2010 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2010 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
කාලය2010 ජනවාරි 4 – ජනවාරි 13
පරිපාලක(යෝ)බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑදිජා
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ අවසන් තරගය
සත්කාරකත්වය බංග්ලාදේශය
ශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය3
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
වැඩිම ලකුණුඉන්දියාව විරාත් කෝලි (275)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව චානක වෙලගෙදර (8)

2010 බංග්ලාදේශ තුන්කොන් තරඟාවලිය යනු 2010 ජනවාරි 4 සිට 2010 ජනවාරි 13 දක්වා බංග්ලාදේශයේ පැවති අයිඩියා කුසලානය සඳහා වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ ජාතික කණ්ඩායම් සහභාගී විය.[1] 2010 ජනවාරි 13 වැනිදා පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.

පසුබිම[සංස්කරණය]

ඉන්දියාව විසින් මෙම තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරග සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විවේක ගැනීම සඳහා තරගාවලියෙන් ඉවත් විය.[2] 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට තෙන්ඩුල්කාර් වෙනුවට රෝහිත් ෂර්මා කැඳවා ඇත. වේග පන්දු යවන්නන් වන ඉෂාන්ත් ෂර්මා සහ ප්‍රවීන් කුමාර් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රීසාන්ත් සහ අශෝක් දින්ඩා ද දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රග්‍යාන් ඕජා වෙනුවට අමිත් මිශ්‍රා ද කැඳවා තිබේ.[2]

සනත් ජයසූරිය, චාමර කපුගෙදර, ලසිත් මාලිංග , අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය කණ්ඩායමේ විවිධ වෙනස්කම් සිදු කළේය.[3] කෙසේ වෙතත්, තිලකරත්න ඩිල්ෂාන් බංග්ලාදේශය සමඟ පැවති පළමු තරඟයේදී ඉකිලි ආබාධයකට ලක් වූ අතර ඔහුට තරඟාවලියේ පිට පිට තරඟ දෙක අහිමි විය.[4] ආබාධවලට ලක්වූ සෙසු ක්‍රීඩකයින් වූයේ පුහුණුවීම් අතරතුර මාපටැඟිල්ල කැඩී ගිය චාමර සිල්වා සහ තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැති දෙවැනි තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වූ මුතුමුදලිගේ පුෂ්පකුමාරයි. සංචිතයේ රික්තය පිරවීම සඳහා ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් සහ මහේල උඩවත්ත කණ්ඩායමට ගෙන ආවේය.[5]

දණහිසේ ආබාධයෙන් සුවය ලැබීමට අපොහොසත් වූ ඔවුන්ගේ වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆි මොර්ටාසා නොමැතිව බංග්ලාදේශය තරඟාවලියට පිවිසියේය. බංග්ලාදේශ සංචිතයට හිටපු ICL ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ආරම්භක පිතිකරු ෂරියාර් නෆීස් සහ පිතිකරු අෆ්තාබ් අහමඩ් ද ඇතුළත් විය.[6] තරගාවලිය ආරම්භ වීමට මොහොතකට පෙර බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක නස්මුල් හොසේන් ආබාධයකට ලක්වීම හේතුවෙන් තුන්කොන් තරගාවලියෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට ෂහාදත් හොසේන් සංචිතයට ඇතුළත් කර තිබේ. [7]

සංචිත[සංස්කරණය]

 ඉන්දියාව  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය
  • මහේන්ද්‍ර සිං දෝනි (නා සහ කරැ)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • ගෞතම් ගාම්භීර්
  • විරාත් කෝලි
  • සුරේෂ් රයිනා
  • රෝහිත් ෂර්මා
  • රවීන්ද්‍ර ජඩේජා
  • හර්බජන් සිං
  • සහීර් ඛාන්
  • අශිෂ් නේරා
  • යුවරාජ් සිං
  • සුදීප් ත්‍යාගි
  • දිනේෂ් කාර්තික්
  • ශ්‍රීසාන්ත්
  • අශෝක් දින්ඩා
  • අමිත් මිශ්‍රා
  • කුමාර සංගක්කාර (නා සහ කරැ)
  • තිලකරත්න ඩිල්ෂාන් (උප)
  • උපුල් තරංග
  • තිලාන් සමරවීර
  • තිළිණ කණ්ඩම්බි
  • චාමර සිල්වා
  • ලහිරු තිරිමාන්න
  • තිසර පෙරේරා
  • මුතුමුදලිගේ පුෂ්පකුමාර
  • මාලිංග බණ්ඩාර
  • සුරාජ් රන්දිව්
  • තිලාන් තුෂාර
  • සුරංග ලක්මාල්
  • නුවන් කුලසේකර
  • චානක වෙලගෙදර
  • මුෂ්ෆිකර් රහීම් (නා සහ කරැ)
  • ෂකීබ් අල් හසන් (උප)
  • මොහොමඩ් අෂ්රෆුල්
  • අබ්දුර් රසාක්
  • තමීම් ඉක්බාල්
  • සයිඩ් රාසෙල්
  • රකිබුල් හසන්
  • මහමුදුල්ලාහ්
  • ෂහාදත් හොසේන්
  • නයීම් ඉස්ලාම්
  • ඉම්රුල් කයිස්
  • රුබෙල් හොසේන්
  • ෂෆියුල් ඉස්ලාම්
  • ෂාරියාර් නෆීස්
  • අෆ්තාබ් අහමඩ්

තරග[සංස්කරණය]

කණ්ඩායම් අදියර[සංස්කරණය]

ස්ථා කණ්ඩායම විනැ සම ප්‍රසාද ශුලවේ ලබාගත් ලබාදුන්
1  ඉන්දියාව 4 3 1 0 0 13 +0.753 1039 (ඕවර 173.1) 1039 (ඕවර 194.1)
2  ශ්‍රී ලංකාව 4 3 1 0 0 12 -0.051 1009 (ඕවර 181.5) 1002 (ඕවර 182.4)
3  බංග්ලාදේශය 4 0 4 0 0 0 -0.684 1052 (ඕවර 200.0) 1059 (ඕවර 178.1)
බංග්ලාදේශය 
260/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
261/3 (ඕවර 44.5)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවිය
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්: බංගලාදේශය එනාමුල් හක් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, බංග්ලාදේශය 0.
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • බංගලාදේශය ෂෆියුල් ඉස්ලාම් ඔහුගේ මංගල එදිජා ක්‍රීඩා කළේය.

ඉන්දියාව 
279/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
283/5 (ඕවර 48)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලාන් සමරවීර
විනිසුරුවන්: බංගලාදේශය නාදිර් ෂා සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, ඉන්දියාව 0.
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ළහිරු තිරිමාන්න ඔහුගේ මංගල එදිජා තරගයට සහභාගි විය.

බංග්ලාදේශය 
296/6 (ඕවර 50)
 ඉන්දියාව
297/4 (ඕවර 47.3)
ඉන්දියාව කඩුලු 6කින් ජය ගත්තේය
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි
විනිසුරුවන්: බංගලාදේශය එනාමුල් හක් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, බංග්ලාදේශය 0.
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංග්ලාදේශය ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ඔවුන්ගේ ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව 296ක් රැස් කළේය.

බංග්ලාදේශය 
249/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
252/1 (ඕවර 42.5)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවිය
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් තරංග
විනිසුරුවන්: බංගලාදේශය ෂර්ෆුද්දුල සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, බංග්ලාදේශය 0
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව උපුල් තරංග සහ ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන ගේ ආරම්භක ලකුණු 215 සම්බන්ධතාව එදිජා තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා 3 වැනි ඉහළම සබඳතාව සහ ඕනම කඩුල්ලකට 4 වැනි ඉහළම සම්බන්ධතාව වේ.

ශ්‍රී ලංකාව 
213 (ඕවර 46.1)
 ඉන්දියාව
214/2 (ඕවර 32.4)
ඉන්දියාවට කඩුලු 8ක ජයක්
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ඉන්දියාව සහීර් ඛාන්
විනිසුරුවන්: බංගලාදේශය එනාමුල් හක් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 5, ශ්‍රී ලංකාව 0.
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශය 
247/6 (ඕවර 50)
 ඉන්දියාව
249/4 (ඕවර 43)
ඉන්දියාව කඩුලු 6කින් ජය ගත්තේය
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ඉන්දියාව විරාත් කෝලි
විනිසුරුවන්: බංගලාදේශය ෂර්ෆුද්දුල සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, බංග්ලාදේශය 0.
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන[සංස්කරණය]

ඉන්දියාව 
245 (ඕවර 48.2)
 ශ්‍රී ලංකාව
249/6 (ඕවර 48.3)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව නුවන් කුලසේකර
විනිසුරුවන්: බංගලාදේශය එනාමුල් හක් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව විරේන්ද්‍ර සෙවාග් එක්දින ලකුණු 7000 ඉක්මවූ හයවැනි ඉන්දීය පිතිකරුවා බවට පත්විය.

තරඟාවලියේ සංඛ්‍යා ලේඛන[සංස්කරණය]

කණ්ඩායම් වාර්තා[සංස්කරණය]

ඉහළම එකතුව[සංස්කරණය]

ඉහළම කණ්ඩායම් එකතුව (ඉහළම 5)
ලකුණු (ඕවර) රට එරෙහි ස්ථානය දිනය
297 -4 (47.3)  ඉන්දියාව  බංග්ලාදේශය ඩකා 2010-01-07
296 -6 (50)  බංග්ලාදේශය  ඉන්දියාව ඩකා 2010-01-07
283 -5 (48)  ශ්‍රී ලංකාව  ඉන්දියාව ඩකා 2010-01-05
279 -9 (50)  ඉන්දියාව  ශ්‍රී ලංකාව ඩකා 2010-01-05
261 -3 (44.5)  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය ඩකා 2010-01-04
මූලාශ්‍රය: Cricinfo.com

පිතිකරණය[සංස්කරණය]

තරගාවලියේ වැඩිම ලකුණු[සංස්කරණය]

වැඩිම ලකුණු (ඉහළම 5)
ක්‍රීඩකයා කණ්ඩායම නොදැවී ලකුණු සාමාන්‍ය 50 100 ඉහලම ප්‍ර.වේ 4 6
විරාත් කෝලි  ඉන්දියාව 5 5 2 275 91.0 2 1 102* 96.49 28 0
කුමාර සංගක්කාර  ශ්‍රී ලංකාව 5 5 1 274 68.05 4 0 74 92.56 33 0
සුරේෂ් රයිනා  ඉන්දියාව 5 4 2 210 105.0 1 1 106 94.59 20 2
මහමුදුල්ලාහ්  බංග්ලාදේශය 4 4 3 193 48.5 2 0 64* 98.46 18 2
තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව 3 3 0 186 37.2 0 1 104 96.37 28 0
මූලාශ්‍රය: Cricinfo.com

වැඩිම ලකුණු එක් ඉනිමක[සංස්කරණය]

ඉහළම ලකුණු (ඉහළම 5)
ලකුණු පන්දු පිතිකරු රට එරෙහි ස්ථානය දිනය ප්‍ර.වේ.
118* 126 උපුල් තරංග  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය ඩකා 08-01-2010 93.65
108 117 මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය ඩකා 08-01-2010 92.30
106 115 සුරේෂ් රයිනා  ඉන්දියාව  ශ්‍රී ලංකාව ඩකා 13-01-2010 92.17
105* 106 තිලාන් සමරවීර  ශ්‍රී ලංකාව  ඉන්දියාව ඩකා 05-01-2010 99.05
104 122 තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය ඩකා 2010-01-04 85.24
මූලාශ්‍රය: Cricinfo.com

තරගාවලියේ ඉහළම හවුල්කාරිත්වය[සංස්කරණය]

ඉහළම හවුල්කාරිත්වයන් (ඉහළම 5)
ලකුණු (පන්දු) කඩුල්ල හවුල්කාරිත්වයන් රට එරෙහි ස්ථානය දිනය
215 (227) 1 වැනි උපුල් තරංග / මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය ඩකා 08-01-2010
152 (161) 4 වැනි විරාත් කෝලි / මහේන්ද්‍ර සිං දෝනි  ඉන්දියාව  බංග්ලාදේශය ඩකා 07-01-2010
148 (152) 2 වැනි තිලකරත්න ඩිල්ෂාන් / කුමාර සංගක්කාර  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය ඩකා 2010-01-04
122 (124) 3 වැනි කුමාර් සංගක්කාර / තිලාන් සමරවීර  ශ්‍රී ලංකාව  ඉන්දියාව ඩකා 05-01-2010
106 (128) 6 වැනි ෂකීබ් අල් හසන් / මහමුදුල්ලා  බංග්ලාදේශය  ඉන්දියාව ඩකා 11-01-2010
මූලාශ්‍රය: Cricinfo.com

පන්දු යැවීම[සංස්කරණය]

තරගාවලියේ වැඩිම කඩුලු[සංස්කරණය]

වැඩිම කඩුලු (ඉහළම 5)
ක්‍රීඩකයා කණ්ඩායම තරග ඕවර නිලකුණු ලකුණු කඩුලු හොදම සාමාන්‍ය ඉකොන් ප්‍ර.වේ. ක 4 ක 5
චානක වෙලගෙදර  ශ්‍රී ලංකාව 4 33.4 2 209 8 5/66 26.12 6.20 25.2 0 1
නුවන් කුලසේකර  ශ්‍රී ලංකාව 3 30.0 2 142 7 4/48 20.28 4.73 25.7 1 0
තිසර පෙරේරා  ශ්‍රී ලංකාව 4 29.2 1 140 6 2/27 23.33 4.77 29.3 0 0
හර්බජන් සිං  ඉන්දියාව 3 29.0 1 144 6 3/47 24.00 4.96 29.0 0 0
සුරාජ් රන්දිව්  ශ්‍රී ලංකාව 5 45.0 1 193 5 2/40 38.60 කි 4.28 54.0 0 0
මූලාශ්‍රය: Cricinfo.com

පන්දු රැකීම[සංස්කරණය]

තරඟාවලියේ වැඩිම උඩපන්දු[සංස්කරණය]

ලැයිස්තුගත කර ඇත්තේ උඩපන්දු 2ක් හෝ වැඩි ගණනක් ඇති ක්‍රීඩකයින් පමණි
උඩපන්දු ක්‍රීඩකයා කණ්ඩායම තරග ඉනිම
4 විරාත් කෝලි  ඉන්දියාව 5 5
තිලාන් සමරවීර  ශ්‍රී ලංකාව 5 5
3 ගෞතම් ගාම්භීර්  ඉන්දියාව 5 5
සුරේෂ් රයිනා  ඉන්දියාව 5 5
2 සුරංග ලක්මාල්  ශ්‍රී ලංකාව 3 3
චානක වෙලගෙදර  ශ්‍රී ලංකාව 4 4
යුවරාජ් සිං  ඉන්දියාව 5 5
මූලාශ්‍රය: Cricinfo.com

කඩුලු රැකීම[සංස්කරණය]

තරගාවලියේ වැඩිම දැවී යෑම්[සංස්කරණය]

දවා ගැනීම්ස්ටම්ප් කිරීම්) ක්‍රීඩකයා කණ්ඩායම තරග ඉනිම
7 (0) කුමාර සංගක්කාර  ශ්‍රී ලංකාව 5 5
4 (0) මුෂ්ෆිකර් රහීම්  බංග්ලාදේශය 4 4
3 (1) මහේන්ද්‍ර සිං දෝනි  ඉන්දියාව 5 5
මූලාශ්‍රය: Cricinfo.com

මාධ්‍ය ආවරණය[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

  • NEO Cricket (සජීවී) - ඉන්දියාව, හොංකොං, ජපානය, තායිවානය, කොරියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
  • Doordarshan (සජීවී) - ඉන්දියාවේ තරඟ පමණි
  • Zee Sports (සජීවී) - ඇමරිකා එක්සත් ජනපදය
  • Commonwealth Broadcasting Network (සජීවී) - කැනඩාව
  • Fox Sports (සජීවී) - Australia
  • Sky Sports (සජීවී) - එක්සත් රාජධානිය
  • Supersport (සජීවී) – දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ සිම්බාබ්වේ
  • Eurosport (සජීවී) - යුරෝපය
  • StarHub (ගෙවීම් දර්ශන) - මැලේසියාව සහ සිංගප්පූරුව

ඔන්ලයින්[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Fixtures, Schedule". ESPNcricinfo.
  2. 2.0 2.1 "Tendulkar opts out of Bangladesh tri-series". ESPNcricinfo.
  3. "Sri Lanka make sweeping changes for Bangladesh tri-series". ESPNcricinfo.
  4. "Dilshan to miss game against India due to groin injury". ESPNcricinfo.
  5. "Mahela Jayawardene arrives to bolster injury-hit squad". ESPNcricinfo.
  6. "Mashrafe Mortaza not picked for tri-series". ESPNcricinfo.
  7. "Injured Nazmul Hossain out of tri-series". ESPNcricinfo.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග