මහිමා චෞධරී
මහිමා චෞධරී | |
---|---|
![]() චෞධරී විවාහ මංගල්‍ය උත්සවයක දී. | |
උපත | රිතූ චෞධරී 13 සැප්තැම්බර් 1973 |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1997-2010 2015-2016 |
කලත්‍රයා(යන්) | බොබී මුඛර්ජී (වි. 2006; දික්කසාද වීම 2013) |
දරුවන් | 1 |
මහිමා චෞධරී (උපත 13 සැප්තැම්බර් 1973) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි චිත්‍රපටවල රඟපා ඇති ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි. චිත්‍රපට රංගනයට පිවිසීමට ප්‍රථම ඇය, 1990 දශකයේ නිරූපණ කටයුතු සහ රූපවාහිනී දැන්වීම් කිහිපයක පෙනීසිට ඇත. ඇය රංගනයට ප්‍රවිෂ්ට වූයේ 1997 දී පර්දේස් චිත්‍රපටය හරහා ය. ඒ උදෙසා ඇයට හොඳම කාන්තා ප්‍රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. ඇය රංගනයෙහි නිරත වූ චිත්‍රපට අතර දාග් (1999), ධඩ්කන් (2000), කුරුක්ෂේත්‍ර (2000), දිල් හේ තුම්හාරා (2002) යන චිත්‍රපට කැපී පෙනේ. දිල් ක්‍යා කරේ (1999) සහ ලජ්ජා (2001) චිත්‍රපටවල ඇය සිදුකළ රංගනය විචාරක පැසසුමට ලක් විය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Chhetri, Vivek (21 December 2011). "Hills smile to conquer 'camera' & hearts". The Telegraph. Archived from the original on 12 June 2018. සම්ප්‍රවේශය 2016-07-15.
බාහිර සබැඳි[සංස්කරණය]

මහිමා චෞධරී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- මහිමා චෞධරී සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම