අර්ජුන් බිජ්ලානි

විකිපීඩියා වෙතින්
අර්ජුන් බිජ්ලානි
හයිමස් බීමහල විවෘත කළ අවස්ථාවේ බිජ්ලානි
උපත
අර්ජුන් බිජ්ලානි

31 ඔක්තෝබර් 1982 (1982-10-31) (වයස 41)[1]
ජාතිකත්වයඉන්දියාව
රැකියාවනළුවා
සක්‍රීය වසර2004-වර්තමානය
කලත්‍රයා(යන්)නේහා ස්වාමි (වි. 2013)[2]
දරුවන්1[3]

අර්ජුන් බිජ්ලානි (උපත 31 ඔක්තෝබර් 1982) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට රංගන ශිල්පියෙකි. ඉන්දියාවේ වඩාත් සුප්‍රකට රූපවාහිනී නළුවකු වන ඔහු හින්දි රූපවාහිනී වැඩසටහන් තුළ සිය නාමය ගොඩනගා ගෙන ඇත.[4] ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ ඔහුගේ පළමු රූපවාහිනී වැඩසටහන වූයේ ඩිස්නි නාළිකාවේ විකාශය වූ බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ කාර්තිකා නැමැති යොවුන් වැඩසටහනයි.

ඔහුගේ රූපවාහිනී රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයන් ලෙස Left Right Left කතාමාලාවේ ආලේඛ් ෂර්මා නැමැති ශිෂ්‍යභටයාගේ චරිතයත්, මිලේ ජබ් හම් තුම්හි මායාන්ක් ෂර්මාගේ චරිතයත් හැඳින්විය හැක. මිලේ ජබ් හම් තුම්හි ඔහු රාති පාණ්ඩේ සමග රංගනයේ යෙදුණේ ය.[5] 2015දී, ඔහු බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ තවත් මාලා නාට්‍ය ද්විත්වයක් වූ මෙරි ආෂිකි තුම් සේ හි සහ නාගින් යන කතාමාලා සඳහා සම්බන්ධ විය.

2016දී, ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කරමින් ඩිරෙක්ට් ඉෂ්ක් චිත්‍රපටයේ සමාන්තර ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය. මීට අමතරව ඔහු 2016 වර්ෂයේ ජලක් දිඛ්ලා ජා සඳහා තරගකරුවකු ලෙස සහභාගී විය. නොවැම්බර් මස ඔහු ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ පර්දේස් මේන් හේ මේරා දිල් යන කතාමාලාව හා සම්බන්ධ විය. ද්‍රාෂ්ති ධාමි ද මෙම කතාමාලාවේ රංගනයෙන් දායකත්වය සපයයි.

දිවිය සහ පවුල[සංස්කරණය]

අර්ජුන් බිජ්ලානි උපත ලැබූයේ 1982 ඔක්තෝබර් 31 වන දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. ඔහු සිය පාසල් අධ්‍යාපනය හදාළේ බොම්බේ ‍ස්කොටිෂ් පාසල, මහිම් තුළිනි. එසේම ඔහු විසින් සිය උසස් අධ්‍යාපනය වාණිජ්‍යය සහ ආර්ථි විද්‍යාව පිළිබඳඑච්. ආර්. කොලීජිය යටතේ හදාරන ලදී.[6] ඔහු දහනවවන වියේ පසුවන විට ඔහුගේ පියා වූ සුදර්ශන් බිජ්ලානි මියගියේ ය.[7] 2013 මැයි මස ඔහු සිය දිගු කාලීන පෙම්වතිය වූ නේහා ස්වාමි සමග විවාහ විය.[8] 2015දී, ඔවුනට අයාන් නැමැති පුත්‍රයකු උපත ලැබී ය.[9]

වෘත්තිය[සංස්කරණය]

බිජ්ලානි සිය රූපවාහිනී රංගන දිවිය ඇරඹූයේ 2004දී බාලාජි ටෙලිෆිල්ම්ස් ආයකනය විසින් නිෂ්පාදිත යොවුන් රූපවාහිනී කතාමාලාවක් වූ කාර්තිකා තුළිනි. මෙහි සෙසු ප්‍රධාන චරිතය ජෙනිෆර් විංගට් විසින් නිරූපණය කරන ලදී.[10] මෙහි ඔහු විසින් නිරූපණය කරන ලද්දේ කාර්තිකාගේ පෙම්වතා වන අංකුෂ් නැමැති ප්‍රධාන චරිතයයි. [10] 2005දී, බිජ්ලානි තවත් යොවුන් රූපවාහිනී කතාමාලාවකට සම්බන්ධ වූ අතර එය Remix නම් විය.[10] මෙහි ඔහු නිරූපණය කළේ වික්‍රම් නැමැති සහාය චරිතයකි.[10] බිජ්ලානිගේ පළමු වැදගත් කෘතිය ලෙස සැලකෙන්නේ Left Right Left නැමැති ක්‍රියාදාම රූපවාහිනී නාට්‍යයයි.[11] මෙම වැඩසටහනෙහි ඔහු නිරූපණය කළේ ආලේඛ් ෂර්මා නැමැති පුහුණුවන යුධ නිලධාරියකුගේ චරිතයකි.[12]

2008දී, Left Right Left තුළින් විවේකයක් ලබාගත් ඔහු දීප්ති භාට්නගර්ගේ කාලාන්තර නාට්‍යයක් වූ මෝහේ රන්ග් දේ සඳහා අත්සන් තැබී ය. මෙහි ඔහු නිරූපණය කළේ සංජේ නැමැති ධනවත් විනෝදකාමී තරුණයකුගේ චරිතයකි.[13] 2008දී, ඔහු විසින් ප්‍රේමණීය යොවුන් කතාමාලාවක් වූ මිලේ ජබ් හම් තුම්හි චරිත නිරූපණය කරන ලදී. රාති පාණ්ඩේ, සනායා ඉරානි සහ මෝහිත් සේගාල් ද මෙහි රංගනයෙන් දායක වූහ.[14] මෙහි ඔහුගේ චරිතය විනෝදකාමී තරුණියකට පෙම් කරන මායාන්ක් ෂර්මා නැමැති මුග්ධ පුද්ගලයකුගේ චරිතයකි.[15] මෙය 2010 නොවැම්බර් 19 දින විකාශය අවසන් විය.[16] ඔහුගේ ඊළඟ රූපවාහිනී දායකත්වය වූයේ NDTV ඉමැජින් නාළිකාවේ පර්දේස් මේන් මිලා කොයි අප්නා නැමැති වැඩසටහනයි. භාවනා ඛාත්‍රි ද රංගනයෙන් දායක වූ මෙහි ඔහු විසින් චන්ද්‍රකාන්ත් භෝස්ලේගේ චරිතය නිරූපණය කරන ලදී.

2012දී, බිජ්ලානි විසින් UTV බින්දාස්හි රියැලිටි කථා වැඩසටහනක් වූ Dell Inspiron Road Diaries වැඩසටහන මෙහෙයවන ලදී.[17] මීට අමතරව, 2012දී, ඔහු විසින් ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ මැජික් ලැන්ටර්න් ටෙලිචිත්‍රපටයක් වූ තේරි මේරි ලව් ස්ටෝරීස්'හි චරිතය නිරූපණය කරන ලද්දේ නේහා ජන්පණ්ඩිත් සමග ය. මෙහි ඔහු සංස්කෘතියෙන් මිදුණු රඝු නැමැත්තකුගේ චරිතයක් නිරූපණය කරන ලදී.[18] එම වර්ෂ‍යේම ඔහු ෆුල් ෆුක්රේ නැමැති කෙටි චිත්‍රපටයක් ද සිදුකළේ ය. 2013දී, බිජ්ලානි කෙටි චිත්‍රපට දෙකක් වූ I Guess සහ Caught In The Web සඳහා දායකත්වය සැපයී ය. I Guess චිත්‍රපටය තුළ ඔහු නිරූපණය කළේ සිය මිතුරාගේ සැත්කමක් වෙනුවෙන් ‍රෝහලේ රැඳී සිටි මානව් නැමැති චරිතයකි. ඔහු දිවිය සහ මරණය පිළිබඳ එහි දී හමුවන ආදි නැමැති ආගන්තුකයකු සමග අද්භූත කථාබහකට පිවිසේ.[19]

ඔහුගේ අනෙක්‍ කෙටි චිත්‍රපටය වූ Caught In The Web තුළ ඔහු නිරූපණය කළේ අන්තර්ජාලය තුළ සංවාදයෙහි යෙදෙන කරන් නැමැති ප්‍රේම සබඳතා පිළිබඳ ප්‍රකට පුද්ගලයකුගේ චරිතයයි.[20] අනතුරුව ඔහු කාලි – ර්ක් පුනාර් අවතාර් කතාමාලාවේ රංගනයේ යෙදුණේ අනේරි වාජනි සමගයි.[21] එහි ඔහු විසින් දේව් නැමැති පොලිස් පරීක්ෂක චරිතයක් නිරූපණය කරන ලදී.[21] 2013 වර්ෂයේ ඔහුගේ ඊළඟ නිර්මාණ දායකත්වය වූයේ චින්ටු බෑන් ගයා ජෙන්ට්ල්මන් නැමැති කතාමාලාවයි. 2013 වර්ෂයේ ඔහුගේ අවසන් දායකත්වය වූයේ හාස්‍යෝත්පාදක සූපවේදී නාට්‍යයකි. ජෝ බිවි සේ කරේ ප්‍යාර් නැමැති මෙම කතාමාලාව SAB TV නාළිකාවෙන් විකාශය වූ අතර ඔහු විසින් එහි ආදිත්‍ය ඛන්නා චරිතය නිරූපණය කළේ ය. මෙහි සෙසු ප්‍රධාන චරිතය ශ්වේතා ගුලාති නිරූපණය කළා ය.[22] 2014දී ඔහු බොක්ස් ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කළේ ය.

2014දී, බිජ්ලානි විසින් UTV බින්දාස් නාළිකාවේ යේ හේ ආෂිකි කතාමාලාවේ අන්තර්ගත "මේක ද නැත්නම් අරක ද?" යන නාමයැති කථාංගයේ චරිතයක් නිරූපණය කරන ලදී. එහි ප්‍රධාන චරිත රප්නීත් චෞහාන් සහ රුචා ගුජරාති විසින් නිරූපණය කළහ.[23][24] 2015 මාර්තු මස, ඔහු බාලාජි ටෙලිෆිල්ම්ස්හි ප්‍රේමාන්විත රූපවාහිනී මාලා නාට්‍යයක් වූ මෙරි ආෂිකි තුම් ‍සේ හි කතාමාලාව හා සම්බන්ධ විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ රාධිකා මදන් සහ ශක්ති අරෝරා විසිනි.[25] එහි ඔහු නිරූපණය කළේ ඉෂානි කෙරෙහි ප්‍රේමයෙන් බැ‍ඳෙන ශිඛර් මෙහ්රා නැමැති නීතිඥයකුගේ චරිතයකි.[26] කෙසේනමුත් 2015 අගෝස්තු මස කතාමාලාව අවසන් කළ ඔහු, නාගින් කතාමාලාව හා සම්බන්ධ විය.[27]

2015 සැප්තැම්බර් මස, බිජ්ලානි බාලාජි ටෙලිෆිල්මස් සමාග‍මේ තවත් ත්‍රාසජනක කතාමාලාවක් වූ නාගින් සමග සම්බන්ධ විය. ඔහු සමග මෙහි සෙසු ප්‍රධාන චරිතය නිරූපණය කළේ මෞනි රෝයි විසිනි.[28] මෙම කතාමාලාව තුළ ඔහු නිරූපණය කළේ ප්‍රේමය සහ ආගම හේතුවෙන් තමන් දුර්වල වන විශ්වාස කළ රිතික් රහේජා නැමැති ප්‍රියමනාප තරුණ ව්‍යාපාරිකයකුගේ චරිතයකි. නමුත් ශිවන්‍යා මුණගැසීමත් සමග ඔහුගේ විශ්වාසයන්ට අභියෝගයක් එල්ල වේ.[29] මෙම කතාමාලාව ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගැනීමට සමත් විය. 2016 ජූනි 5 දින එය අවසන් විය.[30] 2016දී, ඔහු සිය බොලිවුඩ් ආගමනය සිදු කරමින් බාබා මෝෂන් පික්චර්ස් සමාගමේ ඩිරෙක්ට් ඉෂ්ක් චිත්‍රපටයට දායක වූයේ රාජ්නීෂ් දුග්ගාල් සහ නිධි සුබ්බයියා නැමැති නළු නිළියන් සමග ය.[31] මෙහි ඔහු නිරූපණය කළේ කබීර් බාජ්පායි නැමැති ධනවත් පවුලක යහපත් තරුණයකුගේ චරිතයකි.[32][33][34] 2016 ජූලි සිට, බිජ්ලානි ජලක් දිඛ්ලා ජා නැමැති නර්තන වැඩසටහන හා සම්බන්ධ වූ නමුත්, පසුව ඔහුට සහ සුර්වීන් චෞලා හට ඉවත් වන්නට සිදු විය.[35] 2016 අගෝස්තු මස, ඔහු කලර්ස් ටීවී නාළිකාවේ කවච්... කාලි ශක්තියොන් සේ (ප්‍රධාන චරිත නිරූපණය මෝනා සිං සහ විවේක් දාහියා විසිනි) ‍කතාමාලාවේ බහිරවයකුගේ චරිතයක් නිරූපණය කළේ ය.[36] මීට අමතරව ඔහු විසින් නාගින් 2 කතාමාලාවේ පළමු කථාංගය සඳහා පමණක් චරිත නිරූපණය සිදුකරන ලදී.[37] 2016 නොවැම්බර් මස, ඔහු පර්දේස් මේන් මේ මේරා දිල් කතාමාලාව තුළ රාඝව් මෙහ්රාගේ චරිතය නිරූපණය කළ අතර ද්‍රාෂ්ති ධාමි ද එයට රංගනයෙන් දායක විය.[38]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපට චරිතය සටහන් Ref(s)
2012 ෆුල් ෆුක්රේ කෙටි චිත්‍රපටය [39]
2013 I Guess මානව් කෙටි චිත්‍රපටය [19]
2013 Caught In The Web කරන් කෙටි චිත්‍රපටය [20]
2016 ඩිරෙක්ට් ඉෂ්ක් කබීර් බාජ්පායි බොලිවුඩ් ප්‍රවිෂ්ටය [40]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය වැඩසටහන චරිතය නාළිකාවඅ Ref(s)
2004 කාර්තිකා අංකුෂ් ඩිස්නි චැනල් ඉන්ඩියා [10]
2005 Remix වික්‍රම් ස්ටාර් වන් [10]
2006-08 Left Right Left ආලේඛ් ෂර්මා SAB TV [41]
2008 මෝහේ රන්ග් දේ සංජේ කලර්ස් ටීවී [42]
2008–10 මිලේ ජබ් හම් තුම් මායන්ක් ෂර්මා ස්ටාර් වන් [39]
201 පර්දේස් මේන් මිලා කොයි අප්නා චන්දු ඉමැජින් ටීවී [10]
2012 Road Dairies නිවේදක බින්දාස් [43]
2012 තේරි මේරි ලව් ස්ටෝරීස් රඝු ස්ටාර් ප්ලස් [18]
2013 කාලි - ඒක් පුනාර් අවතාර් දේව් ස්ටාර් ප්ලස් [21]
2013 චින්ටු බෑන් ගයා ජෙන්ට්ල්මන් ඔහු ලෙසම SAB TV [10]
2013 ජෝ බිවි සේ කරේ ප්‍යාර් ආදිත්‍ය ඛන්නා SAB TV [44]
2014 යේ හේ ආෂිකි වරුන් බින්දාස් [24]
2014-15 බොක්ස් ක්‍රිකට් ලීගය ඔහු ලෙසම සෝනි TV [45]
2015 කිල්ලේර් කරාඔකේ ආත්කා තෝ ලත්කා ඔහු ලෙසම &TV
2015 මෙරි ආෂිකි තුම් සේ හි ශිඛර් මෙහ්රා කලර්ස් ටීවී [46]
2015–16 නාගින් රිතික් ‍රහේජා සහ යුව්රාජ් සිං / සංග්‍රාම් සිං [47]
2016 බොක්ස් ක්‍රිකට් ලීගය - වාරය 2 ඔහු ලෙසම [48]
2016 Fear Factor: ඛාත්‍රොන් කේ ඛිලාඩි 7 ආරාධිත
2016 ජලක් දිඛ්ලා ජා 9 ඔහු ලෙසම [49]
2016 කවච්... කාලි ශක්තියොන් සේ අර්හාන් (බහිරවයා) [50]
2016 නාගින් (වාරය 2) රිතික් සිං (විශේෂ නිරූපණය) [51]
2016–වර්තමානය පර්දේස් මේන් හේ මේරා දිල් රාඝව් මෙහ්රා ස්ටාර් ප්ලස් [52]

සම්මාන[සංස්කරණය]

සී ස්වර්ණ සම්මාන[සංස්කරණය]

නිර්දේශයන්[සංස්කරණය]

ඉන්දියානු ටෙල්ලි සම්මාන[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "TV actors and their birthday bash pictures". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  2. "Arjun Bijlani to tie the knot in May". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  3. "My son is my lucky charm: Arjun Bijlani". The Indian Express. 29 October 2015. සම්ප්‍රවේශය 4 March 2016.
  4. "Are TV hotties' comeback shows jinxed?". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  5. "TV actors' social media popularity decides their film career!". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  6. "Colors News - 5 things you didn't know about Arjun Bijlani #MATSH , Colors Reality TV Show News, Updates - Colors TV Shows". Aapkacolors. සම්ප්‍රවේශය 4 March 2016.
  7. "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". සම්ප්‍රවේශය 4 March 2016.
  8. "Arjun Bijlani to become a papa". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  9. "We were just friends: Arjun Bijlani". Deccan Chronicle. සම්ප්‍රවේශය 4 March 2016.
  10. 10.0 10.1 10.2 10.3 10.4 10.5 10.6 10.7 "Arjun hooked and booked". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  11. Aashu Mishra (29 October 2015). "Naagin: Actor Arjun Bijlani's Son Is His Lucky Charm". News World India. සම්ප්‍රවේශය 4 March 2016.
  12. ""Sugar is nothing but metabolic poison", Arjun Bijlani On How He Managed To Sculpt That Frame". HungryForever. සම්ප්‍රවේශය 4 March 2016.
  13. "Arjun Bijlani takes a break from Left Right Left". සම්ප්‍රවේශය 4 March 2016.
  14. "'Miley Jab Hum Tum' cast then and now -". ABP Live. සම්ප්‍රවේශය 4 March 2016.
  15. "Arjun Bijlani will never stop doing romantic scenes on small screen". dailybhaskar. සම්ප්‍රවේශය 4 March 2016.
  16. "Miley Jab Him Tum Last Episode". Hotstar. සම්ප්‍රවේශය 4 March 2016.
  17. "Arjun Bijlani to host Dell Inspiron Road Diaries". සම්ප්‍රවේශය 4 March 2016.
  18. 18.0 18.1 Tellychakkar Team (31 July 2012). "Arjun Bijlani and Neha Janpandit in Magic Lantern's telefilm for Star Plus". සම්ප්‍රවේශය 4 March 2016.
  19. 19.0 19.1 I guess... - Short Film. 24 December 2013. සම්ප්‍රවේශය 4 March 2016 – via YouTube.
  20. 20.0 20.1 Caught in the Web I Short Film by Vandana Sajnani. 4 April 2014. සම්ප්‍රවේශය 4 March 2016 – via YouTube.
  21. 21.0 21.1 21.2 "Arjun Bijlani returns to the small screen". Hindustan TimesTimes. සම්ප්‍රවේශය 4 March 2016.
  22. "I dedicate Jo Biwi Se… to my wife: Arjun Bijlani". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  23. "Arjun Bijlani returns to TV with a fiction show". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  24. 24.0 24.1 This or That? - Yeh hai Aashiqui - Episode 37. 29 April 2014. සම්ප්‍රවේශය 4 March 2016 – via YouTube.
  25. "Arjun and Radhika get injured while shooting in heavy rains". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  26. "Arjun Bijlani back to TV shows after a year". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  27. "Who Quit 'Meri Aashiqui Tum Se Hi'? [PHOTOS]". International Business Times, India Edition. 8 August 2015. සම්ප්‍රවේශය 4 March 2016.
  28. "Arjun Bijlani's special gift for Mouni Roy". The Times of India. 29 February 2016. සම්ප්‍රවේශය 4 March 2016.
  29. "Naagin". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  30. "'Naagin' climbs her way to the top of ratings ladder". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  31. "Arjun Bijlani makes his Bollywood debut with 'Direct Ishq'". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  32. "Direct Ishq Movie Review". NDTVMovies.com. සම්ප්‍රවේශය 4 March 2016.
  33. "Movie Review and Rating: Direct Ishq". The Hans India. සම්ප්‍රවේශය 4 March 2016.
  34. "Direct Ishq Movie Review". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  35. "Arjun Bijlani and Karishma Tanna are the Jai & Veeru of Jhalak - Times of India". සම්ප්‍රවේශය 14 December 2016.
  36. DNA web team (7 August 2016). "Good news after Arjun Bijlani Mouni Roy to enters Kavach". Daily News and Analysis. සම්ප්‍රවේශය 12 December 2016.
  37. "Arjun Bijlani back with Mouni Roy in Naagin season 2". The Times Of India. සම්ප්‍රවේශය 27 September 2016.
  38. "Arjun Bijlani turns scriptwriter for Pardes Mein Hain Meraa Dil". The Times Of India. සම්ප්‍රවේශය 13 November 2016..
  39. 39.0 39.1 "From Barun Sobti to Jay Bhanushali: Nine TV heartthrobs to debut in Bollywood". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  40. "TV actor Arjun Bijlani to make Bollywood debut with 'Direct Ishq'". mid-day. 30 December 2015. සම්ප්‍රවේශය 4 March 2016.
  41. "Telly heartthrobs' soapy ride to success". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  42. "Getting to know Arjun Bijlani". dna. 1 December 2008. සම්ප්‍රවේශය 4 March 2016.
  43. "Arjun Bijlani goes Bindass!". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  44. "'Jo Biwi Se...' is India's first fiction-cookery show!". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  45. "Box Cricket League Teams: BCL 2014 Team Details With TV Actors & Names of Celebrities". india.com. සම්ප්‍රවේශය 14 December 2014.
  46. "Arjun Bijlani opposite Ishani in Meri Aashiqui". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  47. "Not insecure about doing female-driven show 'Naagin': Arjun Bijlani". The Indian Express. 28 October 2015. සම්ප්‍රවේශය 4 March 2016.
  48. "200 Actors, 10 Teams, and 1 Winner... Let The Game Begin". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.
  49. "This is why TV actor Arjun Bijlani is participating in "Jhalak Dikhhla Jaa"". සම්ප්‍රවේශය 27 July 2016.
  50. "Arjun Bijlani to play a jinn in 'Kawach'". timesofindia.com. සම්ප්‍රවේශය 2 August 2016.
  51. "Arjun Bijlani back with Mouni Roy in Naagin season 2". timesofindia. සම්ප්‍රවේශය 28 September 2016.
  52. "naagin actor arjun bijlani not shaleen malhotra ronmance drashti dhami in pardes Mein hain meraa dil". the International Standard times. සම්ප්‍රවේශය 10 September 2016.
  53. "Gold Awards 2016: Arjun Bijlani, Devoleena Bhattacharjee, Mouni Roy win top honours; full list of winners". India Today. සම්ප්‍රවේශය 14 December 2016.
  54. "Arjun Bijlani of Naagin wins first Best Actor award - The Times of India". සම්ප්‍රවේශය 21 December 2016.
  55. "Indian Telly Awards 2007 nominees".
  56. "Indian Telly Awards 2008 nominees".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අර්ජුන්_බිජ්ලානි&oldid=659016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි