Jump to content

විකිපීඩියා සාකච්ඡාව:තෝරාගත් ලිපි/වත්මන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
ශ්‍රී දළදා මාලිගාව
ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය


ආරක්ෂාව අඩු කිරීම

[සංස්කරණය]

@Lee, මෙම සැකිල්ලේ ටයිපිිින් දෝෂ කිහිපයක් ඇත. කරුණාකර ඔබට ආරක්‍ෂාව අර්ධ ආරක්‍ෂිත ලෙස අඩු කළ හැකිද? --IDB.S (talk) 11:48, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]

@IDB.S, එවැනි අනතුරුදායක ක්‍රියාවක් වෙනුවට අදාළ වෙනස්කම වෙනම පිටුවක සිදුකර, මට හෝ වෙනත් පරිපාලකයෙකු හට දැනුම් දෙන්න. එවිට එය කොපි කිරීම ආරක්ෂිතම ක්‍රමය වනු ඇත. -- Lee (talk) 11:58, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
@Lee, නිමයි: ඉහත කේතය පරීක්ෂා කරන්න. --IDB.S (talk) 12:09, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
@IDB.S, ඔබ හැඩගැන්වීම් වෙනස් කර ඇති හැඩයි. නේද? සැසඳීම සඳහා නව හැඩගැන්වීම අඩංගු මුල් පිටුවක් පවතිනවා ද? "ටයිපිිින් දෝෂ" යනුවෙන් සඳහන් කර ඇත්තේ මොනවා ද? -- Lee (talk) 15:45, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
සමහර පාඨ වල අවශ්‍ය නැති සමහර හිස්තැන් ඇති අතර සමහර හිස්තැන් කළ යුතු නමුත් නොකළ ඒවා ඇත. ඒ නිසා මම ඒවා නිවැරදි කළා.
රෑපය පිළිබද කේතය වෙනස් කළෙමි.
එනම්, {{Main page image/TFA|image=File:SL_Kandy_asv2020-01_img33_Sacred_Tooth_Temple.jpg|caption=ශ්‍රී දළදා මාලිගාව}} මෙම කේතය ඇතුලත් කළා.
මෙය {| style="vertical-align:top; background:#f5fffa; color:#000; width:100%" ::::|- ::::| [[File:Zahntempel Kandy.jpg|100px| වම]] ‌වෙනුවට ය.
දැනට රූපයේ ශීර්ෂ පාඨය නොපෙන්වන නිසා මම කේතය වෙනස් කළෙමි.
සැසඳීමට මුල් පිටුව/Test 1, මුල් පිටුව/Test 4. --IDB.S (talk) 16:47, 29 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
ව්‍යාපෘතියේ දැන් ක්‍රියාකාරී කාටහරි පුළුවන් ද මේ වෙනස්කම ගැන ඔබලාගේ මතය? @Singhalawap, @Shwetha, @Rsekanayake පුළුවන් නම් ඇවිල්ලා බලන්න කො! -- Lee (talk) 16:12, 31 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]