ලාරා දත්තා

විකිපීඩියා වෙතින්
ලාරා දත්තා
උපත16 අප්‍රේල් 1978 (1978-04-16) (වයස 45)
සක්‍රීය වසර1995–වර්ථමානය තෙක්
උස1.73 m (5 ft 8 in)
තනතුරවිශ්ව රූ රැජින 2000
ෆැමිනා මිස් ඉන්ඩියා 2000
අන්තර්මහද්වීපික රූ රැජින 1997
ග්ලැඩ්‍රැග්ස් මෙගාමොඩ්ල් ඉන්ඩියා 1995]]
කලත්‍රයා(යන්)මහේෂ් භූපත් (වි. 2011)
දරුවන්1

ලාරා දත්තා භූපති (1978 අප්‍රේල් 16) යනු ඉන්දියානු රංගන ශිල්පිණියක, නිරූපිකාවක සහ 2000 වර්ෂයේ විශ්ව රූ රැජින කිරුළුධාරිනිය වේ. ඇය ඉන්දියාවේ, විශ්ව රූ රැජින කිරුළක් හිමිකරගත් දෙවැනි තැනැත්තියද වේ. 2003 වර්ෂයේ අන්දාස් සිනමා පටයේ රංගනයෙහි යෙදෙමින් හින්දි සිනමාවේ සිය මංගලාවතරණය සිදුකල ඇය එම චිත්‍රපටය වෙනුවෙන් 2003 වසර සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී හොඳම නවක නිළිය සම්මානය හිමිකර තැනීමට සමත් වූවාය. පසුව ඇය විසින් රංගනය එක්කල මස්ති (2004), කාල් (2005), වැනි සිනමාපට වාණිජ වශයෙන් සාර්ථකත්වයට පත්විය. 2005 වසරේ තිරගත වූ නෝ එන්ට්‍රි (2005) හා හවුස්ෆුල් වැනි හාස්‍යෝත්පාදක සිනමාපටහී ඇය විසින් සිදුකල මුල් පෙළේ රංගනයන්, සාර්ථකත්වයට පත්වීම හේතුවෙන් 2005 වර්ෂය ඇගේ රංගන දිවියේ සන්ධිස්ථාන වර්ෂයක් බවට පත් විය. වාණිජ සාර්ථකත්වය හැරුණු විට ඇය විසින් රංගනය එක් කල ජූම් බරාබර් ජූම් (2007), බිල්ලු (2009), චලෝ දිල්ලි (2011) හා ඩේවිඩ් (2013) වැනි චිත්‍රපටි ප්‍රේක්ෂකයාගේ විචාරාත්මක ඇගයීම්වලට ලක්විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සීදරමයියාහ්, කේ.වී. (29 මැයි 2003). "ලාරා'ස් කල්මිනේෂන් ඔෆ් අ ඩ්‍රීම්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2014.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=ලාරා_දත්තා&oldid=355961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි