සාවිත්‍රි දේවි කොලිජි ඇන්ඩ් හොස්පිටල්

විකිපීඩියා වෙතින්
සාවිත්‍රි දේවි කොලිජි ඇන්ඩ් හොස්පිටල්
ප්‍රභේදයවෛද්‍ය නාට්‍ය
තැනුවේරශ්මි ෂර්මා
රචනය කලේ
  • රශ්මි ෂර්මා
  • වීරේන්ද්‍ර ෂහානේ
  • රාජේශ් දු‍බේ
  • ප්‍රියාඕම් ජා
  • ගෞතම් හෙග්ඩේ

විනයි ඡාවල්

  • සංචීතා බෝස්
  • ශාරද් චන්ද්‍ර ත්‍රීපති
රඟපෑමචරිත නිරූපණය බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන90 (2017 සැප්තතැම්බර් 15 වන විට)[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)රශ්මි ෂර්මා
පවන් කුමාර් මාරුත්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 44
නිෂ්පාදන සමාගමරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
බෙදාහරින්නාවයාකොම් 18
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
රූප ආකෘතිය
මුල් ධාවනය15 මැයි 2017 (2017-05-15) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සාවිත්‍රි දේවි කොලිජි ඇන්ඩ් හොස්පිටල් යනු 2017 මැයි 15 සිට කලර්ස් ටීවී ඔස්සේ විකාශය ඇරඹි ඉන්දියානු රූපවාහිනී මාලා නාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ස්වර්දා තිගාලේ සහ වරුන් කපූර් විසිනි.[2][3]

කථාපුවත[සංස්කරණය]

සාවිත්‍රි දේවී කොලිජි ඇන්ඩ් හොස්පිටල් යනු වෛද්‍ය නාට්‍යයකි. මෙමගින් සාංචි නම් තරුණිය සිය මව වන ජයාගේ සිහිනය ඉටු කිරීමට උත්සාහ දරනු නිරූපණය වේ. කථාව ඇරඹෙන්නේ සාචි මිෂ්රාට සාවිත්‍රි දේවී කොලීජිය සහ රෝහලේ ඇගේ සීමාවාසික පුහුණවීම සිදු කිරීමට අවශ්‍ය වුවත් ඇගේ නම ලැයිස්තුවෙහි ඇතුළත් නොවේ. ඇගේ මිතුරියන් වන ඊශා සහ ප්‍රාග්‍යාගේ බලපෑම මත ඇය සාචි අගර්වාල් යන ව්‍යාජ නාමයකින් කටයුතු ආරම්භ කරන්නේ සිය මව වන ජයාගේ සිහිනය සැබෑ කිරීමට අවශ්‍ය නිසායි. රෝහලේ හිමිකරු වන වෛද්‍ය ආනන්ද් මල්හෝත්‍රා හමුවීමෙන් පසු, සිය දියණිය ව්‍යාජ අනන්‍යතාවකින් සේවය කරන බව ජයා වටහා ගනියි. ආනන්ද් සමග තමන්ට ඇති එදිරිවාදීත්වය ජයා සාචිට හෙළිකරයි. ජයා සිය දියණියට පවසන්නේ සාවිත්‍රි දේවී කොලීජිය සහ රෝහල සාචිගේ පියා වූ සුනිල් මිෂ්රාගේ සිහිනය වූ බවත්, ආනන්ද් ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළ බවත් ය. ආනන්ද්ගේ පළමු බිරිඳ වූ සාවිත්‍රි යහපත් තැනැත්තියක වූ බවත්, ඇය ජයාගේ සමීප මිතුරියක වූ බැවින් ආනන්ද් සීමාවාසික ලැයිස්තුවෙන් සාචිගේ නම බලෙන් ඉවත් කොට ඇති බවත් පවසයි. වෛද්‍ය මල්හෝත්‍රා කෙරහි සාචි තුළ වූ අප්‍රසාදය ඉහළ යයි. ඔහුගේ දිවිය විනාශ කිරීමේ අරමුණින් ඇය රෝහලට ඇතුළුවන්නේ රෝහල සිය පියා පැතූ ආකාරයෙන් සංවිධානය කිරීමටයි. මෙහි දී ඇය රෝහලේ නොයෙකුත් නොමනා ක්‍රියා දකින් අතර, ඒවාට එරෙහිව නැගී සිටියි.

වෛද්‍ය මල්හෝත්‍රා සහ සාවිත්‍රිගේ පුත්‍රයා වන වීර් සිය විනෝදාංගනය ලෙස රෝහල භාවිත කරන අතර, අන්‍යන්ට ඔහු ඇස් රතුවන විහිළු කරයි. ඔහු සාචිට ප්‍රිය කරයි. සාචි ද නොදැනුවත්ව ඔහුට සමීප වේ. වීර් යනු වෛද්‍ය මල්හෝත්‍රාගේ පුත්‍රයා බව දැනගැනීමෙන් පසුව, ඇය ඔහුව නොසලකා හරියි. රෝහලේ හොඳම වෛද්‍යවරයා වන වෛද්‍ය කබීර්ගේ මවගේ රෝගී තත්ත්වය නිසා ඇයට ඔහු සමග විවාහ වන්නේ යැයි රංගනයක යෙදීමට සිදුවේ. ආනන්ද් සහ ඔහුගේ දෙවන බිරිඳ වන ගායත්‍රිගේ දියණිය වන රියා මල්හෝත්‍රා ද එම රෝහලේම සේවය කරන අතර, ඇය සාචිට ඊර්ෂ්‍යා කරන අතර, කබීර්ට ප්‍රිය කරයි. එසේම ඇය බොහෝ ගැටලු ඇති කරයි. මේ නිසා වීර් සහ සාචි අතර වැරදි වැටහීම් ඇති වන අතර, සත්‍ය දැනගැනීමෙන් පසු පවා වීර් ඇයව නොසලකා හරියි. සාචි ඔහුගේ සමාව ඉල්ලා සිටිය ද, වීර් ඇයට සමාව නොදෙයි. සාචිගෙන් මඳක් ඈත්වීම සඳහා ඔහු කඳවුරක් වෙත යයි.

අනෙක් අතින්, වීර් සහ ප්‍රියාගේ මෑණියන් වන සාවිත්‍රි දේවී තවමත් ජීවත්ව සිටින බවත්, ඇය කෝමා තත්ත්වයක් වැළඳී රෝහලේ 10වන මහලේ සීමිත පෙදෙසේ රඳවා සිටින බවත් සාචි දැනගනියි. ඇය මේ බව වීර්ට පවසන්නට තැත් කළ ද, එයට අවස්ථාවක් හිමි නොවේ. මේ අතර ආනන්ද් සහ සාවිත්‍රිගේ දියණිය වූ ප්‍රියා මල්හෝත්‍රාහට මානසිකව අසංතුලිතතාවයෙන් පෙළෙන වෛක්‍රාන්ත් චෞලා සමග විවාහ වන්නට බල කෙරෙයි. ඔහු ඇයව යටත් කරගන්නට උත්සාහ දරන්නේ, ඇගේ මුල් පෙම්වතා වූ සංකේත්ගේ ප්‍රේමය උදුරා ගැනීමටයි. සාචිගේ උත්සාහය නිසා සිය මෑණියන් තවමත් ජීවත් වන බව වීර් දැනගනියි. ඇයව ඉවත් කරන්නට ආනන්ද්ට ඉඩ නොදෙන බවට ඔහු පොරොන්දු වෙයි. විවාහය නවත්වන ඔහු සාවිත්‍රි දේවී තවමත් ජීවත්වන බව සියුල දෙනාට හෙළිකරයි. ඇගේ තත්ත්වයට හේතුව සහ ඇයව මෙසේ සඟවා තබන්නේ ඇයි දැයි හෙලිකරන මෙන් ඔහු ආනන්ද්ට තර්ජනය කරයි. කබීර් සහ ඔහුගේ ශිෂ්‍යයින් සාවිත්‍රිගේ තත්ත්වය තරමක් යහපත් අතට ගෙනඒමට සමත්වෙති.රියා ඔවුන්ගේ ප්‍රයත්න ව්‍යර්ථ කිරීමට තැත් කරන නමුත්, ඇය අසාර්ථක වේ. නමුත් ඇය සැමට අනතුරු හඟවයි. සිය මව පිළිබඳ අනාවරණය වූයේ සාචි නිසා බව වීර් දැනගනියි. ඔහු ඇයට සමාව දෙන අතර, ඔවුහු නැවත මිතුරු වෙති. නමුත් ආනන්ද් වීර්ට මුසාවක් පවසන්නේ සාවිත්‍රිගේ තත්ත්වයට හේතුවන ජයා මිෂ්රා සහ රොහ්ලේ ඉගෙනුම ලැබීමට සාචි යන නාමයෙන් පැමිණ සිටින ඇගේ දියණිය බවයි. වීර් එය විශ්වාස කරයි. අනෙක් අතින්, සංකේත් ප්‍රියාගේ දිවියට නැවත පැමිණෙයි. වෛක්‍රාන්ත්ගේ කාර්යාලයේ සේවය කරන ඔහු අනිකේත් යන ව්‍යාජ නාමයෙන් පෙනීසිටියි. ප්‍රියාව වෛක්‍රාන්ත්ගේ ග්‍රහණයෙන් මුදාගන්නා බවට ඔහු පොරොන්දු වේ.

මේ වනවිට කබීර්-සාංචි-වීර් තුන් කොන් ප්‍රේමය පැටලී සිටිති.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය චරිත[සංස්කරණය]

හරස්මාරු කථාංග[සංස්කරණය]

  • ශක්ති — අස්තිත්ව කේ ඒහ්සාස් කි 2017 ජූනි 16 — මෙම කතාමාලාවේ සෞම්‍යා පමණක් දක්නට ලැබේ. මෙය නිසි හරස්මාරු කථාංගයක් ද නොවේ. සෞම්‍යා සාවිත්‍රි දේවී රෝහල වෙත පැමිණෙන්නේ රෝගී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකුට ප්‍රතිකාර ලබාගැනීමටයි. ඇය සාංචිගෙන් අසන්නේ ඇයට කාන්තාවක විය හැකි ද යන්නයි.
  • දේවාංශි 2017 ජූලි 17 – 19 — දේවාංශිට අනුතරක් සිදුවන අතර, ඇය සාවිත්‍රී දේවී රෝහල වෙත පැමිණෙයි. මෙයට පෙර සාංචි දුරකථන ඇමුතම් ඔස්සේ දේවාංශිව දැනසිටින අතර, ඇය සත්‍ය අනන්‍යතාව හෙලිකරන මෙන් දේවාංශිගෙන් ඉල්ලා සිටියි. මේ අතර මා කුසුම් සුන්දරීගේ පවුල දේවාංශි හෙවත් කල්කී ෂාව සොයාගනිති.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Savitri Devi College & Hospital episodes". Savitri Devi College & Hospital. 14 November 2014. සම්ප්‍රවේශය 15 November 2014.
  2. "'Calender Girls' fame Vikram Sakhalkar to make TV debut". Times of India. සම්ප්‍රවේශය 24 March 2017.
  3. Keshri, Shweta. "Swaragini actor Varun Kapoor will make a comeback with this show". India Today. සම්ප්‍රවේශය 12 May 2017.

බාහිර සබැඳි[සංස්කරණය]