උදාන් (2014 රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
උදාන්
මෙලෙසද හැඳින්වේඋදාන් සප්නොන් කි
ප්‍රභේදයනාට්‍ය
රචනය කලේරොබින් භාට්
ජාවෙඩ් සිද්දිකි
සමීර් සිද්දිකි (දෙබස්)
රඟපෑමමීරා ‍දියොස්තාලේ
වරුන් ෂර්මා
පරාස් අරෝරා
විජයේන්ද්‍ර කුමේරියා
ඇරඹුම් තේමාව"යේ හොන්ස්ලෝ කි උදාන් හේ"
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
දෙමළ
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන600 (2016 අගෝස්තු 25 වන විට[1])
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ගුරුදේව් භල්ලා
ධවල් ගාදා[3][4]
නිෂ්පාදක(යෝ)මහේෂ් භාට්[2]
ස්ථානය(න්)දිල්ලි[3]
කැමරා සැලැස්මබහු කැමරා
ධාවන කාලයආසන්න වශයෙන් මිනිත්තු 24
බෙදාහරින්නාගුරුදේව් භල්ලා නිෂ්පාදන
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී[5]
රූප ආකෘතිය16:9 (HDTV 1080i)
මුල් ධාවනය18 අගෝස්තු 2014 (2014-08-18) – වර්තමානය
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

උදාන් (සිංහල: පියාසැරිය, පියාඹන්න) හෙවත් උදාන් සප්නොන් කි යනු 2014 අගෝස්තු 18 දින විකාශය ඇරඹූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි.[6] කලර්ස් ටීවී නාළිකාව[7] ඔස්සේ විකාශය වූ මෙය සඳුදා සිට සිකුරාදා දක්වා විකාශය කෙරිණි.[8] බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයකු වන මහේෂ් භාට්[9] විසින් නිෂ්පාදිත මෙය එම නාමයම ඇති ප්‍රකාශයට පත් නොකෙරුණු චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවකි.[6] ළමා නිළියක වන ස්පන්දන් චතුර්වේදි මෙහි ප්‍රමුඛ චරිතය නිරූපණය කරයි.[10] මෙහි පළමු ප්‍රචාරක වීඩියෝව 2014 ජූලි 10වන දින මුදාහරින ලදී.[11]

රාජ් ටීවී නාළිකාව මගින් මෙම කතාමාලාව පූවිලි වසාලිලේ යනුවෙන් දෙමළ බසට හඬ කවමින් පවතින අතර, එය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 8.30ට විකාශය වේ. මෙය එරට සන් ටීවී නාළිකාවේ විකාශය වන වංසම් කතාමාලාවට දැඩි තරගයක් ලබා දෙයි.

ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම කතාමාලාව දෝණි යන තේමාව ඔස්සේ හිරු ටීවී නාළිකාව මගින් සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 6.30 විකාශය කරයි. මෙහිම නැවත විකාශයක් සති අග දෝණි යනුවෙන් සෙනසුරාදා සහ ඉරිදා ප.ව. 5.30ට විකාශය වේ. විකාශය ඇරඹූ දිනයේ සිට යහපත් ප්‍රතිචාර හිමි වූ මෙය වෙනත් වැඩසටහන්වලට හොඳ තරගයක් දීමට සමත්ව සිටියි.

සමාජයට පණිවිඩයක් ලබාදෙන උදාන් ඉන්දියානු ගම්මානවල ඇපකාර වහල් මෙහෙය පිළිබඳ තොරතුරු අනාවරණය කරයි.[12]

කථාපුවත[සංස්කරණය]

මෙම කථාව ගෙතී ඇත්තේ 1996දී අසාද්ගාන්ජ් නැමැති ගම්මානයේ ධනවත් ඉඩම් හිමියකු වන කමල් නාරායන් රාජ්වංශි (සායි බල්ලල්) ගේ ඇපකාර කම්කරුවන් පිරිසක් වටායි. මෙහි කථානායිකාව වන චාකෝර් (ස්පන්දන් චතුර්වේදි) මිනිස් ඇපයක් (ගිර්ව්හි) ලෙස තබාගත් දැරියකි. චාකොර් ඉපදීමට සිටි සමයේ ඇගේ මව වන කස්තුරි භුවන්‍ගේ (සායි දියෝධාර්) පියා වන හාරියා අනතුරකින් මියයයි. හාරියාගේ අවමංගල්‍යය සඳහා පණ්ඩිත්ට ලබා දීමට භුවන් සතුව මුදල් හෝ ගවදෙනක ද නොවී ය. මේ නිසා භුවන් සහ කස්තුරි රාජ්වංශිගේ වලව්ව වෙත ගොස් ඔහුගේ මුදල් අයැද සිටිති. රාජ්වංශිගේ බිරිය වූ තේජස්විනී ඒ වෙනුවට නූපන් දරුවාව ඇපයට තබන ලෙස පවසයි. දරුවා රාජ්වංශිගේ ඇපකාර කම්කරුවකු කිරීමට යුවල එකඟ වෙයි. පුරසඳ ඇති දිනයක රාත්‍රියේ කස්තුරි චාකොර් නැමැති දියණියකට උපත ලබා දෙයි. දැරියව වසර හතක් දෙමාපියන් අසල තබා ගැනීමට තේජස්විනී අවසර දෙයි. ඉන්පසු ඔවුන් ඇයව රාජ්වංශිගේ නිවසේ සේවයට රැගෙන ආ යුතු විය.

වසර හතකට පසු (2003), චාකොර් වලව්වට පැමිණෙයි. නිර්භීත දැරියක වන ඇය, කාරුණික, දක්ෂ දැරියකි. එහිදී ඇය මනෝහාර් රාජ්වංශිගේ පුත්‍රයා වූ විවාන් රාජ්වංශිගේ මිතුරියක බවට පත් වෙයි. විවාන්ගේ උපකාරයෙන් ඇය වලව්වෙන් පලා ගිය ද, ඇගේ මව ඇයව නැවත වහල් සේවයට රැගෙන පැමිණෙයි. මේ අතර ඉෂ්වාර් රාවත් (සංදීප් බස්වානා) ගේ සහාය හිමි වන ඇය නිදහස ගැන සිහින දකියි. ඉෂ්වාර් යනු ආදිත්‍ය රාවත්ගේ පියා වන අතර, ඔහු ලක්නව්හි නිදහස් දිසාපතිවරයකු ද වේ. සිය දියණියක මෙන් චාකොර්ට සෙනෙහස දක්වන ඔහුට ඇයට ඉගැන්වීමට අවශ්‍ය වේ. චාකොර් පාසලකට ඇතුළත් වන අතර, එහිදී ඇයට අර්ජුන් ඛන්නා (විනීත් රයිනා) නැමැති ශාරීරික අධ්‍යාපන ගුරුවරයකු හමුවෙයි.

සියලු බාධක මධ්‍යයේ චාකොර්ට ඉගැන්වීමට ඉෂ්වාර් සිතයි. ඔහු ඇයව සිය දෙමව්පියන්ගේ උපකාර ලබා ගැනීමට ලක්නව් වෙත රැගෙන යයි. ඔහුගේ පියා වන පුර්ෂෝත්තම්, භයියාජිට බියවන අතර ඔහු චාකොර්ව නැවත රාජ්වංශි වෙත යැවීමට උත්සාහ දරයි. භයියාජි විසින් ඉෂ්වාර්ව සිරගත කරන්නේ ඔහු චාකොර්ව නීතිවිරෝධී ලෙස සිය නිවසේ රඳවා ගනිමින් විකිණීමට උත්සාහ දරන බවට බොරු චෝදනා නගමිනි. ඉෂ්වාර්ව බේරා ගැනීම සඳහා චාකොර්ට තමන්ව ආරක්ෂා කරගත් මිනිසා සහ අධ්‍යාපනය යන දෙකෙන් ‍එකක් තෝරාගැනීමට සිදු වේ. අධ්‍යාපනය පිළිබඳ සිහිනය ඇය අත්හැරීමට තීරණය කරයි. චාකොර් සහ ඉෂ්වාර්හට උපකාර කිරීමට අර්ජුන් ඛන්නා අසාද්ගාන්ජ් ග්‍රාමයට පැමිණෙයි. විවාන් රාජ්වංශි ද අසාද්ගාන්ජ් වෙත පැමිණෙයි. එහි දී චාකොර්ට කමල් නාරායන්ගේ දියණිය වූ භාග්‍යා (ශීතාල් පාණ්ඩ්‍යා) මුණගැසෙයි. අර්ජුන් සහ භාග්‍යා ප්‍රේමයෙන් බැඳෙති. අනතුරුව ඉෂ්වාර් විසින් කමල් නාරායන්ව සිරභාරයට යවනු ලැබෙයි. අර්ජුන් සහ භාග්‍යා සතුටින් විවාපත් වෙති. පසුව කමල් නාරායන් විසින් ඇටවූ බෝම්බයක් පිපිරීමෙන් ඉෂ්වාර් මිය යයි. ඉෂ්වාර් මියයාමත් සමග, කමල් නාරායන් නිදහස් වෙයි.

අර්ජුන් සිය බෑනා ලෙස පිළිනොගන්නා නාරායන් ඔහුව මරාදැමීමට කල්පනා කරයි. දිල්ලියේ දී, චාකොර් වැනි පෙනුමක් ඇති චුන්නි නැමැති දැරියක කමල් සහ මනෝහාර්ගේ නෙතගැටෙයි‍. ඔවුහු ඇයට චාකොර් මෙන් රඟපානු පිණිස ලක්ෂ 50ක් ලබා දෙති. අර්ජුන් භාග්‍යාව ලක්නව් වෙත රැගෙන යයි. චුන්නි රැගෙන කමල් සහ මනෝහාර් අසාද්ගාන්ජ් වෙත පැමිණෙති. කස්තුරි සහ සෙස්සෝ චාකොර් දැක ප්‍රීතියට පත් වෙති. අර්ජුන් සහ භාග්‍යා ලක්නව් වෙත ගොස් ඇති බව දැනගන්නා කමල් නාරායන් කෝපයට පත් වේ. අවසානයේ, හෙළිවන්නේ චුන්නි යනු චාකොර්ගේ නිවුන් සොයුරිය බවයි. භයියාජි චුන්නිව මරා දමයි. චුන්නිගේ මරණය ගැන නොදත් චාකොර් රෙන්බෝ සර්කසය වෙත යයි. එහි දී ඇය නිර්භීත ලෙස මිනීමරුවා අනාවරණය කරගන්නා අතර, රංජනා විසින් මනෝහාර් මරා දැමීමෙන් පසු ඇය භයියාජි සහ රංජනාගේ විවාහයට සහභාගී වෙයි. භයියාජි චාකොර්ව මරාදැමීමට තැත් කරයි. නමුත් අසාද්ගාන්ජ් වෙත නැවත පැමිණෙන අර්ජුන් ඇයව බේරාගනියි. කෝපයට පත්වන භයියාජි ඇ‍ගේ දාදිව අල්ලා ගනියි. තමන්ට වසර 10ක් කල් දෙන මෙන් අර්ජුන් චාකොර්ගෙන් ඉල්ලා සිටියි. ඇය ඊට එකඟ වේ.

දස වසරකට පසු[සංස්කරණය]

අනතුරුව කතාමාලාවේ වසර දහයක් ගෙවී ඇති බව පෙන්වයි. දැන් කතාව ගලායන්නේ ප්‍රධාන චරිත ත්‍රිත්වයක් වටායි. එනම් චාකොර් (මීරා දියොස්තාලේ), ආදිත්‍ය රාවත් (වරුන් ෂර්මා) සහ විවාන් රාජවංශි (පරාස් අරෝරා) ය. චාකොර් අර්ජුන් ඛන්නා යටතේ පුහුණුව සිටියි. අර්ජුන් (විනීත් රයිනා) සහ භාග්‍යා (ශීතාල් පාණ්ඩ්‍යා) ඇයව තමන්ගේම දියණියක් මෙන් හදා ගනිති. චාකොර්ගේ සිහිනය අසාද්ගාන්ජ් ග්‍රාමය කමල් නාරයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමයි. නොයෙකුත් ක්‍රීඩා තරග ජයග්‍රහණය කොට ඇති ඇය නැවත අසාද්ගාන්ජ් වෙත පැමිණෙන්නේ සිය කීර්තියත් සමගයි. අසාද්ගාන්ජ් වෙත පැමිණීමෙන් පසු කමල් නාරායන් විසින් සිය දාදිව මරාදමා ඇති බව ඇය දැනගනියි. ඇගේ සොයුරිය වූ ඉම්ලිගේ මනස ද ඇයට විරුද්ධව හැඩගස්වා ඇත. ඉම්ලි මේ වන විට කමල් නාරායන් හා ඔහුගේ පුත් සුරාජ්ව පක්ෂපාතීව සිටින්නී ය. එසේම ඇයට තරමක් අසිහියෙන් යුතු විවාන්ව ද හමුවෙයි. ඔහුට තේජස්විනී විසින් මත්ද්‍රව්‍ය එන්නත් කොට ඇති බව ඇය මඳ කලකින්ම අනාවරණය කොට ගනියි. චාකොර්ගේ ඉල්ලීම අනුව විවාන් ක්‍රමයෙන් මත්ද්‍රව්‍යවලින් මිදෙයි. අනතුරුව විවාන් සහ චාකොර් එක් වී කමල් නාරායන්ගේ දුෂ්ට පාලනය අවසන් කිරීමට කුමන්ත්‍රණ කරති. ඔහු සහ ඔහුගේ පුත්‍රයාව අපරාධ වෙනුවෙන් සිරගත කරනු ලැබෙයි. අසාද්ගාන්ජ්හි සියලු ගම්වැසියෝ ප්‍රීතියට පත්ව උත්සව පවත්වන්නට වූහ. විවාන් චාකොර්ට විවාහ යෝජනාවක් ගෙනෙන අතර, චාකොර් එය පිළිගනියි. මේ අතර, ඉම්ලිගේ සහාය ඇතිව සිරභාරයෙන් පැන එන සුරාජ්, විවාන් සහ චාකොර්ගෙන් පළිගන්නට අදිටන් කරගනියි. මේ අතර සුරාජ් දිල්ලියේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ ටිනා සමග විවාහ ගිවිස ගනියි. නමුත් සුරාජ් හේතුවෙන් තමා ගැබිනියක බවට පත්ව ඇති බව ඉම්ලි සුරාජ්ට පවසයි. ඇයව ප්‍රතික්ෂේප කරන සුරාජ් ඇයට දරු ගැබ විනාශ කරගන්නා මෙන් පවසයි. ඉන් කම්පනයට සහ ශෝකයට පත් ඉම්ලි සියදිවි හානි කරගැනීමට තැත් කරයි. නමුත් ඇයව බේරාගන්නා චාකොර් ඇයව සුරාජ්ට විවාහ කරදීමට පොරොන්දු වෙයි. චාකොර් සහ විවාන්ගේ විවාහයට දින නියම කරගැනෙයි. සුරාජ් සහ ටිනාගේ විවාහය ද එදිනටම යෙදෙයි. ටිනාට මෙම විවාහය කරදෙන්නේ ඇගේ අකමැත්තතෙන් බව වටහාගන්නා චාකොර්, ටිනා, විවාන් සහ ඉම්ලිගේ උපකාර ඇතිව සුරාජ්ගේ මනාලිය ලෙස ටිනා සහ ඉම්ලිව මාරුකිරීමට සැලසුම් කරයි. විවාහ දිනයේ පැනයාමට ටිනාට උපකාර කරන චාකොර්, ඉම්ලිව මනාලිය මෙන් සරසවයි. මනාලියන් මාරු කිරීම පිළිබඳ දැනගන්නා සුරාජ්, තේජස්විනීගේ උපකාර ඇතිව ඉම්ලි සහ චාකොර්ගේ තැන් මාරු කරයි. කිසිවකුගේ දැනීමකින් තොරව සුරාජ් චාකොර්ව විවාහ කර ගනියි. චාකොර් සහ ඉම්ලි සිය මුහුණු දුපට්ටාවලිනුත්, සුරාජ් සහ විවාන් සිය මුහුණු සෙහ්රාවලිනුත් ආවරණය කොටගෙන ඇති නිසා කිසිවකුට මෙය නොවැටහේ. විවාහයෙන් පසු සැමදෙනාම පුදුමයට පත්වන්නේ චාකොර් සුරාජ් සමගත්, විවාන් ඉම්ලි සමගත් විවාහ වී ඇති බව දැනගැනීමෙනුයි. මෙහි වරද චාකොර් මත පැටවීමට සුරාජ් උත්සාහ දරයි. ඉම්ලි හා විවාන් ඇතුළු සියලු දෙනා ද විශ්වාස කරයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

ආවර්තී චරිත[සංස්කරණය]

ආරාධිත තරු[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "උදාන් එපිසෝඩ්ස්". උදාන්. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2014.
  2. "ඉන්ටර්වීව්: ආෆ්ටර් ෆෝ ඉයර්ස් ඔෆ් ගැප්, සායි දියෝදාර් කම්ස් බැක් ඔන් ටීවී සීරියල් 'උදාන්'". daily.bhaskar.com. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  3. 3.0 3.1 http://timesofindia.indiatimes.com/entertainment/hindi/tv/news/Film-maker-Mahesh-Bhatt-at-the-launch of-Udann-in-Delhi/articleshow/40190624.cms
  4. "ෆිල්ම් මේකර් මහේෂ් භාට් ඇට් ද ලෝන්ච් ඔෆ් උදාන් ඉන් දිල්ලි". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. බෙනට්, කෝල්මන් ඇන්ඩ් කම්පනි ලිමිටඩ්. සම්ප්‍රවේශය 7 සැප්තැම්බර් 2016.
  5. "වොච් 'උදාන්' ඔන් කලර්ස්". daily.bhaskar.com. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  6. 6.0 6.1 "මහේෂ් භාට්'ස් අන්රිලීස්ඩ් ෆිල්ම් 'උදාන්' බිකම්ස් අ ටීවී ෂෝ - ලේටස්ට් නිව්ස් ඇන්ඩ් අප්ඩේට්ස් ඇට් ඩේලි නිව්ස් ඇන්ඩ් ඇනලයිසිස්". dna. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  7. "'ශාස්ත්‍රි සිස්ටර්ස්' ඇන්ඩ් 'උදාන්' කාස්ට් විසිට් ද අන්ධේරිචා රාජා පන්චාල් - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  8. "උදාන්: ලිට්ල් චාකොර් බිකම්ස් බොන්ඩඩ් ලේබර්". සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  9. "කන්සෙප්ෂුවලයිස්ඩ් 'උදාන්' ඇක්චුවලි ෆෝ අ ෆිල්ම් මහේෂ් භාට්". මිඩ්-ඩේ. 14 අගෝස්තු 2014. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  10. අනිල් වන්වාරි. "කලර්ස් ‍ටු අවේකන් රූරල් මෑසස් විත් 'උදාන්' - ඉන්ඩියන් ටෙලිවිෂන් ඩොට් කොම්". සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  11. අනිල් වන්වාරි. "ඉන් වීඩියෝ: ෆස්ට් ප්‍රොමෝ ඔෆ් කලර්ස්' 'උදාන්' - ඉන්ඩියන් ටෙලිවිෂන් ඩොට් කොම්". සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  12. "'අයි හැඩ් ටියර්ස් ඉන් මයි අයිස් වෙන් අයි හර්ඩ් ද ස්ක්‍රිප්ට් ඔෆ් උදාන්'". රෙඩිෆ්. 23 අගෝස්තු 2014. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.