ඕස්ට්‍රේලියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලය
ජාතික ගීය: ඇඩ්වාන්ස් ඔස්ට්‍රේලියා ෆෙයාර්N1
අගනුවර කැන්බරා
විශාලතම නගරය සිඩ්නි
නිල භාෂාව(න්) නැතN2
National language ඉංග්‍රීසි (de facto)N2
ජාති නාමය Australian, Aussie[1][2]
රජය ෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්
 -  රැජිණ දෙවන එලිසබෙත් රැජින
 -  අග්‍රාණ්ඩුකාර ක්වෙන්ටින් බ්‍රයිස්
 -  අග්‍රාමාත්‍යය ටෝනි ඇබොට්
නිදහස එක්සත් රාජධානියේ සිට 
 -  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1 ජනවාරි 1901 
 -  වෙස්ට්මිනිස්ටර් ආඥාපනත 11 දෙසැම්බර් 1931 
 -  වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්‍යීකරණ පණත 9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී) 
 -  ඕස්ට්‍රේලියා පණත 3 මාර්තු 1986 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 7,617,930 කිමී2 (6වන)
2,941,299 සතරැස් සැත 
ජනගහණය
 -  2014 ඇස්තමේන්තුව 24,024,424[3] (52වන)
 -  2006 ජන සංගණනය 19,855,288[4] 
 -  ඝණත්වය 2.833/කිමී2 (232nd)
7.3/සතරැස් සැත
GDP (PPP) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $848.862 billion[5] 
 -  ඒක පුද්ගල $38,663[5] 
GDP (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $994.246 billion[5] 
 -  ඒක පුද්ගල $45,285[5] 
Gini (2006) 30.5[6]
bug දෝෂය: අනීතික Gini අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික Gini අගය
HDI (2008) 0.937[7]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 2nd
ව්‍යවහාර මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
වේලා කලාපය විවිධ ය.N3 (UTC+8 to +10.5)
 -  ගිම්හාන (DST) විවිධ ය.N3 (UTC+8 to +11.5)
රිය පදවන්නේ වමෙන්
අන්තර්ජාල TLD .au
ඇමතුම් කේතය +61

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත[8]. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ[9]. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.

අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 22ක් පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බෝන්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.[10]. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය සාමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, OECD, ඇපෙක් දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළය.

ජාතික කොඩිය[සංස්කරණය]

ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය

ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.

මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.

සංකේතයන්[සංස්කරණය]

කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ ඕස්ට්‍රේලියාවේ භූ ගෝලීය පිහිටුම සංකේතවත් වෙයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.

රාජ්‍ය ලාංඡනය[සංස්කරණය]

ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය

වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.

සංකේතයන්[සංස්කරණය]

ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.

මීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි.

  • රන් ශාකය - Acacia pycnantha Benth (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
  • කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
  • එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.

ජාතික දිනය සහ ජාතික වර්ණ[සංස්කරණය]

1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. The Macquarie Dictionary
  2. Collins English Dictionary. Bishopbriggs, Glasgow: HarperCollins. 2009. p. 18. ISBN 9780007861712. 
  3. "Population clock". Australian Bureau of Statistics website. Commonwealth of Australia. http://www.abs.gov.au/ausstats/abs@.nsf/94713ad445ff1425ca25682000192af2/1647509ef7e25faaca2568a900154b63?OpenDocument. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 October 2010.  The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.
  4. Australian Bureau of Statistics (25 October 2007). "Australia". 2006 Census QuickStats. http://www.censusdata.abs.gov.au/ABSNavigation/prenav/LocationSearch?collection=Census&period=2006&areacode=0&producttype=QuickStats&breadcrumb=PL&action=401. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 October 2008. 
  5. 5.0 5.1 5.2 5.3 "Australia". IMF website. Washington, D.C.: International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/02/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=193&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=37&pr.y=15. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 October 2010. 
  6. "Distribution of family income – Gini index". The World Factbook. CIA. https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2172.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-01. 
  7. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 November 2010. 
  8. Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago.
  9. "The Heritage of the Land and Property Management Authority". Baseline.nsw.gov.au. http://www.baseline.nsw.gov.au/history.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-10-27. 
  10. "Australia: World Audit Democracy Profile". WorldAudit.org. http://www.worldaudit.org/countries/australia.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 January 2008. 
"http://si.wikipedia.org/w/index.php?title=ඕස්ට්‍රේලියාව&oldid=305945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි