ක්‍රිකට් ලෝක කුසලානය 2011
| ක්‍රිකට් ලෝක කුසලානය 2011 | |||
|---|---|---|---|
| 200px 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ලාංඡනය |
|||
| කාලය | පෙබරවාරි 19 – අප්‍රියල් 2 | ||
| සංවිධායක | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය | ||
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජ්‍යාතයන්තර තරඟ | ||
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම | ||
| සත්කාරකත්වය | |||
| ශූරයන් | |||
| සහභාගීත්වය | 14 | ||
| තරඟ | 49 | ||
| තරඟාවලියේ වීරයා | |||
| වැඩිම ලකුණු | |||
| වැඩිම කඩුළු | |||
| නිල වෙබ් අඩවිය | cricket.yahoo.com | ||
|
|||
2011 ICC ක්‍රිකට් ලෝක කුසලනය දසවෙනි ක්‍රිකට් ලෝක කුසලානයයි. ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුනක් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශය මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරයි. මෙවර ප්‍රථම වතාවට බංගලාදේශය ලෝක කුසලනයක සම-සත්කාරකත්වය දරයි.ක්‍රිකට්එක්දින ජාත්‍යන්තර තරඟරටාවට ලෝක කුසලානය පැවැත්වේ.ජාතික කණ්ඩායම් 14ක් තරඟ වදී.[1] ලෝක කුසලානය පෙබරවාරි මස සිට අප්‍රේල් මස මුල දක්වා පැවැත්වේ. ප්‍රථම තරඟය පෙබරවාරි 19දා පැවත්වෙන්නේ සම-සත්කාරක ඉන්දියාව සහ බංගලාදේශය සමග මිර්පුර් හි ශේර්-එ-බන්ග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී ය.[2]
ලෝක කුසලානය පකිස්තානයේ දී පැවැත්වීමට යෝජනා වුවත්,ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් හි දී 2009 ප්‍රහාරය හේතුවෙන්,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පකිස්තානයට සම-සත්කාරකත්වය අහිමි කිරීමට තීරණය කරන ලදී.[3] සංවිධායක කමිටුවේ ප්‍රධාන කාර්යාලය ලාහෝර් හි මුලින් පිහිටා තිබුනත් එය මුම්බායි වෙත ගෙනයන ලදී.[4] පකිස්තානයේදී එක් අවසාන පූර්ව තරඟයක් ඇතුළුව තරඟ 14 ක් පැවැත්වීමට යෝජනාවී තිබුණි .[5] මෙයින් තරඟ 8ක් ඉන්දියාවටද 4ක් ශ්‍රී ලංකාවටද 2ක් බංගලාදේශයටද ලබාදී ඇත.[6]
පටුන |
[සංස්කරණය] සත්කාරක රට තෝරාගැනීම
[සංස්කරණය] ඉදිරිපත් කිරීම්
2011 ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ කුමන රටද යන වග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2006 අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත්කරන ලදී. ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තය ද මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ඉල්ලුම් කරනු ලැබීය.නමුත් අවසානයේදී ඉන්දියාව ඇතුලු ආසියානු රටවලට සත්කාරකත්වය හිමිවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කුසලානය පවත්වන ස්ථාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර හුවමාරු කරනු ලබයි. එංගලන්තය විසින් (තෙවරක්ද 1975,79,83) ඉන්දියාව/පකිස්තානය 1987, ඕස්ට්‍රේලියාව/නවසිලන්තය 1992, ඉන්දියාව/පකිස්තානය/ශ්‍රී ලංකාව 1996, එංගලන්තය (එක්සත් රාජධානිය, නෙදර්ලන්තය) 1999, දකුණු අප්‍රිකාව (සිම්බාබ්වේ, කෙන්යාව) 2003, බටහිර ඉන්දීය කොදෙව් දූපත් 2007. මේ නිසා 2011 ලෝක කුසලානය පැවැත්වීමට වඩාත් සුදුසුකම් ලබා සිටියේ ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තයයි.ඒ ඔවුන් 1992න් පසුව ලෝක කුසලාන තරඟාවලියක් පවත්වා නැති හෙයිනි. නමුත් ඉන්දියාව පවසා සිටියේ තම කලාපයේ ලෝක කුසලානයට නිරන්තරයෙන්ම සුදුසුකම් ලබන රටවල් වැඩි ප්‍රමානයක් සිටින බැවින් මෙවර අවස්ථාව තමන්ට ලැබිය යුතු බවයි.මේ හේතුවෙන් ඉන්දියාව/ශ්‍රී ලංකාව/බංග්ලාදේශයට මෙවර අවස්ථාවද ඕස්ට්‍රේලියාව හා නවසිලන්තයට 2015 ලෝක කුසලානය සංවිධානය කිරීමෙ භාග්‍යද ලැබිණි.
[සංස්කරණය] තරග පිලිබඳව
[සංස්කරණය] තරග බෙදා දීම
2005 අප්‍රේල් 11 දින , පකිස්තානු ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති ශහාරියර් ඛාන් විසින් තරඟ බෙදා ගැනීමේ සම්මුතිය පිලිබඳව නිවේදනය කරන ලදී.[7] මුලින්ම ඉන්දියාවෙහි අවසාන මහා තරගයත් පකිස්තානයේදී හා ශ්‍රී ලංකාවේදී අවසාන පූර්ව තරඟ පැවත්වීමට යෝජනාවී තිබුණි.[8] සමාරම්භක උත්සවය බංගලාදේශයේදී පැවැත්වීමටද යෝජනාවී තිබුණි.[9]
පකිස්තානය සම-සත්කාරකත්වයෙන් ඉවත්කිරීමෙන් පසුව ඔවුන්ගේ රටේ පැවත්වීමට තිබුණු තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි නගරවල පැවැත්වීමට පකිස්තානය යෝජනා කරන ලදී . මෙය පසුගිය මාස කිහිපයෙහි පකිස්තානය සහභාගි වූ තරඟ අබුඩාබි, ඩුබායි සහ සාජහ් නගරවල පැවැත්වීමට ප්‍රතිචාරයක් වශයෙනි. මෙම ක්‍රීඩාංගන වල තණතීරු පකිස්තානු ක්‍රීඩකයින්ට උචිත අන්දමින් සකසා ඇත. මෙහිදී මුම්බායි සිට ඩුබායි දක්වා ගුවන් ගමන් සඳහා කාලසටහන් වෙනස් කිරීමක් සිදුනොවේ.
මෙවර ඉන්දියාවේ ස්ථාන අටක අවසන් පූර්ව තරඟයක් සහ අවසන් මහා තරඟය ඇතුළුව තරඟ 29ක් පවත්වයි.ශ්‍රී ලංකවේ ස්ථාන තුනක අවසාන පූර්ව තරඟයක් ඇතුළුව තරඟ 12ක් පවත්වයි. මේ අතර බංගලාදෙශයේ ස්ථාන දෙකක තරඟ අටක් පවත්වයි. සමාරම්භක උත්සවයද 2011 පෙබරවාරි 18 බංගලාදෙශයේදී පැවැත්වේ..[10]
[සංස්කරණය] ආකෘතිය
2007 අවසාන භාගයේදී, සත්කාරක රටවල් 4 කන්ඩයම් 16ක් වෙනුවට 14ක් තරඟ වදින සංශෝධිත තරඟ රටාවකට එකඟ විය.මෙහි මූලික වටය කන්ඩායම් 14 කන්ඩායම් 7 බැගින් කොටස් දෙකකට බෙදා ක්‍රීඩා කිරීමට එකඟ විය.මෙය රවුන්ඩ්-රොබින් වටයකි. 2003 දකුණු අප්‍රිකාවේදී පැවැත්වූ ආකාරයට සමානය.කන්ඩායම් 7 එක් කන්ඩායමක් සමග එක් වරක් බැගින් ක්‍රීඩා කරයි. හොඳම කන්ඩායම් 4 අර්ධ අවසාන පූර්ව තරඟ වලට සුදුසුකම් ලබයි. [11] මේ ආකෘතියට අනුව මූලික තරඟ හයේදී දුර්වලව ක්‍රීඩා කරන කන්ඩායම් ඔවුන්ගේ කලින් පරාජයන් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වේ . පාකිස්තානය සත්කාරකත්වයෙන් ඉවත් කිරීමෙන් පසුව එක් අවසාන පූර්ව තරගයක් පැවැත්වීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදී ඇත.
- අවසාන පූර්ව තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇති ක්‍රීඩංගන වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය , ශ්‍රිලංකාව මොහාලි PCA ක්‍රීඩාංගනය , ඉන්දියාව
- අවසාන මහා තරඟය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ වන්ඛෙඩේ ක්‍රීඩාංගනය මුම්බායි, ඉන්දියාව හිදීය.
[සංස්කරණය] සුදුසුකම්ලැබීම
ICCයෙහි රෙගුලාසින්ට අනුව, පූර්ණ සාමාජිකයන් 10 නිරායාසයෙන්ම ලෝක කුසලානයට සුදුසුකම් ලබයි. මෙයට දැන්ට ටෙස්ට් තත්වයෙන් ඉවත්කර ඇති සිම්බාබ්වේ කන්ඩායමද ඇතුලත්වේ..[12]
2011 ලෝක කුසලනයට සහභාගි වන සහකර සාමාජික කන්ඩායම් තෝරගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ස්ංවිධානය කල තවත් ක්‍රිකට් තරඟාවලියක් දකුණු අප්‍රිකාවේදී පැවැත්විණි. අයර්ලන්තය පසුගිය ලෝක කුසලානයේ සිටම මෙම කණ්ඩායම් අතර හොඳම දක්ෂතා ඇති කණ්ඩායම විය. අවසන මහා තරඟයේදී කැනඩාව පරාජයට පත්කරමින් ඔවුන් ශූරතාව දිනාගන්නා ලදී. නෙදර්ලන්තය සහ කෙන්යාව පිලිවෙලින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගනිමින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූහ .[13]
[සංස්කරණය] සුදුසුකම් ලැබූ කන්ඩායම් ලේඛණය
පහත සඳහන් කන්ඩායම් 14 මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇත.*(තරු ලකුණ ) සහිත කන්ඩායම් සහකාර සාමාජිකයන් වේ.
|
|
|
[සංස්කරණය] ස්ථානයන්
මෙවර ලෝක කුසලානයට සියලු ඉන්දීය ක්‍රීඩාංගන සකස් කර තිබුණත් [14] බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 2009 ඔක්තෝබර් සිට සකස් කරමින් පවතී. මෙවර ලෝක කුසලානය පවත්වන සියලුම ක්‍රීඩංගන 2009 නොවැම්බර් 2 මුම්බායි හිදී ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.. ශ්‍රි ලංකාවේ 2011 ලෝක කුසලානය සඳහාම ක්‍රීඩාංගන දෙකක් ඉදිකරමින් පවතී.මේවා මහනුවර සහ හම්බන්තොට පිහිටා ඇත.[15]
| කොල්කටා | කොළඹ | නව දිල්ලිය | මහනුවර | අහ්මදාබාද් |
|---|---|---|---|---|
| ඊඩ්න් ගාඩ්න්ස් Capacity: 82,000 (උසස් කරමින් පවතී) |
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය Capacity: 35,000 |
ෆෙරොස් ශා කොට්ලා Capacity: 48,000 |
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය Capacity: 35,000 (new stadium) |
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය Capacity: 50,000 |
| චිතගොන් | චෙන්නායි | ඩකා | ||
| චිතගොන් ක්‍රීඩාංගනය Capacity: 20,000 |
M. A.චිදම්බරම් ක්‍රීඩාංගනය Capacity: 46,000 (උසස් කරමින් පවතී) |
ශේර්-ඒ-බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය Capacity: 35,000 |
||
| 125px | ||||
| මුම්බායි | හම්බන්තොට | මොහාලි | නාග්පුර් | බැංගලෝර් |
| වන්ඛෙඩේ ක්‍රීඩංගනය Planned capacity: 45,000 (උසස් කරමින් පවතී) |
සූරියවැව ක්‍රීඩාංගනය Capacity: 35,000 (new stadium) |
පන්ජාබ් ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩංගනය Capacity: 35,000 |
විදර්බා ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩංගනය Capacity: 45,000 |
M. චින්නස්වාමි ක්‍රීඩාංගනය Capacity: 42,000 |
|
Venues in Sri Lanka
|
[[file:සැකිල්ල:Location map Bangladesh|220px|ක්‍රිකට් ලෝක කුසලානය 2011 is located in සැකිල්ල:Location map Bangladesh]]සැකිල්ල:Location map~ සැකිල්ල:Location map~
Venues in Bangladesh
|
[සංස්කරණය] ත්‍යාග මුදල
මෙවර ලෝක කුසලානය ජයගන්නා කණ්ඩායමට ලැබෙන ත්‍යාග මුදල ඇ. ඩො. මිලියන 4කි. 2010 අප්‍රේල් 20 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඩුබායි හිදී පැවත්වූ සමුළුවකින් අනතුරුව එය ඇ. ඩො. මිලියන 10 දක්වා ඉහල දැමීමට තීරණය කරන ලදී. [16]
[සංස්කරණය] නිල සුරතලා
ස්ටම්පි [17] නිල සුරතලා 2011 ක්‍රිකට් ලෝක කුසලානය. ශ්‍රී ලංකාවේ කොළඹදී, 2010 අප්‍රේල් දෙවන සිකුරදා දින විවෘත කරන ලදී . ඔහු අවුරුදු දහයක් වයසැති කුඩා අලි පැටවෙකි. නිල සුරතලා නම් කිරීමේ තරඟයට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහභාගි විය.[18] ,2010 අගෝස්තු 2 දින සුරතලාගේ නිල නාමය නිකුත් කරන ලදී. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ජූලි මස අවසාන සතියේ පැවැත්වූ ඔන්ලයින් තරඟයකින් මෙම නාමය තෝරාගන්නා ලදී.[19]
[සංස්කරණය] මාධ්‍ය ආවරණය
සෑම ලෝක කුසලානයකදීම මාධ්‍ය ආවරණ කටයුතු වැඩිදියුනු වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය අයිතිය ESඵ්ණ් ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයට ඇ.ඩො. බිලියන 2 කට ආසන්න මුදලකට අලෙවි කර ඇත. ලොව පුරා රටවල් 220කට ආසන්න සංඛ්‍යාවක මෙම ලෝක කුසලානය විකාශය කරනු ලබයි .
[සංස්කරණය] සමූහයන්
[සංස්කරණය] තරඟ
සියලු වේලාවන් ඉන්දීය සම්මත වේලාව (UTC+05:30), ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+05:30) සහ බංගලාදේශ සම්මත වේලාව (UඨTC+06:00)
[සංස්කරණය] කාණ්ඩයන්
පහත වගුව සැලකීමෙන්:[20]
- Pld = ක්‍රීඩා කල තරඟ
- W = ජය ලැබූ තරඟ
- T = ලකුණු සමවූ තරඟ
- L = පරාජයවූ තරඟ
- NR = ප්‍රතිඵලයක් නැති
- NRR = ශුද්ධ ලකුණු වේගය
- Pts = ලබා ඇති ප්‍රසාද ලකුණු ගණන
එක් එක් කාණ්ඩයන්හි හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. (කොළ පැහැයෙන් දක්වා ඇත).
| කාණ්ඩ වගුවෙහි වර්ණ | |
|---|---|
| හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. | |
| මෙම වටයෙන්ම ඉවත්වෙන කණ්ඩායම් | |
[සංස්කරණය] A කාණ්ඩය
සැකිල්ල:2011 Cricket World Cup Group A
| කණ්ඩායම | Pld | W | T | L | NR | NRR | Pts |
|---|---|---|---|---|---|---|---|
| නවසීලන්තය | 1 | 1 | 0 | 0 | 0 | 7.620 | 2 |
| ශ්‍රී ලංකාව | 1 | 1 | 0 | 0 | 0 | 4.200 | 2 |
| කැනඩාව | 1 | 0 | 0 | 1 | 0 | -4.200 | 0 |
| කෙන්යාව | 1 | 0 | 0 | 1 | 0 | -7.600 | 0 |
| පකිස්තානය | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| ඕස්ට්‍රේලියාව | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| සිම්බාබ්වේ | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
[සංස්කරණය] B කාණ්ඩය
සැකිල්ල:2011 Cricket World Cup Group B
| කණ්ඩායම | Pld | W | T | L | NR | NRR | Pts |
|---|---|---|---|---|---|---|---|
| ඉන්දියාව | 1 | 1 | 0 | 0 | 0 | 1.740 | 2 |
| බංගලාදේශය | 1 | 0 | 0 | 1 | 0 | -1.740 | 0 |
| එංගලන්තය | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| අයර්ලන්තය | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| නෙදර්ලන්තය | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| දකුණු අප්‍රිකාව | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| බටහිර ඉන්දීය කොදෙව් | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
[සංස්කරණය] නොකවුට් වටය
[සංස්කරණය] අර්ධ අවසාන පූර්ව තරඟ
| 2011 මාර්තු 23 14:30 |
|||
| කාණ්ඩ A1 | Match 43 | කාණ්ඩ B4 | ශේර්-ඒ-බංග්ලා ක්‍රීඩාංගනය, ඩකා |
| 2011 මාර්තු 24 14:30 |
|||
| කාණ්ඩ A2 | Match 44 | කාණ්ඩ B3 | R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ |
| 2011 මාර්තු 25 14:30 |
|||
| කාණ්ඩ A3 | Match 45 | කාණ්ඩ B2 | ශේර්-ඒ-බංග්ලා ක්‍රීඩාංගනය, ඩකා |
| 2011 මාර්තු 26 14:30 |
|||
| කාණ්ඩ A4 | Match 46 | කාණ්ඩ B1 | සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහ්මදාබාද් |
[සංස්කරණය] අවසාන පූර්ව තරඟ
| 2011 මාර්තු 29 14:30 |
|||
| 43 වන තරඟයේ ජයග්‍රාහකයන් | Match 47 | 44 වන තරඟයේ ජයග්‍රාහකයන් | R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ |
| 2011 මාර්තු 30 14:30 |
|||
| 45 වන තරඟයේ ජයග්‍රාහකයන් | Match 48 | 46 වන තරඟයේ ජයග්‍රාහකයන් | පන්ජාබ් ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, මොහාලි |
[සංස්කරණය] අවසාන මහා තරඟය
| 2011 අප්‍රේල් 2 14:30 |
|||
| 47 වන තරඟයේ ජයග්‍රාහකයන් | Match 49 | 48 වන තරඟයේ ජයග්‍රාහකයන් | වන්ඛෙඩේ ක්‍රීඩාංගනය, මුම්බායි |
[සංස්කරණය] සංඛ්‍යාලේඛ
[සංස්කරණය] වැඩිදුර විමර්ශනයට
- 2011 Cricket World Cup:
[සංස්කරණය] නිර්දේශ හා සටහන්
- ↑ "2011 World Cup Schedule". from CricketWorld4u. http://www.cricketworld4u.com/series/icc-world-cup-2011/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-10-07.
- ↑ "Final World Cup positions secured". from BBC. 2009-04-17. http://news.bbc.co.uk/sport1/hi/cricket/8005063.stm. Retrieved 2009-04-17.
- ↑ "No World Cup matches in Pakistan". BBC. 2009-04-18. http://news.bbc.co.uk/sport1/hi/cricket/other_international/pakistan/8004684.stm. Retrieved 2009-04-17.
- ↑ "World Cup shifts base from Lahore to Mumbai". Cricinfo. http://content.cricinfo.com/india/content/current/story/401726.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-17.
- ↑ "Pakistan counts cost of Cup shift". BBC. 2009-04-18. http://news.bbc.co.uk/sport1/hi/cricket/other_international/pakistan/8004684.stm. Retrieved 2009-04-18.
- ↑ "Pakistan nears solution to World Cup dispute". AFP. http://www.google.com/hostednews/afp/article/ALeqM5gjlcwb7FGlFoUn2QjftFetKAeYOQ. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-31.
- ↑ "Asian bloc faces stiff competition over 2011 bid". Cricinfo. http://content-uk.cricinfo.com/ci/content/story/245060.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2006-04-22.
- ↑ "India to host 2011 World Cup final". Cricinfo. http://content-uk.cricinfo.com/ci/content/current/story/252718.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2006-07-08.
- ↑ "India lands 2011 World Cup final". BBC. 2006-07-08. http://news.bbc.co.uk/sport2/hi/cricket/5160396.stm. Retrieved 2006-07-09.
- ↑ "India to host 2011 World Cup final". Cricinfo. http://content.cricinfo.com/india/content/current/story/401840.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-28.
- ↑ New format for World Cup Sky Sports. Retrieved on 10 December 2009.
- ↑ "No Test Cricket For Zimbabwe - ICC". Radiovop. http://www.radiovop.com/index.php?option=com_content&task=view&id=6051&Itemid=171.
- ↑ 2009 ICC World Cup qualifiers website Retrieved on 10 March 2010
- ↑ India unveil eight World Cup venues. Retrieved on 17 October 2009.
- ↑ Venues of 2011 World Cup by ICC Retrieved on 10 March 2010.
- ↑ Prize Money for ICC Cricket World Cup 2011 confirmed by the ICC. Retrieved on 25 April 2010.
- ↑ 2011 World Cup mascot to be called 'Stumpy' NDTV Cricket. Retrieved on 2 Aug, 2010.
- ↑ First Look: Mascot for 2011 Cricket World Cup by Rediff Sport. Retrieved on 2 April 2010.
- ↑ ICC to name ICC Cricket World Cup 2011 mascot on 2 August. ICC. Retrieved on 2 Aug, 2010.
- ↑ Official 2011 World cup website. POINTS TABLE of World Cup. ICC. Retrieved on 26 June 2010
[සංස්කරණය] බාහිර සම්බන්ධතා
| Wikimedia Commons has media related to: 2011 Cricket World Cup |
| Wikinews has related news: Portal:2011 Cricket World Cup |
[සංස්කරණය] නිල අඩවිය
[සංස්කරණය] අනෙකුත් අඩවි
- cricket world cup 2011 schedule
- ICC World Cup 2011 - Schedule
- ICC World Cup 2011 - Yahoo! Cricket
- Cricruns Website
- Cricbuzz Website
- Cricinfo Site
- The Unofficial 2011 World cup website
- Cricket Live Score
- 2011 World Cup Fantasy Game
සැකිල්ල:2011 Cricket World Cup සැකිල්ල:2011 Cricket World Cup finalists
|
||||||||||||||
- භින්න වූ ගොනු සබැඳි සහිත පිටු
- World Cricket League
- 2011 Cricket World Cup
- Cricket World Cup
- Sports festivals in India
- Sports festivals in Sri Lanka
- Sports festivals in Bangladesh
- 2011 in cricket
- Scheduled sporting events
- 2011 in Bangladesh
- 2011 in Sri Lanka
- 2011 in Asia
- 2011 in Indian sports
- ක්‍රිකට් ලෝක කුසලානය