බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005

විකිපීඩියා වෙතින්

 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 2005 ජුලි 9 – 2005 අගෝස්තු 9
නායකයන් මාවන් අතපත්තු ශිවනාරීන් චන්ද්‍රපෝල්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (197) ශිවනාරීන් චන්ද්‍රපෝල් (154)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (17) ජර්මයින් ලෝසන් (11)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
තරගමාලාවේ ක්‍රීඩකයා අයි.ඕ.සී කුසලානය 2005 බලන්න

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2005 ජූලි සහ අගෝස්තු මාසවලදී ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තුන්කොන් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. කොන්ත්‍රාත් ආරවුලක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගී වීම දැඩි ලෙස ප්‍රශ්නකාරී වූ අතර එය බ්‍රයන් ලාරා, ක්‍රිස් ගේල් සහ කෝරි කොලිමෝර් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේය. මේ අනුව, ශ්‍රී ලංකාව ඔවුන්ගේ මව්බිමේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස සහ බටහිර ඉන්දීය කොදෙව් පිල දුර්වල කණ්ඩයමක් ලෙස තරගමාලාවට එක් විය. ශ්‍රී ලංකාව මෙම තරගමාලාවේ පැවති තරග 2 ම ජය ගත්තද දුර්වල කොදෙව් කණ්ඩායම ඉදිරියේ දුර්වල පිතිහරඹය විලාශයක් පෙන්නුම් කරන ලදී.

තරගමාලාවේ වැඩිම ලකුණු ලාභියා - කුමාර් සංගක්කාර
තරගමාලාවේ වැඩිම කඩුළු ලාභියා - මුත්තයියා මුරලිදරන්

ක්‍රීඩාංගණ[සංස්කරණය]

කොළඹ මහනුවර
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය අස්ගිරිය ක්‍රීඩාංගණය
ධාරිතාවය : 10,000 ධාරිතාවය : 10,000

තරඟ විස්තර[සංස්කරණය]

පුහුණු තරගය[සංස්කරණය]

2005 ජූලි 09 - 10 (දෙදින තරගය)
ලකුණු පුවරුව
109/4 (ඕවර 32)
සේවියර් මාෂල් 43 (67)
චරිත් ජයවීර 2/34 (ඕවර 6)
ජය පරාජයෙන් තොරයි
NCC ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ජගත් නන්දකුමාර් සහ ශ්‍රී ලංකාව සේන නන්දිවීර
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් XI ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් නමුත් තරුණ, දක්ෂ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ ජාතික කණ්ඩායමට ආසන්නව සිටි ක්‍රීඩකයන්ගේ සම්මිශ්‍රණයකින් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම ඉදිරියේ ලකුණු 110කට දැවී ගිය අතර, මාවන් අතපත්තු සහ කුමාර් සංගක්කාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම ලකුණු 382 දක්වා ඔසවා තැබූහ. කෙසේ වෙතත්, ඉනිමක පරාජයෙන් බේරීමට සටන් කල බටහිර ඉන්දීය කොදෙව් පිලට තරගය අවසන් වන විට දෙවනි ඉනිමට කඩුළු 4 ක් දැවී ලකුණු 109 ලබා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.[1]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2005 ජූලි 13-16
ලකුණු පුවරුව
227 (ඕවර 57.3)
චමින්ද වාස් 49 (99)
ජර්මයින් ලෝසන් 4/59 (ඕවර 14.3)
172/4 (ඕවර් 38.3)
තිලාන් සමරවීර 51 (67)
ජර්මයින් ලෝසන් 4/43 (ඕවර 12)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: පකිස්ථානය නදීම් ගෞරි සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්

නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු තරගයේදී ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ උත්සාහයක් ගත් අතර, ඇත්ත වශයෙන්ම සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පළමු ඉනිමේ වාසියක් ඔවුන් ලබා ගත්තේය. සාමාන්‍ය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් වූයේ ශිවනාරීන් චන්ද්‍රපෝල් සහ ඩැරන් පවෙල් පමණි. චන්දර්පෝල් කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට තීරණය කළේය. බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 113 කට දැවී ගිය අතර ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක් ලැබුනි. මහේල ජයවර්ධන නොදැවී ලකුණු 41ක් සහ තිලාන් සමරවීර ලකුණු 51ක් ලබා ගනිමින් ලකුණු 86ක සබඳතාවයක් සමඟින් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයග්‍රහණයක් අත්කර ගත්හ.[2]

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2005 ජූලි 22-25
ලකුණු පුවරුව
150 (ඕවර 46.1)
තිලාන් සමරවීර 37 (77)
ඩැරන් පවෙල් 5/25 (ඕවර 13.1)
ශ්‍රී ලංකාවට ලකුණු 240ක ජයක් හිමිවිය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
  • බටහිර ඉන්දීය කොදෙව් රයන් රාම්දාස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

සත්කාරක ශ්‍රී ලංකාව නැවතත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේග පන්දු යැවීම හමුවේ මවිතයට පත් වූ අතර ශ්‍රී ලංකාව ලකුණු 150කට දැවී ගියේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අසාර්ථකත්වය පිරිමැසීමට චමින්ද වාස් ප්‍රමුඛ පන්දු යවන්නන් බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 148 කට සීමා කරමින් පළමු ඉනිම ශ්‍රී ලංකාවට ලකුණු 2ක වාසියක් සහිතව අවසන් විය. තරගයේ දෙවනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් නැවතත් පාලනයක් පෙන්නුම් කළහ. තරගයේ දෙවනි ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 375ක් ලබා සිටියා. ජයග්‍රහණය සඳහා ලකුණු 378ක් නියම කළ කොදෙව්වන්ට ස්ථාවර වීමට නොදුන් මුරලිදරන්ගේ පන්දු හමුවේ බටහිර ඉන්දීය පිතිකරුවන් සියළු දෙනා 137 දැවී ගොස් ශ්‍රී ලංකාවට ලකුණු 240 ක ජයක් හිමිවිය.[3]

එදිජා තරගාවලිය[සංස්කරණය]

අයි.ඕ.සී කුසලානය 2005 බලන්න

බාහිර මූලාශ්‍ර[සංස්කරණය]

ක්‍රිකට් ලේඛනාගාරය

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Win vs Sl Tour Match". cricketarchive.com.
  2. "Win vs Sl 1st Test Match". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
  3. "Win vs Sl 2nd Test Match". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග