නාර්ගීස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නාර්ගීස්
Nargis in Awaara film.jpg
අවාරා හී රූපරාමුවක්
උපත
ෆාතිමා රෂීද්

1 ජුනි 1929(1929-06-01)
මිය යාම3 May 1981(1981-05-03) (වයස 51)
මුම්බායි, මහාරෂ්ට්‍රා, ඉන්දියාව
වෙනත් නම්නාර්ගිස් දත්
රැකියාවරංගන ශිල්පිනිය
සක්‍රීය වසර1935, 1942–1968
කලත්‍රයා(යන්)සුනිල් දත් (1958–1981)
දරුවන්3

නාර්ගීස් දත් (1 ජුනි 1929 – 3 මැයි 1981), (උපත් නාමය ෆාතිමා රෂිද්, ජනප්‍රිය නාමය නාර්ගීස්),[2] යනු ඉන්දියානු සිනමාවේ හිටපු රංගන ශිල්පිනියක් වේ. 1935 වසරේ තලාශ්-ඊ-හක්හී ළමා චරිතයක් නිරූපණය කරමින් රංගන ක්ෂේත්‍රයට පා තැබූ ඇය ඉන්දියානු හින්දි සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ එක් අග්‍රගණ්‍ය රංගන ශිල්පිණියක ලෙස සැළකේ. 1942 වසරේ තමන්නා චිත්‍රපටිය හරහා වෘත්තීයම වශයෙන් සිනමාවට පිවිසි ඇය එතැන් සිට 1940 හා 1960 දශක අතර නිමවූ ජනප්‍රිය සිනමාපට රැසකටම සිය දායකත්වය ලබා දී තිබේ.

ඇකඩමි සම්මාන වෙනුවෙන් නාම නිර්දේශිත, 1957 වසරේදී තිරගත වූ මදර් ඉන්ඩියා චිත්‍රපටියෙහි රාධාගේ භූමිකාව ඇගේ සිනමා දිවියේ වඩාත් ජනප්‍රිය වූ එක් සිනමා චරිතයක් සේ හැඳින්වේ. ඒ වෙනුවෙන් එම වසර සඳහා පැවති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී ඇය හොඳම නිළිය වශයෙන් තේරී පත්විය. 1958 දී මදර් ඉන්ඩියාහී රංගනයෙන් දායක වූ සුනිල් දත් හා විවාපත් වූ ඇය 1960 දශකයේ තිරගත වූ සිනමාපට රැසකටම සිය දායකත්වය ලබා දෙන ලදී. 1967 වසරේදී ඇය විසින් සිය රංගන දායකත්වය ලබාදුන් රාත් ඕර් දින් චිත්‍රපටිය වෙනුවෙන් ඇය සමාරම්භක ඉන්දීය, ජාතික සිනමා සම්මාන උළෙලදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය.

සිය සැමියා සමග එකතුවී නාර්ගීස් විසින් අජන්තා ආර්ට්ස් කල්චරල් ට්‍රෑප් නම් කණ්ඩායමක් ආරම්භ කරනු ලැබූ අතර එය එම සමයේ සමහර ප්‍රමුඛ රංගන ශිල්පීන් හා ගායකයින් සමග එක්ව මායිම් ප්‍රදේශයන්හී වේදිකා ප්‍රසංග ඉදිරිපත් කරන ලදී.[3] 1970 දශකයේ මුල් සමයේදී ඇය ඉන්දියාවේ ස්පැස්ටික්ස් (මොළයේ ආබාධයක්) සංවිධානයේ පළමු අනුග්‍රාහිකාව බවට පත් වූ අතර,[4] එම සංවිධානය සමග සිදුකල සමාජ සත්කාරයන් හේතුවෙන් ඇය එකල, සමාජ සේවිකාවක් හා රාජ්‍ය සභා නාමමාත්‍රික ධාරිනියක් ලෙස පිළිගැනීමට ලක්වූවාය.[5]

සිය පුතු සංජේ දත්ගේ පළමු හින්දි සිනමා ආගමනයට දවස් කිහිපයකට පෙරාතුව අග්‍න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් හේතුවෙන් 1981 වසරේදී නාර්ගීස් මරණයට පත් වූවාය. 1982 වසරේදී ඇය ස්මරණය වෙනුවෙන් නාර්ගීස් දත් අනුස්මරණ පිළිකා පදනම ආරම්භ කරන ලදී.[6] ඇයට ගෞරවයක් වශයෙන් එරට වාර්ෂිකව පැවැත්වෙන ජාතික සිනමා සම්මාන උළෙලේ, ජාතික එකමුතුභාවය පිළිබඳ විශේෂාංග ච්ත්‍රපටිය සඳහා වූ සම්මානය, නාර්ගීස් දත් සම්මානය ලෙස නම් කිරීමට පියවර ගෙන තිබිණි.[7]

සම්මාන[සංස්කරණය]

  • 1957 – ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය සම්මානය - මදර් ඉන්ඩියා චිත්‍රපටිය වෙනුවෙන්
  • 1958 – පද්ම ශ්‍රී සම්මානය - ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන සිව්වන ඉහළතම සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානය දිනාගත් පළමු සිනමා නිළිය.[5]
  • 1968 – ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය - රාත් ඕර් දීන් චිත්‍රපටිය වෙනුවෙන්.[5]
  • 1969 – ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය සම්මාන නාම නිර්දේශය - රාත් ඕර් දීන් චිත්‍රපටිය වෙනුවෙන්.
  • 2001 – "සහස්‍රයේ හොඳම කලාකාරිය" - හීරෝ හොන්ඩා සහ ස්ටාර්ඩස්ට් සම්මානය.[8]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://indianexpress.com/article/trending/google-doodle-remembers-nargis-dutt/
  2. 57. ශ්‍රීමතී නාර්ගිස් දත් (ආර්ටිස්ට්) –1980-81 ලිස්ට් ඔෆ් නොමිනේටඩ් මෙම්බර්ස්, රාජ්‍ය සභා ඔෆීෂියල් වෙබ් සයිට්.
  3. ඩන්ට්ලස් දත් ද ට්‍රිබියුන්, 29 May 2004.
  4. හිස්ට්‍රි ද ස්පැස්ටික්ස් සොසයිටි ඔෆ් ඉන්ඩියා.
  5. 5.0 5.1 5.2 Dutt, Nargis (1929–1981) ද නැෂනල් රිසෝස් සෙන්ටර් ෆෝ ඉන්ක්ලූෂන්, ද ස්පැස්ටික්ස් සොසයිටි ඔෆ් ඉන්ඩියා.
  6. About us නාර්ගීස් දත් මෙමෝරියල් කැන්සර් ෆවුන්ඩේෂන්.
  7. "PM's රිමාක්ස් ඇට් ද රිලීස් ඔෆ් බුක් "Mr. & Mrs. දත්" ඔන් ලේට් සුනිල් ඇන්ඩ් නාර්ගීස් දත්". ප්‍රයිමිනිස්ටර් ඔෆ් ඉන්ඩියා. Archived from the original on 28 සැප්තැම්බර් 2007. Retrieved 9 මැයි 2013.
  8. "ද ට්‍රිබියුන්, චන්දිගාර්, ඉන්ඩියා - නේෂන්". tribuneindia.com. Retrieved 2 June 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නාර්ගීස්&oldid=405953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි