කරීනා කපූර්

විකිපීඩියා වෙතින්
උපත 1980 සැප්තැම්බර් 21
මුම්බායි, මහරාෂ්ට්‍ර,ඉන්දියාව
රැකියාව නිළි වෘත්තිය
ක්‍රියාකාරි වර්ෂයන් 2000 සිට වර්තමානය තෙක්
ගෘහස්ත සහායකයා සයිෆ් අලී ඛාන් ( 2007- වර්තමානය)

"බෙබෝ" යන සුරතල් නාමයෙන් හඳුන්වන කරීනා කපූර් කලා පවුලක උපත ලැබුවාය. ඇයගේ පියා "රන්දීර් කපූර්", මව "බබිතා" සහ වැඩිමහල් සොහොයුරිය වන "කරිෂ්මා කපූර්" යන සියල්ලෝම රංගන ශිල්පීහු වෙති. මේ හේතුවෙන් ඇය කුඩා කළ සිටම මාධ්‍ය ඇසට අසුවිය. කෙසේ වෙතත් ඇයගේ කුළුඳුල් රංගනය 2007 වර්ෂයේදී "රෙෆ්‍යුජී" (Refugee) වෙනුවෙන් කළ රංගනය වු අතර ඒ සඳහා ඇය "හොඳම නවක නිළිය" ලෙස "ෆිල්ම් ෆෙයාර්" සම්මානය දිනා ගත්තාය. ඇය රංගනයෙන් දායක වූ "කභි කුෂි කභි ගම්" (Kabhi Khushi Kabhie Gham) චිත්‍රපටය 2001 වර්ෂයේ විදේශයන්හිදී අති සාර්ථක ලෙස ලාභ ලබන්නට විය. මෙය ඇය ඒ වනතෙක් ලැබු හොඳම වාණිජ ජයග්‍රහණයයි.

ඇය 2002 සහ 2003 වර්ෂවල ඒකාකාරී චරිත පමණක් රඟපාන බව කියමින් සමහරු දොස් නැගූ නිසා ඉන්පසු අවධානය දිනා ගත හැකි චරිත තෝරා ගැනීමට කරීනා පෙළඹුණාය. මේ හේතුවෙන් ඇය 2004 සිට 2006 දක්වා කාලය තුළ එක් එක් චරිත වලට බහුශ්‍රැත බවක් පෙන්වූ බව විචාරකයන්ගේ මතයයි. ඇය විසින් 2004 දී "චමේලී" (Chameli) හි රඟපෑ ගණිකාවකගේ චරිතය ඇගේ සිනමා දිවියේ සන්ධිස්ථානයකි. මේ වෙනුවෙන් ඇය "විශේෂ රංගනය සඳහා" වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත්තාය. ඇය 2004 දී "දේව්" (Dev) සහ 2006 දී "ඕම්කාරා" (Omkara) යන චිත්‍රපට වල ඇගේ විචාරාත්මක රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී "හොඳම නිළි ය සඳහා වූ විචාර සම්මානය" දිනා ගත්තාය.

ඇය 2007 වසරේදී ඉම්ට්යාස් අලි විසින් අධ්‍යක්ෂනය කල "ජබ් වි මෙට්" (Jab We Met) යන උපහාසාත්මක ආදර කතාව වෙනුවෙන් "හොඳම නිළිය" සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තාය. ඇගේ චිත්‍රපට වල බොක්ස් ඔෆීස් ආදායම වාර්තා එකිනෙකට බොහෝ වෙනස්කමක් දැක්වූවද, හින්දි සිනමා කර්මාන්තය තුල ප්‍රභල ස්ථානයක් දිනා ගැනීමට ඇය සමත් විය. ඇගේ පෞද්ගලික ජීවිතයද මාධ්‍යන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත. ඇය සහ ඇගේ පෙම්වතා වන සයිෆ් අලී ඛාන් පිළිබඳව තොරතුරු බහුල වශයෙන් පුවත්පත් වල දක්නට ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=කරීනා_කපූර්&oldid=365718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි