කීර්ති සුරේෂ්

විකිපීඩියා වෙතින්
(කීර්ති සුරේශ් වෙතින් යළි-යොමු කරන ලදි)
කීර්ති සුරේෂ්
උපත1992 ඔක්තෝබර් 17 (අවුරුදු 28)
චෙන්නායි, තමිල්නාඩු, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
සක්‍රීය වසර2000 සිට මේ දක්වා

කීර්ති සුරේෂ් යනු දකුණු ඉන්දිය නිළියක්, නිරූපිකාවක් හා පසුබිම් ගායිකාවක් වේ. දෙමළ, මලයාලම් හා තෙලිගු චිත්‍රපට සදහා ප්‍රසිද්ධ ඇය චිත්‍රපට නිෂ්පාදක සුරේෂ් හා මලයාලම් නිළි මේනකා යන යුවළගේ දියණියයි. ගීතාංජලි නම් මලයාලම් චිත්‍රපටයෙන් ප්‍රධාන නිළියක් ලෙස සිනමාවට පා තැබු කීර්ති සුරේෂ් ඉදු එන්න මායම් චිත්‍රපටයෙන් දෙමළ සිනමාවටත්, නේනු සෛලජා චිත්‍රපටයෙන් තෙලිගු සිනමාවටත් පිවිසියා ය.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

කීර්ති සුරේෂ්ගේ සහෝදරිය වන රේවති සුරේෂ් බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ නිෂ්පාදන සමාගම වන රෙඩ් චිලීස් ආයතනයේ ත්‍රිමාණ ඡායාරූපකරණ හා චිත්‍රපට VFX නිෂ්පාදකවරියක් වනවා. කීර්ති තම නවවන වියේදී චෙන්නායි නුවර පර්ල් ඇකඩෙමියේ අධ්‍යාපනය හැදෑරුවාය. එහිදී ඇය විලාසිතා නිර්මාණ උපාධියක් ලැබීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සදහා ස්කොට්ලන්තයට හා ලන්ඩන්හිදි දෙමසක් නේවාසිකව සිටියාය.

රංගන දිවිය[සංස්කරණය]

කීර්ති සිනමාවට ප්‍රථම වරට පාතැබුවේ 2000 වසරේ පයිලට් හා අචනෙයනෙනික්කිස්ටම් නම් මලයාලම් චිත්‍රපටවල ළමා චරිත සදහා ය. පාසල් දිවියෙන් අනතුරුව ඇය ප්‍රථමවරට ප්‍රධාන නිළියක් ලෙස ගීතාංජලී චිත්‍රපටයෙන් රංගනයෙන් දායක වී ඇත. එයද ද්විත්ව රංගනයක් වීම විශේෂත්වයකි. පසුව ඒ.එල්.විජේ ගේ අධ්‍යක්ෂණයෙන් 2015 වසරේදී ඉදු එන්න මායම් නම් චිත්‍රපටයෙන් දෙමළ සිනමාවට පා තැබූ කීර්ති දකුණු ඉන්දිය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම නවතම නිළිය ලෙස සම්මාන ලැබුවාය. පසුව 2017 වසරේ සුපිරි නළු විජේ සමග ඇගේ පළමු චිත්‍රපටය වන බෛරවා ද, 2018 වසරේ සර්කාර්ද ඉන්දිය බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ ඉහළ ආදායම් වාර්තා තබා ඇත. පසුව දෙමළ සුපිරි නළුවන් වන වික්‍රම්, විශාල්, බොබ්බි සිම්හා, සූර්යා හා ධනූෂ් යන අය සමග රගපා තමිල්නාඩුවේ දිදුලන තරුවක් සේ ප්‍රසිද්ධ වූවාය.

තෙලිගු සිනමාවේද දැනට උපප්‍රධාන නළුවන් වන නානි, රාම් පොතිනෙනි යන අය සමග රගපෑ කීර්ති සුරේෂ්ගේ සුවිශාලතම සිනමා මෙහෙයුම වන මහානටි/නඩිගෛයර් තිලකම් යන තෙලිගු-දෙමළ චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වූවාය. ඇයගේ එහි චරිතය වූයේ සාවිත්‍රි නම් දකුණු ඉන්දිය සිනමා නිළියගේ චරිතය යි. මෙහිදී ඇය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සිටින සුපිරිතම නළුවන්ගේ ගෞරව හා ප්‍රශංසා ලද නිළියක් බවට පත්වූවාය.

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

සුචිය
මෙතෙක් මුදානොහළ චිත්‍රපට මෙමගින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට හැඟවේ:
වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2000 පයිලට්ස් මලයාලම් ළමා නිළි
2001 අචනෙයනෙනික්කිෂ්ටම් මලයාලම්
2002 කුබේරන් සිධාර්ථන්ගේ දියණිය මලයාලම්
2013 ගීතාංජලී ගීතා, අංජලී මලයාලම් ප්‍රධාන චරිත ප්‍රවිෂ්ටය

SIIMA හොදම නවක නිළි සම්මානය - මලයාලම්

2014 රිං මාස්ටර් කාර්තිකා මලයාලම්
2015 ඩර්බොනි දේවී මලයාලම්
ඉදු එන්න මායම් මායා දෙමළ දෙමළ චිත්‍රපට ප්‍රවේශය

SIIMA හොදම නවක නිළි සම්මානය - දෙමළ

දෙමළ සිනමාවේ නැගී එන තාරකාවට හිමි සම්මානය

2016 නේනු සෛලජා සෛලජා තෙලිඟු තෙලිඟු චිත්‍රපට ප්‍රවේශය
නිර්දේශය - හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු
රජිනි මුරුගන් කාර්තිකා දේවී දෙමළ
තොඩරි සරෝජා දෙමළ
රෙමෝ කාව්‍යා දෙමළ
2017 භෛරවා මලර්විළි දෙමළ
නේනු ලෝකල් කීර්ති තෙලිඟු
පාම්බු සට්ටෛ වේනි දෙමළ
2018 අඥාතවාසි සුකුමාරි තෙලිඟු
තාන සේර්න්ද කූට්ටම් මධූ දෙමළ
මහානටි සාවිත්‍රී තෙලිඟු [1][2] හොදම නිළිය සදහා වන ඉන්දිය ජාතික සම්මානය
නඩිගෛයර් තිලගම් දෙමළ
සීම රාජා භූමි, කාඩම්බවේල් රාජාගේ බිරිඳ දෙමළ විශේෂ නිරූපණය
සාමි 2 දියා දෙමළ
සණ්ඩකෝළි 2 සෙම්බාරුතී දෙමළ ඒෂියානෙට්හී දෙමළ සිනමාවේ සුප්‍රකට නිළි සම්මානය
සර්කාර් නිලා දෙමළ
2019 මරක්කාර්: අරබිකඩලින්ටේ සිංගම්මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිවේදනය කිරීමට නියමිත මලයාලම් රූගත කෙරෙමින් පවතියි
කීර්ති 20 මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිවේදනය කිරීමට නියමිත තෙලිඟු පූර්ව-නිෂ්පාදන[3]

ගායනය[සංස්කරණය]

කීර්ති තම ප්‍රථම ගීතය ලෙස සාමි 2 චිත්‍රපටයේ "පුදූ මෙට්‍රෝ රෙයිල්" ගීතය ගායනා කර ඇත. සංගීතය හරිෂ් ජෙයරාජ් විසිනි.

  1. "Savitri biopic: Pre-look poster of Mahanati released on Women's Day". 8 March 2017. සම්ප්‍රවේශය 24 August 2018.
  2. "Savitri biopic: Pre-look poster of Mahanati released on Women's Day". 8 March 2017. සම්ප්‍රවේශය 21 May 2018.
  3. "Keerthy Suresh's next Telugu film launched".
"https://si.wikipedia.org/w/index.php?title=කීර්ති_සුරේෂ්&oldid=440747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි