සීමා බිස්වාස්
Appearance
සීමා බිස්වාස් | |
---|---|
උපත | 1965 (වයස 58–59) |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1988–වර්තමානය |
ප්‍රධාන නිර්මාණ | බැන්ඩිට් ක්වීන් |
සීමා බිස්වාස් (උපත 1965) යනුවෙන් හැඳින්වෙන්නේ ඇසෑමයෙන් බිහි වූ ඉන්දියානු චිත්‍රපට සහ වේදිකා නිළියකි. ඇය ප්‍රමුඛත්වයට පත්වූයේ ශේඛර් කපූර්ගේ බැන්ඩිට් ක්වීන් (1994) චිත්‍රපටයෙහි ඇය නිරූපණය කළ ඵූලන් දේවීගේ චරිතය නිසායි. ඒ උදෙසා ඇයට හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි විය.[1] 2000 සංගීත් නාටක් ඇකඩෙමි සම්මානය හිමිකරගත් ඇය, දීපා මේහ්තා විසින් අධ්‍යක්ෂණය කළ වෝටර් (2005) චිත්‍රපටයෙහි ශකුන්තලා ලෙස නිරූපණය කළ චරිතය වෙනුවෙන් 2006 හොඳම නිළිය සඳහ වූ ජීනී සම්මානය දිනාගත්තා ය. ඇගේ අනෙකුත් මුඛ්‍යධාරා චිත්‍රපට අතරට ඛාමෝෂි: ද මියුසිකල් (1996) (මේ සඳහා ඇයට හොඳම සහාය නිළිය සඳහා ස්ක්‍රීන් සම්මානය හිමි විය), භූත් (2003), විවාහ් (2006), සහ හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් (2017) වැනි චිත්‍රපට අයත් වේ. චිත්‍රපටවලට අමතරව බිස්වාස් රූපවාහිනී වැඩසටහන් ගණනාවක ද පෙනීසිට ඇත.
සටහන්
[සංස්කරණය]- ^ "Bandit queen used to cry all night, used to act nude in front of director and cameraman". News Track (ඉංග්‍රීසි බසින්). 14 January 2020. සම්ප්‍රවේශය 25 June 2020.
බාහිර සබැඳි
[සංස්කරණය]සීමා බිස්වාස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Seema Biswas සඳහා IMDb හි ඇති තොරතුරු