බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019

විකිපීඩියා වෙතින්

 

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019
ශ්‍රී ලංකාව
බංගලාදේශය
දින වකවානුව 2019 ජූලි 23 – 2019 ජූලි 31
නායකයන් දිමුත් කරුණාරත්න තමීම් ඉක්බාල්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇන්ජලෝ මැතිව්ස් (187) මුෂ්ෆිකර් රහීම් (175)
වැඩිම කඩුළු නුවන් ප්‍රදීප් (5) ෂෆියුල් ඉස්ලාම් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2] මුලදී, සංචාරය 2019 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුනි.[3][4] නමුත් එය 2019-20 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සමඟ ගැටීම වළක්වා ගැනීමට වෙනස් කරන ලදී.[5]

2019 මැයි 11 වන දින, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) සභාපති නස්මුල් හසන් පැපොන් ප්‍රකාශ කළේ, බංග්ලාදේශ කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සැලසුම් සහගත සංචාරයක් සඳහා යාමට ඉඩක් නොමැති බවයි. ඒ 2019 අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාර පසුව රට තවත් ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු විය හැකි බවට ඇති බිය උපුටා දක්වමිනි.[6][7][8] 2019 ජුනි 27 වන දින, තත්ත්වය තක්සේරු කිරීම සඳහා බංග්ලාදේශයේ සිවිල් බුද්ධි ඒජන්සිය වන ජාතික ආරක්ෂක බුද්ධි (NSI) පුද්ගලයින් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට එවන ලද බව වාර්තා විය.[9] 2019 ජුලි 8 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟ තුනම පවත්වන බව සහතික වීමත් සමඟින්,[10] සංචාරය ඉදිරියට යන බව තහවුරු කළේය.[11][12]

මෙම තරඟමාලාව සඳහා, ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරන ලද අතර,[13] එය පසුව දාහතකින් යුත් අවසන් සංචිතය දක්වා අඩු කරන ලදී.[14] ප්‍රධාන තේරීම් කමිටු සභාපති අශාන්ත ද මෙල් පැවසුවේ මෙමගින් එක් එක් තරගය සඳහා තනි පුද්ගල පදනමින් පෙළගැස්ම අත්හදා බැලීමට ඉඩ සැලසෙන බවයි.[15] මෙම තරගාවලියට පෙර බංගලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆි මොර්ටාසා ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරයෙන් ඉවත් විය.[16] තමීම් ඉක්බාල් පළමු වරට එක්දින නායකත්වයට පත් විය.[17]

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින තරගාවලියේ කොළඹදී පැවැත්වෙන පළමු තරගයෙන් අනතුරුව එක්දින පිටියෙන් සමුගත්තේය.[18] ඔහු සිය අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවාගත්තේය,[19] ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් කලේ එක්දින තරඟ වල නවවන වැඩිම කඩුලු ලාභියා ලෙස දවාගැනීම් 338ක් සමඟිනනි.[20] තරගමාලාවට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් අවසන් එක්දින තරගය කැප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කලේය.[21]

ශ්‍රී ලංකාව පළමු එක්දින තරග දෙක ජයගත් අතර ඒ අනුව තරගමාලාව ඉදිරියෙන් සිටිමින් තරගමාලාව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය 2015 නොවැම්බරයේ බටහිර ඉන්දීය කොදෙව්වන් 3-0 ලෙස පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ මව්බිමේදී[22] එක්දින තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කල පලමු අවස්ථාව විය. තෙවැනි තරගය ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකාව තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය.[23]

සංචිත[සංස්කරණය]

එක්දින තරඟ
 ශ්‍රී ලංකාව[24]  බංග්ලාදේශය[25]
  • තමීම් ඉක්බාල් (නා)
  • මෂ්රෆි මොර්ටාසා (නා)
  • ටස්කින් අහමඩ්
  • අනමුල් හක්
  • මෙහෙදි හසන්
  • මොසාඩෙක් හොසේන්
  • රුබෙල් හොසේන්
  • ෂෆියුල් ඉස්ලාම්
  • තයිජුල් ඉස්ලාම්
  • මහමුදුල්ලාහ්
  • මොහොමඩ් මිතුන්
  • මුෂ්ෆිකර් රහීම් (කරැ)
  • මුස්තාෆිසුර් රහ්මාන්
  • සබීර් රහමන්
  • ෆර්හාඩ් රීසා
  • සෞම්‍ය සර්කාර්
  • මොහොමඩ් සයිෆුදීන්

තරගාවලියට පොරොත්තුව, ආබාධයක් හේතුවෙන් මෂ්රෆි මොර්ටාසා සහ මොහොමඩ් සයිෆුදීන් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට පිළිවෙලින් ෆර්හාඩ් රේසා සහ තස්කින් අහමඩ් කණ්ඩායමට ඇතුළත් කරන ලදී.[26] 2019 ජූලි 23 වන දින, ෂෆියුල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට එක් කරන ලදී.[27]

අමිල අපෝන්සු, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලක්ෂාන් සඳකැන්, ලහිරු මධුශංක, ශ්‍රී ලංකා ආරම්භක විස්සයි 20 සංචිතයට නම් කර තිබුණත්, තරගාවලිය සඳහා අවසන් ක්‍රිකට් ක්‍රීඩකයින් දාහත් දෙනා අතරට ඇතුළත් වූයේ නැත.[28]

පුහුණු තරගය[සංස්කරණය]

2019 ජූලි 23
09:45
ලකුණු පුවරුව
 බංග්ලාදේශය
285/5 (ඕවර 48.1)
බංග්ලාදේශයට කඩුලු 5ක ජයක්
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසංග ජයසූරිය සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර කොට්ටහච්චි
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ XI කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එක්දින තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
314/8 (ඕවර 50)
 බංග්ලාදේශය
223 (ඕවර 41.4)
ශ්‍රී ලංකාවට ලකුණු 91ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුසල් පෙරේරා
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනන් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය තමිම් ඉක්බාල් පළමු වරට එක්දින තරඟාවලියේ බංග්ලාදේශයට නායකත්වය දුන්නේය.[29]
  • ශ්‍රී ලංකාව ලසිත් මාලිංග ඔහුගේ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළේය.[30]

2 වන එදිජා තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
238/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
242/3 (ඕවර 44.4)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අවිශ්ක ප්‍රනාන්දු
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය මුෂ්ෆිකර් රහීම් ඔහුගේ එදිජා තරගවල 6,000 වැනි ලකුණ ලබා ගත්තේය.[31]

3 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
294/8 (ඕවර 50)
 බංග්ලාදේශය
172 (ඕවර 36 )
ශ්‍රී ලංකාවට ලකුණු 122ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස්
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනන් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගාවලියට පෙර විශ්‍රාම ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකාව නුවන් කුලසේකර වෙනුවෙන් මෙම තරගය කැප කරන ලදී.[32]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "BCB monitoring security situation before deciding on ODI tour of Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 May 2019.
  2. "Bangladesh tour of Sri Lanka 2019 – Itinerary". Cricket Sri Lanka. 9 July 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 July 2019.
  3. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  4. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  5. "Tigers' tour of Sri Lanka uncertain over security concerns". Dhaka Tribune. සම්ප්‍රවේශය 8 May 2019.
  6. "Bangladesh unlikely to tour Sri Lanka in July: Official". Times of India. සම්ප්‍රවේශය 12 May 2019.
  7. "Bangladesh unlikely to tour Sri Lanka in July". Sportstar. The Hindu. සම්ප්‍රවේශය 12 May 2019.
  8. Atif Azam. "No tour to Sri Lanka in prevailing security situation, reveals BCB chief". Cricbuzz. සම්ප්‍රවේශය 12 May 2019.
  9. "Bangladesh await security clearance for Sri Lanka tour". Cricbuzz. 27 June 2019.
  10. "Bangladesh board confirms Sri Lanka tour in late July". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 July 2019.
  11. "Bangladesh given security clearance to tour Sri Lanka". CricBuzz. සම්ප්‍රවේශය 8 July 2019.
  12. "Bangladesh tour of Sri Lanka 2019 – Itinerary". Sri Lanka Cricket. 9 July 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 July 2019.
  13. "Niroshan Dickwella, Akila Dananjaya, Lakshan Sandakan recalled for Bangladesh ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 July 2019.
  14. "Dickwella omitted from SL squad for Bangladesh ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 24 July 2019.
  15. "Sri Lanka announce squad for Bangladesh series". The Papare. සම්ප්‍රවේශය 19 July 2019.
  16. "Mashrafe Mortaza out of Sri Lanka tour with hamstring injury, Tamim Iqbal to lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 July 2019.
  17. "Mortaza ruled out of Bangladesh's tour of Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 19 July 2019.
  18. "Lasith Malinga set to quit ODIs after first match against Bangladesh". International Cricket Council. සම්ප්‍රවේශය 23 July 2019.
  19. "Sri Lanka's Lasith Malinga retires from ODI cricket". Hindustan Times. සම්ප්‍රවේශය 26 July 2019.
  20. "Right time for me to retire from ODIs: Lasith Malinga bids adieu to 50-over Cricket". India Today. සම්ප්‍රවේශය 26 July 2019.
  21. "Final ODI dedicated to Nuwan Kulasekara". Daily News. සම්ප්‍රවේශය 30 July 2019.
  22. "Onus on seamers as Sri Lanka eye first home series win in 44 months". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 July 2019.
  23. "Mathews and Shanaka complete the Bangladesh whitewash". The Papare. සම්ප්‍රවේශය 31 July 2019.
  24. "Several changes as Sri Lanka announce 22-man squad for Bangladesh ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 19 July 2019.
  25. "Anamul, Taijul return to Tigers' ODI squad for SL tour". The Daily Star (Bangladesh). සම්ප්‍රවේශය 16 July 2019.
  26. "Media Release : Masrafe Bin Mortaza ruled out due to injury – Tamim Iqbal to lead Bangladesh in Sri Lanka". Bangladesh Cricket Board. 19 July 2019.
  27. "Shafiul called for SL tour". The Daily Star (Bangladesh). 23 July 2019.
  28. "Dickwella omitted from SL squad for Bangladesh ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 24 July 2019.
  29. "Tamim ready for captaincy after 'last-minute call'". International Cricket Council. සම්ප්‍රවේශය 26 July 2019.
  30. "Can Sri Lanka give Lasith Malinga a winning send-off?". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 July 2019.
  31. "Mushy third Tiger to 6,000 ODI runs". The Daily Star (Bangladesh). සම්ප්‍රවේශය 28 July 2019.
  32. "3rd ODI dedicated to Nuwan Kulasekara". The Papare. සම්ප්‍රවේශය 30 July 2019.

බාහිර සබැඳි[සංස්කරණය]