සාකච්ඡාව:සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙහි පළමු ප්‍රදර්ශන මැදිරිය දකුණු ශ්‍රී ලංකාවේ සමුද්‍ර වෙළදාමට හා මගී ප්‍රවාහනයට යොදාගත් ජලයාත්‍රා ප්‍රදර්ශනය කරයි. ධීවර ජනයාගේ සාම්ප්‍රදායික ජීවන රටාව හා ධීවර ක්‍රමෝපායයන් ආකර්ශනීය අනුරූ හා ආකෘතීන් මගින් ගෙන හැර දක්වා ඇත. මෙහි දෙවන ප්‍රදර්ශන මැදිරියෙන් සමුදුර ආශ්‍රිත පරිසර පද්ධති හා ඒවායේ ශාක හා සත්ව විශේෂ පිළිබද අවධානය යොමු කර ඇත.  මෙහි කඩොලාන අකෘතීන්,  මුහුදු වෙරළ ආශ්‍රිත ශාක, කැස්බෑවුන්, මුහුදු පක්ෂීන් හා සමුදුර ක්ෂීරපායීන් ඔවුන්ගේ වර්ගීකරන දත්තයන් සමග ප්‍රදර්ශනය කර ඇත. කෞතුකාගාරයෙහි එල්වා ඇති තල්මසෙකුගේ යෝධ සැකිල්ල  ඔබට දුර්ලභ අත්දැකීමක් ගෙන දෙන අතර කොරළ්පර වල ආදර්ශක, සමුද්‍රික බෙලි කටු වර්ග හා සමහර අපෘෂ්ඨවංශීන් ද මෙහිදී නිරීක්ෂණය කළ හැක. සමුද්‍ර කෞතුකාගාරය දකුණු පළාතේ නරඹන්නන් සඳහා සහ පර්යේෂකයන්ට අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 112.135.2.37 (සාකච්ඡාවදායකත්ව) විසින් 11:47, 17 පෙබරවාරි 2019‎ හිදී එක් කර ඇත