Jump to content

ඒක්තා කපූර්

විකිපීඩියා වෙතින්
ඒක්තා කපූර්
කපූර් 98.3 FM රේඩියෝ මිර්චි තුළ
උපත7 ජූනි 1975 (41 වියැති)[1]
වෘත්තියsරූපවාහිනී නිෂ්පාදක, බාලාජි ටෙලිෆිල්ම්ස්හි හවුල් කළමනාකාර අධ්‍යක්ෂ
සක්‍රීය වසර1995–වර්තමානය
ඥාතීන්ජිතේන්ද්‍ර (පියා)
ශෝභා කපූර් (මව)
තුෂාර් කපූර් (සොහොයුරා)

ඒක්තා කපූර් [1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ජාතික රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදකවරියකි. ඇය ඇගේ නිෂ්පාදන සමාගම වන බාලාජි ටෙලිෆිල්ම්ස් සමාගමේ හවුල් කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම නිර්මාණ අධ්‍යක්ෂක ධුරය ද උසුලයි.

ඒක්තා කපූර් උපත ලැබූයේ 1975 වර්ෂයේ ජූනි මස 7 වන දින ය. ඒක්තා කපූර්ගේ පියා නළුවකු වූ ජීතේන්ද්‍ර ය. ඇගේ මව ශෝභා කපූර්‍ නැමැත්තියයි. ඇගේ බාල සොහොයුරා වන තුෂාර් කපූර්බොලිවුඩ් නළුවෙකි.[3][4][5] බොම්බේ ස්කොටිෂ් පාසල, මහිම්හි අධ්‍යාපනය හදාළ ඇය, පසුව මිථිබායි පාසල වෙත ඇතුළු වූවා ය. ඇය විසින් සෝප් ඔපෙරා, රූපවාහිනී කතාමාලා මෙන්ම චිත්‍රපට ගණනාවක් ද නිර්මාණය කොට තිබේ. ඇය විසින් සිය දායකත්වය සැපයූ සෝප් ඔපෙරාවන් අතර හම් පාන්ච්, ක්‍යුන්කි සාස් භි කභි බාහු ති, කහානි ඝාර් ඝාර් කි, කසෞතී සින්දගී කේ, පවිත්‍ර රිෂ්තා, ‍බඩේ අච්චේ ලග්තේ හේන්, සහ ජෝධා අක්බර් වැනි කතාමාලා ප්‍රමුඛස්ථානයක් ගනියි.[6] කපූර් විසින් නිෂ්පාදනය කරන ලද රූපවාහිනී කතාමාලා අතර නාගින්, යේ හේ මොහාබ්බතයින්, කුම්කුම් භාග්‍යා, කවච් සහ කසම් තේරේ ප්‍යාර් කි වැනි අතිශයින් ජනප්‍රිය කතාමාලා ද වේ. මීට අමතරව ඇය විසින් ඇගේ විලාසිතා මාලාව EK යන නාමය යටතේ දියත් කොට ඇත.

2001දී ඇය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහි උනන්දු වන්නට වූවා ය. එහි දී ක්‍යෝ කී... මේන් ජුත් නහින් බෝල්තා චිත්‍රපටයෙන් සිය චිත්‍රපට නිෂ්පාදන වෘත්තිය ආරම්භ කළ ඇය, කූච් තෝ හේ සහ ක්‍රිෂ්ණා කොටේජ් යන චිත්‍රපට නිෂ්පාදනය කළා ය. 2003 සහ 2004 වර්ෂවල තිරගත වූ ඉහත සඳහන් අවසන් චිත්‍රපට ද්විත්වය අධිස්වාභාවික තේමාවක් රැගත් චිත්‍රපට යුගළක් ලෙස සැලකේ. ක්‍යා කූල් හේ හම් චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය ඇගේ සොහොයුරා වූ තුෂාර් කපූර් විසින් නිරූපණය කරන ලදී. අනතුරුව ඇය සංජේ ගුප්තා සමග ෂූට්අවුට් ඇට් ලෝඛාන්ද්වාලා චිත්‍රපටය සඳහා සම-නිෂ්පාදන දායකත්වය සැපයූවා ය. ඉන් අනතුරුව මිෂන් ඉස්තාන්බුල් සහ EMI – ලියා හේ තෝ චුකනා පඩේගා යන චිත්‍රපට සුනිල් ෂෙට්ටි සමග සහයෝගීත්වයෙන් යුතුව නිර්මාණය කෙරිණි. 2010 සිට 2014 දක්වා කාලය තුළ ඇය විසින් චිත්‍රපට ගණනාවක් මුදාහැර තිබේ. මේ අතර, ලව් සෙක්ස් ඕර් ධෝඛා, වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි, සහ ෂෝර් ඉන් ද සිටි යන චිත්‍රපට ප්‍රධාන ස්ථානයක් ගනියි.

කෘතීන්

[සංස්කරණය]
රූපවාහිනිය
චිත්‍රපට කර්මාන්තය
බාලාජි මෝෂන් පික්චර්ස් සන්නාමය යටතේ නිෂ්පාදිකාවක ලෙස
වර්ෂයතේමාවඅධ්‍යක්ෂකසටහන්
2001ක්‍යෝ කී... මේන් ජුත් නහින් බෝල්තාඩේවිඩ් ධාවන්
2003කූච් තෝ හේඅනුරාග් බාසු සහ අනිල් වී. කුමාර්
2004ක්‍රිෂ්ණා කොටේජ්සන්ත්‍රම් වර්මා
2005ක්‍යා කූල් හේ හම්සංගීත් සිවන්
2005කොයි ආප් සාපාර්තෝ මිත්‍රා
2007ෂූට්අවුට් ඇට් ලෝඛාන්ද්වාලාඅපූර්ව ලාඛියාසංජේ ගුප්තා සමග සම-නිෂ්පාදනයකි
2008මිෂන් ඉස්තාන්බුල්අපූර්ව ලාඛියාසුනිල් ෂෙට්ටි සමග සම-නිෂ්පාදනයකි
2008C කොම්පැනිසචින් යාර්දි
2008EMI – ලියා හේ තෝ චුකනා පරේගාසෞරාභ් කබ්රාසුනිල් ෂෙට්ටි සමග සම-නිෂ්පාදනයකි
2008ගජාකේ. මදේෂාකන්නඩ චිත්‍රපටයකි
2010ලව් සෙක්ස් ඕර් ධෝඛාදිබාකර් බැනර්ජී
2010වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායිමිලන් ලුත්‍රියා
2011තාර්යන්චේ බායිත්කිරාන් යද්න්‍යොපාවිත්මරාථි චිත්‍රපටයකි
2011ෂෝර් ඉන් ද සිටිරාජ් නිදිමොරු සහ ක්‍රිෂ්ණා ඩී. කේ.
2011රාගිනී MMSපවන් ක්‍රිපාලනිඅමිත් කපූර් සහ සිධාර්ථ එම් ජායින් සමග සම-නිෂ්පාදනයකි
2011ද ඩර්ටි පික්චර්මිලන් ලුත්‍රියා
2012ක්‍යා සුපර් කූල් හේ හම්සචින් යාර්දි
2013ඒක් ති දායන්කන්නන් අයියර්විශාල් භාර්ද්වාජ් සමග සම-නිෂ්පාදනය
2013ෂූට්අවුට් ඇට් වඩාලාසංජේ ගුප්තාසංජේ ගුප්තා සමග සම-නිෂ්පාදනයකි
2013ලූටෙරාවික්‍රමාදිත්‍ය මොත්වානිඅනුරාග් කාශ්‍යප් සමග සම-නිෂ්පාදනයකි
2013වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි දෝබරාමිලන් ලුත්‍රියා
2014රාගිනී MMS 2භූෂන් පටෙල්ශෝභා කපූර් සමග සම-නිෂ්පාදනයකි
2015විශ්වරූප් 2කමල් හසන්ශෝභා කපූර් සමග සම-නිෂ්පාදනයකි
2016ක්‍යා කූල් හේන් හම් 3උමේෂ් ගෙජ්ශෝභා කපූර් සමග සම-නිෂ්පාදනයකි
TBAවීරේ දි වෙඩිංශෂංකා ඝෝෂ්රියා කපූර් සමග සම-නිෂ්පාදනයකි

සම්මාන සහ ‍ගෞරව

[සංස්කරණය]
  • 2012 ආසියාවේ සමාං සවිබලගැන්වීම් සම්මානය - Freedom Through Education[7]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 "PICS: Ekta Kapoor's 41st birthday bash". The Times of India. 8 ජූනි 2016. සම්ප්‍රවේශය 11 ජූනි 2016.
  2. "Happy birthday Ekta Kapoor: 6 things to remind you why she is a big deal". Hindustan Times. 2016-06-07. සම්ප්‍රවේශය 2016-06-07.
  3. සභර්වාල්, රාහුල් (21 ජනවාරි 2010). "Meet the 'real' Ekta Kapoor". Hindustan Times. 25 ජනවාරි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 ජනවාරි 2010.
  4. "Ekta Kapoor springs a surprise". The Hindu. 1 ජූලි 2002. සම්ප්‍රවේශය 31 ජනවාරි 2010.
  5. "Ekta Kapoor & family take pay cut". The Hindu. 2 ඔක්තෝබර් 2009. 9 මාර්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 ජනවාරි 2010.
  6. ශේඛර් (2012-02-20). "Ekta Kapoor's obsession with 'K' was strategy, but not superstition". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 2012-08-08.
  7. "Recipients of Asia's Social Empowerment Award".

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඒක්තා_කපූර්&oldid=722640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි