අශ්විනී කල්සේකර්
අශ්විනී කල්සේකර් | |
---|---|
උපත | අශ්විනී කල්සේකර් 22 ජනවාරි 1970 |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියාව |
අධ්‍යාපනය | ශාස්ත්‍රවේදී (B.A.) |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1991 - වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | කසම් සේ ජෝධා අක්බර් |
ප්‍රධාන නිර්මාණ | ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර්හි පෑම් ඛන්නා චරිතය |
උපන් නගරය | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
කලත්‍රයා(යන්) | නිතේශ් පාණ්ඩේ (1998–2002) මුරලි ෂර්මා (2009–වර්තමානය) |
දෙමව්පියන්(s) | අනිල් කල්සේකර් (පියා) |
ආගම | හින්දු ආගම |
අශ්විනී කල්සේකර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ ඒක්තා කපූර්ගේ සෝප් ඔපෙරාවක් වන කසම් සේ කතාමාලාවේ ජිග්‍යාසා වාලියාගේ චරිතය සහ[1] ඒක්තා කපූර්ගේම නිෂ්පාදනයක් වූ ජෝධා අක්බර් ඓතිහාසික මාලා නාට්‍යයේ මහම් අංගාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.[2]
පෞද්ගලික දිවිය
[සංස්කරණය]අශ්විනී කල්සේකර් උපත ලැබූයේ 1970 ජනවාරි 22 දින ඉන්දියාවේ මාහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. ඇගේ පියා වූ අනිල් කල්සේකර් බැංකු සේවකයකු විය. අශ්විනී ඇගේ ශාස්ත්‍රවේදී (B.A.) උපාධිය මුම්බායිහි දී හැදෑරූ අතර, 1991දී උපාධිය ලබාගැනීමට සමත් විය. සිය අධ්‍යයන කටයුතුවලින් පසුව, 1991 සිට 1994 දක්වා ඇය වේදිකා රංගනය පිළිබඳ හැදෑරූවා ය. 1992 සිට 1993 දක්වා කාලයේ ඇය නිළි නීනා ගුප්තා යටතේ පුහුණුව ලැබූයේ නිළියක වීමේ සිය සිහිනය සැබෑ කරගැනීමේ අපේක්ෂාවෙනි. මීට අමතරව 1992 සිට 1995 දක්වා ඇය වේදිකා රංගන පුහුණකරුවකු වූ මුසම්මීල් වකිල් යටතේ ද පුහුණුව ලැබුවා ය. අශ්විනී පුහුණු කතක් නර්තන ශිල්පිනියක ද වේ.[3]
1998දී අශ්විනී නිතේශ් පාණ්ඩේ සමග විවාහ වූවා ය. කෙසේනමුත් නොදන්නා හේතූන් මත 2002දී ඔවුහු දික්කසාද වූහ. පසුව 2009දී ඇය චිත්‍රපට සහ රූපවාහිනී චරිතාංග නළුවකු වූ මුරලි ෂර්මා සමග විවාහ වූවා යin.[4]
වෘත්තිය
[සංස්කරණය]1996දී, අශ්විනී මරාඨි චිත්‍රපටයක් වූ තුලා ජාපර් ලා චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. ඉන් අනුතරුව ඇය මරාඨි චිත්‍රපට ගණනාවකටම සහාය චරිත නිරූපණයෙන් දායක වූවා ය.
1990 දශකයේ මැද කාලයේ රූපවාහිනී රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඇය ශාන්ති,[5] C.I.D., අන්ජානේ, සිද්ධාන්ත් සහ කේ. ස්ට්‍රීට් පාලි හිල් වැනි රූපවාහිනී කතාමාලාවන් ගණනාවකට සම්බන්ධ වූවා ය.[6]
ඇගේ රංගන ප්‍රතිභාව බොහෝ දෙනා විසින් හඳුනාගන්නා ලද්දේ ඒක්තා කපූර්ගේ සෝප් ඔපෙරාවක් වූ කසම් සේ කතාමාලාව තුළිනි. මෙහි ඇය ජිග්‍යාසා වාලියා නැමැති එදිරිවාදී චරිතයක් නිරූපණය කළා ය. මෙම චරිතය වෙනුවෙන් ඇය ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය,[7] ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය[8] සහ තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා ය.
2012දී අශ්විනී, ඒක්තා කපූර්ගේ ඓතිහාසික මාලා නාට්‍යයක් වූ ජෝධා අක්බර් කතාමාලාවේ මහම් අංගාගේ චරිතය සඳහා තෝරාගැනිණි.[9] මහම් අංගා යනු අක්බර් අධිරාජයාගේ කිරි මවයි. මෙම චරිතය නිරූපණය හේතුවෙන් ඇය විචාරක පැසසුමට ලක් වූ[10][11] අතර සම්මාන ද හිමි කරගත්තා ය. මේ වෙනුවෙන් ඇය ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳඑා ඉන්දියානු ටෙල්ලි සම්මානය[12] සහ ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන බොරෝප්ලස් ස්වර්ණ සම්මානය ද හිමි කරගත්තා ය.[13]
2014දී, අශ්විනී ඒක්තා කපූර්ගේම තවත් සෝප් ඔපෙරාවක් වූ ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර්[14] කතාමාලාවේ අතිශයින් වෙනස් නූතන චරිතයක් සඳහා තෝරාගැනිණි. මෙම චරිතය පෑම් ඛන්නා නම් විය.[15]
නිර්මාණ දායකත්වය
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1996 | තුලා ජාපර් ලා | මරාඨි සිනමාව | |
2003 | The Hero: Love Story of a Spy | මේජර් අරුන් ඛන්නා යටතේ බුද්ධි අංශ නිලධාරිණිය | |
2004 | ඛාකී | කමලේශ්ගේ බිරිඳ | |
2004 | මුසාෆිර් | ||
2005 | කිස්නා | රීටා | |
2005 | ආෂික් බනායා ආප්නේ | පොලිස් නිලධාරිණිය | |
2005 | අපහරන් | ||
2006 | අන්කහී | ශිල්පා මෙහ්තා මහත්මිය | |
2007 | ජොනී ගඩ්ඩාර් | වර්ෂා | |
2008 | ගෝල්මාල් රිටර්න්ස් | මුන්නි | |
2008 | ෆූන්ක් | මධූ | |
2009 | මෙරේ ඛ්වාබොන් මේන් ජෝ ආයේ | කපූර් මහත්මිය | |
2009 | All The Best: Fun Begins | මේරි | |
2009 | ඒක් තෝ චාන්ස් | ||
2010 | ෆූන්ක් 2 | මධූ | |
2010 | රක්ත් චාරිත්‍ර | ඉන්ස්පෙක්ටර් අශ්විනී | |
2010 | ගෝල්මාල් 3 | චින්ටු | |
2011 | බද්‍රිනාත් | තෙලිඟු චිත්‍රපටය | |
2012 | නිප්පු | තෙලිඟු චිත්‍රපටය | |
2014 | සිංහම් රිටර්න්ස් | රූපවාහිනී මාධ්‍යවේදිනී මීරා ජෝරි | |
2015 | රහස්‍යා | රේමි ෆර්නැන්ඩස් | ඇය අයේෂාගේ සැබෑ මවයි. |
2015 | බාඩ්ලාපූර් | රහස් පරීක්ෂිකා ජෝෂි |
රූපවාහිනිය
[සංස්කරණය]වර්ෂය | වැඩසටහන | චරිතය | සටහන් |
---|---|---|---|
1995-1997 | ශාන්ති | ශාෂා | |
1997 | ෆාර්ස් | ||
1997 | ඒක් ඕර් මහාභාරත් | ද්‍රෞපදී[16] | |
1998 | C.I.D. | ආශා | සහාය චරිතය |
1999 | නායා සමානා | ||
2001 | ශක්තිමාන් | ශලාකා කළු බළලා | |
2001-2002 | අන්ජානේ | ||
2002-2003 | අචානක් 37 සාල් බාඩ් | මාලිනී | ඇය අජේ/අජින්ක්‍යා සිහිනෙන් දකියි |
2002-2004 | කිටී පාටි | නතාෂා | |
2004 | කේ. ස්ට්‍රීට් පාලි හිල් | මිශා | |
2004 | සිද්ධාන්ත් | ඒසීපී නේත්‍රා මෙනන් | |
2006-2007 2008-2009 |
කසම් සේ | ජිග්‍යාසා බාලි/වාලියා | ඍණාත්මක චරිතය |
2007 | ජීතේ හේ ජිස්කේ ලියේ | ආදිරා ධනරාජ්ගීර් | |
2007-2008 | විරුධ් | දේව්‍යාණි | |
2007-2008 | පරිවාර් | මනෝරමා | සහාය චරිතය |
2009 | බයිරි පියා | ශෝභනා | ඍණාත්මක චරිතය |
2010 | ජාන්සි කි රාණි | හීරා බායි | ඍණාත්මක චරිතය |
2010 | ගංගා කී ධීජ් | මහා මායි | ඍණාත්මක චරිතය |
2012 | අෆ්සර් බිටියා | සික්කා ඨාකුරායින් | ඍණාත්මක චරිතය |
2013-2015 | ජෝධා අක්බර් | මහම් අංගා | ඍණාත්මක චරිතය |
2013 | ෆු බායි ෆු | විනිශ්චය | මරාඨි ප්‍රහසන වැඩසටහන |
2014–2015 | ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් | පැම්/පූනම් ඛන්නා | වියපත් චරිතයකි |
2016 | කවච්...කාලි ශක්තියොන් සේ | සෞදාමිණී | ඍණාත්මක චරිතය |
2016 | අදාලත් (වාරය 2) |
සම්මාන
[සංස්කරණය]වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2006 | 13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | කසම් සේ | දිනාගති[8] |
2007 | 7වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති[17] | |
2014 | 13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | ජෝධා අක්බර් | දිනාගති[12] |
7වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය (විචාරක) | දිනාගති[13] |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Ashwini Kalsekar as Jigyasa in Kasamh Se
- ^ Ashwini as Maham Anga in Ekta's Jodhaa Akbar?
- ^ Ashwini Kalsekar:An Actress & a Trained Kathak Dancer සංරක්ෂණය කළ පිටපත 10 ඔක්තෝබර් 2012 at the Wayback Machine
- ^ "I would love to work with Aamir Khan" : Ashwini Kalsekar[permanent dead link]
- ^ Ashwini Kalsekar - The bad girl!
- ^ Ashwini Kalsekar: No one remembers that I have also played positive characters
- ^ Ashwini wins Best Actress in Negative Role at Indian Television Academy Awards
- ^ a b Ashwini Kalsekar wins Best Actress in Negative Role at Indian Telly Awards, 2006
- ^ Ekta Kapoor's Jodha Akbar starring Ashwini Kalsekar to go on air in May?
- ^ Ashwini Kalsekar Bids a Tearful Goodbye to Jodha Akbar
- ^ It isn’t easy to let go: Ashwini Kalsekar onn Jodha Akbar
- ^ a b Winners List:Indian Telly Awards, 2014, http://tellyawards.indiantelevision.com/tellyawards/nominees/winners, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23
- ^ a b Winners List: Boroplus Gold Awards, 2014
- ^ Ashwini Kalsekar to play Ronit Roy's sister in Ekta Kapoor's drama series Itna Karo Na Mujhe Pyaar
- ^ Ashwini Kalsekar is the biggest prankster on the sets of Itna Karo Na Mujhe Pyar
- ^ Of Grit and Determination[permanent dead link]
- ^ Winners List:Indian Television Academy Awards, 2007 සංරක්ෂණය කළ පිටපත 6 ඔක්තෝබර් 2014 at the Wayback Machine
බාහිර සබැඳි
[සංස්කරණය]- අශ්විනී කල්සේකර් සඳහා IMDb හි ඇති තොරතුරු