තාරකා මණ්ඩල

විකිපීඩියා වෙතින්

රාත්‍රි අහසේ තරු දෙස බලා සිටි පැරැන්නෝ එම තරු සිතින් යා කර විවිධ රූප මවා ගත්හ.අතීතයේ සිට මෙලෙස නම් කළ රූප ද තරු රටා හෙවත් තාරකා මණ්ඩල (constellation) නම් වේ.රාත්‍රි අහසේ තාරකා නිරීක්ෂණය කිරීමේදී දිශා හදුනා ගැනීම ඉතා වැදගත් වේ.දවල් කාලයේදී නම් සූර්යයා උදාවන දිශාව ඇසුරෙන් දිශා හදුනා ගත හැකිය.රාත්‍රි අහසේ එක් තරුවක් හැර අන් හැම තරුවක් ම නැගෙනහිර දිශාවේ සිට බටහිර දිශාවට චලනය වන බවක් අපට පෙනේ.ඇත්තෙන්ම සිදුවන්නේ පෘථිවිය,බටහිර දිශාවේ සිට නැගෙනහිර දිශාවට භ්‍රමණය වීමයි.පිහිටීම වෙනස් නොවන තරුව ධ්‍රැව තාරකාව යි. ධ්‍රැව තාරකාවේ පිහිටීම වෙනස් නොවන්නේ එය පෘථිවියේ අක්ෂය එල්ලේ පිහිටා තිබෙන නිසා ය.

"https://si.wikipedia.org/w/index.php?title=තාරකා_මණ්ඩල&oldid=471089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි