ශබානා ආස්මි
ශබානා ආස්මි | |
---|---|
![]() | |
උපත | ශබානා කායිෆි ආස්මි 18 සැප්තැම්බර් 1950 |
රැකියාව |
|
කලත්‍රයා(යන්) | ජාවෙද් අඛ්තර් (වි. 1984) |
දෙමව්පියන් |
|
ඥාතීන් | බලන්න අඛ්තර්-ආස්මි පවුල |
සම්මාන | පද්ම භූෂණ (2012) |
පාර්ලිමේන්තු මන්ත්‍රී (නිර්දේශිත) | |
තනතුර දරමින් 27 අගෝස්තු 1997 – 26 අගෝස්තු 2003 | |
ශබානා ආස්මි (උපත 1950 සැප්තැම්බර් 18) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා නිළියකි. කවියකු වූ කායිෆි ආස්මි සහ වේදිකා නිළියක වූ ශෞකාත් ආස්මිගේ දියණිය වන මැය, පූනේ හි ඉන්දියාවේ චිත්‍රපට සහ රූපවාහිනී ආයතනයෙහි ආදිශිෂ්‍යාවකි. ආස්මි සිය චිත්‍රපට රංගන ප්‍රවිෂ්ටය සිදුකළේ 1974 දී වන අතර, නොබෝ කලකින්ම සමාන්තර සිනමාව තුළ ඇය ප්‍රමුඛ නිළියක බවට පත්වීමට සමත් වූවා ය. මෙකල නව රැල්ලක් බවට පත් වූ සමාන්තර සිනමාව, භාරදූර දර්ශනවලින් සහ නවතාත්විකවාදී ලක්ෂණවලින් යුක්තව රාජ්‍ය අනුග්‍රහය ලබන්නට සමත් විය.[1][2] ඉන්දියාවෙන් බිහි වූ දක්ෂතම නිළියන්ගෙන් අයකු ලෙස සැලකෙන ආස්මි,[3] විවිධ චිත්‍රපට ගණයන් හි රංගනයෙහි නියැළෙමින් ප්‍රශංසා සහ සම්මාන ලබා ඇත. ඇය හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය පස් වරක් දිනාගනිමින් වාර්තාවක් තබා තිබේ.[1][4]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 PTI (22 July 2005). "Parallel cinema seeing changes: Azmi". The Times of India. සම්ප්‍රවේශය 31 January 2009.
- ↑ K., Bhumika (21 January 2006). "Shabana's soap opera". The Hindu. Chennai, India. සම්ප්‍රවේශය 31 January 2009.
- ↑ "Shabana Azmi | FCCI". Journal of Indian Cinema (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 18 September 2020. සම්ප්‍රවේශය 26 October 2020.
- ↑ Nagarajan, Saraswathy (18 December 2004). "Coffee break with Shabana Azmi". The Hindu. Chennai, India. සම්ප්‍රවේශය 31 January 2009.
සටහන්[සංස්කරණය]
- India's 50 Most Illustrious Women (ISBN 81-88086-19-3) by Indra Gupta
- Holt, Julia; Phalke, Shubhra; Basic Skills Agency. Shabana Azmi. London : Basic Skills Agency, 1995. ISBN 1-85990-022-4.
බාහිර සබැඳි[සංස්කරණය]

ශබානා ආස්මි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ශබානා ආස්මි සඳහා IMDb හි ඇති තොරතුරු
- Shabana Azmi NGO in India
- One on One – Shabana Azmi යූ ටියුබ් වෙත – interview on Al Jazeera English (video, 25 mins)
- Time: Shabana Azmi
- Indian American Arts Council
- Article from the Village Voice
- EveryOne campaign brand ambassador: Shabana Azmi