සාරා ඛාන් (රූපවාහිනී නිළිය)
සාරා ඛාන් | |
---|---|
උපත | 1991/1992 (age 32–33)[1] |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2007 – වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | සප්නා බාබුල් කා...බිදායි රාම් මිලායි ජෝඩි සසුරාල් සිමර් කා කවච්...කාලි ශක්තියොන් සේ |
කලත්‍රයා(යන්) | අලි මර්චන්ට් (2010-2011) |
සාරා ඛාන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිරූපණ ශිල්පිනියක සහ නිළියකි. 2007දී ඇය භෝපාල් රූ රැජින ලෙසින් කිරුළු පැළඳියා ය. ඇය දූර්දර්ශන් මධ්‍ය ප්‍රදේශ් සහ ඊටීවී යන නාළිකාවල වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස කටයුතු කොට තිබේ.[2] ඇය රූපවාහිනී රංගන ක්ෂේත්‍රය වෙත පිවිසියේ ස්ටාර් ප්ලස් නාළිකාවේ වැඩසටහනක් වූ සප්නා බාබුල් කා...බිදායි නම් රූපවාහිනී කතාමාලාව තුළිනි. මෙහි ඇය විසින් සධානා නම් චරිතය නිරූපණය කරන ලදී.[4] 2008දී ඛාන් සහ අංගද් යන නළු නිළි දෙපළ ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ වඩාත් ජනප්‍රියම යුවළ සඳහා වූ සම්මානයට නිර්දේශ වූහ.[2][5] ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ M3 - Midsummer Midnight Mumbai චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 2014 මැයි 16 දින ප්‍රදර්ශනය ඇරඹිණි.[6] සාරා පාකිස්ථාන රූපවාහිනී කතාමාලාවක් වන යේ කේසි මොහබ්බත් හේ කතාමාලාවේ ද චරිත නිරූපණය කරමින් සිටින්නී ය.[7] මීට අමතරව 2016දී ඇය කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ කවච්...කාලි ශක්තියොන් සේ මිතයාමය රූපවාහිනී කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙහි දී ඇය විසින් මංජුලිකා නැමැති සරාගී පිශාචිනියගේ චරිතය නිරූපණය කරන ලදී.[8]
සාරා ඛාන් සිය රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට අතර Dark Rainbow (2013), තුජ් සේ හී රාබ්තා (2015) සහ හමාරි ආධුරි කහානි (2015) වැනි චිත්‍රපට ප්‍රධාන වේ. මීට අමතරව ඇය බිග් බොස් 4, වෙල්කම් - බාසි මෙහ්මාව්-නවාසි කි, BIG Fame Star, නාච් බලියේ 6, බොක්ස් ක්‍රිකට් ලීගය, Comedy Classes සහ කොමඩි නයිට්ස් බචාඕ වැනි රියැලිටි වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇත.
රූපවාහිනිය
[සංස්කරණය]වර්ෂය | වැඩසටහනේ තේමාව | නාළිකාව | චරිතය | සටහන් | |
---|---|---|---|---|---|
2007-2010 | සප්නා බාබුල් කා...බිදායි | ස්ටාර් ප්ලස් | සධානා ආලේඛ් රාජ්වංශ් | පළමු වැඩසටහන | |
2010 | බාට් හමාරි පක්කි හේ | සෝනි ටීවී | නර්තන දායකත්වය; පසුබිම් නිරූපණය | ||
2010-2012 | රාම් මිලායි ජෝඩි | සී ටීවී | මෝනා අනුකල්ප් ගාන්ධි/ මෝනා ආදිත්‍ය ගාන්ධි | ||
2012 | V The Serial | චැනල් වී | සාරා ඛාන් | ||
2012 | පුනර් විවාහ් | සී ටීවී | මෝනා (රාම් මිලායි ජෝඩි වෙතින්) | සී ටීවී 20වන වර්ෂ සංවත්සරයේ පසුබිම් නිරූපණය | |
2013 | සප්නේ සුහානේ ලඩක්පාන් කේ | සී ටීවී | රාචනාගේ විවාහ ගිවිස ගැනීමේ කතාංගයේ කරන්වීර් බෝහ්රා සමගින් නර්තන දායකත්වය | ||
2013 | ප්‍යාර් තුනේ ක්‍යා කියා | සිං | ෂාමෝනා | කථාංගීය චරිතය | |
2013 | ජුනූන් - ඒසි නෆ්රත් තෝ කේසා ඉෂ්ක් | ලයිෆ් ඕකේ | ශාලු පාණ්ඩේ | ||
2014 | Encounter | සෝනි ටීවී | අයේෂා රාසා[9] | කථාංගීය චරිතය | |
2014-2015 | සසුරාල් සිමර් කා | කලර්ස් ටීවී | මායා | ඉච්ඡාධාරී නාගිනිය | |
2015 | ශාස්ත්‍රි සිස්ටර්ස් | කලර්ස් ටීවී | මායා | හෝලි වෙනුවෙන් SSK ඒකාබද්ධ කථාංගයක | |
2015 | භාග්‍යලක්ෂ්මි | ඇන්ඩ් ටීවී | පවිත්‍රා ප්‍රජාපති/ පවිත්‍රා වරුන් ශුක්ලා | ||
2015 | කාල ටීකා සහ සරෝජිනී | සී ටීවී | කාල ටීකා සහ සරෝජිනී හරස්මාරු කථාංගවල නර්තන දායකත්වය | ||
2015 | තුජ්සේ හේ රාබ්තා | ජියෝ ටීවී | ඕනුම් | පාකිස්ථාන ටෙලිචිත්‍රපටය | |
2016 | සෞභාග්‍යලක්ෂ්මී | ඇන්ඩ් ටීවී | කුහූ උපාධ්‍යායි/ කුහූ සම්භව් බිර්ලා | භාග්‍යලක්ෂ්මීහි පවිත්‍රාගේ දියණියයි. | |
2016 | සන්තෝෂි මා | ඇන්ඩ්ටීවී | අංජු | ධෛර්යාගේ මිතුරිය; පසුබිම් චරිතයකි. | |
2016 | අක්බර් බිර්බාල් | බිග් මැජික් | ශෛලා බානෝ | ||
2016 | වෝ තේරි භාභි හේ පග්ලේ | සබ් ටීවී | නෝටි නාගිනිය | ඉච්ඡාධාරි නාගිනියකි. | |
2016 | කවච්...කාලි ශක්තියොන් සේ | කලර්ස් ටීවී | මංජුලිකා | පිශාචිනියකි. මහේක් චාහල් විස්ථාපනය කරමින් රංගනයෙහි යෙදුණා ය. | |
2016 - 2017 | බේ ඛුඩි | ARY Digital | ෆීසා | ආරම්භක පාකිස්ථාන මාලා නාට්‍යය | |
2017 | දිල් බෝලේ ඔබරෝයි | ස්ටාර් ප්ලස් | මෝහිනී | මානසිකව අසංතුලිත ගුවන් සේවිකාව; පසුබිම් රංගනයකි. | |
2017 | ලේකින් | ඒ-ප්ලස් ටීවී | 2වන පාකිස්ථාන මාලා නාට්‍යය | ||
2017-වර්තමානය | ජානා නා දිල් සේ දූර් | ස්ටාර් ප්ලස් | කන්ගනා |
රියැලිටි වැඩසටහන්
[සංස්කරණය]වර්ෂය | වැඩසටහනේ නම | නාළිකාව | සටහන් |
---|---|---|---|
2008 | අමුල් ස්ටාර් වොයිස් ඔෆ් ඉන්ඩියා | ස්ටාර් ප්ලස් | බිදායි කතාමාලාව ප්‍රවර්ධනය කරමින් |
2008 | නාච් බලියේ 4 | ස්ටාර් ප්ලස් | 5වන සතියේ නිවේදිකාව |
2009 | හන්ස් බලියේ | ස්ටාර් වන් | අලි මර්චන්ට් සමග සහභාගීත්වය |
2009 | 10 කා ඩුම් | සෝනි ටීවී | රතන් රාජ්පුත්, රාගිනී ඛන්නා සහ ටීනා දත්තා සමග තරගකාරිණියක ලෙස |
2010 | බිග් බොස් 4 | කලර්ස් ටීවී | තරගකාරිණියක ලෙස සති 10ක |
2013 | වෙල්කම් - බාසි මෙහ්මාව්-නවාසි කි | ලයිෆ් ඕකේ | සහභාගීත්වය |
2013 | BIG Fame Star | බිග් මැජික් | නිවේදිකාවක |
2013 | නාච් බලියේ 6 | ස්ටාර් ප්ලස් | පරස් ඡබ්‍රා සමග එක් කථාංගයක |
2014 | බොක්ස් ක්‍රිකට් ලීගය | සෝනි ටීවී | ක්‍රීඩිකාවක ලෙස සහභාගීත්වය |
2015 | Comedy Classes | ලයිෆ් ඕකේ | සධානා බිදායි විශේෂ කථාංගයේ කථාංගීය චරිතය |
2015 | කිලර් කරාඕකේ - ආත්කා තෝ ලත්කා | ඇන්ඩ්ටීවී | සහභාගීත්වය |
2015 | කොමඩි නයිට්ස් බචාඕ | කලර්ස් ටීවී | රොස්ටර් අදා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී |
2016 | Comedy Classes | ලයිෆ් ඕකේ | ජනරජ දිනය 2016 විශේෂ කථාංගයේ අදා ඛාන් සමග නර්තන දායකත්වය |
2016–වර්තමානය | බොක්ස් ක්‍රිකට් ලීගය - වාරය 2 | කරල්ස් ටීවී | ක්‍රීඩිකා |
2016 | කොමඩි නයිට්ස් බචාඕ | කලර්ස් ටීවී | BCL 2 ප්‍රවර්ධනය කරමින් විශේෂ නිරූපණය |
චිත්‍රපට
[සංස්කරණය]වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2013 | Dark Rainbow | රූහි | ප්‍රධාන චරිතය (කෙසේනමුත් චිත්‍රපටය මෙතෙක් මුදාහැර නොමැත) |
2014 | M3 - Midsummer Midnight Mumbai | සප්නා[6] | ප්‍රධාන චරිතය |
2015 | තුජ් සේ හී රාබ්තා | අනුම් | ප්‍රධාන චරිතය |
2015 | හමාරි ආධුරි කහානි[10] | නේලා | සහායක චරිතය |
සම්මාන
[සංස්කරණය]- 2008 හොඳම නවක නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය: සප්නා බාබුල් කා...බිදානිහි සධානාගේ චරිතය වෙනුවෙන්[11]
- 2017 'රූපවාහිනී කර්මාන්තය තුළ හොඳම දායකත්වය' සඳහා දාදාසහේබ් ෆල්කේ සම්මානය
පෞද්ගලික දිවිය
[සංස්කරණය]සාරා ඛාන් යනු සුන්නි මුස්ලිම්වරියකි.[12] 2010දී බිග් බොස් 4 වැඩසටහනේ දී ඇය රූපවාහිනී නළුවකු වන අලි මර්චන්ට් සමග විවාහ වූයේ ඉස්ලාමික විවාහ මංගල්‍යයක් අනුගමනය කරමිනි. මර්චන්ට් ෂියා මුස්ලිම් භක්තිකයකු විය. 2011දී එනම්, මාස දෙකකට පසු ඇය ඔහුගෙන් දික්කසාද වූවා ය.[13] යුවළගේ සමීප මිතුරන් පැවසූයේ විවාහ වීම වෙනුවෙන් මෙම යුවළ වෙත ඉන්දියානු රුපියල් මිලියන 5ක (ඇ.ඩො. 78,000) මුදලක් ගෙවන ලද බවයි. නමුත් ඔවුන්ගේ විවාහය වෙනුවෙන් එවැනි මුදලක් ගෙවන ලද බව ප්‍රතික්ෂේප කරන කලර්ස් නාළිකාව එය ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවක් බව ප්‍රකාශ කර සිටියේ ය.[14] දික්කසාදයෙන් පසු ඇය පැවසූයේ මෙම විවාහය බියකරු සිහිනයක් බවයි.[15] සච් කා සාම්නා නැමැති රියැලිටි වැඩසටහනේ එක් අවස්ථාවක දී මර්චන්ට් පැවසූයේ තමන් විවාහ වූයේ ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා බවත්, ඛාන් විවාහ කරගැනීම සිය දිවියේ සිදු වූ විශාලතම අතපසුවීම බවත් ය.[16]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Our hearts are already married to each other: Paras Chhabra". Timesofindia.indiatimes.com. 2013-01-25. සම්ප්‍රවේශය 2017-03-05.
- ^ a b c "What makes Bidaai so popular". Rediff. 13 May 2008. සම්ප්‍රවේශය 20 July 2014.
- ^ Behl, Tushar (30 September 2007). "I want to be like Kareena:Sara Khan". The Times of India. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ Bansal, Neelam (8 July 2009). "I want to play Amitabh's daughter: Sarah". The Times of India. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ "Not looking for a career in Bollywood: Sara Khan". The Indian Express. New Delhi. 27 December 2014. සම්ප්‍රවේශය 22 July 2014.
- ^ a b "Sara Khan to debut with 'M3' in Bollywood". Aninews.in. 2014-05-16. සම්ප්‍රවේශය 2014-07-12.
- ^ "Sara Khan to become the first TV actress to do a daily soap in Pakistan". Timesofindia.indiatimes.com. 2016-07-27. සම්ප්‍රවේශය 2017-03-05.
- ^ "Sara Khan all set to do steamy scenes with Kawach co-actor Vivek Dahiya". Timesofindia.indiatimes.com. 2016-07-22. සම්ප්‍රවේශය 2017-03-05.
- ^ "Sara will play a Muslim girl Ayesha Raza in Encounter - The Times of India". The Times of India. 2014-04-22. සම්ප්‍රවේශය 2014-07-12.
- ^ Sashidhar AS (26 December 2014). "Vidya bonds with Sara on the sets of Hamari Adhuri Kahani". The Times of India. සම්ප්‍රවේශය 25 January 2015.
{{cite web}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Karan Hukku, Sara Khan and Parul Chauhan are best new talents on Indian television". Indiantelevision.com. 15 June 2008. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ "Sara Khan: I will not be marrying 'again'". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2017-03-05.
- ^ "The Times of India: Latest News India, World & Business News, Cricket & Sports, Bollywood". The Times Of India. 2013-10-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
- ^ "Sara Khan and Ali Merchant to get paid to marry on 'Bigg Boss'". India Today. 10 November 2010. සම්ප්‍රවේශය 20 July 2014.
- ^ Kadam, Prachi (16 February 2011). "My marriage turned into a nightmare: Sara Khan". Daily News and Analysis. සම්ප්‍රවේශය 20 July 2014.
- ^ Marwah, Navdeep Kaur (16 March 2012). "I married only for publicity: Ali Merchant". Hindustan Times. සම්ප්‍රවේශය 20 July 2014.
බාහිර සබැඳි
[සංස්කරණය]- සාරා ඛාන් සඳහා IMDb හි ඇති තොරතුරු
- සාරා ඛාන් සඳහා බොලිවුඩ් හංගාමා
- ජීවත්වන්නෝ
- උපන් වර්ෂ දක්නට නොමැති පුද්ගලයින් (ජීවත්වන්නෝ)
- ඉන්දියානු චිත්‍රපට නිළියන්
- ඉන්දියානු රූපවාහිනී නිළියෝ
- ඉන්දියානු සෝප් ඔපෙරා නිළියෝ
- ඉන්දියානු නිරූපිකාවන්
- බිග් බොස් තරඟකරුවෝ
- භෝපාල්හි නිළියන්
- ඉන්දියානු සුන්නි මුස්ලිම්වරුන්
- හින්දි සිනමාවේ නිළියන්
- හින්දි රූපවාහිනියේ නිළියන්
- 21 වන සියවස තුළ ඉන්දියානු නිළියෝ