Jump to content

මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය

විකිපීඩියා වෙතින්
මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය
මධුර ශබ්දකෝෂයෙහි තිරරූපකයක්
සංවර්ධක(යෝ)
ප්‍රථම නිකුතුව23 නොවැම්බර් 2002; වසර 21 කට පෙර (2002-11-23)
බලපත්‍රයනොමිලේ දෙන මෘදුකාංග
වෙබ් අඩවියmaduraonline.com

මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය (ඉංග්‍රීසි: Madura English–Sinhala Dictionary) යනු මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂ සේවාවකි.[1][2] එය පරිගණක මෘදුකාංගයක්, මාර්ගගත වෙබ් අඩවියක් සහ ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් ලෙස ලබා ගත හැකිය.[3][4] ශබ්දකෝෂය වචන 230,000 කට අධික ඉංග්‍රීසි සිංහල අර්ථ දැක්වීම් ප්‍රමාණයකින් සමන්විතය.[5][6] විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක පාරිභාෂික පද ඇතුලත් විද්‍යාකෝෂයක් ද වෙයි.[7][8] ශබ්දකෝෂ මෘදුකාංගය මේ වන විට 1,000,000 අධික වාරයක් ඩවුන්ලෝඩ් කර ගෙන ඇත.[9][10] මාර්ගගත ශබ්දකෝෂය ශ්‍රී ලංකාවේ වැඩිපුරම නරඹන වෙබ් අඩවි 100 අතරට පත්ව ඇත.[11][12] ශබ්දකෝෂය නොමිලේ දෙන මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබයි.[13][14] එය පළමු වතාවට නිකුත් කරන ලද්දේ 2002 නොවැම්බර් 23 වැනිදාය.[15][16]

වර්ධනය

[සංස්කරණය]

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා විසින් සම්පාදිත මලලසේකර ඉංග්‍රිසි - සිංහල ශබ්දකෝෂය මත පදනම්ව මධුර කුලතුංග විසින් මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර ඇත.[17][18][19] පරිගණක මෘදුකාංග වැඩසටහන සම්පාදනය කිරීම සදහා විෂුවල් බේසික් සහ මයික්‍රොසොෆ්ට් ඇක්සස් භාවිතා කර ඇත.[20][21][22] ලොව ප්‍රථම මාර්ගගත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය වන මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය ශ්‍රී ලාංකික ජනතාව විසින් තම අධ්‍යාපනික කටයුතු වලදී මෙන්ම වෘත්තීය කටයුතු වලදීද භාවිතා කරති.[23][24][25][26]

පාරිභාෂික ශබ්දකෝෂ එකතුව

[සංස්කරණය]

විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදාල තාක්ෂණික පද වලින් සමන්විත පාරිභාෂික ශබ්දකෝෂ එකතුවක් මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය තුළ අන්තර්ගත කර ඇත.[27]

පාරිභාෂික ශබ්දකෝෂ මාලාව
කෙටි යෙදුම විෂය ක්ෂේත්‍රය
Acc. ගිණුම්කරණය සහ ව්‍යාපාර (ඉංග්‍රීසි: Accounting and Business)
Aes. සෞන්දර්ය අධ්‍යාපනය (ඉංග්‍රීසි: Aesthetic Education)
Art. කලා සහ අත්කම් (ඉංග්‍රීසි: Arts and Crafts)
Bot. උද්භිද විද්‍යාව (ඉංග්‍රීසි: Botany)
Che. රසායන විද්‍යාව (ඉංග්‍රීසි: Chemistry)
Civ. සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි: Civil and Mechanical Engineering)
Eco. ආර්ථික විද්‍යාව (ඉංග්‍රීසි: Economics)
Ele. විදුලි ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි: Electrical Engineering)
Geo. භූගෝල විද්‍යාව (ඉංග්‍රීසි: Geography)
Inf. තොරතුරු තාක්ෂණය (ඉංග්‍රීසි: Information Technology)
Law. නීතිය (ඉංග්‍රීසි: Law)
Log. දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය (ඉංග්‍රීසි: Philosophy and Logic)
Mat. ගණිතය (ඉංග්‍රීසි: Mathematics)
Med. වෛද්‍ය විද්‍යාව (ඉංග්‍රීසි: Medicine)
Mng. කළමනාකරණය (ඉංග්‍රීසි: Management)
Oth. වෙනත් (ඉංග්‍රීසි: Other)
Phy. භෞතික විද්‍යාව (ඉංග්‍රීසි: Physics)
Psy. මනෝවිද්‍යාව (ඉංග්‍රීසි: Psychology)
Soc. සමාජ විද්‍යාව (ඉංග්‍රීසි: Sociology)
Sta. සංඛ්‍යානය (ඉංග්‍රීසි: Statistics)
Sur. මිනින්දෝරු ශිල්පය (ඉංග්‍රීසි: Surveying)
Wea. පේෂ සහ කුඹල් කර්මාන්තය (ඉංග්‍රීසි: Weaving and Pottery)

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Kodagoda, Anuradha (17 May 2015). "Madura's moxie". සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව) – Youth Observer. Associated Newspapers of Ceylon Limited. pp. 8–9. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2018.
  2. ^ "Madura Kulatunga, a commendable contribution". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව) – Watchout. Upali Newspapers. 24 May 2015. p. 15. 26 June 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  3. ^ Devapriya, Uditha (21 June 2015). "Madura's story". ද නේෂන් – insight. Rivira Media Corporation. p. i10. 29 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  4. ^ Wickramasinghe, Kamanthi (15 July 2015). "A humble success story Madura Kulatunga". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) – Features. Wijeya Newspapers. pp. A12–A13.
  5. ^ "Effectively bridging the language gap". සිලෝන් ටුඩේ – Hello. Ceylon Newspapers. 26 July 2015. p. 2. 29 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  6. ^ Karunamuni, Kanchana (8 August 2015). "'මේ වෙනකොට ලක්ෂ නවයක් මධුර ශබ්දකෝෂය බාගත කරගෙන' මධුර කුලතුංග" ['Up to date nine lakhs have downloaded Madura Dictionary' Madura Kulatunga]. දිනමිණ – Features. Associated Newspapers of Ceylon Limited. p. 20. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 May 2017.
  7. ^ "Madura Kulatunga's Notable Achievements". ද සන්ඩේ ලීඩ' – Weekend Leader. Leader Publications. 30 August 2015. p. 2. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  8. ^ "මධුර ඉංගීසි – සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග" [Madura English–Sinhala Dictionary creator Madura Kulatunga]. සිළුමිණ – Guru Gedara. Associated Newspapers of Ceylon Limited. 27 September 2015. p. 39. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2018.
  9. ^ "The generosity of Madura Kulatunga". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව) – Education Times 2. Wijeya Newspapers. 27 September 2015. p. 4.
  10. ^ "ඉංගීසි භාෂාව සිංහලයට සමීප කළ "මධුර"" [English language made closer to Sinhalese by "Madura"] (PDF). Rajina – Loka Lama Dinaya. Sumathi Newspapers (Pvt) Ltd. 2 October 2015. p. 23. 2 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
  11. ^ Senanayake, Palitha (18 October 2015). "ඉලෙක්‌ටොනික මාධ තුළින් ඉංගීසි සිංහලට සමීප කළ මධුර" [Through electronic media English made closer to Sinhalese by Madura]. දිවයින (පුවත්පත) – Features. Upali Newspapers. p. X. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  12. ^ Rathnaveil, Ravi (18 October 2015). "යටත්වීම වෙනුවට සටන් කිරීමෙන් උපන් මධුර ශබ්දකෝෂය" [Instead of surrender Madura Dictionary was born fighting]. ඉරුරැස – Pitu 8. Leader Publications. p. VIII.
  13. ^ "The Story Behind 'Madura'". ද සන්ඩේ ලීඩ' – Business. Leader Publications. 1 November 2015. p. 28. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  14. ^ Wanninayaka, Gemunu; Liyanage, Dinithi (13 November 2015). "Nagena Ira Program With Madura Kulatunge (Madura English–Sinhala Dictionary Maker) 2015-11-13". RanOne FM. EAP Broadcasting Company Limited. 29 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  15. ^ "Get the word right with Madura". Business LK Magazine. 1 January 2016. pp. 92–95.
  16. ^ Muthumalie, Aruni (24 January 2016). "ගහ බලපෑම් පරදා කාටත් වැඩක් ගත හැකි On line ශබ්දකෝෂයක් තැනූ මධුර කුලතුංග" [Defeating astrology effects and developed useful online dictionary for everyone by Madura Kulatunga]. සිළුමිණ – Sithmalyaya. Associated Newspapers of Ceylon Limited. p. 28. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  17. ^ "Madura Kulatunga Beyond the written word". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව) – YOUth. Upali Newspapers. 11 December 2016. pp. 8–9.
  18. ^ "Madura Kulatunga Reflections on the world of dictionaries". Esteem Magazine. 1 April 2017. pp. 54–56. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  19. ^ "The story of Madura". සිලෝන් ටුඩේ – Hello. Ceylon Newspapers. 25 June 2017. p. 14. 2 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  20. ^ "මධුර ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග" [Madura Dictionary creator Madura Kulatunga]. Resa – CYBER ROUNDUP. Associated Newspapers of Ceylon Limited. 29 January 2018. p. 2. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 March 2020.
  21. ^ Devapriya, Uditha (27 September 2018). "Beyond the written word". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) – Features. Wijeya Newspapers. pp. A18. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  22. ^ "Madura Kulatunga, the Founder and Owner of The Madura English-Sinhala Dictionary". Hi Online. 12 October 2020. 4 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  23. ^ "Madura Dictionary - Review by Software Informer Senior editor - Tyler Vidd". software.informer.com. සම්ප්‍රවේශය 2022-11-23.
  24. ^ "Madura English-Sinhala Dictionary - Free download and software reviews - CNET Download.com". download.cnet.com. සම්ප්‍රවේශය 2022-11-23.
  25. ^ "Madura Online - Android Apps on Google Play". play.google.com. සම්ප්‍රවේශය 2022-11-23.
  26. ^ "maduraonline.com Site Overview". alexa.com. 29 July 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 July 2016.
  27. ^ "English - Sinhala Dictionary in the computer". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) – Financial Times. Wijeya Newspapers. 26 January 2004. 28 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

බාහිර සබැඳි

[සංස්කරණය]

නිල වෙබ් අඩවිය