"කවච්...කාලි ශක්තියොන් සේ" හි සංශෝධන අතර වෙනස්කම්
'{{තොරතුරුකොටුව රූපවාහිනිය | show_name = කවච් — කාල...' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
05:39, 1 නොවැම්බර් 2017 තෙක් සංශෝධනය
කවච් — කාලි ශක්තියොන් සේ | |
---|---|
මෙලෙසද හැඳින්වේ | කවච් |
ප්‍රභේදය | අධිස්වාභාවික ෆැන්ටසි ග්‍රාසජනක |
තැනුවේ | කලර්ස් ටීවී |
මත පදනම්ව | සාවිත්‍රි සහ සත්‍යවන්[1] |
අධ්‍යක්ෂණය කලේ | සන්ත්‍රම් වර්මා |
රඟපෑම | මෝනා සිං අර්ජුන් බිජ්ලානි විවේක් දාහියා සාරා ඛාන් ප්‍රීති ගුප්තා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 47 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ශෝභා කපූර් ඒක්තා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව ජෝධ්පූර්, රාජස්ථාන්, ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 44-55 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 11 ජුනි 2016 | – 20 නොවැම්බර් 2016
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
කවච් — කාලි ශක්තියොන් සේ (සිංහල: කවචය — අඳුරු බලවේගවලින්, සන්නාහය — අඳුරු බලවේගයන්ට එරෙහිව) හෙවත් පොදුවේ කවච් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ සීමිත සංත්‍රාසමය රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව කලර්ස් ටීවී නාළිකාවේ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වූ නාගින් නැමැති කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ මෝනා සිං, විවේක් දාහියා සහ සාරා ඛාන් යන නළු නිළි පිරිස විසිනි.[2] 2016 ජූනි මස 11වන දින විකාශය ඇරඹි මෙම කතාමාලාවේ අවසන් කථාංගය 2016 නොවැම්බර් 20 දින විකාශය විය.[3]
මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් යන නිෂ්පාදිකාවන් දෙපළ විසිනි. එය ඔවුන්ගේ බාලාජි ටෙලිෆිල්ම්ස් නිෂ්පාදන ආයතනයේ සන්නාමය යටතේ නිපදවූවකි. කවච් නම් වූ මෙම කතාමාලාව දළ වශයෙන් සාවිත්‍රි සහ සත්‍යවන් නැමැති කථාව පාදක කරගෙන තැනූවකැයි සැලකේ. කථාවාර එකකින් සමන්විත මෙහි කථාංග 47ක් අන්තර්ගත විය.
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කැවුණු මෙම කතාමාලාව 2017 ජනවාරි 14 දින සිට සිරස ටීවී නාළිකාව ඔස්සේ ප්‍රේමායුධ යන නාමයෙන් විකාශය ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාව තුළ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය වීම සිදුවිය.
චරිත නිරූපණය
- මෝනා සිං, පරිධි රාජ්බීර් බූන්දේලා ලෙස[4]
- විවේක් දාහියා, රාජ්බීර් බූන්දේලා ලෙස[5]
- මහේක් චාහල් සහ සාරා ඛාන්, මංජුලිකා ලෙස; දුෂ්ට භූතාත්මයකි.[6]
- අශ්විනි කල්සේකාර්, සෞදාමිණි ලෙස; මංජුලිකාගේ මෑණියන් ය.[7]
- දීපාල් කමාත්, ධාරිණි බූන්දේලා ලෙස; රාජ්බීර්ගේ නැන්දණියයි.
- ශිවා රන්දනි, රාජ්බීර්ගේ මාමා ලෙස
- ප්‍රීති ගුප්තා සහ රේෂා කොන්කාර්, නටාෂා බූන්දේලා ලෙස
- අරුණ් සිං රානා, වෛක්රාන්ත් බූන්දේලා ලෙස; රාජ්බීර්ගේ සොහොයුරායි.
- අනුරාග් ෂර්මා, ශක්ති බූන්දේලා ලෙස
- ආස්ථා අගර්වාල්, මින්ති ලෙස; පරිධිගේ මිතුරියයි.
- නීනා චීමා, පරිධිගේ දාදි මිත්තණිය ලෙස
- අව්දීප් සිධු, විශාල් ලෙස; ශ්‍රේයාගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තායි.
- පර්වීන් කොවුර්, ශ්‍රේයාගේ නැන්දණිය ලෙස; විශාල්ගේ මවයි.
- ලීනා ජුමානි, දායන් ලෙස
- ගරිමා ජෛන්, නිෂා ලෙස; රාජ්බීර්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තිය. (මියගිය)
- අර්ජුන් බිජ්ලානි, අර්හාන් ලෙස (බහිරවයෙකි)[8]
- ජ්‍යෝති ගෞබා, භව්‍යා ලෙස; දේවතාවියකි.[9]
- මල්හාර් පාණ්ඩ්‍යා, ආකාශ් මෙහ්රා ලෙස; වෛද්‍යවරයෙකි.
- පවිත්‍රා පූනියා, රිතු ලෙස; කබීර්ගේ සොයුරියයි. රාජ්බීර්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තියයි.
- මෙහුල් ව්‍යාස්, කබීර් ලෙස; ශ්‍රේයාගේ සැමියායි.
- මෝහිත් ඒබ්රල්, ජොලී ලෙස
- ? ජාන්කි ජගත් බූන්දේලා ලෙස; ශක්තිගේ හදාගත් මවයි. රාජ්බීර්ගේ මවයි.
- ? ජගත් බූන්දේලා ලෙස, ශක්තිගේ හදාගත් පියායි.රාජ්බීර්ගේ පියායි.
සටහන්
මෙම කතාමාලාවේ මුල් කථාංග නවය තුළ මහේක් චාහල් විසින් මංජුලිකාගේ චරිතය නිරූපණය කළ අතර,[10] සෙසු කථාංගවල එම චරිතය සාරා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙහි නටාෂා බූන්දේලාගේ චරිතය නිරූපණය කරන ප්‍රීති ගුප්තා විසින් මෙහි කථාංග 31ක චරිතය නිරූපණය සිදුකළා ය. අනතුරුව රේෂා කොන්කාර් විසින් එතැන් සිට එම චරිතය නිරූපණය කරන ලදී.
අන්තර්ජාතික විකාශය සහ හඬකැවුම
මෙම කතාමාලාව පාකිස්ථානය තුළ විකාශය ඇරඹියේ සති අන්තයේ දිනවල ප.ව. 9:10ට ය. (පාකිස්ථාන සම්මත වේලාව - PST) එය ෆිල්මේසියා නාළිකාව මගින් විකාශය කරන ලද්දේ[11] කලර්ස් ටීවී නාළිකාව හා සමගාමීව ය. දෙමළ බසින් හඬ කවන ලද මෙම කතාමාලාව මායා මෝහිනී යන නාමයෙන් විකාශය වූයේ ස්ටාර් විජේ නාළිකාව ඔස්සේ ය. මලයාලම් බසින් කවචම් ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව ඒෂියානෙට් නාළිකාවෙන් විකාශය විය. එසේම තෙලිඟු බසින් හඬ කවන ලද මෙම කතාමාලාව කාපාඩේ කවචම් යන නාමයෙන් MAA TV නාළිකාවෙන් විකාශය විය. සිංහල බසින් හඬ කවා ප්‍රේමායුධ ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව සිරස ටීවී නාළිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය ආරම්භ කරන ලද්දේ ජනවාරි 14 දින සිටයි.
මූලාශ්‍ර
- ^ "New Series Kavach loosely based on story of Savitri and Satyavan".
- ^ "Sara Khan all set to do steamy scenes with Kawach co-actor Vivek Dahiya".
- ^ "Colors' Kavach to end on 20 November". 5 නොවැම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "Mona Singh Back with Ekta Kapoor for Kavach". The Times of India. 24 පෙබරවාරි 2016.
- ^ "Vivek Dahiya opposite Mona Singh in Kavach". The Times of India. 31 මාර්තු 2016.
- ^ "Sara Khan all set to do steamy scenes with Kavach co-actor-Vivek Dahiya".
- ^ "Ashwini Kalsekar as maha chudail in Kavach". The Times of India. 18 අප්‍රේල් 2016.
- ^ "Arjun Bijlani to play a jinn in Kavach". The Times of India. 2 අගෝස්තු 2016.
- ^ "Jyoti Gauba s Fairy avatar for Colors Kavach". TellyChakkar.com. 1 සැප්තැම්බර් 2016.
- ^ "Voot.com". www.voot.com. සම්ප්‍රවේශය 2016-09-30.
- ^ "FILMAZIA Entertainment". සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2016.