේමයෙන් බැ‍‍‍‍දෙයි. . එසේම ඇය ඉන්හ්යොන් අගබිසවගේද සිත දිනා ගැනීමට සමත්වන අතර ජෑං හී-බින් හෙවත් ඔක්ජෝං බිසවද ඇයට හමු වෙයි. (එහෙත් මුලදී ජෑං ඔක්ජෝං බිසව දොං යීගේ මිතුරියක් වුවද පසුව දොං යීගේ ප්‍රතිවාදියා බවට පත් වන්නේද ඇයයි.)

ඇය පහත් පන්තිකයන්ට සාධාරණය ඉටු කිරීමට ගවේෂණයේ යෙදෙන විට ඇයට බොහෝ මිතුරන් හමු වේ. චා චුන්-සූ (ඇගේ අයියා ලෙස පැවසුණද ලේ ඥාතියකු නොවේ), සියෝ යොං-ගී නම් ආරක්ෂක ප්‍රධානීතුමා සහ විමර්ශන පාලිකාවන් දෙදෙනෙකු වූ ජුං පාලිකාව හා බොං පාලිකාව ඒ අතරින් කිහිප දෙනෙකි.

අවසානයේ දොංයී රාජකීය ප්‍රධාන උප බිසව හෙවත් “සුක්-බින්” තනතුරට පත් වේ. ඇය විසින් බිහි කරන කුමරා ජෝසුන් රාජවංශයේ 21වන රජු වූ යොංජෝ කුමරුයි. එනම් සහල් බහාලුමක් තුළ සිර කර මරණයට පත් කළ කිරුළහිමි සදෝ කුමරුගේ පියාණන් ය. තවත් අයුරකින් කියතොත් යි සන් කුමරුගේ මුත්තණුවන් ය..

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය රංගනය[සංස්කරණය]

ඇගයීම් (Ratings)[සංස්කරණය]

කථාංගය මුල් විකාශන දිනය TNMS ඇගයීම්[8]
දීපව්‍යාප්ත සෝල් පුරවර පෙදෙස
1 2010 මාර්තු 22 11.4% 12.9%
2 2010 මාර්තු 23 11.5% 12.6%
3 2010 මාර්තු 29 11.8% 12.9%
4 2010 මාර්තු 30 12.3% 13.4%
5 2010 අප්‍රේල් 5 15.3% 16.4%
6 2010 අප්‍රේල් 6 14.2% 15.2%
7 2010 අප්‍රේල් 12 17.2% 18.9%
8 2010 අප්‍රේල් 13 17.2% 18.5%
9 2010 අප්‍රේල් 19 19.0% 20.4%
10 2010 අප්‍රේල් 20 19.7% 21.3%
11 2010 අප්‍රේල් 26 21.6% 23.5%
12 2010 අප්‍රේල් 27 22.5% 24.5%
13 2010 මැයි 3 22.9% 25.2%
14 2010 මැයි 4 20.4% 21.9%
15 2010 මැයි 10 25.8% 27.9%
16 2010 මැයි 11 28.5% 30.8%
17 2010 මැයි 17 25.0% 27.1%
18 2010 මැයි 18 25.6% 27.3%
19 2010 මැයි 24 24.1% 26.2%
20 2010 මැයි 25 23.8% 26.0%
21 2010 මැයි 31 25.1% 27.7%
22 2010 ජූනි 1 26.6% 29.3%
23 2010 ජූනි 7 28.1% 30.9%
24 2010 ජූනි 8 30.3% 33.2%
25 2010 ජූනි 14 31.0% 33.3%
26 2010 ජූනි 15 33.1% 35.6%
27 2010 ජූනි 21 29.1% 31.0%
28 2010 ජූනි 22 30.1% 32.6%
29 2010 ජූනි 28 31.1% 32.8%
30 2010 ජූනි 29 31.9% 33.8%
31 2010 ජූලි 5 30.8% 33.3%
32 2010 ජූලි 6 31.3% 33.8%
33 2010 ජූලි 12 29.1% 31.1%
34 2010 ජූලි 13‍ 29.7% 31.7%
35 2010 ජූලි 19 27.6% 30.0%
36 2010 ජූලි 20 29.4% 32.0%
37 2010 ජූලි 26 28.8% 31.2%
38 2010 ජූලි 27 30.6% 33.3%
39 2010 අගෝස්තු 2 23.9% 25.8%
40 2010 අගෝස්තු 3 23.1% 25.0%
41 2010 අගෝස්තු 9 23.7% 25.9%
42 2010 අගෝස්තු 10 23.2% 25.2%
43 2010 අගෝස්තු 16 23.3% 25.0%
44 2010 අගෝස්තු 17 24.8% 26.6%
45 2010 අගෝස්තු 23 24.7% 26.5%
46 2010 අගොස්තු 24 26.8% 29.3%
47 2010 අගෝස්තු 30 30.7% 33.0%
48 2010 අගෝස්තු 31 30.3% 32.5%
49 2010 සැප්තැම්බර් 6 29.5% 31.8%
50 2010 සැප්තැම්බර් 7 28.6% 30.7%
51 2010 සැප්තැම්බර් 13 26.4% 28.8%
52 2010 සැප්තැම්බර් 14 27.0% 29.8%
53 2010 සැප්තැම්බර් 20 23.0% 25.5%
54 2010 සැප්තැම්බර් 21 20.2 % 21.1%
55 2010 සැප්තැම්බර් 27 25.7% 28.3%
56 2010 සැප්තැම්බර් 28 23.6% 25.7%
57 2010 ඔක්තෝබර් 4 20.9% 23.2%
58 2010 ඔක්තෝබර් 5 20.3% 22.2%
59 2010 ඔක්තෝබර් 11 24.9% 27.9%
60 2010 ඔක්තෝබර් 12 22.3% 24.2%
සාමාන්‍යය 24.5% 26.5%

නිෂ්පාදනය[සංස්කරණය]

මෙහි පිටපත සකසන ලද්දේ කිම් යි-යොං විසිනි. මෙය කළමනාකරණය කරන ලද්දේ ලීඩර්ස් කන්ටෙන්ට්ස් කම්පනි සමාගම විසිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය කොරියානු ටෙලිසිත්තමක් වූ “දේ ජං-ගුම්” නාට්‍යය අධ්‍යක්ෂණය කළ ලී බ්යුං-හූන් විසිනි.[9]

මෙහි රූගත කිරීම් සිදු වූයේ ග්යොංගි පළාතේ චෝයින්-ගුහි, යොංගින්-සි හි පිහිටි MBC ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මා‍නයේ ය. මූන් එම්බ්‍රසිං ද සන්, ජුමොං සහ ක්වීන් සොන්දොක් වැනි නාට්‍ය රූගත වූයේ ද මෙහිදී ය.[10]

සම්මාන[සංස්කරණය]

2010 3වනකොරියානු නාට්‍ය සම්මාන උළෙල
2010 MBC නාට්‍ය සම්මාන උළෙල[11]
2011 1වන හොංකොං කේබල් TV සම්මාන
2011 47වන බෙක්සං කලා සම්මාන[12]

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

රට මාධ්‍ය ජාල(ය) ආරම්භක විකාශය තේමාව
 තායිලන්තය චැනල් 3 2011 නොවැම්බර් ทงอี จอมนางคู่บัลลังก์ (Dong Yi Cxm Nāng Khū̀ Bạllạngk̒)
 බුරුමය 5SERIES TV 2012 පෙබරවාරි နန္းတြင္ပံုျပင္ (මාලිගයේ පුවතක්)
 තුර්කිය TRT 1 2012 පෙබරවාරි Sarayın İncisi
 මොංගෝලියාව ටීවී5 2012 නොවැම්බර් Дун-И (දුන්-ඊ)
 ශ්‍රී ලංකාව ජාතික රූපවාහිනිය 2013 පෙබරවාරි අභීත දියණිය
 ඉරානය චැනල් 3 2012 دونگی (දුංඉ)
 පිලිපීනය ජීඑම්ඒ නෙට්වර්ක් 2011 නොවැම්බර් දොං-යි
 සිංගප්පූරුව Oh!K 2014 ඔක්තෝබර් දොංයි: ජුවල් ඉන් ද ක්‍රවුන්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Lee, Ji-hye (7 May 2010). "Han Hyo-joo says she "hold fast" to her role in Dong Yi". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.
  2. Han, Sang-hee (21 March 2010). "Will Dong-yi Become Next Jewel in the Palace?". The Korea Times. සම්ප්‍රවේශය 2013-08-07.
  3. Oh, Jean (22 March 2010). "Upbeat rom-com vs. court romance". The Korea Herald. සම්ප්‍රවේශය 2013-08-07.
  4. Hong, Lucia (13 October 2010). "Giant places on top and Dong Yi finishes run". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.
  5. "Han Hyo-joo Changes Tack in Costume Drama". The Chosun Ilbo. 13 April 2010. සම්ප්‍රවේශය 2013-08-07.
  6. Wee, Geun-woo (7 May 2010). "Ji Jin-hee says "happy to break stereotype" as a king". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.
  7. Kim, Jessica (5 January 2010). "Bae Soo-bin joins cast of drama Dong Yi". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.
  8. TNmS Multimedia Homepage(කොරියානු)
  9. Kim, Jessica (9 June 2010). "INTERVIEW: Dong Yi director says Ji Jin-hee "mischievous"". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.
  10. Lee, Cin Woo (16 March 2012). "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Go. සම්ප්‍රවේශය 2012-05-06.
  11. Hong, Lucia (31 December 2010). "Kim Nam-joo, Han Hyo-joo win grand prize at MBC Acting Awards". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.
  12. Hong, Lucia (27 May 2011). "Hyun Bin, Lee Byung-hun win top prizes at Paeksang". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.

බාහිර සබැදුම්[සංස්කරණය]