සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල

විකිපීඩියා වෙතින්
(ගාල්ල කෞතුකාගාරය වෙතින් යළි-යොමු කරන ලදි)
සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල
Map
පිහිටුවීම9 මැයි 1992; වසර 31 කට පෙර (1992-05-09)
පිහිටීමQueens Street, Galle Fort, ගාල්ල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°01′41″N 80°13′05″E / 6.02796°N 80.21813°E / 6.02796; 80.21813ඛණ්ඩාංක: 6°01′41″N 80°13′05″E / 6.02796°N 80.21813°E / 6.02796; 80.21813
වෙබ් අඩවියජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය

සමුද්‍ර කෞතුකාගාරය දකුණු වෙරළ කළාපයේ සාගර ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු පිළිබදව මහජනතාව දැනුවත් කරන එකම කෞතුකාගාරය ‍වේ. මෙම කෞතුකාගාරය ගාලු කොටු‍වේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලදී.ජාතික වෙරළාසන්න කෞතුකාගාරය පිහිට තිබෙන්නේ ගාලු කොටුව අභ්‍යන්තරයේය.

2004 දෙසැම්බර්  26 වැනිදා සිදුවූ සුනාමි  ව්‍යසනය හේතුවෙන් මෙම කෞතුකාගාරය මුළුමනින්ම විනාශ වූ අතර එහි වූ සියළුම ප්‍රදර්ශන භාණ්ඩ වලට හානි සිදු විය. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගීතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජය සමුද්‍ර කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යමය ආධාර සපයා ඇත. අවුරුදු 3 ක් පුරා සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව ජාතික සමුද්‍ර කෞතුකාගාරය නැවත  මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව ඇත.


මෙහි ප්රලදර්ශනය කරන සමුද්රිරක මෙවලම් දියයට කෙරුණු ගවේෂණ වලදී හමුවූ ඒවාය.මේ අතර සිතියම්,කඹ,මැටිබඳුන්,බියර් පානය කරන කෝප්ප,දුම් පයිප්ප,බැරල්,ගිවිසුම්,කාලතුවක්කු සහ නාවික පාවහන් විශාල ප්‍රමාණයෙන් ඇත