ද්වාරය:තාරකා
මෙවලම්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Stars වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to තාරකාසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to තාරකා
Portal maintenance status: (2022 ඔක්තෝබර්)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් ලිපි
-
Image 1
-
Image 2

න්‍යුට්‍රෝන තරුවක් ආලෝකය නමන අයුරු, සිත්තරෙකු ගේ ඇසින්
තාරකා විද්‍යාවේ දී, compact star (හෝ compact object) යන යෙදුම සුදු වාමන තරු, න්‍යුට්‍රෝන තරු, සහ කළු කුහර සඳහා පොදුවේ භාවිතා වේ. exotic star නම් වන කල්පිත වස්තු පවතී නම් ඒවා ද ඇතුළත් වන ලෙස මෙම යෙදුමේ අරුත වර්ධනය වනු ඇත. සියළු compact objects, ඒවායේ අරයට සාපේක්ෂව ඉහළ ස්කන්ධයක් සහිත හෙයින්, සාමාන්‍ය පරමාණු වලින් සැදි පදාර්ථය ට සාපේක්ෂව ඉතා ඉහළ ඝනත්ත්වයකින් යුතු වේ.
Compact stars බොහෝ විට stellar evolution අවසාන ඵල වන හෙයින් stellar remnants ලෙස ද හැඳින්වේ. stellar remnant එකක තත්ත්වය සහ වර්ගය, එය සෑදීමට මුල් වූ තාරකාවේ ස්කන්ධය මත මූලික වශයෙන් ම පදනම් වේ. නියම ස්වභාවය නොදන්නා තාරකා වලට, එය සාමාන්‍ය තාරකාවකට වඩා අඩු අරයක් සහිත යැයි සාක්ෂි ඇති විටක දී, compact star යන නොපැහැදිලි යෙදුම බොහෝ විට භාවිතා වේ. කළු කුහරයක් නොවන compact star එකක් degenerate star ලෙස හැඳින්විය හැකිය. (තව දුරටත්...) -
Image 3

ඉතා වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරුවක් වන PSR B1509-58 පල්සාර් තරුවේ විකිරණ කදම්භ අවට තිබෙන වායු X-කිරණයෙන් (රන් පැහැ ප්‍රදේශ: චන්ද්‍රා දුරේක්ෂයෙන් ලබාගෙන ඇත) දිලිසුවමින් ඉතිරි නෙබියුලාව ම ආලෝකමත් කරන අයුරු; මෙහි පෙන්වා ඇත්තේ අධෝරක්ත කිරණයෙන් ආලෝකමත් වන අයුරු ය (නිල සහ රතු පැහැ ප්‍රදේශ: WISE දුරේක්ෂයෙන් ලබාගෙන ඇත).
නියුට්‍රෝන තරුවක් යනු අභිපාතය වීමට පෙර සූර්ය ස්කන්ධ 10 - 29 අතර වූ විශාල තාරකාවක අභිපාතය වූ හරය යි. ක්වාර්ක් තරු සහ ස්ට්‍රේන්ජ් තරු හැරුණු විට ඇති කුඩාම හා ඝනත්වය වැඩිම තරු මේවා වේ. නියුට්‍රෝන තරුවක අරය කි.මී. 10ක් (සැතපුම් 6.2ක්) පමණ වන අතර සූර්ය ස්කන්ධ 1.4 - 2.16 බරකින් එය සමන්විත වේ. එය විශාල තරුවක සුපර්නෝවා පිපුරුමකින්, හා එහි ගුරුත්ව අභිපාතය නිසා ඇති වේ. මෙම ගුරුත්ව බිඳවැටීමෙන් මෙහි හරය සුදු වාමනයෙකුගේ ඝනත්වයටත් එහා යමින් පරමාණුක න්‍යෂ්ටියක ඝනත්වයට සම්පීඩනය කරයි.
මෙය සෑදුනායින් පසු මෙය තවදුරටත් සක්‍රීය ලෙස තාපය පිට නොකරන අතර ටික කලකට පසු සීතල වී යයි. කෙසේවෙතත් මෙය තවදුරටත් ඝට්ටනයෙන් හෝ අධිවර්ධනය විය හැකි යි. මේවායේ අනුරූප බොහෝමයක මේවා සම්පූර්ණයෙන්ම පාහේ නියුට්‍රෝනවලින් සෑදී ඇත (මුළු විද්‍යුත් ආරෝපනයක් නැති ප්‍රෝටෝනවලට වඩා ඉතා ස්වල්ප වශයෙන් තරමක් විශාල අනු පරමාණුක අංශු). සාමාන්‍ය පදාර්ථයේ ඇති ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන නියුට්‍රෝන තරුවක ඇති ස්වාභාවය නිසා එකතු වී නියුට්‍රෝන සාදයි. පෝලීගේ බහිෂ්කරණ න්‍යායට අනුව නියුට්‍රෝන තරු නියුට්‍රෝන පිරිහීමේ පීඩනය නිසා තවදුරටත් අභිපාතය වීම නවතී; කෙසේද යත්: සුදු වාමනයන් ඉලෙක්ට්‍රෝන පිරිහීමේ පීඩනය නිසා අභිපාතය වීම නවතින සේ ම ය. කෙසේවෙතත් අවශේෂ තරුව සූර්ය ස්කන්ධ 3කට වඩා වැඩිනම් එය කළු කුහරයක් දක්වා ම අභිපාතය වෙයි. (තව දුරටත්...) -
Image 4

PSR B1509−58 – X-rays from Chandra are gold; Infrared from WISE in red, green and blue/max.
ස්පන්දන තරු එසේත් නැත්නම් පල්සාර (ඉංග්‍රීසි: pulsar) යනු ඒවායේ චුම්බක ධ්‍රැවවලින් විද්‍යුත් චුම්භක විකිරණ කදම්බ නිකුත් කරන, මෙන්ම ඉහළ චුම්බක ගුණ සහිත, භ්‍රමණය වන න්‍යුට්‍රෝන තරු වේ. මෙම විකිරණ නිරීක්ෂණය කළ හැක්කේ විමෝචන කදම්භය පෘථිවිය දෙසට යොමු වන විට පමණි. එනම් යම් ප්‍රදීපාගාරයක් දැකිය හැක්කේ නිරීක්ෂකයෙකුගේ දිශාවට ආලෝකය යොමු වන විට පමණක් වන්නා සේය. එම සිදුවීම මෙම තරුවලට ස්පන්දන පෙනුමක් ලබා දෙයි. ඉතා දැඩි වස්තු විශේෂයක් වන න්‍යුට්‍රෝන තරු සතුව කෙටි, නිත්‍ය භ්‍රමණ කාලච්ඡෙද ඇත. ඒ හේතුකොට ගෙන මේවා මිලි තත්පර ගණනක සිට තත්පර ගණන් දක්වා පරාසයක ස්පන්දන අතර ඉතා නිරවද්‍ය පරතරයක් ඇතිව ජනිත කරයි. ස්පන්දන තරු අතිශය අධි ශක්ති කොස්මික් කිරණ ප්‍රභව සඳහා උදාහරණ විමට ඉඩ ඇති වස්තු වේ. (ත්වරණයේ කේන්ද්‍රාපසාරී යාන්ත්‍රණය ද බලන්න.) (තව දුරටත්...) -
Image 5

SN 1994D (bright spot on the lower left), a Type Ia supernova out-shining its home galaxy NGC 4526
සුපර්නෝවා යනු විශාල තාරකාවන්ගේ පරිණාමයේ අවසාන අදියරයි.
සියලූම ආකාරයේ තාරකා කිසියම් දිනක මිය යායුතුයි. එයින් ඇතැම් තාරකාවක් ඉතාසන්සුන්ව මිලින වී මිය යන අතර ඇතැම් තාරකා මියයන්නේ සුපර්නෝවා නමින් හැඳින්වෙන ඉතාමත් ප්රචණ්ඩවූ අතිශයින් දැවැන්ත පිපිරීමක් සමගයි. සුපර්නෝවා අවස්ථාවකට පත්වී මිය යාමට නම් තාරකාවක ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය මෙන් අට ගුණයක්වත් විය යුතුයි. සුපර්නෝවා පිපිරීමක් ඇතිවන්නේ තාරකාව සතු හයිඩ්රජන් ඉන්ධන ප්‍රමාණය දැවී යාමෙන් පසු තාරකාව රතු දැවැන්තයෙකු (Red giant) බවට ප්‍රසාරණය වීම නිසයි. මෙසේ ප්රසාරාණයවන තාරාකාවේ මදය වඩවඩා ගිනියම් වීම නිසා හයිඩ්රජන් සහ හීලියම් සංඝටනය වීමෙන් වඩා සංකීර්ණ වු ඔක්සිජන්, කාබන් සහ කැල්සියම් ද අනෙකුත් මූල ද්‍රව්‍ය 86 ද බිහිවෙනවා. ඊළඟට සිදුවන්නේ තාරකාවේ මදය කඩාවැටී සුපර්නෝවා පිපිරීම සිදුවීමයි . එසේ තාරාකාව පුපුරායාමේදී තාරකාව තුළ බිහිවූ සියළු මූලද්‍රව්‍ය අවකාශයේ විසිරි ගොස් නව තාරකා බිහිකිරීමට දායක වෙනවා. එය හරියට මිය ගිය සත්ව ශාකාදී ජීවීන් පසට ජීර්ණය වී යලි අළුත් ජීවීන් බිහිකිරීමට දායක වෙනවා වගෙයි.එසේම මෙම පිපිරීම් වලින් හටගන්නා තරංග හේතුවෙන් එය ආසන්නයේ පිහිටා ඇති වස්තූන් ද විශාල වශයෙන් හානි වීම් වලට ලක්වේ. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Star සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
| Evolution |
|
|---|---|
| Protostars | |
| Luminosity class | |
| Spectral classification | |
| Remnants | |
| Theoretical stars | |
| Nucleosynthesis | |
| Structure | |
| Properties | |
| Star systems | |
| Earth-centric observation of | |
| Lists | |
| Related articles | |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:තාරකා&oldid=523895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි




