වාමන තරු

විකිපීඩියා වෙතින්
(Dwarf star වෙතින් යළි-යොමු කරන ලදි)
අපගේ සූර්‍යයාට ආසන්නතම තරුව වන Proxima Centauri, රතු වාමන තරුවකි

වාමන තාරකා (ඉංග්‍රීසි:  dwarf star) යනු සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ සහ අඩු දීප්තියකින් යුත් තාරකා වේ. බොහෝ main sequence stars, වාමන තරු වේ. "වාමන" (dwarf) යන වචනයේ අර්ථය පසුව තාරකා නොවන, සමහර තාරකා ප්‍රමාණයේ වස්තූන් (star-sized objects) සහ තවදුරටත් තාරකා නොවන සංයුක්ත තාරකා අවශේෂ (compact stellar remnants) වෙත ව්‍යාප්ත විය.

ඉතිහාසය[සංස්කරණය]

1906 දී Harvard scheme අනුව K සහ M ලෙස වර්ගීකරණය කර ඇති තාරකා – අපගේ සූර්‍යයා ට වඩා ප්‍රභාවත් හෝ ප්‍රභාහීන ලෙස ප්‍රභින්න (distinct) කණ්ඩායම් දෙකකට බෙදිය හැකි බව, නිරීක්ෂණය කළ ඩෙන්මාක ජාතික තාරකා විද්‍යාඥයෙකු වන Ejnar Hertzsprung විසින් මෙම යෙදුම මුල් වරට භාවිතා කරන ලදී.

එම තාරහා මෙසේ කණ්ඩායම් වල වෙන් කිරීමේ දී, අපගේ සූර්‍යයාට වඩා දීප්තිමත් තරු "යෝධ" (giant) තාරකා ලෙස සහ දීප්තියෙන් අඩු තරු "වාමන" (dwarf) තාරකා, ලෙස හැඳින්වීමට යෙදුණි.[1]

Morgan Keenan System අනුව බොහෝ තාරකා O, B, A, F, G, K, සහ M යන අක්ෂර යටතේ අනුක්‍රමික ලෙස වර්ගීකරණය සිදු කෙරෙයි. මෙහි උණුසුම් ම වන්නේ: type O වන අතර, සිසිල් ම වන්නේ: type M වේ.

20 වන සියවසේ අවසානය වන විට infrared astronomy දියුණුවත් සමඟ Morgan Keenan system, වඩා සිසිල් types L සහ T වෙත විස්තීරණය කරන ලදී. මේවා සියල්ල "වාමන" (dwarfs) වන මුත්, මේ සියල්ල තාරකා ලෙස සැලකිය නොහැකිය.

"වාමන" යෙදුමේ වත්මන් භාවිතා[සංස්කරණය]

"වාමන" යන යෙදුමේ විෂය පථයට, වර්තමානයේ දී පහත සඳහන් දෑ ඇතුළත් වේ:

  • වාමන තරු (dwarf star) යන්නෙන් සාමාන්‍යයෙන් වෙනත් වර්ගීකරණයක් රහිත විට දී, main-sequence තාරකා අදහස් වේ. එනම් luminosity class V: main-sequence තාරකා (වාමන). උදාහරණ: Achernar (B6Vep)[2]
  • නිල් වාමන තරු (blue dwarf) යනු ඉතා අඩු ස්කන්ධයක් සහිත, main-sequence ආයු කාලය අවසානය, ආසන්න වන විට උණුසුම ඉහළ යන කල්පිත තාරකා පංතියක් වේ. (විශ්වයේ වයස අනුව තවමත් කිසිම රතු වාමන තාරකාවක් (red dwarf) මෙම "නිල්" අවධිය තෙක් ලඟා වී නොමැති බව පැවසෙයි.
  • සුදු වාමන තරු {white dwarf) යනු මිය ගිය තාරකාවක electron-degenerate matter වලින් සමන්විත වන නෂ්ටාවශේෂ වේ. මෙය න්‍යුට්‍රෝන තාරකා හෝ කළු කුහර වීමට තරම් ස්කන්ධයක් රහිත එනම් ආසන්න වශයෙන් 9 M ට වඩා අඩු තාරකා වල අවසාන අවධිය ලෙස සැලකෙයි.
    • කළු වාමන තරු (black dwarf) යනු තව දුරටත් දෘශ්‍ය ආලෝකයක් නිකුත් නොකරන තරමට සිසිල් වූ සුදු වාමන තරු පත් වන අවස්ථාව ලෙස කල්පිත ය. විශ්වයේ වයස සැලකීමේ දී තවමත් කිසිම සුදු වාමන තරුවක් "කළු" අවධියට ලඟා වීමට තරම් සිසිල් වී නොමැති බව සැලකෙයි.
  • දුඹුරු වාමන තාරු යනු හයිඩ්‍රිජන්, හීලියම් බවට විලයනය සඳහා අවශ්‍ය ස්කන්ධය රහිත, නමුත් ඩියුටීරියම් විලයනය සිදු කිරීමේ හැකියාව සහිත – එනම් 0.08  M ට වඩා ස්කන්ධය අඩු සහ බ්‍රහස්පති ස්කන්ධ 13 කට වඩා අඩු ස්කන්ධයක් සහිත – substellar object එකක් වේ.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Brown, Laurie M.; Pais, Abraham; Pippard, A.B., eds. (1995). Twentieth Century Physics. Bristol, UK; New York, NY: Institute of Physics, American Institute of Physics. p. 1696. ISBN 0-7503-0310-7. OCLC 33102501.
  2. Nazé, Y. (November 2009). "Hot stars observed by XMM-Newton. I. The catalog and the properties of OB stars". Astronomy and Astrophysics. 506 (2): 1055–1064. arXiv:0908.1461. Bibcode:2009A&A...506.1055N. doi:10.1051/0004-6361/200912659. S2CID 17317459.[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=වාමන_තරු&oldid=593321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි